ලොව_පළමු_අකුණු_සන්නායකය_ශ්‍රී_ලංකාවෙන්

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
වැහි වලාකුළක් කියන්නේ කැපෑසිටර්ස් වගේ. ඒ වලාකුළු වල උඩ හරිය (+) විදිහටත්, යට පැත්ත (-) විදිහටත් ආරෝපනය වෙලා තියෙන්නේ. පොළව ආරෝපනය වෙලා තියෙන්නේ + විදිහට. ඒ නිසා යට පැත්තේ තියන (-) ආරෝපන පොළව එක්ක එකතු වෙලා උදාසීන වෙනවා. ඒ වගේම එක වලාකුළක යට පැත්තේ තියන (-) ආරෝපන තවත් වලාකුළක (+) ආරෝපනත් එක්ක එකතු වෙලාත් උදාසීන වේවා. ඒ වගේම අයනීකරණය වෙලා තියන වාතය සමඟත් උදාසීන වෙන්න පුළුවන්. ඒ නිසා වලාකුළු වලාකුළු අතරත්, වලාකුළු හා පොළව අතරත්, වලාකුළු හා වාතය අතරත් අකුණු ඇති වෙන්න පුළුවන්.. මේ වගේ.

පොළවට සම්බඳ වෙලා තියන වස්තු වල අග තුඩක් වගේ තියනවා නම් ඒ වගේ තැන් වල පොළවේ තියන + අයන වැඩියි. අකුණු සන්නායකයකටත් කූරක් හයි කරන්නේ ඒකයි. සමහර ගස් වලට අකුණු ගහනවා වැඩියි. පොල් ගස් වගේ අග උල් වෙච්ච කොළ තියන ගස් වලටත් අකුණු වැදීමේ සම්භාවිතාව වැඩියි. මොකද වලාකුළේ යට පැත්තේ තියන (-) ආරෝපන බලන්නේ කාට හෙණ ගැහුවත් කමක් නෑ ඒ ටික උදාසීන කරගන්නයි (හරිම ආත්මාර්ථකාමියි)


lightningA.gif
lightningB.gif

අකුණු සන්නායකයක් නැති විට. . . . අකුණු සන්නායකයක් ඇති විට

තදින් අතුල්ලපු වස්තුවකට කොළ කෑලි ඇදලා ගන්නවා වගේ, TV එක ඕෆ් කරලා අත ලන් කලාම අතේ මවිල් කෙලින් වෙනවා වගේ අධික විභවයක් තියන නිසා වලාකුළක් අවට වාතයත් අයණීකරනය වෙලා තියෙන්නේ. ඒ නිසා අයනීකරණය වුන වාතය හරහා වලාකුළේ සිට පොළවට අධික ධාරාවක් ගලාගන එනවා. වාතය පුරා එක හා සමානව අයනීකරනය වෙන්නේ නැති නිසා සරල රේඛීය නෑ මෙම මාර්ගය. අධික ධාරාවක් වාතය හරහා ගලද්දී ඒ අවට වාතය ක්ෂණිකව උණුසුම් වීමෙන් නිසයි එතකොට ගොරවන සද්දේ ඇහෙන්නේ

අකුණු සන්නායකයකින් කරන්නේ අකුණක් විසි කරන එකවත්, අකුණක් ඇදලා ගන්න එකවත් නෙවෙයි වලාකුළක තියන ආරෝපන භූගත කිරීමට ප්‍රතිරෝධය අඩු මාධ්‍යයක් සකසා දෙන එකයි. ඒ දාන සන්නායකය හොඳ එකක් වුනේ නැත්නම් අධික ධාරාව නිසා රත් වෙලා හානි වෙන්න පුළුවන්.

අකුණු ගහනවා වැඩියි කියලා සමහරු ගෙවල් වලට Earth වයර් දෙකක් දානවා ට්‍රිප් එක ලඟින් එකයි කුස්සිය පැත්තෙන් එකයි....ඒකෙන් වාසියක් වෙන්නේ නෑ....මොකද ඒකෙන් තවත් පරිපථයක් සම්පූර්ණ වෙන එකයි වෙන්නේ...හරියට අකුණු ගහන වෙලාවක අපි ඇවිදිනකොට අකුණ වදින තැන ඉඳන් යම් දුරක් යනකන් පොළවේ තියන වෝල්ටේජ් එක වෙනස් නිසා (step voltage) කකුල් දෙක අතර දුරේ වෙනස නිසා එතනත් පරිපථයක් සම්පූර්ණ වෙලා අපිට කරන්ට් එක වදිනවා වගේ...

අපි වාහනයක ඉද්දී ඒකට අකුණක් වැදුනට අපිට මොකුත් නොවෙන්නේ වාහනයේ රබර් ටයර් නිසා නෙවෙයි, සංවෘත වස්තුවක් Faraday cage එකක් විදිහට ක්‍රියාකරන නිසා. මේ පින්තූරය බලපුවහම තේරෙයි ෆැරඩේ කේජ් එක ගැන. සංවෘත වස්තුවක් තුල විද්‍යුත් විභවය බින්දුවයි. ඒ නිසා කොච්චර පව් කාරයෙක් වුනත් මේ වගේ එකක් ඇතුලේ හිටියට හෙණ ගහන්නේ නෑ...