ලොව දෙවන විශාලම දියමන්තිය සොයාගනී..💎

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    vmYHBvm.jpeg


    ලොව මෙතෙක් හමුවූ දෙවන විශාලම දියමන්තිය බොට්ස්වානාහි පතලකින් සොයාගෙන තිබෙනවා. කැරට් 2,492කින් සමන්විත මෙම දියමන්තිය සොයාගෙන ඇත්තේ, ලු‍කාරා ඩයමන්ඩ් නැමති කැනේඩියානු සමාගමක පතලකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.මීට පෙර දකුණු අප්‍රිකාවෙන් 1905 වසරේදී කැරට් 3,106 ක දියමන්තියක් සොයාගෙන තිබූ අතර, එහි කොටස් බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් ඔටුන්නට එක් කර තිබෙනවා.