ලෝකප්‍රකට ගුවන් යානා - Part 1

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ලෝකප්‍රකට ගුවන් යානා - Part 1

    Sikorsky UH-60M Black Hawk

    12646963_10209011014103032_8317330288629335689_n.jpg


    මේක නම් ප්‍රසිද්ධ හෙලිකොප්ටරයක්...Black Hawk Down ෆිල්ම් එක බලලා ඇති නේ.
    බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානය සංග්‍රාම කටයුතු සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා යානයකි.
    UH-1 Iroquois හෙලිකොප්ටර් යානයේ නව මුහුණවරක් ලෙස UH-60M නිර්මාණය කෙරුනි.
    US$21.3 million වටිනාකමකින් යුත් මෙම යානය ඇමරිකානු Sikorsky Aircraft ආයතනයේ නිෂ්පාදනයකි.මේ වන විට මෙවැනි යානා 4000ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර ඇමරිකාවට අමතරව චීනය,බ්‍රසීලය,මෙක්සිකෝව,කොලෝම්බියාව,තුර්කිය,ස්විඩන්,තායිවාන් හා ඊශ්‍රායලය යන රටවල්ද මෙම යානා තම ආරක්ෂිත මෙහෙයුම් සඳහා යොදා ගනි.
    Assault on Mogadishu, Balkans and Haiti, Gulf War, Afghanistan හා Iraq යන රටවල සංග්‍රාම සඳහාද තම සක්‍රිය දායකත්වය ලබා දී ඇත. බිල්ලාඩ්න් අල්ලා ගැනිමේ මෙහෙයුමේදි සහභාගි වූ H-60s නවීකරණය කර ඇත.


    කාර්යමණ්ඩලය: 2 pilots / 2 gunners
    ගෙනයාමේ හැකියාව: 1,200 kg including 14 troops
    දිග: 64 ft 10 in (19.76 m)
    පලල: 7 ft 9 in (2.36 m)
    උස: 16 ft 10 in (5.13 m)
    එන්ජින් වර්ගය: 2 × General Electric T700-GE-701C turbo-shaft engines
    උපරිම වේගය: 159 kn (183 mph, 295 km/h)
    සාමාන්‍ය වේගය: 150 kn (173 mph, 278 km/h)
    යුධමෙහෙයුම් සඳහා සහභාගී වියහැකි සීමාව කඳවුරේ සිට: 368 mi (320 nmi, 592 km)
    වරක් ඉන්ධන පුරවාගෙන ගමන්කල හැකි උපරිම දුර: 1,380 mi (1,200 nmi, 2,220 km)
    සාමාන්‍ය පියාසර උස: 19,000 ft (5,790 m)
    ආයුධ හා මිසයිල
    තුවක්කු රඳවන ස්ථාන දෙකක් ඇති අතර මේ ස්ථාන දෙකෙහි පහත වර්ගයේ ආයුධ උපරිම දෙකක් රැඳවිය හැකිය.
    2 × 7.62 mm (0.30 in) M240H machine guns
    2 × 7.62 mm (0.30 in) M134 minigun
    2 × .50 in (12.7 mm) GAU-19 gatling guns
    මිසයිල හෝ රොකට්ටු එක්පසක දෙක බැගින් උපරිම සතරක් ගෙන යාහැකිය
    Rockets: 70 mm (2.75 in) Hydra 70 rockets
    Missiles: AGM-114 Hellfire laser guided missiles



    B-2 Spirit

    6870_10209012625623319_2070381349434205490_n.jpg


    Northrop Grumman B-2 Spirit යානයට හමුදා සෙබළුන් හදුන්වන්නේ වානේ බෝම්බකරුවා යන නමිනුයි. මෙම යානය විශේෂයෙන්ම නිෂ්පාදනය කරනු ලැබුවේ සතුරු රටවල න්යෂ්ටික අවි සහ ගුවන් යානා නාශක වලින් සපිරි අධි ආරක්ෂක කලාප වලට පහරදීම සදහායි.එය 100% සාර්ථක කරගැනීම සදහා මෙම යානය සතුව ඇති අති ප්රබල න්යෂ්ටික අවි මගහරින රේඩාර් පද්දතිය බෙහෙවින්ම ඉවහල් උනු බවට ඇමරිකානු ගුවන් හමුදාව පවසනවා.
    ඇමෙරිකානු ආරක්ෂක අමාත්යංශය ප්රථමයෙන්ම මෙම B -2 යානා 132
    නිෂ්පාදනයකිරීමට සැලසුම් කොට තිබුනත් මෙහි නිෂ්පාදන වියදම නොසිතුලෙස ඉහල යාම නිසා යානා 21 පමණක් නිපදවා ව්යාපෘතිය අවසන් කරන ලදී. මෙම යානය බාවිතයෙන් සිදුවු බරපතලම ගැටලුව ඌයේ අධික ලෙස ඉන්ධන වැයවීමයි..එම නිසා ගුවනේ දීම මෙම යානාවල තෙල් ටැංකි පිරවීමට ගුවන් හමුදාවට සිදු වූ බව පැවසේ.
    මෙම යානය නිල වශයෙන් ප්රථමයෙන්ම බාවිතයට ගැනුනේ 1999දී ඇති උණු කොසොවෝ යුධ සමයේ බවයි ඔවුන් පවසන්නේ,,, නමුත් ඒ වනවිටත් නොයෙක් රටවල ඔත්තු බැලීම සදහා සිය වරකට වඩා මෙම යානය බාවිතා කල බවට ශාක්ෂි ලැබී තිබෙනවා.. මීට අමතරව ඉරාකයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව සිදුකල යුධ වලදී අති සාර්ථකව මෙම යානය යොදාගෙන තිබෙනවා...

    2010දී මෙම යානය සම්පුර්ණයෙන්ම විශ්රාම යැවුනු බවට ඇමෙරිකානු ආරක්ෂක අමාත්යංශය නිවේදනයක් නිකුත් කල නමුත් 2011 වසරේදී ලයිබීරියාවේ ඇතිවු කැරැල්ල මැඩ පැවැත්වීම සදහා මෙම යානා නැවත බාවිතා කලබවට BBC ජනමද්යවේදීන් පවසා සිටිනවා................
    අධික වියදමක් දරා ඇති යානයේ unit cost එක USD$737කි.1989දී යානය පළමු වරට ගුවන් ගත කොට ඇත.නියමුන් දෙදෙනකුට යා හැකි පරිදි යානය නිර්මාණය කොට ඇත.යානයේ දිග 69 ft (21.0 m), Wingspan 172 ft (52.4 m)කි.යානයේ බර 71,700 kgකි.යානයේ උපරිම වේගය Mach 0.95 (550 knots, 630 mph, 1,010 km/h)කි.ඉන්ධන ධාරිතාව 167,000 pounds (75,750 kg)කි.
    යානය තුළ 80× 500 lb class bombs ( Mk-82 , GBU-38 ) mounted on Bomb Rack Assembly (BRA), 36× 750 lb CBU class bombs on BRA, 16× 2,000 lb class bombs ( Mk-84 , GBU-31 ) mounted on Rotary Launcher Assembly (RLA) හා 16× B61 or B83 nuclear bombs on RLA (strategic mission) බොම්බ රැඳවිය හැකිය.මෙහි ඇති විශේෂත්වය වනුයේ රේඩාර් වලට හසු නොවි පියාසර කළ හැකි වීමයි.



    MIG-35

    12646953_10209001729470922_3376401512987382342_n.jpg


    රුසියානු ප්රහාරක මිග්-35 - මිග්-29 ප්රහාරක යානය දියුනු කිරීමේ අවසාන ප්රතිඵලයක් ලෙස නිපදවා ඇත.මිග්-35, බෙහෙවින් වැඩි දියුණු කල පියාසර සහ ආයුධ පද්ධති හා විශේෂයෙන් නව AESA රේඩාර් වලින් සමන්විතය. රුසියානු හමුදා වාර්තා අනුව, එක්සත් ජනපද F-35 ප්රහාරක ජෙට් යානා සඳහා සමාන ජෙට් යානවක් ලෙස නව මිග්-35D multirole හැඳින්විය හැක.
    මිකෝයාන් (කලින් මිකෝයාන්-ගුරේවිච් සැලසුම් කාර්යාංශය) නමින් හැඳින්වෙන රුසියානු හමුදා ගුවන් යානා සැලසුම් කාර්යාංශය පිහිටුවා ඇත්තේ ප්රහාරක ගුවන්යානා තැනීම සඳහාය. මුලින් රුසියානු සැලසුම් කාර්යාංශය කියා හැඳින්වුණු මෙය ආරම්භ කරන ලද්දේ ආටෙම් මිකෝයන් හා මිකයිල් ගුරේවිච් යන දෙදෙනා විසිනි. ‘මිග්’ (MiG) යන නාමය ලැබුණේ ඒ නිසාය. 1970 දී මිකෝයන්ගේ මරණයෙන් පසු ගුරේවිච් නමත් ඉන් ඉවත් කෙරිණ. රුසියානු රජය මෙම ආයතනය, ගුවන්යානා තනන ඉලියුෂින්, ඉර්කුට්, සුඛෝයි, ටුපොලෙව් හා යකොලෙව් යන ආයතන සමග එක්කොට ‘එක්සත් ගුවන් යානා නිෂ්පාදන සංස්ථාව’ යනුවෙන් නව ආයතනයක් පිහිටුවා ඇත.
    රුසියාව මිග් යානා තනන්න පටන් ගත්තේ 1940 දී මිග්-1 යානයෙනි. එය සුපර්සොනික් යානයක් නොවීය. ඔවුන් ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි සුපර්සොනික් යානයක් මුලින් ම තැනුවේ 1955 දී ය. එය මිග්-15 නම් විය. ශී්ර ලංකා ගුවන් හමුදාවට එක්කර ගත් යානය වූයේ මිග්-23 විය. එය 1970 දී නිෂ්පාදනය කරන ලද්දක් විය. මිග් යානාවලට අංක යොදා ඇත්තේ ඔත්තේ සංඛ්යාවලිනි.

    අලූත් ම මිග් යානයට සවි කර ඇති තොරතුරු දර්ශක පද්ධතිය පස්වැනි පරම්පාරවට අයත් එකකි. රුසියන් අවි මෙන් ම විදේශ නිෂ්පාදන අවි ද එයට සවි කළ හැකිය. යානයේ බඳ ඇතුළු කොටස් ජීවිත කාලයක් පවතින ආකාරයට ශක්තිමත්ව තනා ඇත. යානය සැලසුම් කර ඇත්තේ එහි එන්ජින් හා අනෙකුත් උපකරණ වෙනුවට අලූතින් වැඩි දියුණු කළ ඕනෑම කොටසක් හෝ උපාංගයක් සවි කළ හැකි වන ආකාරයටය. මෙහි සමස්ත සැලසුම පිළියෙල කර ඇත්තේ බටහිර රටවල ඇති තරගකාරී ප්රහාර ජෙට් යානාවලට සරිලන පරිදි අවශ්ය විට ඕනෑම නවාංගයක් පහසුවෙන් එක් කළ හැකි වන පරිද්දෙනි.
    සතුරු ආවේක්ෂණ පද්ධති අවුල් කරන්නට හැකි බහුකාර්ය ඉලෙක්ට්රොනික පද්ධතියක් ද මෙයට සවි කර ඇත. මේ නිසා රේඩාර්වලට හසු නොවී යන්නට ඊට හැකියාව ඇත. එසේ ම වැඩි අවි ප්රමාණයක් ගෙන යාමට ද මෙයට හැකියාව තිබේ.
    මෙම යානය හැසිරවීම පුහුණුවන්නට ද නව සිමියුලේටරයක් ද තනා තිබේ. ඒ මගින් ගුවනට නොනැඟ නියමුවන්ට මෙය හැසිරවීමට පහසුවෙන් ම ඉගෙන ගත හැකි වෙයි.
    දැනට නිෂ්පාදනයේ පවතින මිග් 35ට ඇතුළත් ගුණාංග මේවාය. නිෂ්පාදනය අවසන් වන විට අවශ්යතාව අනුව මෙයට තවත් වැඩි දියුණු කළ උපකරණ සවි කිරීමට ඉඩ තිබේ.
    පොදු ගුණාංග:
    නියමුවන් ගණන: එකක් හෝ දෙකක්
    දිග: මී. 19 ( අඩි 62 අඟල 4)
    තටු විහිදුම: මී. 15 (අඩි 49 අඟල් 3)
    උස: මී. 6 (අඩි 19 අඟල් 8)
    හිස් බර: කි.ග්රෑ. 15,000 (රා. 33,069)
    ගෙන යා හැකි උපරිම බර: කි.ග්රෑ. 22,700 (රා. 50,076)
    බලපිරියත: 2× ක්ලිමෝෆ් RD-33MK පසුව දැල්වෙන ටර්බෝ ෆෑන්
    කාර්යසාධනය:
    උපරිම වේගය: මැක් 2.4 (පැ.කි.මී. 2,556ත් හෝ පැ.හැ. 1,587)
    වරකට යා හැකි දුර: කි.මී. 3700/සැ. 2,387(බාහිරව සවි කළ හැකි තෙල් ටැංකි සමග කි.මී. 4800/සැ.3000)
    සේවා උස: මී. 18,000 (අඩි 62,000)
    නැග්මේ වේගය: තත්/මී. 320 (වි. අඩි 63,360)
    යුද අවි:
    මිමී. 1×30 GSh-30-1 කාලතුවක්කුවක් (වෙඩි මුර 150ක් තැබිය හැකි)
    ගගන හැසුරුම් උපකරණ:
    ෆාසොට්රොන් සූක් AE රේඩාරය
    NII PP ප්රකාශ මාර්ගාවේක්ෂණ පද්ධතිය



    F-35


    1919077_10208956320055715_2532239457309406564_n.jpg


    මෙම යානය අණදෙන නිලධාරියකු මෙන්ද සිය භූමිකාව ඉටුකරන්නෙකි. අමෙරිකා හමුදාව ට මෙතෙක් එක් වූ මාරාන්තිකම ප්රහාරකයා මෙය යි. වෙනත් යානයක් පැදවීමේ දී නියමුවා ගේ හිස මත පැටවෙන අභියෝගාත්මක ගැටලු වලින් F - 35 නියමුවා මුළුමනින් පාහේ නිදහස්ව තැබේ. ඒ සෑම ගැටලුවකටම පරිගණකය ප්රතිචාර දක්වයි.
    මේ නිසා මිසයිල හෝ බෝම්බ හෙළීමෙන් නොනැවතී හරියට ඩ්රෝවින් බෝට් එකක් මත සිය යානය හසුරුවන්නාක් මෙන් නියමුවාට යුද බිමේ දී F - 35 හැසිරවීමට හැකියාව ලැබී තිබේ. F - 35 සැලසුම් කර ඇත්තේ ද තනි ගුවන් නියමු අසුනකින් යුතුවයි.
    එය දියුණුම තාක්ෂණික ක්රම වටකරගෙන සිටී. F - 35 මිසයිල පද්ධතිය පවා ස්ථානගතව ඇත්තේ යානය හඳුනා ගැනීමට සතුරාට අපහසු වන අයුරිනි. යානයේ පසු පියාපත් යුවළට සතුරු රේඩාර් මඟ හැරවීමේ හැකියාව පවතී. අමෙරිකා ගුවන්, නාවික සහ මැරයින් හමුදා සඳහා හඳුන්වා දුන් නවීනතම ප්රහාරකයා වන F - 35 යානය 5 වැනි පරම්පරාවට අයත් ප්රහාරක ගුවන් යානයකි.
    අනාගතවාදී බව, ප්රහාරක හා තාක්ෂණික හැකියාවන්, මෙහෙයවීමේ පහසුව ආදී සියල්ල මැද එය අතිශයින්ම මිල අධික යානයක් වීම ගැන ද කතා බහක් ඇති වී තිබේ. F - 35 එළිදුටුවේ වසර ගණනාවක පර්යේෂණ වල ප්රතිඵලයක් වශයෙනි. ඊට දශකයක්වත් ගතවූ බව පැවසේ.
    එම පර්යේෂණ අදියර වලදී දවසකට දස වතාවක්වත් බැගින් සතියේ දින හතේ ම එහි සැලසුම් වෙනස් කම්වලට ලක්වී තිබේ. 2001 දී පටන් මේ දක්වා එහි නිෂ්පාදන මිල අනුව වැය ඇස්තමේන්තුව ඉහළ ගිය ආකාරය දෙස බලන විට ඇ.ඩො. බිලියන 396 දක්වා වැඩි වී ඇත්තේ දෙගුණයක් වීමෙනි.
    නිෂ්පාදනයේ දී පමාවක් ඇති වුණහොත් ගුවන් සහ නාවික හමුදාවන් ට අමතරව ඇ.ඩො. බිලියන 5 ක් වත් දැරීමට ද සිදුවේ. මෙපමණ විශාල මුදලක් වැය කිරීමෙන් හා වෙහෙසක් දැරීමෙන් පසුවත් ගුවන් යානා තාක්ෂණය අඩුම තරමින්, වසර 5 කට වරක්වත් බලවත් වෙනස්කම්වලට ලක්වන බව ද අමතක කළ නොහැකි ය. F - 35 වෙනුවෙන් දරන වියදම විවේචනාත්මකව දකින අයට මෙන්ම අමෙරිකාවේ බදු ගෙවන ජනයාට ද එය පිළිතුරු සපයා ගත යුතු ප්රශ්නයකි.
    දැනටමත් පෙන්ටගනය වියදම් කපා හැරීමේ පිළිවෙතකට යොමු වී සිටී. ඒ, ඇ.ඩො. බිලියන 500 ක් තරම් විශාල ප්රමාණයකිනි. එහෙත් F - 35 ගනුදෙනුව සඳහා පමණක් ඇ. ඩො. බිලියන 400 ක් පමණ වැය කිරීමට සිදුවෙයි.
    ගෝලීය ආරක්ෂක වියදමෙන් 45% ක් ම අමෙරිකාවේ එම කොටසයි මිචිගන් හි රිපබ්ලිකන් සෙනෙට් සභික ජස්ටින් අමාෂ් ට ඇති ප්රශ්නය මේ වියදම 42% හෝ 43% දක්වා පහත හෙළීමෙන් අමෙරිකාව හදිසි ආක්රමණයකට ලක් විය හැකි ද යන්න යි. “දැනටමත් අපි අපේ රට බංකොලොත් භාවය ට ගෙන යමින් සිටින්නේ, මේකෙන් වෙන්නෙ අපව තවත් අනතුරකට ඇදල දාන එකයි...” අමාෂ් පෙන්වා දෙයි. මේ ප්රශ්නය ඔහුට පමණක් ඇති ප්රශ්නයක් ද නොවේ. ටෙක්සාස් හි රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් සේර්ඩින් කියන්නේ “අපි අපේ සියලු බිත්තර
    F - 35 බාස්කට් එකට දැම්මා” යනුවෙනි. ඔහු එසේ කියන්නේ අමෙරිකාවේ තාක්ෂණික හා මිලිටරි වික්රමයන් ගැන පමණක් සිතා නොවිය හැකි ය. පෙන්ටගනයේ ප්රධාන පෙළේ අවි ගැනුම්කරුවකු වන එඩ්වඩ් ඇල්බ්රිජ් ට අනුව නම්, F - 35 විසින් තාක්ෂණික විශිෂ්ටතා අරබයා පමණක් නොව ව්යාපාරික භාවිතාවන් පිළිබඳ ද අලුතෙන් යමක් ලියමින් පවතී.
    ඇතැම් විචාරකයන් මතු කරන ප්රශ්නය F - 35 වැනි 5 වැනි පරම්පරාවේ යානයක් සඳහා චීනය හෝ රුසියාවෙන් ඇතිවිය හැකි තරගය යි. 4 වැනි පරම්පරාවේ යානයක් තාක්ෂණිකව වැඩි දියුණු කිරීමේ හැකියාව ගැන ඔවුහු පෙන්වා දෙති. එහෙත්, මීට වෙනස් මතයක් දරන අය කියන්නේ මේ හැකියාව ඇත්තේ අමෙරිකාවටම බවයි.
    විශ්රාමික ජෙනරල්වරයකු වන මෙරිල් මැක්පීක් ට අනුව, F - 35 ව්යාපෘතිය මැරයින් ගුවන් බළකාය සඳහා රැකියා ව්යාපෘතියකි. F - 35 නිෂ්පාදන සමාගම වන ලොක්හිඩ් මාටින් සමාගම පවසන පරිදි F - 35 යාන උපරිම නිෂ්පාදන ධාරිතාවට ළඟාවන විට රැකියා අවස්ථා දෙගුණයකින් ඉහළ යනු ඇත. රැකියා අවස්ථා පිළිබඳ මේ කතා අසන්නට ලැබෙන්නේ බලවත් රැකියා කප්පාදුවකට අමෙරිකා ආර්ථිකය හසු වී සිටිය දී වීම ද අවධානය ට ලක් විය යුතු ය.
    මේ සියල්ල අතර, දැනටමත් ගුවන් නියමුවෝ F - 35 ට පෙම් බැඳීමට පටන් ගෙන සිටිති. “එය පැදවීම හරිම සෙක්සි ඇත්දැකීමක්” ඒ, සමහර නියමුවන් ඒ අත්දැකීම වචනවලට පෙරලු ආකාරය යි.
    “ඔබේ වම්පසින් හා දකුණු පසින් සිදුවන සෑම පුංචි දෙයක්ම ඔබ පැහැදිලිව දකිනවා. ඔබට කිසිවක් කරන්න අවශ්ය නැත්නම් ඔබ වෙනුවෙන් එය කළ යුතු දේ ද කරනවා...” ඒ, එක් නියමුවකු ගේ අදහසයි.
    යානය සපුරාම පරිගණක පාලනයකින් යුතුය. එය අතිශයින් ම සංකීර්ණ මෙහෙයුම් කාර්යයකි. ජ් - 18 යානයට වඩා සය ගුණයකින් එය සංකීර්ණය. දැනට මිහි මත ඇති සංකීර්ණම මෙහෙයුම් පද්ධතිය F - 35 සමඟ පවතින බව විමර්ශකයන් ගේ මතය වී තිබේ.
    F - 35 ගැන ඇති පුරසාරම් සහ විවේචන මැදින් එක් වැදගත් ප්රශ්නයක් මතුවී ඇත. ඒ, 21 වැනි සියවසේ දී අමෙරිකා හමුදාව සතුවූ නිවැරදිම හා ගැළපෙනම ප්රහාරක යානය එය විය හැකි ද? යන්නයි.

    නමුත් ගුවනේදී ප්රහාරක යානා අතර සිදුවන සටනකදී ඇමරිකාවේ නවීනතම ප්රහාරක යානය වන F-35 ඉතාමත් දුර්වල හැසිරීමක් දක්වන බව වාර්තා වේ.
    අඩි 10000-30000 පරාසයේදී සමීප ගුවන් සටනක නිරත වීම සඳහා ත්-35 ප්රහාරක යානය සතු හැකියාව පරීක්ෂා කිරීමට පසුගිය අවුරුද්දේ ජනවාරි පැසිපික් සාගරයට ඉහළින් පැරණි ත්-16 යානයක් සමග ව්යාජ සටනක් පවත්වා ඇතැයි අනාවරණය වී තිබේ.
    මෙම පරීක්ෂණයේදී F-35 නියමුවා සිය යානය රළු ලෙස පදවමින්, හරවමින්, F-16 යානය කෙසේ හෝ පහරදී බිම හෙළීමට උත්සහ කළ යුතුවූ අතර කෙසේ හෝ ආරක්ෂා වෙමින් -35 වෙත පහර දීමට උත්සහ කළ යුතු විය.
    මේ සඳහා සහභාගීවූ නියමුවා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ පිටු 5කින් සමන්විත සංක්ෂිප්තය තුළ දක්වා ඇත්තේ F-16 යානයේ තෙල් ටැංකි 2ක් ඉවත් කරමින් හා F-35 හි අවි ඉවත් කරමින් බර අඩු කර තිබුණු තත්වයකදීත් F-35 සියලූ අවස්ථාවලදී සිය අකාර්යක්ෂම බව ප්රදර්ශනය කළ බවයි.
    1970 දශකයේදී නිෂ්පාදනය කරනු ලැබූ සිව්වන පරපුරේ F-16 යානා පහසුවෙන් ඉක්මවිය හැකි ලෙස ඉන්ධන හා අවි යානය අභ්යන්තරයේ ගෙන යාමට සැලසුම් කරමින් F-35 යානය ලොක්හීඞ් මාටින් සමාගම විසින් නිපදවන ලදී.
    මේ යානය සඳහා මෙතෙක් ඩොලර් ටි්රලියනයකට ආසන්න මුදලක් වියදම් කර ඇති අතර එය ඇමරිකාවේ මිල අධිකම ප්රහාරක යානා ව්යාපෘතිය බවද පැවසේ. දිගින් දිගටම මතුවූ දෝෂ හේතුවෙන් එය සුදු අලියෙකුවී ඇති බව ඇමරිකානු විචාරකයන්ගේ අදහසයි.



    උඹලා බලලා නිකන් යන්න එපා බං උඹලා දන්නා දේවලුත් කියපල්ලා. :angry::angry::angry:


    සිංහල ජාතියට ජය වේවා !!!



    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Black Hawk වල තියෙන විශේෂත්වය මොකක්ද?

    B-2 Spirit වලට කලින් ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානයක් තිබ්බා නේද? ඒක පළවෙනි ගල්ෆ් යුද්ධේ කලා පාවිච්චි කලා කියලා අහලා තියෙනවා.ඒකටත් ඔය B-2 Spirit හැඩේම තිබුණා බන්.නම මතක නෑ :confused:


    පුලුවන් නම් ඔය යුද ගුවන් යානාවල පරම්පරාවල් බෙදෙන හැටි ගැන විස්තරයක් දාපන්කෝ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Black Hawk වල තියෙන විශේෂත්වය මොකක්ද?

    B-2 Spirit වලට කලින් ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානයක් තිබ්බා නේද? ඒක පළවෙනි ගල්ෆ් යුද්ධේ කලා පාවිච්චි කලා කියලා අහලා තියෙනවා.ඒකටත් ඔය B-2 Spirit හැඩේම තිබුණා බන්.නම මතක නෑ :confused:


    පුලුවන් නම් ඔය යුද ගුවන් යානාවල පරම්පරාවල් බෙදෙන හැටි ගැන විස්තරයක් දාපන්කෝ.

    Lockheed F-117 Nighthawk

    1401901782552.jpg
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Black Hawk යානාවලින් නේ බින් ලාඩන්ට ගහන්න ගියේත්.එක යානෙකට කෙල වුනාලු නේ.ඒ මෙහෙයුමට ගිය Navy SEAL Team Six එක පස්සේ මැරුණු එකත් කුමන්ත්‍රණයක් කියලා කියන්නේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Black Hawk යානාවලින් නේ බින් ලාඩන්ට ගහන්න ගියේත්.එක යානෙකට කෙල වුනාලු නේ.ඒ මෙහෙයුමට ගිය Navy SEAL Team Six එක පස්සේ මැරුණු එකත් කුමන්ත්‍රණයක් කියලා කියන්නේ

    maatha ahala tiyenava
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    2010දී මෙම යානය සම්පුර්ණයෙන්ම විශ්රාම යැවුනු බවට ඇමෙරිකානු ආරක්ෂක අමාත්යංශය නිවේදනයක් නිකුත් කල නමුත් 2011 වසරේදී ලයිබීරියාවේ ඇතිවු කැරැල්ල මැඩ පැවැත්වීම සදහා මෙම යානා නැවත බාවිතා කලබවට BBC ජනමද්යවේදීන් පවසා සිටිනවා................
    අධික වියදමක් දරා ඇති යානයේ unit cost එක USD$737කි.


    B2 still in service and unit cost 737$ Million.
    ඔය යානයේ බරට රත්තරන් ගත්තත් ඔච්චර ගානක් වෙන්නේ නෑ ලු

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    2010දී මෙම යානය සම්පුර්ණයෙන්ම විශ්රාම යැවුනු බවට ඇමෙරිකානු ආරක්ෂක අමාත්යංශය නිවේදනයක් නිකුත් කල නමුත් 2011 වසරේදී ලයිබීරියාවේ ඇතිවු කැරැල්ල මැඩ පැවැත්වීම සදහා මෙම යානා නැවත බාවිතා කලබවට BBC ජනමද්යවේදීන් පවසා සිටිනවා................
    අධික වියදමක් දරා ඇති යානයේ unit cost එක USD$737කි.


    B2 still in service and unit cost 737$ Million.
    ඔය යානයේ බරට රත්තරන් ගත්තත් ඔච්චර ගානක් වෙන්නේ නෑ ලු


    :shocked: