ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර

මේ Albert Fish විසින් Budd නැමති කාන්තාවකට ලියපු ලියුමක් 1933දී. පොලිසියට Fish සොයා ගැනීමට උපකාරී වූ හෝඩුවාවක් ලෙස හදුන්වන්න පුලුවන්.
--------------------------------------------------------------------

"
ආදරණීය බඩ් මහත්මිය,

1984 දී මගේ යාලුවෙක් , තවත් කට්ටියක් එක්ක බෝට්ටුවක යාත්‍රා කරා.
එගොල්ලො සැන් ෆ්‍රැන්සිස්කෝ ඉදන් චීනෙට ගියා. ඔවුන් ගොඩබිමට සේන්දු උනාට පස්සේ අධික් ලෙස මත්පැන් පානය කලා.
එගොල්ලො ආපහු වෙරලට එනකොට බෝට්ටුව තිබ්බේ නෑලු.
ඒකාලේ චීනයේ ආහාර හිගයක් තිබ්බා.ඕනෑම වර්ගයක මස් රාත්තලක් ඩොලර් 2 ක් හෝ 3ක් .
බඩගින්න දරා ගන්න බැරි හින්දා අවුරුදු 12ට අඩු හැම ලමයෙක්ම ආහාර විදියට විකුණන්න සමහර මිනිස්සුන්ට සිද්ද උනා.
ඕනෑම කඩයකට ගිහින් මාලු කුට්ටි , මස් ඉස්ටු, මස් පෙති ඉල්ලන්න පුලුවන්.
නිරුවත් කුඩා ලමයින්ගේ මල සිරුරු වල කොටසක් ගෙනත් ඕන ගාන කීවාම ඒක කපල දෙනවා.
තට්ටම් ප්‍රදේශය රහ හින්දා ඒ කොටසේ මිල අනික් කොටස් වලට සාපේක්ෂව වැඩියි.එවා විකිනුවේ හරක් මස් කියලා.
මගේ යාලුවා දන්නවා මේ මිනිස් මස් කියලා. එයා ඒවට හොදටම රහ වැටිලා හිටියේ.
එයා ආපහු ඇමරිකාවට ආව ගමන් කලේ පිරිමි ලමයි දෙන්නෙක් හොරකම් කරපු එක.
එයා ඊට පස්සේ එගොල්ලන්ව නිරුවත් කරලා හිර කරා.
හැමදාම එගොල්ලන්ගේ තට්ටම් වලට ගගහා ගොඩාක් වද හින්සා දුන්නා
.එතොකොට මෙගොල්ලන්ගේ ඇග හොදට පදම් වෙනවනේ.
ඉස්සෙල්ලම මැරුවේ වැඩිමහල් ලමයව.මොකද එයාට මහත තට්ටමක් තිබ්බා.හුගාක් මස් තියෙන්න ඇති.
පස්සෙ මගෙ යලුවා ඔලුවයි , ඇටකටුයි , බඩවැලුයි ඇරෙන්න අනික් හැම කොටසක්ම තම්බලා පුච්චලා කාලා.
අනික් කොල්ලටත් උනේ ඒ ටිකමයි.එයා මටත් ඔය විස්තරය කීවට පස්සේ මටත් මිනිස් මස් කන්න හරී ආසාවක් ඇති උනා.
1928 , ජූනි 3 වෙනිදා , ඒ කියන්නේ සෙනසුරාදා දවසක් , මම ඔයාට කතා කලා.
චීස්, ස්ට්‍රව්බෙරි එහෙම අරන් ඔයාලගේ ගෙදර ඇවිත් දිවා ආහාරය ගත්තා.
ඔයාගේ චූටි දුව මගේ ඔඩොක්කුවේ ඉදගෙන හිටියා.එයා මාව සිප ගත්තත් එක්ක.
මට හරිම ආසාවක් ආවා එයාව කන්න.එක හින්දා මම එයාව සාදයකට අරන් යනවා කියලා බොරුවක් කීවා.
ඔයා එකට මට අවසර දුන්නා.මම එයාව පාලු ගෙදරකට අරන් ගියා.
එයාව තියලා මම ඉහල මාලයට ගිහින් මගේ ඇදුම් ගැලෙව්වා.
එයාගේ ලේ මගේ ඇගේ ගෑවෙනවට කැමති නැති හින්දයි මම එහෙම කලේ.
මම එයා ගාවට ගියා.එයා මාව දැකලා කෑගැහුවා , ඇඩුවා.
මම එයාව නිරුවත් කරලා එයාගේ හුස්ම හිර කලා.
මම එයාව කෑලි කෑලි වලට කපල කෑවා.එයාගේ තට්ටම රෝස් කරල කනකොට පුදුම රහක් තිබ්බේ.
මට දවස් 9ක් ගියා එයව මුලිමනින්ම කාලා ඉවර කරන්න.
මම එයාට වෙන කිසිම කරදරයක් කරේ නෑ. එයා මිය ගියේ කන්යාවියක් විදියටයි. "

