ලොව පළමු සෙල් ෆෝනය මේකද?

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ලොව පළමු සෙල් ෆෝනය මේකද?

    ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

    බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

    1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

    ඒ කාලයේ මේ වගේ දෙයක් නිපදවීම තියා මෙවැන්නක් ගැන හිතලවත් නොතිබුණා නම් මෙම දර්ශනය චිත‍්‍රපටයකට ගත් නිර්මාණයක්ද? සමහර අය කීවේ චිත‍්‍රපටය තුළින් අනාගතය දැකීමක් ලෙස මෙම දසුන සලකන්න පුළුවන් කියලයි. අනාගතය පරිකල්පනය කළ අවස්ථා චිත‍්‍රපටවල ඕනෑ තරම් තිබුණා. මේ වගේ

    මේ රූප පෙළ මේ වන විට යූටියුබ් (YouTube) එක හරහා ලක්ෂ තුනකට වැඩි වාර ගණනක් සංසරණය වෙලා තියෙනවා. වර්ණ චිත‍්‍රපට එන්නට පෙරාතුව කළු සුදු ක‍්‍රමයට කැමරාවට නගන ලද මෙහි රහස පසුගිය දා හෙළි වුණා. මෙම තරුණිය තමාගේ මීමිත්තණිය යැයි යුටියුබ් ග‍්‍රාහකයෙක් හෙළි කළා.

    4.JPG

    අනාගතයට යාමක් ද? මෙහි දැක්වෙන්නේ ඇමරිකාවේ ඩුපොන්ට් ආයතනයෙන් පිට වී යන තරුණ සේවිකාවන් පිරිසක්. එයින් එක් තරුණියක් අතේ ඇති ජංගම දුරකතනයකින් කතා කරමින් යනවා ඔබට පෙනෙනවා ඇති. වසර 75කට පෙර මේ රූප පෙළ ගන්න කොට ජංගම දුරකතනය නිපදවා තිබුණේ නැහැ.

    ඔහු කියනවා, ඒ මොහොතේ ඇය පාවිච්චි කළේ ඇත්ත ම සෙල්ෆෝනයක්ය කියා. දෙවැනි ලෝක යුද්ධයටත් කලින් තැනූ සෙල්ෆෝනයක මුලාකෘතියක් තමයි, ඇය මෙසේ කතා කරමින් ගියේ ඇමරිකාවේ මැසචුසෙට්ස්වල ලියෝමින්ස්ටර්හී ඩුපොන්ට් සන්නිවේදන උපකරණ තැනූ කම්හලක සිට සේවය අවසන් කොට යන අවස්ථාවෙදියි.

    මේ සලරූ පෙළ අන්තර්ජාලයට එක් කර තිබුණේ ‘1938 චිත‍්‍රපටයක ආ කාලය ඉක්ම වූ සංචාරකයෙක්’ (Time traveler in 1938 film) යන සිරස්තලය යටතේයි. එහි ගමන් කළ කාන්තාවන් සියලූ දෙනාම හැඳපැලඳ සිටියේ 30 දශකයේ විලාසිතාවන්.

    ඇය කතා කරමින් ගියේ හරියට අද මහමග ජංගම දුරකතනවලින් කතා කරමින් යන කාන්තාවන් වගෙයි. පසුව එය අතේ ගෙන යන විටත් පෙනුම හා ප‍්‍රමාණය අද අප දකින දුරකතන වගේමයි. මේ සලරූ පෙළ ඇමරිකාවේ කාර්මික දැවැන්තයකු වූ ඩුපොන්ට් සමාගමේ කර්මාන්තශාලවක් තුළ දී කැමරාවට නැඟූ දෙයක් ලෙසයි සැලකෙන්නේ.

    මේ දසුන මුලින් ම අන්තර් ජාලයට ඇතුළු කළේ වසරකට උඩ දී. මෙය සොයා ගත් තැනත්තා මෙහි ඉතිහාස දැන සිටියේ නැහැ. ඊට නොයෙකුත් බ්ලොග්වල මෙය පළ වුණා, එක එක සටහන් යටතේ.

