ලොව_සිටින_වඩාත්ම_විරල_ඝනයේ_බිළාල_වංශිකයන&#3530

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ලොව_සිටින_වඩාත්ම_විරල_ඝනයේ_බිළාල_වංශිකයන&#3530

    ලොව සිටින වඩාත්ම විරල ඝනයේ බිළාල වංශිකයන් - LIGER



    තවමත් සති හතක් වැනිවූ ඉතා ළා බාල වයසක පසුවන ඉතාම සුරතල් පෙනුමින් යුතු මෙම හුරුබුහුටි බිළාල වංශිකයන් සිව්දෙනා, තමන්ගේ උපත ලෝකයට කෙතරම් සුවිශේෂී වූවක්ද කියාත්, තමන් ලෝකයට කෙතරම් වැදගත් වන බවත් නොදන්නවා විය හැක. ‘ලයිගර්’ යනුවෙන් හැඳින්වෙන මෙම පැටවුන් සිව්දෙනා දැනට ලොව සිටින වඩාත්ම විරල ඝනයේ බිළාල වංශිකයන් සිව්දෙනා වන්නේ ඔවුන් සුදු පැහැති කොටි මවකට හා සුදු පැහැති සිංහ පියෙකුට දාව මෙලොවට බිහිවූ ප්‍රථම සුදු පැහැති ලයිගර් පැටවුන් සිව්දෙනා වන නිසාය.


    images
    tumblr_lk0iu2y3mW1qjq812o1_500.jpg


    දැනට සුදු පැහැති නොහොත් ඇලි සිංහයන් ලොවටම සිටින්නේ තුන්සිය දෙනෙකු පමණක් වන අතර සුදු කොටියන් එක්දහස් දෙසීයක් සිටින බව කියැවේ. මේ නිසාම මෙම පැටවුන්ගේ පියා වන අයිවරි හා මව වන සරස්වතීද ඒ ගොන්නට අයත් සුවිශේෂී අනන්‍යතාවයකින් යුතු විරල සාමාජිකයන් දෙදෙනකු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    Laiger2.jpg

    කොටියන් හා සිංහයන් අතර සහවාසයෙන් උපදින දෙමුහුන් විශේෂයක් වන ලයිගර් (Lion හා Tiger යන වචන දෙකින් එකතුවෙන් සැදුම් ලත්) සතුන් දැනට ලොවටම සිටිනුයේ දහසක් වැනි සීමිත සංඛ්‍යාවක් වන අතර ඒ කිසිවෙකුත් අතරින් ඇලියන් හමුවී නැත. එම නිසා දකුණු කැරොලිනාවේ මර්ට්ල් බිච් සෆාරි උද්‍යානයේදී උපත ලැබූ මෙම සුදු පැහැ ලයිගර් පැටවුන් සිව්දෙනා ලෝක වාර්තාවකට හිමිකම් කියන්නෝය.


    babywhitetigerchestatee.jpg
    images
    white-tiger-cubs-germany-zoo.jpg

    ‘යෙටී’, ‘ඕඩ්ලින්’, සැම්ප්සන්’ හා ‘ඇ‍පොලෝ’ යන මේ සුරතලුන් සිව්දෙනා දැනට රාත්තල් පහළොවක බරකට හිමිකම් කියුවද නොබෝ කලකින්ම හොඳින් වැඩුණු වැඩිහිටියන් බවට පත්වූ කල ලොව සිටින දැවැන්තම ‘ලයිගර්’ කල්ලිය වීමේ වැඩි නැඹුරුතාවක් පවතින බව සෆාරි උද්‍යානයේ නිර්මාතෘවරයා මෙන්ම අධ්‍යක්ෂවරයාද වන ආචාර්ය භගවන් ඇන්ට්ල්ගේ විශ්වාසයයි.



    article-0-0809F22E000005DC-186_634x340.jpg
    article-1327391-0BF21829000005DC-93_634x178.jpg


    උද්‍යානයේ සිටින මෙම ලයිගර් පැටවුන්ගේ මාමා වන යෝධ ‘හර්කියුලිස්’ දැනට ලොව සිටින විශාලතම බිළාල වංශිකයා ලෙස ගිනස් වාර්තා හොබවන්නෙකු වීම නිසා මෙම සුරතලුන්ට ඒ සඳහා යම් ප්‍රවේණික උරුමයක්ද පවතින බව පැහැදිලිය. රාත්තල් නවසිය විසිදෙකක බරකින් යුතු හර්කියුලිස්ගේ ශරීරය අඟල් එකසිය තිස්එකක දිගකින් යුතුය. සුරතලුන් සිව්දෙනා අතරින් වඩාත්ම විශාල පැටවා වන යෙටී සිය මාමාගේ අඩිපාරේ ගමන් කරනු ඇති බවට දැන් සිටම අනාවැකි පළව තිබේ. පැටවුන් අතරින් කාගේත් නිබඳ සුරතලයට පාත්‍රවන කුඩාම පැටවා වන්නේ ඇ‍පොලෝය.
    මීට වසර තිස් එකකට පෙරදී පිහිටුවනු ලැබූ සෆාරි උද්‍යානයේදී පළමුවරට ලයිගර් පැටවුන් බිහිවන ලද්දේ 1988 දී වන අතර එවක් පටන් මෙම අසාමාන්‍ය සුන්දරත්වයක් කැටිකරගත් දෙමුහුන් ලයිගර් පැටවුන් නැරඹීම සඳහා දෙස් විදෙස් රටවලින් එන සංචාරකයන්ගෙන් අඩුවක් වූයේ නැත. අප්‍රිකානු සුදු සිංහ පියෙකුට හා බෙංගාල සුදු කොටියෙකුට දාව උපන් මෙම සුදෝ සුදු ලයිගර් පැටවුන් සිව්දෙනා දෙවසරක කාලය තුළදී අඩි දහයක් උස් වූද රාත්තල් හත්සිය පනහක බරකින් යුතු වූද දැවැන්තයන් බවට වර්ධනය වනු ඇති බවට බලා‍පොරොත්තු වේ.


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla


    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    උපුටා ගත්තේ .....