----------------------------------------------------------------------

Grace_budd.gif


That little girl



අප්පො
එක කියවාගෙන යනකොට වමනෙ යන්න එනවා
මිනිස්සුන්ට මෙච්චර කුරිරු වෙන්න පුලුවන්ද කියලා හිතෙනවා කියවනකොට
thanks for sharing with us
 

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    නියම වැඩක් මචෝ... ඔක්කොම බැලුව.. පිස්සු හැදිල හොඳ උනා.. දිගටම දාපන්..
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Coral Eugene Watts – (Killings between 1974 and 1982)

    10-2-Coral-Eugene-Watts.jpg
    medium_watts.jpg


    wattsxxxxxx.jpg


    වොට්ස් යනු මිනීමරුවෙකි . බිහිසුනුම මිනීමරුවෙකි :yes: . මිනිසුන් 100 කටත් වඩා මරා දැමු සාහිසිකයෙකි :shocked: .නමුත් වරක් ඔහු ඉදිරිපත් කල අභියාචනාවක් සලකා බලා ඔහු නිදහස් කිරීම හෝ නොකිරීම පිලිබද විවිධ මතවාද ඇති කල තැනත්තෙකු වු ඔහු අපරාධ දම්වැලේ සුවිශේෂී පුරුකකි.

    දිනක් වොට්ස් පොලිසියේ නිලධාරීන්ගේ රැකවල් මැද කාමරයක සිටියේය. එහි පොලිස් නිලධාරීන් 4දෙනෙක් සිටියේය.මේ වොට්ස් අත් අඩංගුවට ගත් අලුතයි. එක් පොලිස් නිලධාරියෙක් වොට්ස්ගෙන් මෙසේ විමසුවේය .
    " උඹ උඹේ අතේ අගිලියි කකුලේ ඇගිලියි ගානටම මිනිස්සු මරලා ඇති නෙද ? "
    වොට්ස් මද සිනහවක් පා ඉත සරලව පැවසුවේ
    " මේ කාමරේ ඉන්න හැමෝගෙම අතෙයි කකුලෙයි තියෙන ඔක්කොම ඇගිලි ගානටත් වඩා මම මිනිස්සු මැරුවා " ලෙසය. :eek:

    වොට්ස් අප්‍රිකානු සම්භවයකින් එන ඇමරිකානු ජාතිකයෙක්. ඔහුගේ ගොදුරු වලින් බොහොමයක් සුදු ජාතිකයින්.
    වොට්ස් කාන්තාවන් රැසක් මරා දමා ඇත.එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ තම ඔවුන්ගේ ඇස් වල විනාශය හගවන සේයා දුටු බවයි.සමහර කාන්තවන්ගේ ආත්මය තුල තිබෙන යක්ෂා බල වේග ලොවට පැමිණීම නැවැත්වීමට ඔවුන්ව ජලයෙහි ගිල්ව වීමට සිදු වූ බවයි.:growl:

    මොහුගේ මිනීමැරුම් Serial Killer කෙනෙකුගේ අපරාධයකියි බොහෝ කලයක් යනකන් කිසිවෙකු සිතුවේ නැත:nerd:.එයට හේතුව වොට්ස් රටේ විවිධ ප්‍රදේශ වල අපරාධ කිරීමයි. ඔහු කාන්තාවන් දූෂණය නොකර මරා දැමීමෙන් පමණක් සැහීමකට පත් වූ නිසා DNA පරික්ෂණ වලදීද වොට්ස් ගැන කිසිදු තොරතුරක් අනාවරණය වුයේ නැත.:no:

