~~~~ලොව විශ්මිත මාර්ග ~~~~

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ~~~~ලොව විශ්මිත මාර්ග ~~~~

    ලොව විශ්මිත මාර්ග​


    ප්‍රංශයේ කොල්ඩි ටුරිනි මාර්ගය.
    මුහුදු මට්ටමේ සිට සැතපුමක් පමණ ඉහළින් පිහිටා ඇත. මෙහි සැතපුම් විස්සක් මොන්ටෙකාලෝ රැළි සදහා යොදාගනී.
    ප්‍රංශයේ දකුණු දිශාවේ ඇල්ප්ස් කදු වැටියේ පිහිටා ඇති මාර්ගයකි. මීටර 1607 ක් ඉහළට දිවයයි. අධික බෑවුම් සහිත ගල් බිත්ති මෙම මාර්ගයේ පිහිටා තිබේ.

    1-23.jpg



    අධික බෑවුම් සහිත ගල් බිත්ති පිහිටා ඇති ආකාරය







    2-1.jpg


    ඇල්ප්ස් කදුවැටියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ස්ටෙල්වියෝ දුර්ග මාර්ගය. ඉතා දුෂ්කර වංගු 48 කි. මීටර 2757 උසින් මෙම මාර්ගය ගමන් කරයි.




    2-2.jpg


    ස්ටෙල්වියෝ දුර්ග මාර්ගයේ තවත් දර්ශනයක්



    311.jpg


    ලේහ් මනාලී අධිවේගී මාර්ගය ඉන්දියාවේ පිහිටා තිබේ. සතපුම් 297 දිගැතිය. හිමාල කදුවැටියේ පිහිටා ඇති මෙය ලොව වැඩිම උසකින් පිහිටි අධිවේගී මාර්ගය ද වෙයි. හිම පතනය හා නායයාම් හේතුවෙන් මෙහි ගමන අති දුෂ්කරය. ලොව ඇති දුෂ්කරතම හා අභියෝගාත්මක මාර්ගය ලෙස ද සැළකේ.

    66.jpg


    මරණයේ මාවත ලෙස හදුන්වන මෙය බොලීවියාවේ පිහිටා ඇත. භයානකත්වය නිසාම ඒ නම ලැබී ඇති මෙහි සැතපුම් 43 ක් කොරොයිකෝ හරහාත් සැතපුම් 35 ක් බොලීවියාව හරහාත් වැටී ඇත. ඇමරිකා සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාරයෙන් 1995 දී ඉදිකරණ ලදී. එක් මංතීරුවකට පමණක් ප%මාණවත් පළලක් සහිත මෙය ලොව භයානකම මාර්ගයයි. මිහිදුම හා වැස්ස හේතුවෙන් නොපෙනී යන මේ මාර්ගයේ ගමන් කරන්නන්ගෙන් 200 හෝ 300 පමණ පිරිසක් වසරකට මියයති.

    7-1.jpg


    රුසියාවේ ලෙනා අධිවේගී මාර්ගය ලෙස හදුන්වයි. සෝවියට් සමූහාණ්ඩුවේ සයිබීරියාව හා මොස්කව් අතර මේ මාර්ගය සාදන ලදී. කලක් මඩෙන් වැසී පවතින්නේ මේ ආකාරයෙනි.

    7-2.jpg




    ලෙනා අධිවේගී මාර්ගයේ උෂ්ණත්වය ජනවාරි මාසයේදී සෘණ 45 දක්වා පහළ බසී. එවිට එය හිමෙන් වැසී යන්නේ මේ ආකාරයෙනි.

    91.jpg




    රුසියාව හා ජෝර්ජියාව අතර පිහිටා තිබේ. හිමෙන් වැසී යන කාලයේදී මේ මාර්ගය මුළුමනින්ම නොපෙනී යයි. රුසියාවේ යුද කටයුතු සදහා භාවිතා කරන මාර්ගයකි.

    9-1.jpg




    රුසියා ජෝර්ජියා යුද මාර්ගය ඈත සිට බලන විට දිස්වන්නේ මේ ආකාරයෙනි.

    10-1.jpg




    චීනයේ ගෝ ලියෑං උමං මාර්ගය. ටයිහෑන් කන්ද හරහා මෙම මාර්ගය සාදා තිබේ. 1977 මැයි මස විවෘත කරන ලද මෙහි මීටර 1200 දිගැති උමං මනේම මීට පහක් දිගැති උමං ද පිහිටා තිබේ. උමං මාර්ගයේ පළල මීටර හතරකි. මෙය ඉතාමත්ම භයානක සහ දුෂ්කරත මාර්ගයකි.

    10-2.jpg




    ගල් පර්වතය විද ඇති ආකාරය

    10-3.jpg




    උමං මාර්ගයේ දර්ශනයක්

    11-1.jpg




    තායිවානයේ තරකෝ මාර්ගය. පාෂාණ කපා ඉවත්කොට සාදන ලද මේ දුෂ්කර මාර්ගයෙන් තරකෝ ජාතික උද්‍යානයට ප්‍රවිශ්ඨ වීමට අවස්ථාව ලබාදී තිබේ.

    11-2.jpg


    තරකෝ මාර්ගයේ උමං දිස්වන්නේ මේ ආකාරයෙනි.

    12-11.jpg




    උතුරු ඉතාලියේ පිහිටි පැසුබියෝ මාර්ගය. යතුරුපැදි සහ සුවිශේෂී වාහන සදහා පමණක් සුදුසු මාර්ගයකි. ඉතාමත්ම පටු ස්ථාන සහ ලිස්සායන සුළු වංගු හේතුවෙන් මෙහි ගමන අති දුෂ්කරය. ත්‍රාසජනක ක්‍රීඩාවන්හි යෙදෙන්නන් අතර ප්‍රචලිතය.

    12-21.jpg




    එහි බිම්ගෙයක් සහිත ස්ථානයක්.

    13-1.jpg




    පිලිපීනයේ හැල්සෙමා අධිවේගී මාර්ගය. සැතපුම් 150 දිගැතිය. ගල් සහ මඩ සහිත මාර්ගයක් වුවද මගී ප්‍රවාහන බස් පවා ගමන් කරයි.

    13-3.jpg




    හැල්සෙමා අධිවේගී මාර්ගය

    14-1.jpg




    නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ.

    14-2.jpg




    ජල මූලාශ්‍ර ඔස්සේ මාර්ගය වැටී ඇති ආකාරය.

    15-1.jpg




    ඇන්ඩෘස් කදුවැටිය හරහා දිවෙන මාර්ගයයි. ලොස් කැරකොල්ස් ලෙස හැදින්වේ. චිලී රාජ්‍යය සහ ආජන්ටිනාව අතර පිහිටා ඇත. වසරේ වැඩි කාලයක් හිමෙන් වැසී ඇත. භාණ්ඩ ප්‍රවාහන ලොරි, තට්ටු දෙකෙහි බස් සහ මගී ප්‍රවාහන බස් රථ නිතර නිතර ගමන් කරයි.

    15-2.jpg




    හිම පතනය ආරම්භ වූ දිනවලදී ලොස් කැරකොල්ස් මාර්ගයේ තත්ත්වය.

    16-1.jpg


    ජපානයේ ඉරෝහා මාර්ගය සර්පයකු ආකාරනේ ඉදිකැර ඇති බැවින් එය සර්පාකාර මාර්ගයක් ලෙස හැදින්වේ.

    17-12.jpg




    නැම්බියාවේ පිහිටි මෙම දුර්ග මාර්ගය වැන් සිල්ස් ලෙස හැදින්වේ.

    17-2.jpg




    වැන් සිල්ස් දුර්ග මාර්ගයක් ලෙස හැදින්වුව ද එය සත්‍ය මාර්ගයක් නොවේ.

    18-1.jpg




    එල් එස්පිනාසෝ දෙල් ඩියාබ්බෝ දුර්ග මාර්ගය මැක්සෝවේ පිහිටා තිබෙ.

    18-3.jpg




    එල් ඒස්පිනාසෝ දෙල් ඩියාබ්ලෝර්මාවත, මැක්සිකෝව

    19-1.jpg




    ලිස්බොට්න් පාර නෝර්වේ

    සේනානායක 201
    1-13.jpg


    උපුටා ගැනීම ලංකාදීප පුවත් පත
    2012 අපේ‍්‍රල් මස 23 :cool:

     
    Last edited: