ලොව_දිගම_දුම්රිය උමඟ විවෘත වේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    ලොව_දිගම_දුම්රිය උමඟ විවෘත වේ

    _89850052_89850051.jpg

    ඇල්ප්ස් කඳු වැටිය යටින් දිවෙන ලොව දිගින් වැඩිම එමෙන්ම ගැඹුරින්ම පිහිටි දුම්රිය උමං මාර්ගය අද බදාදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිත ස්විට්සර්ලන්ත බලධාරීහු පවසති.

    'ගොට්හාර්ඩ්' දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට ගත වූ කාලය වසර විස්සකට ආසනයි.
    ඉංජිනේරු විද්‍යාවේ ඓශ්චර්යයක් ලෙස හැඳින්වෙන දිගින් සැතපුම් තිස් පහක් වන ද්විත්ව උමං මාර්ගය උතුරු සහ දකුණු යුරෝපය අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇති බවට ස්විට්සර්ලන්තය බලාපොරොත්තු පළ කරයි.

    වාර්ෂිකව දස ලක්ෂ සංඛ්‍යාත ලොරි රථ හරහා ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ ගොට්හාර්ඩ් උමං මාර්ගය ඔස්සේ දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙනු ඇත.

    ගොට්හාර්ඩ් දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය කොට ඇති මුදල ඩොලර් බිලියන දොළහකට අධිකයි.


    _89843601_worlds_longest_tunnels_624gr.png


     
    • Like
    Reactions: s.a.s