    වොට්ස් බොහෝ විට ඝාතනය කලේ අවුරුදු 14ත් 34ත් අතර සුදු ජාතික තරුණියන්ය. ඔහු හුස්ම හිර කිරීම , පිහියෙන් ඇන කපා කොටා දැමීම හෝ පොල්ලකින් පහර දීම යනාදි ක්‍රම වලින් අපරාධ සිදු කලේය.:sorry:
    වොට්ස් කුඩා කාලයේම ඔහුගේ දෙමාපියන් දික්කසාද වු අතර ඉන් පසුව වොට්ස්ට සිදු වුයේ තම මව හා සුළු පියා සමග විසීමයි. ඔහු කුඩා කල සිටම ඉගෙනීමට දුර්වල වූ අතර වයස අවුරුදු 16දීත් තම අදක්ෂයතා මත 3 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලැබීම පිලිබද දැඩි වේදනාවෙන් පසු වී ඇත:(. එමෙන්ම ඔහු ඉතා හොද බොක්සිං ක්‍රීඩකයෙකුද වේ.
    වොට්ස් කුඩා කල සිටම බියකරු සිහින දැක ඇත. තමා විසින් කාන්තාවන් ඝාතනය කරන අයුරු ඔහු නිතරම හීනෙන් දැක්කේය.ඔහු පසු කලක පවසා ඇත්තේ එවැනි හීන තමා ප්‍රබෝධමත් කල බවයි.;)

    කාලය කෙමින් ගෙවී යද්දී වොට්ස් හට සිහින වලින් පමණක් සෑහීමකට පත් වීමට නොහැකි විය. ඔහු එම සිහින අත්හදා බැලීමට උත්සහ කලේය. මුල් කාලයේ ඔහු කාන්තාවන් හට පහර දීමෙන් පමණක් සිය ආසාවන් ඉටු කරගත් අතර පසුව ඔහු ඔවුන් මරා දැමීමට පෙලඹුනේය.:baffled:

    වොට්ස් අතඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට එරෙහිව සාක්ෂී එතරම් නොමැති බව උසාවියට පෙනී ගියේය.එම නිසා ඔහු තම අපරාධ පාපොච්චාරණය කලහොත් ඔහුට ලැබෙන දඩුවම ලිහිල් කරන බව ඔහුට දැනුම් දිනී.හිරේදී ඔහු තුල තිබූ යහපත් හැසිරීම නිසා ඔහු 2006 දී නිදහස් කරන බවට රාවයක්ද පැවතුනී.කෙසේ හෝ වොට්ස් තම වැරදි පිලිගත්තේය.ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුනු අතර 2007දී පිලිකාවක් නිසා ඔහු මිය ගියේය..
     
    • Like
    Reactions: Lalinda and NAdee56

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    සේරම කියෙව්වා... සෑහෙන්න මහන්සි වෙලා ලියල තියෙනව වගේ.... නියමයි. රෙප්+​
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Richard Angelo - මරණයේ දේවදූතයා (Killings between April 1987 and October 1987)

    angelo.jpg
    4-2-Richard-Angelo-in-court.jpg


    වීරයකු වීමට මිනිසෙක් තුල තිබෙන අහිංසක ආසාව ඔහුව යක්ෂයෙක් කලොත්! :confused:, රිචඩ් එවැනි මනසක් තිබු , අනෙකුත් මිනීමරුවන්ගෙන් බොහෝ ලෙස වෙනස් ලෙස ක්‍රියාකල අහිංසක ඝාතකයෙක්.ඔහු කුඩා කල ඇමරිකාවේ බාල දක්ෂයන් හට පිදෙන උසස්ම නිලය ලෙස සැලකෙන " ඊගල් ස්කවුට් " තනතුර දරාපු කෙනෙක් :yes: . කුඩා කල සිටම ඔහුට අවශ්‍ය වුනේ අන් අයට උදව් කර කැපී පෙනෙන චරිතයක් වීමටයි. උසස් අධ්‍යාපනය හදාරා New York හී Good Samaritan රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කිරීමට රිචඩ්ට හැකි වුනා. :)

    ඔහු ආසා කලේ සමාජයේ ගරු බුහුමන් ලබමින් ජීවත් වන්නටයි. එහෙත් තමාට එය නොලැබෙන බව වැටහුණු නිසා හෝ තමාට ලැබෙන ප්‍රශංසා මද නිසා රිචඩ් තුලින් බිහි වුයේ මෙතෙක් කල් බිහි වු ඝාතකයන්ගෙන් දැකිය නොහැකි ආකල්පයි :no: . නමුත් මිනීමරන්නන් හට ලැබෙන බිහිසුණු බව ඔහුටද නොමදව ලැබී තිබුනේය.

    ඔහු වෛද්‍යවරයෙකු ලෙස කටයතු කලේ graveyard shift නැමති කාලයෙයි. graveyard shift යනු මධ්‍යම රාත්‍රියේ සිට අලුයම වන තෙක් සේවය කිරීමට සිදු වන වැඩ මුරයයි.මෙය ඔහුට මහගු අවස්ථාවක් වී ඇත. ඔහු පලමුවෙන්ම කරන්නේ තම රෝගීන්ට Pavulon හා Anectine එන්නත් කිරීමයි :sorry: . Pavulon යනු මරණ දඩුවම හිමි වු සිරකරුවන්ට එන්නත් කරන විෂ එන්නතට එකතු කරන ඖෂධයකි. Anectine යනු යමෙක් ආබාධිත තත්වයට පත් කල හැකි ඖෂධයකි :shocked:. මෙම ඖෂධ රෝගීන්ට එන්නත් කර ඔවුන්ව මරණාසන්න තත්වයට ගෙන ඒමට රිචඩ් කටයතු කලා.ඔහු මෙයට කලින් රෝගීනට පවසන්නේ තමන් විසින් ඔවුන්ට මෙම ඖෂධ එන්නත් කරන්නේ ඔවුන් වේදනාවෙන් මුදවාලීමට බවයි. මෙලස එන්නත් කල රෝගින්ට ඉතා ඉක්මනින් හුස්ම ගැනීමේ අපහසුතා පැමිනෙන අතර අනෙක් අය සමග කතා කිරීමට නොහැකි ලෙස දුර්වල තත්වයකට පත්වේ.:baffled: පසුව එලඹෙන්නේ රිචඩ්ගේ අවස්ථාවයි. ඔහු පසුව රෝහලේ කාර්ය මණ්ඩලය හා අනෙකුත් ජනයා මවිතයට පත් කරමිනි එම රෝගින් වෙනුවෙන්ම කැපවෙමින් ඔවුන් හට උපස්ථාන කරයි :eek: . රිචඩ් උදව් කරන්නේ තමා විසින්ම එම තත්වයට ඇද දැමුවන්යැයි නොදත් සියලුදෙනා රිචඩ් හට ප්‍රශංසා කලේ රිචඩ්ගේ සිත තුල මෙවැනි අපරාධ කිරීමට ඇති ආසාව තවත් වැඩි කරමිනි.කෙසේ හෝ රිචඩ් හට එම රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් මරණයෙන් ගලවා ගැනීමට නොහැකි වුනා. :oo:

    රිචඩ් විසින් මෙලෙස මිනිසුන් 25 පමණ පිරිසක් ඝාතනය කර තිබෙනවා. දිනක් රිචඩ් එක රෝගියෙකුට මෙලෙස එන්නත් කල වේලාවෙම එම රෝගියා විසින් තම සහයට කිසිවෙකුට කතා කල හැකි පරිදි ඇද අසල තබා තිබු දුරකතන පද්ධතිය ක්‍රියාත්මක කර තිබෙනවා. රෝගියාගේ මුත්‍රා සාම්පලයකි පරීක්ෂා කල හෙදියකට එහි අඩංගු වූ පෙර කී විෂ ඖෂධ නිරීක්ෂණය කිරීමට හැකි වුනා.රිචඩ් තම වැරදි පාපෝච්චාරණය කලේය. :rolleyes:
    " මට මං ගැන විශ්වාසයක් තිබුනේ නැහැ.මම හිතුවේ මම දුර්වල මිනිහෙක් කියලා"

    ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ ඔහු අදටත් Clinton Correctional Facility හී ජීවත් වේ.




     
    • Like
    Reactions: sandaru d

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මෙච්චර දවස් මම කතා කරපු මිනී මරුවන් ගොඩක් ඇමරිකාවේ හිටපු අය. මම මෙතනින් මේ ත්‍රේඩ් එක නවත්තන්න හිටියේ. එත් ගොඩක් අය මෙයාලා ගැන දැන ගන්න ආසා නිසා කෙටියෙන් ලොකේ හිටපු ( ජනප්‍රිය ) අනිත් serial killer ලා ගැන කියන්නම්. මොකද හැම මිනීමරුවෙක් ගැනම දාලා වැඩැක් නෑ.මම සුවිශේෂී අය ගැන විතරයි හැමදාම ඔයගොල්ලන්ට කතා කීවේ.
    එහෙනම් wait , Updating
    Thank You all for nice comments and fair reputations :yes: appreciate them.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙච්චර දවස් මම කතා කරපු මිනී මරුවන් ගොඩක් ඇමරිකාවේ හිටපු අය. මම මෙතනින් මේ ත්‍රේඩ් එක නවත්තන්න හිටියේ. එත් ගොඩක් අය මෙයාලා ගැන දැන ගන්න ආසා නිසා කෙටියෙන් ලොකේ හිටපු ( ජනප්‍රිය ) අනිත් serial killer ලා ගැන කියන්නම්. මොකද හැම මිනීමරුවෙක් ගැනම දාලා වැඩැක් නෑ.මම සුවිශේෂී අය ගැන විතරයි හැමදාම ඔයගොල්ලන්ට කතා කීවේ.
    එහෙනම් wait , Updating
    Thank You all for nice comments and fair reputations :yes: appreciate them.

    keep it up bro :)
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මම මේ කතා වල කිසිම තැනක කුණුහරප කියලා නෑ .එත් සමහර කතා වල එන චරිත වල ක්‍රියාකලාපය අප්‍රසන්නයි. එකට ඉතින් මට කරන්න දෙයක් නෑ.නොදා ඉන්න බෑනේ. ඔයගොල්ලන්ට එව දරා ගන්න බැරි උනා නම් මට සමාවෙන්න. :)

    -------------------------------------------------------------------------
    Ahmad Suradji

    11066392-a.t.jpg


    ඉන්දුනීසියානු ජාතිකයෙකු වූ මොහු විසින් වසර 11ක් තිස්සේ කාන්තාවන් 42ක් පමණ මරා දමා ඇත.ඔහු කාන්තාවන් පැහැර ගෙන ඔවුන්ව වලකට දමා ඉණ ගාවට එනතෙක් පස් පුරවා කම්බියක් මගින් බෙල්ල හිර කිරීමෙන් ඔවුන්ව මරා දමා ඇත. මෙවැනි අවස්තාවල්දි මිය යන්නන්ගේ කටින් එන කෙල ආදිය බීමට ඔහු ප්‍රිය කර ඇත.ඔහු මෙවැනි මිනීමැරුම් කිරීමට හේතුව සිහිනයකදී තම මිය ගිය පියා දුන් අවවාදයක් බව කියවේ.එනම් මෙලස කිරීමේදී ගුප්ත ලෙස රෝග සුව කිරීමේ බලය ලැබෙන බවයි.2008දී ඔහුව වෙඩි තබා මරා දමන ලදී.

    Aileen Wuornos

    aileenwuornos.jpg


    ඇය ඇමරිකානු කාන්තාවක්.මිනිසුන් 7 දෙනෙකු මැරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.ඔවුන් සියලු දෙනා මරා දමා ඇත්තේ වෙඩි තැබීම මගිනුයි. මෙයට හේතුව ලෙස ඇ‍ය ඉදිරිපත් කරේ ඇය ගණිකාවක් ලෙස ජීවත් වූ අවදියේ මොවුන්ගෙන් කිහිප දෙනෙක් තමාව දුෂණය කල බවත් අනෙක් අය තමාව දුෂණය කිරීමට උත්සහ දැරුව බවත්ය.පලිගැනීමේ අරමුණින් ඇය මෙසේ අපරාධ සිදු කොට ඇත.ඇ‍ය විෂ එන්නත් කිරීම මගින් 2002 මරා දැමුවේය. Monster චිත්‍රපටයෙන් ඇගේ කතාව දිග හැරේ. සමහරෙක් පවසන්නේ කුඩා කලදී වරක් ඇය තම සොහොයුරා අතිනුත් දුෂණය වූ බවයි.

