ලොව බලවත්ම මිනිසා-විලැඩ්මීර් පුටීන්
2017 මාර්තු 13දා ඇමෙරිකාවේ සීඑන් එන් පුවත් සේවය ලොව වඩාත් බලසම්පන්නම මිනිසා යන නමින් වාර්තා චිත්‍රපටයක් නිකුත් කරන ලදි.එය රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් ඉලක්ක කරගෙන නිර්මාණය කල එකකි.චිත්‍රපටයේ අන්තර්ගතය ගැන රුසියාව කතා කලේ විවේචනාත්මක ස්වරූපයකිනි.සමාජීය නැඟීසිටීම්වලට පුටීන් බියක් දක්වන බවත්,රුසියාවේ සියලු දෑ ජනපති පුටීන් විසින් පාලනය කරන බවත් මේ වාර්තා චිත්‍රපටය ඔස්සේ උළුප්පා දක්වා තිබේ.සුපුරුදු පරිදි ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බව මෙම චිත්‍රපටය ඔස්සේද ගෙන හැර දැක්වුවද එම චෝදනා ඔප්පු කල හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට නිශ්පාදකයා සමත්ව නොමැත.
රුසියාව සම්බන්ධව වැරදි චිත්‍රයක් ලෝකය වෙත ගෙන යෑම මෙම වාර්තා වැඩසටහනේ අරමුණ වුවද එය අසාර්ථක විය.මන්ද එය තවත් එක් රුසියානු විරෝධී ප්රචාරක පටයක් බව බැලූ බැල්මට පෙනේ.විලැඩ්මීර් පුටීන්ගේ නායකත්වය හමුවේ පසුගිය වසර 20කට ආසන්න කාලය තුල රුසියාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබේ.සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව නිර්මාණය වූ නූතන රුසියාවේ පළමු පාලකයා වූ බේබදු ඇමෙරිකානු හිතවාදී බොරින් යෙල්ස්ටීන් වැන්නෙකු රුසියාවේ පාලනය හොඹවනවා දැකීම ඇමෙරිකාව ප්රමුඛ බටහිර ලෝකයේ කැමැත්තයි.නමුත් පුටීන් වැනි නායකයෙක් සිටින තාක් රුසියාවේ නැගී සිටීම වළක්වාලීම කල නොහැකිය.පසුගිය කාලය පුරාවටම ඇමෙරිකානු ගැති මාධ්‍ය "රුසියාව","පුටීන්" යන වචන මන්තරයක් සේ මතුරන තැනට පත්ව තිබේ.ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ විවාදවලදී පවා ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට වඩා රුසියාව යන වචනය කියවුණු වාර ගණන වැඩිය.එනම් පුටීන් යටතේ රුසියාව ඇමෙරිකානු ආධිපත්‍යයට අභියෝගයක් බවට පත්ව තිබේ.
මෙම වාර්තා වැඩසටහනේ නිර්මාතෘ වන්නේ ෆරීඩ් සකාරියා නම් නිවේදකයාය.එහි අන්තර්ගතය ඔහුගේම වචන වලින් විමසා බලමු.
"මගේ නවතම වාර්තා වැඩසටහනේදී රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් ලොව බලවත්ම මිනිසා ලෙස ගෙන විස්තර කරයි.නමුත් ඇයි ඒ? ඇමෙරිකාව,චීනය යනු රුසියාවට වඩා බලවත් රටවල්ය.
රාජ්‍යයක ප්‍රධානියාගේ බලය තීරණය කරන්නේ රටේ ශක්තිය සහ එම ශක්තිය අනෙකුත් පාර්ශ්ව්,දේශපාලන බලාධිකාරයට එරෙහිව ක්රියාවේ යෙදවීමට ඔහු හෝ ඇය සතු හැකියාව යන කරුණු දෙක මතයි.මෙම මිනුම් දෙකෙන්ම එකතුවෙන් පුටීන් ලැයිස්තුවේ ඉහලටම පැමිණ තිබේ.
