ලොව භයානකම මනුෂ්‍ය වර්ගයක් වන ‘තග්වරු’
‘‘මධ්‍යකාලීන යුගයේ ලොව විසූ භයානකම මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස ‘තග්වරු’ හැඳින්විය හැකිය. තග් (Thug) වරු මිනීමැරුවේ කාළි මෑණියන් සතුටු කරවන්නටය. තමන් මිනිසුන් නොමැරුවහොත් කාළි මෑණියන් විසින් පෘථිවිවාසීන් විනාශ කරන බව ඔවුහු විශ්වාස කළෝය. දකුණු ආසියාවට සහ ඉන්දියාවට සීමාවූ තග්වරු ඔවුන්ටම ආවේනික සංස්කෘතියක් ගොඩනගා ගත්හ. ඉන්දියානුවන් සහ එරටට පැමිණි සංචාරකයන් තග්වරුන්ගේ ගොදුරු බවට පත්විය. වසර සියයක කාලයක් තුළ මිනිසුන් විසිලක්ෂයක් තග්වරුන් විසින් මරාදමන ලදී. ඔවුන් ඒ සඳහා භාවිත කළේ නූල්වලින් වියන ලද ලේන්සුවකි. ලේන්සුව ගෙලට දමා තදකර මිනිසුන් මරා දැමුවේ කිසිදු හඬක් පිටවෙන්නට නොදීය.’’
ඉංග්‍රීසි ලේඛක මාර්ක් ට්වේන් (Mark Twain) ලියූ Following the Equator කෘතියෙහි තග්වරුන් පිළිබඳව අපට හඳුන්වා දෙන්නේ එසේය. මේ සාපරාධී දාමරික සමාජය පිළිබඳව මාර්ක් ට්වේන් පෙන්වා දෙන්නේ ඔවුන් ඉතා සූක්ෂ්මව මිනිස් ඝාතනයන් සිදුකළ බවය. හින්දි භාෂාවෙන් තගී (Thaggee) යනුවෙන් අදහස් කරන්නේ හොරාය. තගී යන්න කෙටි වී 1839 දී තග් (Thug) යන වචනය ඉංග්‍රීසි භාෂාවට එකතුවිය. මිනිසුන් මරාදැමීම සඳහා කිසිදු අවියක් භාවිත නොකළ තග්වරු ඒ සඳහා භාවිත කළ ලේන්සුව හැඳින්වූයේ රුමල් (Rumal) කියාය.
හමුදාවක සුළු නිලයකට සමාන තග් කල්ලි නායකයා හැඳින්වූයේ ‘පේමාදාර්’ යන නමිනි. මධ්‍යම ඉන්දියාවේ හින්දුස්තාන්වරු පගරි (Puggaree) නමින් හැඳින්වූවේද තග්වරුන්ගේ එකම අවිය හෙවත් ‘ලේන්සුවයි.’ මාර්ක් ට්වේන් පෙන්වාදෙන පරිදිම ‘තග්වරු’ සංචාරකයන් සහ සාමාන්‍ය මිනිසුන් අතර ගැවසුනේ ඔවුන් මෙන්ම වෙස්වලාගෙනය. එහෙයින් ඝාතකයන් කිසිවෙකු හෝ සොයාගන්නට නොහැකි විය. තවලම් කණ්ඩායම් සමග තවලමේ යන තග්වරුන් තවලම් නායකයන් මරා දැමුවේ ඔවුන් සූක්ෂ්ම ලෙස හුදෙකලා ස්ථානවලට රැගෙන යමිනි. ඝාතනය එකම රාජකාරිය විය. ඇතැම්විට ඝාතකයන් හඳුනා නොගත් තවලම් කණ්ඩායම් ඔවුන්ගේ මුළු කාලය පුරාම කෑමෙන්, බීමෙන්, ආහාර පානාදියෙන් තග්වරු නඩත්තු කළහ.
1740 සිට 1840 දක්වා කාලය තුළ අඩි 2 1/2 පමණ දිගු ලේන්සුවකින් තග්වරු මරා දැමූ මිනිසුන් සංඛ්‍යාව මිලියන 20 ඉක්මවන බව මාර්ක් ට්වේන්ගේ අදහසයි. මේ සාපරාධී ඝාතකයන්ගේ බලපෑම කොතෙක්ද යත් 1904 තග් දෙපාර්තමේන්තුවක් ඉන්දීය පොලිසිය යටතේද තිබිණි. මාර්ක් ට්වේන් අවසන් වශයෙන් කියා ඇත්තේ තග්වරුන් යනු මිනිස් වේශයෙන් සිටි ම්ලේච්ඡ තිරිසන් පිරිසක් බවය.
මාර්ක් ට්වේන් කියූ යුගය අවසන් වී දැන් සියවස් 2 1/2ක් පමණ ඉක්මගොස් තිබේ. එහෙත් කාළි මැණියන්ට පූජා පිණිස මිනිසුන් මරා දැමූ තග්වරුන් වෙනුවට දැන් සිටින්නේ රාජ්‍ය පාලකයන්ගේ අනුදැනුම මත ඔවුන්ගේ කැමැත්ත අනුව මිනීමරණ තග්වරුය. මේ ලේන්සු ඝාතකයන් ඕනෑම රටක සිටිය හැකිය. 88-89 රාජ්‍ය භීෂණ සමයේදී ‘කළු බළල්ලු’, ‘කහ බළල්ලු’, ‘ප්‍රා. කල්ලිය’ මේ රටේ කරන ලද විනාශය පිළිබඳව නැවත මතක්කළයුතු නැත. 60 දහසක් පමණ ටයර් සෑවල පුළුස්සනු ලැබුවේ මෙකී ඝාතන කල්ලි විසිනි. අබිරහස් ලෙස ඝාතනය කර වළ දැමූවන්ගේ අස්ථි කොටස් පවා තවමත් තැනින් තැන හමුවේ. මාතලේ රෝහල් භූමියෙන් 2012 නොවැම්බර් 27 වැනි දින මතුවූයේද කුරිරු අධම යුගයක නෂ්ඨාවශේෂයන්ය. මේ රටේ ජනතාව සාපලත් 17 අවුරුදු එ.ජා.ප. පාලනය අවසන් කළේ 1994 දීය.
ගැලවුම්කරුවා ලෙස රට බේරාගැනීමට විහාරමහාදේවිය පැමිණියා යැයි රටේ ජනතාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නම් කාන්තාව බෞතීස්ම කළෝය. ජනාධිපති ආරක්ෂක අංශය (PSD) යටතේ ම්ලේච්ඡයන් පිරිසක් නඩත්තු කළ බව හෙළිවූයේ මේ මෑතකදීය. 2000 වසරේ ජනවාරි 20 වැනි දින රූකාන්තගේ නිවසට කඩාවැදුණු කිසියම් පිරිසක් ඔහුගේ නිවසේ බඩුමුට්ටු පොළොවේ ගසා, කොණ්ඩ කපා, තර්ජනයකර සාපරාධී ලෙස හිරිහැර කළෝය. එදා පුවත්පත් පවා මෙකී පුවත වාර්තා කළේ මේ පැමිණි පිරිස නාදුනන කණ්ඩායමක් ලෙසය. එහෙත් මේ තග් බලඇණිය කාගේ කවුදැයි දැනගන්නට වසර 13ක් ගතවුණේය. අවසානයේ චන්ද්‍රිකාගේ මෙහෙයවීම මත සිදුකළ අපරාධයේ වන්දිය ගෙවන්නට සිදුවූයේ එවකට ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධව කටයුතු කළ නිලධාරීන්ටය.
රූකාන්තට හා චන්ද්‍රලේඛාට මෙලෙස කළේ 1994 ජනවාරි 03 වැනි දින වධ දීමෙන්, අමානුෂික ලෙස සැලකීමෙන්, දණ්ඩනයෙන් ආරක්ෂාවීමට ජනතාව සතු අයිතිය පිළිගන්නා ප්රඥප්තියට අත්සන් තැබූ වීර මාතාවගේ ආණ්ඩුව යටතේය.
2005 වසරේ බලයට පැමිණියේ රාජ්‍ය භීෂණ සමයේ ඝාතනවලට එරෙහිව ජිනීවා ගිය මහින්ද රාජපක්ෂය. එහෙත් නොබෝ කළකින්ම සුදු වෑන් සංස්කෘතිය පණ ගසා නැගිට්ටේය. අතුරුදන්වීම්, පැහැරගැනීම්, ඝාතනය කිරීම්, අත, පය කඩා බිඳදැමීම්, තර්ජනය කිරීම්, පහරදීම් පෙරටත් වඩා බලසම්පන්න විය. ඝාතකයන්, පහරදෙන්නන්, තර්ජනය කළ උන් සහ පැහැරගෙන ගිය උන් කවුරුදැයි කිසිවෙකු දන්නේ නැත. එහෙත් සිදුවූ සිදුවීම්වලින් ආණ්ඩුවේ ප්රබලයන්ගේ ආරක්ෂාව මත තග් (Thug) බලඇණියක් නඩත්තු කරන බව පැහැදිලි විය. ඝාතනය කිරීම්, පැහැරගෙනයෑම්, තර්ජනය කිරීම් සඳහා ලිපි හුවමාරු කරන්නේ නැත. එසේම මේ සියල්ලම ඉටු කරන්නේ කිසිදු සාක්ෂියක් ඉතිරි නොවෙන්නටය. කිසිදු කැමරාවකට හසු නොවන්නටය. එහෙත් එකම සිදුවීමකින් සියල්ල හෙළිදරව් විය.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීමට එරෙහිව පොදු විපක්ෂය විසින් සංවිධානය කෙරුණු උද්ඝෝෂණය පැවැතියේ 2013 ජනවාරි මස 10 වැනි දිනය. එදින ආණ්ඩුවේ තග් බලඇණියේ ලේන්සු ඝාතකයෝ විදී බැස්සෝය. උද්ඝෝෂකයන්ට එළව එළවා පහර දුන්නෝය. මේ පහරදීම සඳහා තග් බලඇණිය පැමිණියේ සුනන්ද ලියනපතිරණ නමැත්තා සමගය. සුනන්ද ලියන පතිරණ යනු කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීණී දේවිකා ලියන පතිරණගේ ස්වාමියාය. කොළඹ මෙහෙයුම් ආඥාපති මූලස්ථානයේ යුද හමුදා මේජර්වරුන් දෙදෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග ආවේෂණ රාජකාරි සඳහා යෙදවූ පිරිසක්ද මෙම පහරදීම සඳහා යොදවා තිබූ බව පහරදීමට අදාළ වීඩියෝ දර්ශනවලින් දැකගත හැකිය. මෙම සිදුවීමත් සමග ආණ්ඩුව විසින් නඩත්තු කරන මෙම තග් බලඇණිය පිළිබඳව ඇඟ සලිතකරවන තොරතුරු රැසකි.
ආණ්ඩුවේ මේ මැර හමුදාව නොහොත් ලේන්සු ඝාතකයෝ නඩත්තු කරන්නේ රටේ ඉහළම අමාත්‍යංශයක ලේකම්වරයෙකු විසිනි. 2006 වසරේ සිට මේ තග් බලඇණියේ මූලස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අසල මහවත්ත නමැති ස්ථානයේ ඇති තට්ටු ගොඩනැගිල්ලක් තුළය. රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට පහරදීම සඳහා පොලු හමුදාව සූදානම් කරන්නේ මෙම ගොඩනැගිල්ලේ සිටය. යුද හමුදාවෙන් ඉවත්ව ගිය පිරිසක් මෙම බලඇණියට ඇතුළත්ය. ඔවුන් මෙහෙයවන්නේ ඛනිජතෙල් සංස්ථාවේ මහ පුටුවක සිටින ජනරාල් සුසා නමැත්තෙකි. රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පිහිටුවා ඇති මේ තග් කල්ලියට ඉහළ නිලයක් දරන හමුදාවේ ලොක්කෙකුගේ සහාය ලැබේ. මේ ලොක්කා වන්නේ මේජර් රොෂාය. මේජර් රොෂා මේ කටයුතු සංවිධානය කරන්නේ නාරාහේන්පිට, මහවත්තේ පොලු හමුදා මූලස්ථානයේ සිටය.
කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල අධි ආරක්ෂිත කලාපය හෙවත් මෙහෙයුම් කලාප II හි අණදෙන ලොක්කා හමුදා නිලධාරීන් තග් රාජකාරී සඳහා යොදවා ගන්නේ ඔවුන්ට නිවාඩු ලබාදීමෙන් අනතුරුවය. නාගරික මන්ත්‍රී දේවී ගේ ඡන්ද ව්‍යාපාරයේදී පෝලිම් බූත් නියෝජනයට පවා හමුදා සෙබළු යෙදවූයේ මේජර් රොෂා ලියන පතිරණ සමග කරන තග් රාජකාරී කටයුතුවල හිතවත්කම් මතය. මේජර් රොෂා නාගරික මන්ත්‍රී ‘දේවී’ පිළිගැනීම සඳහා පුංචි බොරැල්ල බෝ ගහ ආසන්නයේ රුපියල් ලක්ෂ 03ක රතිඤ්ඤා සහ මල්වෙඩි පිපිරවූයේය. මේ රතිඤ්ඤා පිපිරවීම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේද කතාබහට ලක්වූ සිද්ධියකි. ඉහළ පෙලේ අමාත්‍යංශ ලොක්කාගේ ආරක්ෂාව පිට සිටින තග් බලඇණියේ සාමාජික ප්‍රමාණය තීරණය කරන්නේ රොෂාගේ මෙහෙයවීම මතය. රාජකාරියෙන් සෙබළු නිදහස් කරගැනීම, වෙස්ගැන්වීම, සිවිල් ඇඳුමින් සැරසීම සියල්ලම සිදුවන්නේ නාරාහේන්පිට ඇති නොනිල තට්ටු නිවාස තිප්පොළේදීය.
මෙකී තිප්පොළ මෙම හෙළිදරව්වෙන් පසුව තවත් ස්ථානයකට රැගෙන යනු ඇත. නාරාහේන්පිටින් වෙනත් තැනකට මාරුවුවද ආරක්ෂාවට වගකියන ලොක්කාගේ අනුදැනුම මත තවදුරටත් මේ තග් බලඇණිය නඩත්තු කරන බව පැහැදිලිය. මෙම තග් හමුදාවේ බිහිසුණු බව තේරුම් ගතයුත්තේ 2009 ජනවාරි 08 වැනි දින සිදුවූ ලසන්ත ඝාතනයෙන් පසුවය. එතැන් සිට 2013.08.24 වැනි දින Sunday Leader නියෝජ්‍ය කර්තෘ මන්දනා ඉස්මයිල් අබේවික්රමගේ නිවසට පහරදීම දක්වා වූ සියලුම සිදුවීම් මේ තග් හමුදාවේ වැඩය. සාක්ෂි ඉතිරි නොකරන මේ යුනිට් එකේ වැඩ මධ්‍යතන යුගයේ ලේන්සු ඝාතකයන්ගේ වැඩ හා සමානය. තෙල් සංස්ථාවේ ලොකු පුටුවක ඉන්න මේජර් ලොක්කා යුද හමුදාවෙන් පැන ගිය සෙබළු කණ්ඩායමක් නඩත්තු කරන්නේ රහසිගතවය. මන්දනාගේ නිවසට පහරදීමට ගියේ මේ පිරිසෙයින් එක කණ්ඩායමකි.
මතුපිටින් පෙනෙන භීෂණයක් නැතත් යටිතලයේ අති කුරිරු භීෂණයක් තිබේ. ආණ්ඩුවේ ලොක්කන්ට අවශ්‍ය පුද්ගලයන් ඉවත්කර දීමේ කාර්යය මේ තග් හමුදාව විසින් පිළිවෙළට කරන අයුරු ඉකුත් සමයේ සිදුවූ පුද්ගල පැහැරගැනීම්වලින් පැහැදිලි වේ. උද්ඝෝෂකයන් ලෙස පෙනී සිටිමින් උද්ඝෝෂණ සඳහා ඇතුළුවීමට මොවුහු කූට ලෙස උපක්රමශීලීව කටයුතු කරති. මැර වැඩවලටත්, කුඩු වැඩවලටත් ප්‍රසිද්ධ සිල්වලා දෙදෙනෙකුගේ කණ්ඩායමක්ද තග් හමුදාවේ කටයුතුවලට යොදා ගැනේ. සිරස රූපවාහිනී නාළිකාවට පහරදීමේ සිට ඉකුත් සමයේ සිදුවූ සෑම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයකටම තඩිබා, ඔළු පලා, අතපය කැඩීමට මේ මැර කල්ලිය යොදාගෙන ඇත.
2011 ඔක්තෝබර් 14 වැනි දින කොළඹ කොටුවේදී පැවැති උද්ඝෝෂණයේදී සරසවි සිසුන්ට පහර දුන්නේත් 2011 පෙබරවාරි 04 දා ‘නිදහසේ විලාපය’ නමින් එ.ජා.ප.ය විසින් සිදුකෙරුණු උද්ඝෝෂණයට පහර දුන්නේත් උද්ඝෝෂකයන් ලෙසට හැසිරුණු මේ තග් කල්ලියමය. සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයට සරසවි සිසුන් ලෙසත්, එ.ජා.ප. උද්ඝෝෂණයට එ.ජා.ප. පාක්ෂිකයන් ලෙසත් මේ බලඇණිය ඇතුළු වී තිබුණි. ඛනිජතෙල්හි ජනරාල් සුසාත් හමුදාව නියෝජනය කරන මේජර් රොෂාත් සහ නාරාහේන්පිට සුනන්දත් ඉහළ පෙලේ ආරක්ෂක ලොක්කා සමග කරන ලද සාකච්ඡුාවලින් පසුව ඝාතන, පැහැරගෙනයාම්, තර්ජනය කිරීම්, බියවැද්දීම් සිදුකරනු ලබයි. රටට රහසින් මේ බිහිසුනු තග් නඩය නඩත්තු කරන අතිගරු උතුමන්ලා සහ ලේකම්ලා ප්රජාතන්ත්රවාදය, මානව නිදහස, මාධ්‍ය නිදහස ගැන බෙරිහන් දෙමින් මල්වට්ටි දෝතට ගෙන පන්සල්, පල්ලි කෝවිල් යති.
මන්දනාගේ නිවසට පහරදීමට ගිය පිරිස යුද හමුදාවෙන් පැනගිය මංකොල්ල කණ්ඩායමක් බව පවසා ආණ්ඩුව ඒ පැල්ලම මකාගන්නට උත්සාහ කළේය. අගෝස්තු 20දා සේවයෙන් පහකළ හමුදා සෙබළා අගෝස්තු 24 වැනිදා මන්දනාගේ ගෙදරට ගියේ මංකොල්ල කන්නට නොවේ. පොලිස් වෙඩිපහරින් මියගිය මේ හමුදා සෙබළ සැකකරුවා මංකොල්ලකාරයෙකු යැයි ආණ්ඩුව කීවේය. සත්‍යය නම් එය නොවේ. මන්දනාගේ නිවසට කඩා වැදුනේ ඉතා සැලසුම් සහගත මෙහෙයවීමකිනි. වැඩේ ගැස්සුනේ පොලිසිය වෙඩි තැබූ නිසාය. තග් හමුදාවේ අවසන් වික්‍රමය එය විය. එයින් ඇතිවූ කැළල වසාගන්නට තවමත් ආණ්ඩුව හතරවරන් කෙළිමින් සිටී.
