ලොව වටිනාම කෙෘතුකාගාරයේ රහසිගත ඡායාරූප

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ලොව වටිනාම කෙෘතුකාගාරයේ රහසිගත ඡායාරූප

    කෙෘතුකාගාරයක් යන නම ඇසුන සැණින් අපට සිහිවන්නේ ඓතිහාසික වටිනාකමකින් යුත් භාණ්ඩ එක්රැස් කර ඇති ගෞරවනීය ස්ථානයක්.
    නමුත් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ පිහිටා ඇති ජාතික ස්භාවික විද්‍යා කෙෘතුකාගාරය (The National Museum of Natural History) යනු හුදෙක් ඉපැරණි භාණ්ඩ එක් රැස් කර ඇති ස්ථානයක් පමණක්ම නොවේ.

    එය පෘතුවියේ සතර කොනේ සැම ස්ථානයකින්ම හමුවන සතුන් වර්ග ශාක වර්ග ෆොසිල වර්ග ඛණිජ වර්ග පාෂාණ වර්ග මානව නෂ්ඨාවශේෂ සහ සංස්කෘතික භාණ්ඩ මිලියන 126ක එකතුවකින් සමන්විත වන මහේශාක්‍ය කෙෘතුකාගාරයකි.

    වොෂින්ටන් ස්භාවික විද්‍යා කෙෘතුකාගාරයක ලොව පුරා ඇති ස්භාවික විද්‍යා කෙෘතුකාගාරය ලෙස අවිවාදයෙන් පිළිගැනේ.

    1910 වර්ෂයේ ආරම්භ කර ඇති මෙම කෙෘතුකාගාරය ඕනෑම අයෙකුට නොමිලයේම නැරඹිය හැකිය. එය වසරේ දින 365න් දින 364ක්ම විවෘත පවතින අතර වසා දැමෙන්නේව නත්තල් දිනට පමණි.

    වෘත්තීය ස්භාවික ඉතිහාස පරික්ෂකයින් 185 කගේ පමණ සේවය ලබන මෙහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය 1000කට අධිකයි.

    ලොව පුරා විසිරි සිටින ස්භාවික සංස්කෘතික සහ ඉතිහාසය පිළිබඳ කැප වී සිටින පරික්ෂකයින් විශාල පිරිසකගේ දායකත්වයද මෙම කෙෘතුකාගාරයට ලැබී තිබෙනවා.

    මෙම කෙෘතුකාගාරයේ ඇති වටිනා කෙෘතුක වස්තුන් එකතුවෙන් සීමිත ප්‍රතිශතයක් සම්ප්‍රදායික කෙෘතුකාගාරයක දක්නට ලැබෙන ආකාරයට මහජනයාට ප්‍රදර්ශණය කර ඇත.

    නමුත් එයින් වැඩි ප්‍රතිශතයක් ඇත්තේ මනා ලෙස ලේබල් ගත කරන ලද රහසිගත සේප්පු වල අසුරායි.

    වාර්තා වෙන ආකාරයට මෙම සේප්පු කෘමින් මිළියන 30කට, ශාක වර්ග මිලියන 4.5කට, මුහුදු ජීවින් මිලියන 7කට, සහ සංරක්ෂණය කර ඇති දුර්ලභ ඡායාරූප ලක්ෂ 4කට අධික ප්‍රමාණයකට නිවෙස්න වී ඇත.


    2.jpg


    4-3.jpg


    6-2.jpg


    8.jpg


    9-2.jpg


    10.jpg


    11.jpg


    12.jpg


    13.jpg


    14-1.jpg