ලොව භයානකම මත්ද්‍රව්‍යයක් - සංවේදී පිරිස&#3530

Randysun1

Member
Oct 9, 2013
51
2
0
ලොව භයානකම මත්ද්‍රව්‍යයක් - සංවේදී පිරිස&#3530

අඩු වියදම් හෙරොයින් ආදේශකයක් වන Krokodil නමැති මත්ද්‍රව්‍යය ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වීදි වලින් සොයාගෙන ඇත.

මෙය මිට වසර 10 කට පෙර රුසියාවේ මෙම Krokodil ජනප්‍රියවී තිබේ. මෙය සැදීමට අබින්, ගැසලීන්, ටිනර්, ද්‍රව ඇසිඩ්, පොස්පරස් වැනි රසායනික ද්‍රව්‍ය යොදාගනු ලැබේ. මෙය හෙරොයින් මෙන් දසගුණයක් ලාභ බව වාර්තාවේ.

සිරුරට එන්නත් කරගන්නා එන්නතක් වන මෙහි ඇති භයානක තත්ත්වය නම් මෙය මගින් සිරුරේ ඇති මස් දියවීම සිදුවීමයි. පටන්ගැන්මේදී සිරුරේ පිටත චර්මය දියවී යන අතර දිගුකාලීන භාවිතයේදී රුධිර නාළ සහ පටක වලට සිදුවන හානි හේතුවෙන් සිරුරේ චර්මය සම්පූර්ණයෙන් ඉවත්ව ගොස් අස්ථි මතුවේ.

මෙහි ඇති ලාභදායී භාවය නිසා මේ වන විටත් ඇමෙරිකාවේ මත් ලෝලීන් විශාල ප්‍රමාණයක් බාවිතා කරයි. ඔවුන් බොහෝ පිරිසකට ඉතා වේදනා සහගත මරණයක් ඉදිරියේදී හිමිවනු ඇත.

මෙය මෙතෙක් ශ්‍රී ලංකාව තුල වාර්තාවී නොමැත. එහෙත් ලංකාව තුලද විවිධ භයානක මත්ද්‍රව්‍ය වර්ග විශාල ප්‍රමාණයක භාවිතා වේ. ලංකාවේ රාත්‍රී සමාජ ශාලා, වෙරළ සැණකෙළි වලට යාමට පුරුදුවී සිටින බොහෝ තරුණ පිරිස් විවිධ මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියි. ඒවායේ අහිතකර ප්‍රතිපල සම්බන්ධයෙන් ඔවුනට එතරම් අවබෝධයක් නොමැති අතර මරණ සිදුවූ අවස්ථාද වාර්තා විය.

මෙලෙස ලංකාවේ භාවිතා වන විවිද මත් ද්‍රව්‍ය මොනවාද , ඒවා ලැබෙන්නේ කෙසේද , ගෙන්වන්නේ කවුරුන්ද යන්න ඉදිරියේ හෙළිකිරීමට අප අපේක්ෂා කරයි. -


Source / more photos - http://www.lankagossipgirl.com/2013/10/Krokodil.html

c6e3hqdefault.jpg


2013091919.jpg