ලොව පුරා භූ කම්පන වැලක්
තායිවානයේ අද උදෑසන සිදුවූ රික්ටර් පරිමාණයේ 6 යි දශම 4 ක ප්‍රබල භූ කම්පනය ඇතුළුව සැලකිය යුතු භූ කම්පන රැසක් පසුගිය පැය 24 තුළ ලොව පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.
නේපාලයේ - කත්මන්ඩු නුවර කේන්ද්‍රකොට ගෙන රික්ටර් පරිමාණයේ 5 යි දශම 2 ක භූ කම්පනයක් ඊයේ රාත්‍රී 10ට පමණ ඇති වූ අතර, රික්ටර් පරිමාණයේ 5 යි දශම 5 ක භූ කම්පනයක් ෆීජී දිවයින් වලින් අද අලූයම වාර්තා වුණා.
මීට අමතරව, පැපුවා නිව්ගිනියාවේ දිවයින් ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ 4 යි දශම 9 ක ප්‍රබලතාවයකින් යුත් භූ කම්පන දෙකක් වාර්තා වූ අතර රික්ටර් පරිමාණයේ 4 යි දශම 7 ක භූ කම්පනයක් ග්‍රීසියෙන් වාර්තා වී තිබෙනවා.
නවතම භූ කම්පනය වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ - සිනබන් ප්‍රදේශයෙන්.
එහි ප්‍රබලතාව රික්ටර් පරිමාණය අනුව 4 යි දශම 4ක්