    Alexander Pichushkin

    r194115_735519.jpg


    " ඔයගොල්ලන්ට කෑම නැතිව ඉන්න පුලුවන්ද ? ඒ වගේම මට මිනී මරන්නේ නැතිව ඉන්න බෑ. මට හිතෙන්නේ මම මේ මිනිස්සු හැමෝගෙම තාත්තා කියලා.මොකද එගොල්ලන්ට අලුත් ලෝකෙකට යන්න දොර ඇරලා දෙන්නේ මමනේ. "

    මේ " චෙස්බෝඩ් කිලර් ( chessboard killer )" නමින් හදුන්වපු රුසියානු ජාතිකයකුගේ වදන් පෙලයි.ඔහු මිනිසුන් 48 පමණ මරා දමා තිබෙනවා.ඊට හේතුවී ඇත්තේ ඔහු මිනීමැරීම සෙල්ලමක් ලෙස සැලකීම නිසයි.එනම් ඔහු තවත් serial killer වූ Andrei Chikatilo සමග තරගෙට මිනීමරා දමා තිබෙනවා. ඔහුගේ අරමුණ වී ඇත්තේ මිනිසුන් 64ක් මරා දැමීමයි. එනම් chessboard එකක කොටු ගානට සරිලන ලෙසිනි.කෙසෙ හෝ ඔහුගේ ගොදුරු වලට බෙහෙවින් අසු වුයේ ගෙයක් දොරක් නොමැතිව පාරේ සිටිනා වයසක මිනිසුන්ය. Alexander මිනී මරන්නේ මිටියකින් ඔලුවට පහර එල්ල කරමිනි. මොහු ජීවිතන්තය දක්වා සිර දඩුවම් විදිමින් තවමත් ජීවත් වේ.

    Andrei Chikatilo

    chikatilo2.jpg


    The Red Ripper හා The Rostov Ripper යන නම් වලින් ප්‍රසිද්ධ වූ රුසියානු ජාතික මිනී මරුවෙකි. ඔහු විසින් කාන්තාවන් හා කුඩා ලමුන් 53ක් පමණ මරා දමා තිබුනි.බොහෝ ලෙස ඝාතන වලදී පිහිය භාවිතා කලත් විටෙක හුස්ම හිර කිරීම මගිනුත් ඔහු අපරාධ සිදු කලා. කාන්තාවන් මරා දැමීමෙන් ඔහුට ලිංගික සතුටක් දැනීම මෙයට හේතුවයි. කෙසේ වුවත් ඔහුට කුඩා කල පටන්ම මානසික රෝගයක් තිබී ඇත. දෙදරු පියෙක් වූ Andreiගේ එක් දරුවෙක්ද මිනී මැරුම් චෝදනාවකට සිර ගත කොට ඇත. Andrei Chikatilo ව 1994දී වෙඩි තබා මරා දමන ලදී.
     
    Last edited:

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    හොදයි. දැන් මේ ත්‍රේඩ් එක ඉවර කරන්න කාලේ හරි. එහෙම කියන්නේ කොච්චර serial killersලා හිටියත් ඒ හැමෝම නිරූපණය කරන්න පුලුවන් පිරිසකගේ කතා මට පුලුවන් විදියට හොයලා පරිවර්තනය කරලා දාලා තියෙනවා. මේ කතා කෙටි කරන එක තමා අමාරු.මම මේගොල්ලෝ ගැන තියෙන ලිපි ගොඩක් කියවල්ලා එගොල්ලන්ගේ ජිවිත සාරාංශ කරලා තමා මෙහෙම ලියලා තියෙන්නේ.
    මට නම් මේ මිනීමරුවෝ හැමෝම දුර්වල කට්ටිය. හිත දුර්වල හින්දා ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි උන කට්ටිය.ගොඩාක් දෙනෙක්ගේ ලමාකාලය සමාජය විසින් උදුරගෙන තියෙනවා. මේ වගේ අය එදත් හිටියා , අදත් ඉන්නවා , හෙටත් ඉදිවී කියල අකමැත්තෙන් උනත් කියන්න වෙනවා. මොකද හිත වෙනස් වෙන්නෙ නැතුව ලොකේ වෙනස් වෙන්නෙ නෑනේ.

    මේ ත්‍රේඩ් එක ඉවර කරාට මම ලගදිම තව ත්‍රේඩ් එකක් දානවා.එක මීටත් වඩා හොද වෙනස් එකක් වෙයි.:):)

    i_will_be_back_soon.jpg

     
    Last edited: