ලොව ලොකුම හදවත පිරික්සයි

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලොව ලොකුම හදවත පිරික්සයි


    hqdefault.jpg


    ලොව විශාලතම සත්ත්වයා ලෙස හැඳින්වෙන නිල් තල්මසාගේ හදවත මෝටර් රථයක් තරම් විශාලයැයි බොහෝ දෙනකු සිතූහ. ඇතැම් පර්යේෂකයන් කියා සිටියේ නිල් තල්මසාගේ මහා ධමනියේ මිනිසකුට පිහිනා යා හැකි බවයි. කෙසේ වෙතත් නිල් තල්මසාගේ හදවත ගැන කොතෙක් කතා කියවුණ ද ඒ ගැන විස්තරාත්මකව අධ්‍යයනයට පළමු වරට අවස්ථාව උදාවී ඇත.
    නිල් තල්මස් හදවත ගැන පර්යේෂණයක් සිදුකළ ඔන්ටරෝහි රාජකීය කෞතුකාගාරයේ සත්ත්ව විද්‍යාඥ ජැකලින් මිලර් පවසන්නේ නිල් තල්මසාගේ හදවතේ බර කිලෝ ග්‍රෑම් 180ක් බර බවයි.
    එහි උස අඩි පහකි. පළල එක් පැත්තකට අඩි හතරක් හා අනෙක් පැත්තට අඩි හතරකි. හදවත එක් ස්ඵන්දනයක දී රුධිරය ලීටර 220ක් පොම්ප කරයි.
    හොඳින් වැඩුණු නිල් තල්මසකු අඩි 100ක් හෙවත් මීටර 30.5ක් පමණ දිගැතිය. ලෝකයේ දුර්ලභ සත්ත්වයකු ලෙස හැඳින්වෙන නිල් තල්මසුන්ගේ හෘදයේ ව්‍යුහය සම්බන්ධ අධ්‍යයනය මෙතෙක් අපහසු වූයේ ඔවුන්ගේ දුබල බව හේතුවෙනි.
    ජැකලින් මිලර් විසින් පිරික්සන ලද්දේ කැනඩාවේ නිව්ෆවුන්ලන්ඩ් වෙරළට ගොඩගසා තිබූ තල්මස් සිරුරකි. එය ව්‍යුහ විද්‍යාත්මකව පිරික්සූ මිලර් පවසා ඇත්තේ හෘදයේ මහා ධමනියේ සිට පහළ කුටීරය දක්වා දිග අඩි පහක් බවයි. නිල් තල්මසකුගේ සිරුරේ රුධිරය ගැලුම් 58ක් පමණ සංසරණය වන බව පර්යේෂකයන්ගේ මතයයි.
    ලෝකයේ දැනට නිල් තල්මසුන් 5000ක් පමණ සිටින බව ගණනය කැර ඇත. මිනිසුන් විසින් දඩයම් කිරීම මේ සතුන් වඳවීයාමට විශාල හේතුවකි. කැනඩාව මුහුදු තීරයේ වර්ෂ 1868 සිට 1951 දක්වා කාලයේ දී නිල් තල්මසුන් 1500ට වැඩි පිරිසක් මරා දමා ඇතැයි වාර් තා වේ.


    See-the-world-2.jpg


    See-the-world-1.jpg

    උපුටා ගැනීම
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    වටින පෝස්ට් එකක් මචන්.රෙප් 8+ :yes::yes:

    අර අතන මචන්, ඔවුන්ගේ දුබල, බව නෙමෙයි, දුලබ බව වෙන්න ඕනා.ඒක හදපන්. :sorry::sorry:


    බම්ප් කරන්න මචන් :(:(

    :rolleyes: එල මචන්ලා රේප් බැක් කෝලා :rolleyes: