ලෝකයේ අලූත් ම විසකුරු පොළඟා

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ලෝකයේ අලූත් ම විසකුරු පොළඟා



    ලෝකයේ අලූත් ම විසකුරු පොළඟා - එන්න හඳුනා ගන්න මෙන්න මැටිල්ඩා!


    සත්වලෝකය තවම හඳුනා ගෙන ඉවර නැහැ. මේ ලෝකයට අලූතින් ම සොයාගත් සර්පයෙක්. මේ සර්පයා මැටිල්ඩා කියා නම් කර තියෙන්නේ, මේ නව සත්ව විශේෂය සොයා ගත් බි‍්‍රතාන්‍ය සත්ව විද්‍යාඥයා විසින්. ඒ ඔහුගේ හත් හැවිරිදි කුඩා දියණියගේ නමයි.

    1.jpg

    බැලූ බැල්මට බය හිතෙන ගතියක් මේ සර්පයාට තියෙනවා. සමෙහි කහයි කළුයි කොරපොතු පිරිලා. ඇස් කොළ පැහැතියි. උල් අං දෙකක් වැනි අංගයක් තියෙනව. මේ ‘මැටිල්ඩාගේ අං පොළඟා’ Matilda's Horned Viper මුලින්ම හමු වී ඇත්තේ මීට වසර දෙකකට පෙර වයඹදිග ටැන්සානියාවේ කුඩා වනාන්තර ප‍්‍රදේශයකයි. මේ සතා ලෝකයට අලූතින්ම හඳුන්වා දෙනු ලැබූ සත්ව විශේෂයක් ලෙස තහවුරු කොට ප‍්‍රකාශයට පත් කෙරුණේ ගිය මාසේ සූටැක්සා නම් සත්ව විද්‍යාත්මක සඟරාවෙහියි. ටැන්සානියාවේ වනජීවී සංරක්ෂණ සංගමයේ අධ්‍යක්ෂ ටිම් ඩෙවන්පෝට් මේ පොළොං විශේෂය සොයා ගත් කණ්ඩායමේ එක් සාමාජිකයෙක්.

    ඔහුගේ දුවට පින්සිදු වෙන්නට මේ සර්පයාට අඩු ගණනේ බය නොසිතෙන නමක්වත් වැටුණා.


    ”මගේ දුවට අවුරුදු පහයි, ඒ වෙන කොට. ඇගේ නම තිබ්බ එක ගැන එයා හරියට සතුටු වුණා. ඒ නිසාම ඌ දිහා බලාගෙන ඉන්න ආසා කළා. අපට ඌව රැක බලා ගන්න උදවු කළා.” ඩෙවන්පෝට් කියනවා.


    ”අපි ඒ වෙලාවෙ නිකමට වාගෙ ඌව හැඳින්නුවෙ මැටිල්ඩාගේ පොළඟා කියලයි. පස්සෙ ඒ නම ස්ථිර වුණා.”

    පසුගිය අවුරුදු තිහට ම අපි‍්‍රකාව පුරා ම හමුවෙලා තියෙන්නෙ අලූත් පොළෙං විශේෂ තුනක් විතරයි. ඒ නිසා ම මෙම සොයා ගැනීම ඉතා දුර්ලභ වටිනා එකක් වෙනවා.

    වනජීවී සංරක්ෂණ සංගමයේ මේ සර්පයා හරියට ම ජීවත් වන ප‍්‍රදේශය ගැන හෙළිදරවු කරන්නෙ නෑ. ඒ මොකද කීවොත් සර්පයන් එකතු කරන අය ඇවිත් උන්ව අල්ලා ගෙන යන්නට ඉඩ ඇති නිසා.


    2.jpg

    (ලෝකයේ නවතම පොළොං විශේෂය මෙයයි: ‘මැටිල්ඩාගේ අං පොළඟා’)

    ඩෙවන්පෝට් කියන්නේ වනගතව වෙසෙන මේ සර්පයන්ගේ ගහණය කෙතරම් දැයි හරියටම කියන්න බැරි බවයි. දැනට රැකවල් යටතේ දොළොස් දෙනකු ඉන්නා බවත් ඔවුන් බෝ කිරීමේ සැලැස්මක් කි‍්‍රයාත්මක කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියනවා.

    ඩෙවන්පෝට් බි‍්‍රතාන්‍ය ජාතිකයෙක්. වසර 12ක් තිස්සේ ටැන්සානියාවෙයි ජීවත් වෙන්නෙ. ඔහුගේ අදහසේ හැටියට බොහෝ දෙනා සර්පයන්ට බිය පළ කළත් බොහෝ සර්ප වර්ග අහිංසකයි. ඔවුන් අපට මී ගහණය අඩු කර ගන්න උදවු වෙනවා.


    මේ ‘මැටිල්ඩාගේ අං පොළඟා’ හොඳින් වැඩුණාම අඩි දෙකක් විතර දික්වෙනවා. ‘මේ සර්ප විශේෂය පෙනුමෙන් බියකරුයි. සමහර විට දෂ්ඨ කළොත් දරුණු විෂ සහිත විය හැකියි. මේ හැඩයට මඳක් සමාන පලා පොළඟා නම් දෂ්ඨ කළාට මාරක විෂ සහිත එකෙක් නෙවෙයි.’ ඩෙවන්පෝට් කියනවා.


    ”කොහොමවුනත් මේ සර්පයා ඇත්තටම ඉතා සන්සුන් එකෙක්. දරුණු සැර ගතියක් කොහොත්ම පෙන්නන්නෙ නැහැ. මං දැන් කීප වතාවක් ම අතට අර ගත්තා, පැහැදිලි කිරීම්වලදි.”


    3.jpg

    (පහර දීමට සූදානම්ව: වසර දෙකකට පෙර හමුවුවත් නව සර්පයෙක් බව තහවුරු වුණේ ගිය මාසෙයි.)

    වනජීවී සංරක්ෂණ සංගමය විසින් පාලනය කරන ලෝක සත්වෝද්‍යාන හතර අතරින් දැනට ලොව ඇති විශාලතම සත්වෝද්‍යානය වන ඇමරිකාවේ බ්‍රෙන්ක්ස් සත්තු වත්තෙහිදී හෝ නිව්යෝක් නගර මධ්‍යයෙහි පිහිටි සෙන්ට‍්‍රල් පාක්හී කුඩා සත්තු වත්තෙහිදී හෝ අනාගතයේ දී මේ සර්පයා ඔබට දැක ගන්න පුළුවන්. ඒත් තවමත් ඒ ගැන නිශ්චිත තීරණයක් අරගෙන නැහැ කියලයි ඩෙවන්පෝට් කියන්නේ.

    ~~~
    මල් කැකුළු~~~
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේයා මාර හැඩකරයෙක් නේ
    තොරතුරු බේදා ගත්තට ගොඩක් ස්තුතියි යාළුවා