ලොව පුදුම කරන ඉන්දියානු සිනමාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොව පුදුම කරන ඉන්දියානු සිනමාව



    ඉන්දියන් සිනමාව කියන්නේ ලෝකයා පුදුමයට පත් කරපු සිනමාවක්.....

    ලෝකයේ ගුරුත්වය අවම ස්ථානය ඔබ දන්නවාද?...ඉන්දියාවේ තියෙන්නේ...උතුරු ඉන්දියාවට වඩා දකුණු ඉන්දියාවේ ගුරුත්වය ඉතා අවම බව දකුණු ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරුන් පෙන්වා ඇති වාරගණන මෙතකැයි කියන්න බෑ...

    ලෝක සිනමාවේ හැකියාව අතින් උපරිම තැනක ඉන්න වීරයෝ ඉන්නෙත් දකුණු ඉන්දියාවේ.ඔවුන්ගේ හැකියාවන් දැක්කොත් ඔබ පුදුම වෙනවා සිකුරුයි...

    දකුණු ඉන්දියානු සිනමාවේ දුෂ්ඨයෝත් එසේ මෙසේ අය නෙමෙයි.ලෝකේ හොඳම කරණනම්කරුවන් ඉන්නේ කොහේද ඇහුවොත් බය නැතුව කියන්න තමිල්නාන්ඩුව කියලා.මේ කාරණයේ ඇත්ත නැත්ත බලන්න ඕනේ නම් කොලිවුඩ්වල සටන් ජවනිකාවක් නරඹන්න.ඒ වගේම තමයි වීරයා ඉදිරියේ මේ දුෂ්ඨයෝ පුලුන් වලට වඩා සැහැල්ලුයි.ඔවුන් සටනකට පිවිසුනාම වීරයට ගහන්න එන්නේ එකා පිටුපස එකා විදියට.බලන්න මොනතරම් සාධාරණ දුෂ්ඨයෝද කියලා....

    මේ දුෂ්ඨයන්ගේ ශරීර සැහැල්ලු වගේම ,පහරක් වැදුණු සැනින් ඔවුන්ගේ ශරීරවලින් ඩ්‍රම් එකකට ගහන විට නැගෙන ශබ්දයක් නිකුත් වෙනවා.පුදුමයි නේද?

    එහෙනම් අපි තමිල්නාන්ඩු වීරයන්ගේ වැඩ ටිකක් බලලා කතා කරමුද?

    220px-Chandramukhi1.jpg


    මේ ඉන්නේ තමිල්නාන්ඩුවේ සදාතනික වීරයා.රජිනි කාන්ත්.පොරගේ මේ චිත්‍රපටියේ නම චන්ද්‍රමුකි.අවුරුදු 2කට වැඩි කාලයක් මේ චිත්‍රපටය සිනමා ශාලාවල එක දිගට දිව්වලු.දකුණු ඉන්දියානු වාර්තාවක් ලු ඒක.මේ වීඩියෝවේ පෙන්නන්නේ පොරගේ සටන් ජවනිකාවක්....



    හිනා වෙන්න එපා යකෝ.... මූ තමයි දෙමළුන්ගේ වීරයා...වඳින්නේ නේ නැති එක විතරයි මූට උන්...මළාට පස්සේ මූට දේවාලයකුත් නොහැදුවොත් තමයි පුදුම.




    ඊට පස්සේ අපි කතා කරන්නේ තෝරාගත්ත සටන් සහ වෙනත් ජවනිකා ඇතුලත් වීඩියෝවක් ගැන..අන්තර්ගතය මෙහෙමයි..

    1.රජිනි කාන්ත් ආයෙත් වැඩ පෙන්නනවා.බිබී හිටිය බීම බෝතලෙන් ගහලා මීටර් 20-30 දුරින් දුවන දුෂ්ඨයෙක් බිමදානවා..

    2.ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ වොලිබෝලයකින් වැඩ දාන වීරයෙක්.පොර වොලිබෝල්,පාපන්දු දෙකට දක්ෂයෙක් වගේ පෙන්නේ.එක බෝලෙකින් දුෂ්ඨයෝ තුන්දෙනෙක් බිම දාන්න මේ වීරයා දක්ෂ වෙනවා.

    3.ඉන්පස්සේ එන්නේ දකුණු ඉන්දියාවේ නළු හිග කාලේක ආවා මිටි මහත වීරයෙක්ගේ වැඩක් පෙන්නන්න.පොර අතේ දාගෙන ඉන්නේ වළල්ල මැජික් බලෙන් ඇගිලිවලට ගන්නේ අනෙක් අත පාවිච්චි නොකර.පුදුමයි නේද? ඊට පස්සේ ඔහු ඒ වළල්ලෙන් ගහනවා ගැහිල්ල.අරුම පුදුම වළල්ලක් යකෝ ඒක.ඊට පස්සේ ඇමෙරිකාවේ කව්බෝයිස්ලත් පරදන තොන්ඩු දැමිල්ලක් ඔහු දාන්නේ.ඒක නම් බලන්නම වටිනවා.

    4.දකුණු ඉන්දියාවේ වීරයන්ට වාහනවල යද්දී සීට් බෙල්ට් පළදින්න අවශ්‍ය නෑ...මොකද ඔවුන් සුපිරි වීරයෝ..බලන්න මේ පොලිස් නිලධාරියා ජිප් එකේ හූඩ් එක උඩ සැපට වාඩිවෙලා යන්නේ...ජිප් එක ඒ වෙලාවේ ගුවන් ගත වෙලා තියෙන්නේ.එහි රියදුරු බොහොම මෘදුව ජිප් එක ගොඩබාගන්න සමත් වෙනවා වීරයාට හානියක් නොවෙන්න.ඉන් පස්සේ ඔහු සුපිරි කරනකම් ගහලා ෂොට් ගන් එකක් අරන් තමන්ගේ ඉදිරියෙන් ආපු වාහන දෙකකට වෙඩි තියෙනවා...ෂොට් ගන් එකෙන් නිකුත් වෙන්නේ සුපිරිම බුලට්.බුලට් වැදුණු වාහන පුපුරා විනාශ වෙන්නේ අපව පුදුමයට පත් කරවමින්...

    5.ඊළඟ දර්ශනය නම් ලෝක වාර්තාවක්...පිරිමියෙක්ගෙන් පහර කන ගැහැණියක් බිම පතිත වන්නට පෙර බේරාගන්න බයික් එකකින් එන වීරයෙක් සමත් වෙනවා.

    6.ඊළඟ ඔබ දකින්නේ කලින් දැකපු වීරයෙක්ගේ තවත් හැකියාවක්..ඔහුගේ ශරීරය වෙඩි උණ්ඩවලට පසාරු කරගෙන යන්න බෑ.හැබැයි වදින වෙඩි උණ්ඩ පොලා පනිනවා.පොලා පැනල විතරක් මදැයි ඒවා දුෂ්ඨයන්ගේ ඇගේ වැදිලා පුපුරා යනවත් එක්ක...


    7. මේක තමයි පට්ටම සීන් එක.දකුණු ඉන්දියාවේ සමුරායිවරු ඉන්නවා කියලා අහලා තියෙනවද? පියාඹා එන කඩුව දුෂ්ඨයෙක්ගේ අතක් වෙන් වෙන්නම කපලා දානවා.සුපිරි කඩු නේ...


    8.ඊළඟ වීරයා දෙමළ සිනමාවේ සුපිරිම වීරයෙක්..ඇයි එහෙම කියන්නේ.පොරගේ වැඩ දැක්කොත් එම කියවෙනවා.වාහනයක දොරක් කැඩෙන්න ගහනවා කියන්නේ ලේසි වැඩක්ද? සුපිරි බලයක් ඕනේ ඒ වගේ වැඩකට.

    මේ වීරයාගේ උකුල කොච්චර ශක්තිමත්ද කියලා ඊළඟ ට ඔබට බලන්න පුලුවන්.මේ වීරයාගේ සුපිරි වැඩ ටිකක් වෙනත් වීඩියෝවකින් පෙන්නන්න බලාපොරොත්තු වෙනවා.

    ඊළඟ දර්ශනයෙන් ඔහු අශ්වයෙක් යොදාගෙන ස්ටන් කරන හැටි බලාගන්න පුලුවන්.කාලයකට පෙර දෙමළ චිත්‍රපටවල වාහන විශේෂයෙන් පොලිස් ජිප් රථ ගුවන් ගත වීම සුලභ දර්ශනයක් වුනා.මෙම චිත්‍රපටයේ වැනි දර්ශන බහුලයි.


    9.ඊළඟ සුපිරි වීරයා ...ඔහුගෙ ශරීරයේ වදින දුෂ්ඨයෝ පොලා පනිනවා.පුදුම වෙන්න එපා ....ඔහුගේ සටන් හැකියාව ඊට වඩා ඉහලයි..

    10.ඊළඟට ඔබ හමුවෙන්නේ බෲස් ලී පවා පරදවන වීරයෙක්...හොලිවුඩයේ ස්පයිඩර් මෑන්ට නොදෙවෙනි වීරයෙක්...ඔහු බෝලෙන් දාන වැඩ ඊට දෙවෙනි නෑ. හැම අතින් විශිෂ්ඨ වීරයෙක්.



    මතක ඇතුව කමෙන්ට් ටිකත් කියවපල්ලා.ඉන්දියාවේ උන් බෙදා මරාගන්නවා,එකෙක් කියනවා දෙමළ ඒවා හොඳයිලු හින්දි ඒවාට වඩා,තව එකෙක් කියනවා මලයලම් ඒවායේ මේ වගේ චාටර් සීන් නැතිලු.අයියෝ සල්ලි.



    අපේ ඊළඟ වීරයා වන්නේ හොලිවුඩයේ මිතුන්.බලන්න ඔහුගේ සටන් කලාව.බෲස් ලී පවා පුදුමයට පත් වෙලා.:dull:






    මේ වීඩියෝව අපි කලින් කතා කරපු වීරයෙක් ගැන.බලන්න ඔහුගේ අපූර්ව පලා යෑම..:P





    ඊළඟ වීඩියෝවෙන් පෙන්වන්නේ තවත් සුපිරි පොරක්.කෙසෙල් ගෙඩියෙන් මිනීමරනවා දැකල නැති උන් බලපල්ලා.:no:




    සංවේදී පුද්ගලයින් මේක බලන්න එපා.හිනා ගිහින් පණ යයි :rofl:





    මුලින්ම කිව්වනේ ඉන්දියාව කියන්නේ ගුරුත්වය අඩුම රට කියලා.මෙන්න තවත් සාක්ෂි .මේ සාක්ෂි නම් බිදින්න බෑ පුතෝ.




    ඉන්දියාවේ විතරයි මේවා..සුපිරි වීරයෝ.හොලිවුඩ් කැලේ




    මේවගේ හිනා කාල මැරෙන සීන් තව තියෙනවා නම් දාපල්ලා
     
    Last edited:

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    කියලා වැඩක් නෑ.. මේ ෆිල්ම් වල ඔය කොටස් බලනකොටත් හිනා කාල මැරෙනවා...

    Rep++
     
    • Like
    Reactions: Dr.Amdan