    ඒත් මෑත දී ‘ප්ලැනට්චෙක්’ (planetcheck) යන අන්වර්ත නාමයෙන් එක්තරා පුද්ගලයෙක් මෙහි සැඟවුණු රහස එළිදරවු කිරීමට ඉදිරිපත් වුණා.

    ඔහු කීවේ මෙහෙම දෙයක්; ”මෙහි ඉන්න නෝනා, ගර්ට්රූඞ් ජෝන්ස් මගේ මීමිත්තණියක් (ආච්චි අම්මාගේ අම්මා). ඔය රූප පෙළ කැමරාවට නඟන කාලේ එයාට වයස අවුරුදු 17යි. මං මේ ගැන ඇගෙන් ඇහුවා. එයාට මේ ගැන හොඳ මතකයක් තිබුණා.

    ”එයා කිව්වේ, ඒ කාලේ එයා වැඩ කළ ඩුපොන්ට් සමාගමේ කර්මාන්ත ශාලාවේ ටෙලිෆෝන් නිෂ්පාදන අංශයක් තිබුණාලූ. ඒ අය රැහැන් රහිත දුරකතන නිපදවන්නට අත්හදා බැලීම් කර තියෙනවා. මගේ ඒ මීමිත්තණියටයි තවත් කාන්තාවන් පස් දෙනකුටයි, සතියක කාලයකට අත්හදා බැලීමේ දුරකතන දීලා තිබුණා.

    ”ඒ රූප පෙළ කැමරාවට නඟා තිබුණේ එම ආයතනයේ විද්‍යාඥයකුට කතා කරමින් යද්දියි. ඔහු ඒ වන විට ඇයට මඳක් ඈතින් දකුණු පසින් ගමන් කරමින් ඇගේ කතාවට කන් දී සිටියාලූ.”

    මේ සම්බන්ධයෙන් ‘ප්ලැනට්චෙක්’ කී කරුණුවල නිවැරදි බව කවුරුන්වත් සොයා බලා තහවුරු කළේ නැහැ. එහෙත් තවත් යූටියුබ් ග‍්‍රාහකයකු ඒ ගැන තවදුරටත් වෙනත් ක‍්‍රමයකින් විමසා බලන්න පොරොන්දුවක් දී තිබුණ ද ඒකත් තවමත් ඉටු වුණේ නැහැ.

    කොහොම වුනත් 1938 දී ගත් මේ රූප රාමු පෙළ පමණක් නොවෙයි, ඊට වසර 10කට කලිනුත් අනාගතය දැක් වූ අවස්ථාවක් ද චිත‍්‍රපටයක ආවා. ඒ 1928 දී චාලි චැප්ලින් චිත‍්‍රපටයකයි. 2010 දී එයත් අන්තර්ජාලයට එක් කර තිබුණා. එහිදී ද කාන්තාවක ජංගම දුරකතනයකට සමාන උපකරණයකින් කතා කරමින් සිටින දසුනක් ප‍්‍රදර්ශනය කෙරුණා.

    අනාගත දැක්මක් පෙන් වූ අතීතයේ සිද්ධි ගණනාවක් ම වාර්තා වී තියෙනවා. අනාගතයට ගිය එවැනි සිද්ධි අතර චීනයේ පුරාවිද්‍යාඥයන් මවිත කළ සොයා ගැනීමක් තියෙනවා. චිනයේ සැංන්ග්සි ප‍්‍රාන්තයේ පුරාවිද්‍යා කැණීම්වලින් විද්‍යාඥයන්ට හමු වී තියෙනවා, කුඩා ලෝහ පතුරක්. එහි හැඩය හරියටම නවීන ස්විස් ඔරලෝසුවක අනුරුවක් වගේ. එහි වේලාව 10:06 වශයෙන් සටහන්ව තියෙනවා.

    5.jpg

    තරුණ කතක් මහමග දුරකතනයෙන් කතා කරමින් යන මේ දසුන අද සාමාන්‍ය දෙයක්. හරියට ශී‍්‍ර ලංකාවේ ඇඟලූම් කම්හලක වැඩ ඇරී යන සේවිකාවන් වගෙයි. ඒත් විලාසිතා වෙනස්. මේ තරුණ සේවිකාවන් පිරිස 1938 දී ඇමෙරිකාවේ ඩුපොන්ට් කම්හලෙන් පිටව ගිය අයුරුයි.

    6.jpg

    එදා වසර 75කට පෙර මේ දුරකතනයෙන් කතා කරමින් ගිය තරුණිය තමාගේ මීමිත්තණිය බව යූටියුබ් ග‍්‍රාහකයෙක් පසුගිය දා හෙළිදරව් කළේ වසර කීපයක් තිස්සේ අන්තර් ජාලය හරහා කතා බහට ලක් වුණාට පසුවයි.

    7.jpg

    මේ තමයි, වෙළඳ පොළට ආ මුල්ම ජංගම දුරකතනය, ඩයිනා ටීඒසී 8000එක්ස්

    8.jpg

    තරුණ කාන්තාවගේ දුරකතන කතාබහ ඇතුළත් මේ දර්ශන පෙළ කැමරාවට නඟන ලද ඇමරිකාවේ මැසචුසෙට්ස්වල ලියොමින්ස්ටර්හී ඩුපොන්ට් ආයතන ගොඩනැගිල්ල.

    වීඩියෝව පහලින්

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූණ බලන්න කණ්නාඩිය ගත්ත සෝබනේට ඒක කොණ්ඩෙ අහකට කරන්න කන ගාවට ගත්ත ටිකකිං පාත් කලා :baffled: අපි ඒක අල්ලං කාලතරණෙ කොරන්න හදනව :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ මනුස්සය නිකන් කන අතගානවද කොහෙද :D

    TFS :love:+9

    :P මටත් හිතෙන්නෙ නෑ ඒක සෙල් ෆෝන් එකක් කියලා. අර මුනුපුරා කියපු කෙනාගේ පචයක් වෙන්න ඕනේ. ඒකනේ පොර නම කියලත් නැත්තේ :lol: අනිත් එක ලෝකේ පළවෙනි සෙල් ෆෝන් එක කියලා පිළිගන්න එකෙයි, අර ගැහැනු කෙනා අතේ තියන් ඉන්න සෙල් ෆෝන් එක කියන එකෙයි සයිස් බලන්න. එහෙම බැලුවොත් ගැහැනු කෙනාගේ අතේ තියන්නේ 90 දශකයේ ෆෝන් එකක්. :P මම හිතන්නේ ඒ ගෑනු කෙනා පොඩි පර්ස් එකකුත් අතේ තියං කණ කහනවා වගේ යමක් කරනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P මටත් හිතෙන්නෙ නෑ ඒක සෙල් ෆෝන් එකක් කියලා. අර මුනුපුරා කියපු කෙනාගේ පචයක් වෙන්න ඕනේ. ඒකනේ පොර නම කියලත් නැත්තේ :lol: අනිත් එක ලෝකේ පළවෙනි සෙල් ෆෝන් එක කියලා පිළිගන්න එකෙයි, අර ගැහැනු කෙනා අතේ තියන් ඉන්න සෙල් ෆෝන් එක කියන එකෙයි සයිස් බලන්න. එහෙම බැලුවොත් ගැහැනු කෙනාගේ අතේ තියන්නේ 90 දශකයේ ෆෝන් එකක්. :P මම හිතන්නේ ඒ ගෑනු කෙනා පොඩි පර්ස් එකකුත් අතේ තියං කණ කහනවා වගේ යමක් කරනවා.
    :yes: ඒ මනුස්සය ෆෝන් එකකින් කතාකරනවා වගේ කන ගාවට අත ගෙනියන එක ඇරෙන්න වෙන කිසි සාක්කියක් නෑ නෙ. අතේ මොකද්ද තියාගෙන කන කහනවා වගේ තමා මටත් පේන්නේ. අපේ මිනිස්සුන්ට ඉතින් පොඩි දේත් ඇතිනේ වවාගෙන කන්න :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: ඒ මනුස්සය ෆෝන් එකකින් කතාකරනවා වගේ කන ගාවට අත ගෙනියන එක ඇරෙන්න වෙන කිසි සාක්කියක් නෑ නෙ. අතේ මොකද්ද තියාගෙන කන කහනවා වගේ තමා මටත් පේන්නේ. අපේ මිනිස්සුන්ට ඉතින් පොඩි දේත් ඇතිනේ වවාගෙන කන්න :D

    :D:yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :P මටත් හිතෙන්නෙ නෑ ඒක සෙල් ෆෝන් එකක් කියලා. අර මුනුපුරා කියපු කෙනාගේ පචයක් වෙන්න ඕනේ. ඒකනේ පොර නම කියලත් නැත්තේ :lol: අනිත් එක ලෝකේ පළවෙනි සෙල් ෆෝන් එක කියලා පිළිගන්න එකෙයි, අර ගැහැනු කෙනා අතේ තියන් ඉන්න සෙල් ෆෝන් එක කියන එකෙයි සයිස් බලන්න. එහෙම බැලුවොත් ගැහැනු කෙනාගේ අතේ තියන්නේ 90 දශකයේ ෆෝන් එකක්. :P මම හිතන්නේ ඒ ගෑනු කෙනා පොඩි පර්ස් එකකුත් අතේ තියං කණ කහනවා වගේ යමක් කරනවා.

    සෙල් ෆෝන් එකක් පාවිච්චි කරන්නනම් දැන් තියෙනව වගේ සෙල් ටවර් හදල දුරකථන කිහිපයක් එකට සම්බන්ද වෙලා සන්නිවේදනය කරන්න පුළුවන් වෙන විදියට හදන්න ඕන. ඒ වගේම සන්නිවේදනය වන තරංග පරාසය ගිගා හර්ට්ස් වලින් වගේ යන්න ඕන. ඒත් 1930 ගණන් වල ඒවගේ අධි සංක්යාත දෝලක පරිපත හදල තිබුන කියල හිතන්න අමාරුයි. ඒක නිසා වෙන්න පුළුවන් එකම දේ කෙටි තරංග වලින් වැඩ කරන වෝකි ටෝකි වගේ එකක් හදන එක. ඒත් මේ වගේ පොඩි ඉඩක උපාංග අසුරන්න ඒ කාලෙ තාක්ෂණයෙන් බෑ. ට්‍රාන්සිස්ටරය හොයාගත්තෙත් ඊට අවුරුදු 10 කට විතර පස්සෙ. මුල් කාලෙ හදල තියෙන ට්‍රආන්සිස්ටරුත් ඔය ෆෝන් එකක් තරම් විශාලයි. :D:D

    c6848a176892ed2cca3bc5c93b5f753a--electronic-devices-physicist.jpg
     
    Last edited:

    :D:D බහුතරයක් මිනිස්සු විවිධ චායාවන්ට රැවටෙනවා. මතකනේ කාලයක් අගහරු ලෝකේ මිනිස් රුවක් තියන ෆොටෝ එකක් ෂෙයා උනා
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :yes: ඒ මනුස්සය ෆෝන් එකකින් කතාකරනවා වගේ කන ගාවට අත ගෙනියන එක ඇරෙන්න වෙන කිසි සාක්කියක් නෑ නෙ. අතේ මොකද්ද තියාගෙන කන කහනවා වගේ තමා මටත් පේන්නේ. අපේ මිනිස්සුන්ට ඉතින් පොඩි දේත් ඇතිනේ වවාගෙන කන්න :D

    :yes::yes: