ලොව මාරාන්තික නියමුවන් රහිත ගුවන්යානා
ඔත්තුබැලීමේදී කාර්යයේදී ඩ්‍රෝන් යානාවලට දිගු ඉතිහාසයක් තිබේ.නමුත් මෑත කාලය වන විට ඒවා ප්‍රහාරක යානාවල කාර්යභාර්යද භාරගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ.ත්රස්තවාදීන්ට මෙන්ම සිවිල් වැසියන්ටද මෙම ප්‍රහාරක ඩ්‍රෝන් යානා මාරක අවි බවට පත්ව තිබේ.මේ ලිපිය ඔස්සේ ගෙන එන්නේ ලොව තිබෙන මාරාන්තිකම නියමුවන් රහිත ගුවන් යානා කිහිපයක් ගැනයි.
Northrop Grumman සමාගමේ නිෂ්පාදනයක් වන මෙම MQ-8B Fire Scout යානය සෘජුව ගුවන්ගත කිරීම සහ ගොඩබෑම(VTOL) කල හැකි එකකි.MQ-8B යානය යොදාගෙන බුද්ධි තොරතුරු ලබාගැනීම,ඔත්තු බැලීම,ඉලක්ක ප්‍රතිග්‍රහණය සහ පිරික්සුම් කිරීම මෙන්ම ගුවන් වෙඩි බලය සැපයීම,ලේසර් මගපෙන්වීම සහ සටන් කලමනාකරණය ආදිය උපායමාර්ගික හමුදා මෙහෙයුම්වලදී සැපයිය හැකිය.මෙම යානය ගුවන් යානා ගොඩ බැස්සවීමට ඉඩක් ඇති නෞකා හෝ ගොඩබිමින් ගුවන් ගත කර පාබල,ගුවන් සහ නාවික හමුදාවලට සහාය දීමට යෙදවිය හැකිය.යානා ඇෆ්ගනිස්ථානයේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු උපකරණ-IED (improvised explosive device) සොයා විනාශ කිරීමේ මෙහෙයුම් සඳහා යොදාගැනේ.MQ-8B යානයේ දෙපස Hellfire මිසයිල,Viper Strike වර්ගයේ ලේසර් නියාමක බෝම්බ සහ දියුණු නිරවද්‍යතාවයක් සහිත අවි පද්ධතියක්(APKWS),ලේසර් නියාමක රොකට්ටුවක්(folding-fin rocket) සවිකල හැකිය.එහි ගෙන යාහැකි බර ප්‍රමාණය කි,ග්රෑ.136කි.ගමන් කල හැකි දුර කි.මී.596 වේ,ඊට පැය 8ක පමණ කාලයක් ගුවනේ සිටිය හැක.
MQ-8C යනු Fire Scoutහි විශාලතම සහ දියුණුතම සංස්කරණයයි.මෙය තවමත් අත්හදා බලමින් තිබෙන අතර නිෂ්පාදනය කිරීම ඇරඹෙන්නේ 2016 මාර්තු මාසයේ බවයි සඳහන්වන්නේ.කුඩා ප්‍රමාණයේ MQ-8B ඩ්‍රෝන් යානය Schweizer 333 light turbine හෙලිකොප්ටරය මත පදනම්වද MQ-8C යානය බෙල් 407 සිවිල් හෙලිකොප්ටරය මත පදනම්වද නිර්මාණය කර තිබේ.
General Atomics Aeronautical Systems සමාගමේ නිෂ්පාදනයක් වන මෙය 2009 දී සිය ප්‍රථම ගුවන් ගමන සිදුකර තිබේ.දිගු කාලයක් පියාසර කිරීමට හැකිවීම,මධ්‍යම සහ ඉහළ උසක පියාසර කිරීමේ හැකියාව ආදිය නිසා මෙය සුවිශේෂී යානයකි.remotely-piloted aircraft (RPA) system පද්ධතිය නිසා ඊට පළල් ප්‍රදේශයක ඔත්තු බැලීමට හැකියාව ලැබී තිබේ.ජෙට් බලයෙන් පියාසර කරන මෙය සතුව Whitney PW545B turbofan එන්ජිමක් තිබේ.ඒ ඔස්සේ යානයට රාත්තල් 4800ක තෙරපුම් බලයක් ලබාදීමටද ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක්ද සැපයීමටද හැකිය.මෙම ඩ්‍රෝන් යානයට අඩි 50,000ක් ඉහල අහසේ පියාසර කිරීමත් පැයට කි.මී.740 උපරිම වේගයකින් ගමන් කිරීමටත් හැකිය.එහි ගෙන යා හැකි අවිවල බර කි.ග්රෑ.1588කි.යානයට පැය 18ක් ගුවනේ ගත කලහැකිය.Avenger යානයට Hellfire මිසයිල,GBU-12/49, GBU-31, GBU-32, GBU-38 JDAM, GBU-39 ,GBU-16/48 බෝම්බ රැගෙන යා හැකි අතර අනෙක් Predator යානාවලට වඩා වේගයෙන් මෙන්ම විශිෂ්ඨ අංගවලින්ද යුක්තය.
MQ-1C Gray Eagle යානය නිර්මාණය කරන්නෙද General Atomics Aeronautical Systems සමාගම විසින්ය.එය සතු ඉහල ඉන්ධන ධාරිතාවයක් සහිත එන්ජිම නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ ගොස් තිබේ.දිගු දුර මෙහෙයුම් සඳහා හොඳම ඩ්‍රෝන් යානය ලෙස සැලකිය හැකි මෙය පැය 30 පමණ කාලයක් ගුවනේ සැරසරයි.Gray Eagle යානයට ස්වයංක්‍රීයව ගුවන් ගතවීම සහ ගොඩබෑම කලහැකි අතර එහි උපරිම වේගය පැයට කි.මී.280කි.ගමන් කල හැකි උපරිම උස අඩි 29,000කි.යානයට AGM-114 Hellfire මිසයිල 4 හෝ AIM-92 Stinger මිසයිල 8ක් හෝ GBU-44/B Viper Strike බෝම්බ 4ක් ගෙනයාහැකිය.
MQ-9 Reaper යානය General Atomics Aeronautical Systems විසින් නිපදවූවකි.ඝාතන මෙහෙයුම් සහ බුද්ධි තොරතුරු එකතු කිරීම සඳහා මෙය භාවිතා කෙරේ.අවිවල තිබෙන සුවිශේෂීතාවය,බහුවිධි මෙහෙයුම්,මධ්‍යම ප්‍රමාණයේ උසක මෙහෙයුම් සිදුකිරීම,සමායෝජනයේ හැකියාව අතින් එය විශිෂ්ඨ යානයකි.පාබල මෙහෙයුම්වලදී සහාය ලබාදීමටද මෙම ඩ්‍රෝන් යානය යොදාගැනේ.අවරපෙති වල බලයෙන් පියාසර කරන මෙයට පැයට කි.මි.482ක උපරිම වේගයක් තිබේ.ඊට කි.මී.1852 දුරක් ආවරණය කල හැකිය.සම්පුර්ණයෙන්ම සන්නද්ධ වූ පසු යානයට පැය 14ක් අහසේ සිටිය හැකිය.ගෙන යා හැකි අවිවල බර කි.ග්රෑ,1700ක් වේ.බහුවර්ණාවලි ඉලක්ක කිරීමේ පද්ධතියක්,රේඩාර් එය සතුය.ගෙන යාහැකි අවි වන්නේ AGM-114 Hellfire මිසයිල(4),ලේසර් මගපෙන්වීම සහිත GBU-12 Paveway II බෝම්බ(2) ආදියයි.
මධ්‍යම උසක සිට දිගු වේලාවක් මෙහෙයුම් කල හැකි මෙම චීන ඩ්‍රෝන් යානය Chengdu Aircraft Industry Group සමාගමේ නිෂ්පාදනයකි.ඔත්තු බැලීම සහ ප්‍රහාර එල්ල කිරීමට මෙය යොදාගැනේ.turboprop එන්ජිමකින් බලය ලබාගන්නා එහි චන්ද්‍රිකා සන්නිවේදන සහ primary optical system පද්ධති ඉදිරිපස පිහිටා තිබේ.යානයේ උපරිම වේගය පැයට කි.මී.280කි.ගමන් කල හැකි දුර කි.මී.4000කි.ඊට පැය 20 ගුවනේ සිටිය හැකිය.යානයේ BA-7 මිසයිල,Z-212 ලේසර් මගපෙන්වීමක් සහිත බෝම්බ ,YZ-102A බෝම්බ සහ LS-6 බෝම්බ ගෙන යා හැකිය.
Source:Army-technology.com
-HarshaLulzSec-

MQ-8B Fire Scout

MQ-8C

Avenger (Predator C)

MQ-1C Gray Eagle

MQ-9 Reaper (Predator B)

CAIG Wing Loong
CAIG Wing Loong
මධ්‍යම උසක සිට දිගු වේලාවක් මෙහෙයුම් කල හැකි මෙම චීන ඩ්‍රෝන් යානය Chengdu Aircraft Industry Group සමාගමේ නිෂ්පාදනයකි.ඔත්තු බැලීම සහ ප්‍රහාර එල්ල කිරීමට මෙය යොදාගැනේ.turboprop එන්ජිමකින් බලය ලබාගන්නා එහි චන්ද්‍රිකා සන්නිවේදන සහ primary optical system පද්ධති ඉදිරිපස පිහිටා තිබේ.යානයේ උපරිම වේගය පැයට කි.මී.280කි.ගමන් කල හැකි දුර කි.මී.4000කි.ඊට පැය 20 ගුවනේ සිටිය හැකිය.යානයේ BA-7 මිසයිල,Z-212 ලේසර් මගපෙන්වීමක් සහිත බෝම්බ ,YZ-102A බෝම්බ සහ LS-6 බෝම්බ ගෙන යා හැකිය.
Source:Army-technology.com
-HarshaLulzSec-
හැබැයි ප්‍රහාරක හැකියාවක් නම් නෑ.