අනෙකුත් ප්‍රබල රාජ්‍යය තුල දක්නට නොමැති සිරස් බලයක් පුටීන් විසින් නිර්මාණය කරගෙන තිබේ.රුසියානු චෙස් සූරයෙක් වන ගැරි කැස්පරොව්ට අනුව රුසියානු දේශපාලන බලය තනි මිනිසෙක් වටා නිර්මාණය වූවක් බවයි.සාර් පෙළපතේ රජු මියගිය ඔහුගේ අනුප්‍රාප්තිකයා වන පුත්‍රයා පාලනය භාරගත්තේය.සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා මියගිය පසු පක්ෂය තුලින්ම අනුප්රාප්ත්රිකයෙක් තෝරාපත් කරගැනේ.නමුත් පුටීන් මියගිය පසු...කුමක් සිදුවේද?කිසිවෙක් නොදනියි.
පුටීන්ව තේරුම් ගැනීමට නම් ඔබ මුලින්ම රුසියාව ගැන අවබෝධ කරගත යුතුය.පසුගිය සියවස් ගණනක කාලය තුල එරට රාජාණ්ඩු ක්‍රමය බිද වැටීම,මහා ආර්ථික අවපාතය,දෙවන ලෝක යුද්ධයෙන් රුසියානුවන් මිලියන ගණනක් මිය යෑම,ස්ටාලින්ගේ කෲර පාලනය,කොමියුනිස්ට්වාදයේ කඩා වැටීම,සෝවියට් දේශය විසුරුවා හැරීම සහ බොරිස් යෙල්ට්සින්ගේ අවුල් සහගත සහ දූෂිත පාලනය ආදියට මුහුණ දුන්නේය.
පුටීන්ගේ පැමිණීමෙන් පසු ස්ථාවරබව ඇතිවීම,ජීවන තත්ත්වය,ප්‍රසිද්ධිය,ලෝක ගෞරවය ඉහළ යෑම ආදිය සිදුවිය.
රුසියානුවන් තුල සිය ජාතිය ගැන විශාල අභිමානයක් තිබේ.රුසියාව ලොව තිබෙන විශාලතම රටයි.එය ජර්මනිය මෙන් 48 වාරයක් විශාලය.එරට වේලා කලාප 11කට අයත් වේ.
රුසියාව ඛනිජ තෙල්,ස්වාභාවික වායු,නිකල්,ඇලුමිනියම් ආදී ඛනිජ සම්පත්වලින් පොහොසත් රටකි.ජාතික ආදායමෙන් වැඩි කොටසක් උපයා ගන්නේ ස්වාභාවික වායු අපනයනයෙනි.සංස්කෘතික වශයෙන් රුසියාව තුන්වන රෝමය ලෙස ඔවුන් විසින් හඳුන්වා ගනියි.
පුටීන් රුසියාව පමණක් නොව ලෝකයද අවබෝධ කරගෙන සිටියි.ඇමෙරිකාව හෝ යුරෝපය සමග සෘජු ගැටුමකට යන්නට තරම් පුටීන් මෝඩයෙක් නොවේ.අසත්‍ය තොරතුරු සහ සයිබර් අවි යොදාගෙන බලය හසුරවන්නේ කෙසේදැයි ඔහු දනියි.
තවද නිදහස් සමාජවල දුර්වලතා,ඔවුන්ගේ අභ්‍යන්තර බෙදීම් සහ අසමගිය සහ ඔවුන්ගේ විවෘත වූ හිඩැස් ගැන ඔහුට අවබෝධයක් තිබේ.යුරෝපා සංගමය වැනි ඒකාබද්ධ වීම්වල තිබෙන බිදෙන සුළු බව සම්බන්ධව පුටීන්ට වැටහීමක් ඇත.
වෙනත් අයුරකින් කියන්නේ නම් විලැඩ්මීර් පුටීන් හට අපි ගැන ඉතා හොඳ වැටහීමක් තිබේ.අපි ඔහු ගැන දන්නා මුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුව සැබවින්ම අවබෝධ කරගෙන සිටියිද? "
Source:CNN
-HarshaLulzSec-

The Most Powerful Man In The World | CNN
Source:CNN
-HarshaLulzSec-