සුදු වෑන් සංස්කෘතිය ගොඩනැගුවේ මේ තග් හමුදාවේ තග් වැඩ සඳහාය. මේවා වසාගන්නට අල් ජසීරා රූපවාහිනියට ජනාධිපති කීවේ සුදු වෑන්වලින් ලංකාවේ කොල්ලන්, කෙල්ලන් හනිමූන් යන බවය. මේ හතරැස් බොරුවලට ලංකාවේ මිනිස්සු රැවටුණත් ලෝකයා රැවටිය නොහැකිය. මේ බොරු එළිවීමත් සමග ජාත්‍යන්තරයෙන් එන බලපෑම් වැඩි වී තිබේ.
මෙම රාජ්‍ය තග් කල්ලිය විසින් සිදුකර ඇති පහරදීම්, තර්ජනය කිරීම්, ඝාතනයන් මෙලෙස පෙළගස්වමු.
⋆ 2009 ජනවාරි 08 සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය.
⋆ 2009 ජනවාරි 09 සිරස මාධ්‍ය ආයතනයට පළමු පහරදීම.
⋆ 2009 ජුනි 01 පෝද්දල ජයන්තට පහරදීම.
⋆ 2011 ජනවාරි 24 ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම.
⋆ 2011 ජනවාරි 30 ලංකා ඊ-නිවුස් වෙබ් අඩවි කාර්යාලය ගිනිතැබීම.
⋆ 2011 පෙබරවාරි 04 ‘නිදහසේ විලාපය’ එ. ජා. ප. උද්ඝෝෂණයට පහරදීම.
⋆ 2011 මාර්තු 22 සිරස මාධ්‍ය ජාලයේ මූලස්ථානයට දෙවනවරට පහරදීම.
⋆ 2011 මාර්තු 22 සරත් ෆොන්සේකාට නිදහස ලබාදෙන ලෙස කරනලද උද්ඝෝෂණයට පහරදීම.
⋆ 2011 ජුනි 01 කටුනායක ප්‍රහාරය.
⋆ 2011 ඔක්තෝබර් 14 කොළඹ පැවැති සරසවි ශිෂ්‍ය උද්ඝෝෂණයට පහරදීම.
⋆ 2011 නොවැම්බර් 15 සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසට යාපනයේදී පහරදීම.
⋆ 2012 පෙබරවාරි හලාවත ධීවර උද්ඝෝෂණයට පහරදීම.
⋆ 2012 ඔක්තෝබර් 05 කොළොන්නාව නගර සභාවේ සභාපති පැහැරගැනීමට තැත් කිරීම.
⋆ 2012 ඔක්තෝබර් 07 අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නට පහරදීම.
⋆ 2012 දෙසැම්බර් 17 නීතිඥ ගුණරත්න වන්නිනායකට තර්ජනය කිරීම.
⋆ 2012 දෙසැම්බර් 20 නීතිඥ සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂගේ නිවසට පහරදීම.
⋆ 2013 ජනවාරි 01 නේචර් සීක්‍රට්ස් ප්‍රහාරය.
⋆ 2013 අගෝස්තු 01 රතුපස්වල ප්‍රහාරය.
⋆ 2013 ජනවාරි 10 අලූත්කඬේ උසාවිය අසල උද්ඝෝෂණයට පහරදීම.
⋆ 2013 අගෝස්තු 24 මන්දනාගේ නිවසට පහරදීම.
මෙම කිසිම ඝාතනයකට, පහරදීමකට, තර්ජනය කිරීමකට හෝ පැහැරගෙන යාමකට මෙතෙක් පැහැදිලි අයුරින් සිදුකෙරුණු නීතිමය කටයුත්තක් නැත. එය සිදුවන්නේද නැත. මේ අතිගරු විධායකලා සහ බලය වෙනුවෙන් මිනීමරණ ලේකම්ලා සිටින තුරු මේ රටට නීතිය, යුක්තිය, සාධාරණත්වය ලැබෙන්නේ නැත.
http://sinhala.theindependent.lk/news2/1661-2013-10-20-08-22-36