ලෝකයේ ඉපැරණි පුදුම හත

C-Shell

Member
Mar 10, 2016
597
273
0
හදවතේ...
ලෝකයේ ඉපැරණි පුදුම හත






[FONT=&quot]ලෝකයේ ඉපැරණි පුදුම හත [/FONT]​



[FONT=&quot]ලොව ඉපැරණි පුදුම හත මුලින්ම නම් කරන ලද්දේ ලොව මුල්ම ඉතිහාසඥයා ලෙස සැලකෙන ග්‍රීක ජාතික හෙරෝඩෝටස් විසිනි.මෙම ඉපැරණි පුදුම අතරින් අද නොනැසී ඉතිරිව ඇත්තේ ඊජිප්තුවේ ග්‍රීසා පිරමිඩය පමණි.[/FONT]

[FONT=&quot]රෝඩ්ස් දූපතේ හිරු දෙවි ප්‍රතිමාව [/FONT]

Colossus_of_Rhodes.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]හීලියෝස් හිරු දෙවියන්ගේ ප්‍රතිමාව ක්‍රි.පූ. 260 දී රෝඩ්ස් හි වැසියන් විසින් එම නගරයේ වරායේ ඉදිකරන ලදී. මෙහි උස අඩි 100කි . වරායට පිවිසි නැව් ඇතුළු වූයේ මෙම ප්‍රතිමාවේ දෙපා අතරිනි. මෙය නිර්මාණය කළේ ලින්ඩ්ස් හි චාරස් නම් මූර්ති ශිල්පියාය. ක්‍රි.පු. 224 වසරේ දී ඇති වූ භූමිකම්පාවකින් විනාශ වූ බවට විශ්වාස කෙරේ.
[/FONT]


[FONT=&quot]බැබිලෝනියාවේ එල්ලෙන උයන
[/FONT]


[FONT=&quot][/FONT]
hangg_heemskerck.jpg

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ග්‍රීකවරුන්ට අනුව නෙබුකැඩ්නෙසාර් රජු විසින් ඉදිකරවනු ලැබූ මෙය ඉතාමත් අලංකාර නිර්මාණයක් විය. කඳුකරයේ සුන්දර ගස්කොළන් වලින් පිරි දේශයකින් කැන්දාගෙන ආ තම බිරිඳගේ පාළුව හා කාන්සිය මකන්නටත් ඇයට ඇගේ ගම්බිම් මතක් වීමටත් මෙම එල්ලෙන උද්‍යානය නිර්මාණය කළ බව ඉතිහාසයේ දැක්වෙයි. මෙය ක්‍රි.පූ. 1 වන සියවසෙන් පසු භුමිකපාවක් නිසා විනාශ විය.[/FONT]



[FONT=&quot]ගීසා හි යෝධ පිරමිඩය
[/FONT]

[FONT=&quot][/FONT]
Guiza3-750x393.jpg


[FONT=&quot]ඉපැරණි පුදුම හතෙන් අද අපට දකින්නට ඉතිරි වී ඇත්තේ ගීසා හි පිරමීඩය පමණි. මෙය ඊජිප්තුවේ කයිරෝ නගරය අසල කාන්තාරයේ පිහිටා ඇත. මෙය අක්කර 13ක් පුරා පැතිරී ඇත. අද මෙහි උස මීටර 450කි. මෙය ඉදිකර ඇත්තේ ටොන් දෙක හමාරක් බරින් යුත් ගල් කුට්ටි විසිතුන් ලක්ෂයක් යොදාගනිමිනි. මෙම පිරමීඩයේ මිහිදන් කර ඇත්තේ කූෆු හෙවත් කියෝෆ් නම් මිසර පාරාවෝ සහ ඔහුගේ බිරිඳයි. මෙම පිරමීඩය අසල මීට වඩා උසින් අඩු තවත් පිරමිඩ දෙකක් තිබේ. ඒවා ද මිසර රජුන්ගේ ස්මාරකය. [/FONT]

[FONT=&quot]ආර්ටිමීස් දෙවඟනගේ දෙවොල
[/FONT]



7203264_journey-to-the--7-wonders--of-the-ancient_e84ad23_m.jpg

[FONT=&quot]
[/FONT]
[FONT=&quot][/FONT][FONT=&quot]පුරාණ ලෝකයේ සුළු ආසියාව ලෙස හැඳින්වූ ප්‍රදේශයේ සිට ඉෆිශියාව බලා යන සංචාරකයන්ට ආර්ටිමීස් දෙවඟන වෙනුවෙන් තැනූ මෙම දේවාලය වැදගත් ස්ථානයක් විය. ඔවුහු ආර්ටිමීස් දෙවඟන වන්දනාමාන කළහ. මෙය මුල් වරට ඉදි කර ඇත්තේ ක්‍රි.පු. 620 දීය. පසු කාලීනව වසර ගණනක් තිස්සේ මෙය අලුත් වැඩියාවට ලක්විණි. මෙය ක්‍රි.පූ. 356 දී ඇති වූ ගින්නකින් විනාශ වී ගියේය. [/FONT]



[FONT=&quot]ඔලිම්පියාවේ සියුස් දෙවි පිළිමය [/FONT]


9441a22c974770e84141ae5fd6737e8a.jpg

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඔලිම්පියාවේ මහා දේවාලය සඳහා රනින් ඉදි කළ සියුස් දෙවිඳුන්ගේ යෝධ පිළිමය පුරාණ ලෝකයේ මුර්ති කලාවේ විස්කමක් ලෙස සැලකේ. මෙම පිළිමය නෙළන ලද්දේ පීඩියාස් නම් මුර්ති ශිල්පියා විසිනි. ඒ ක්‍රි.පූ. 5 වැනි සියවසේදීය. මෙය 6 වැනි සියවසේදී පමණ විනාශ වි ගියේය. [/FONT]



[FONT=&quot]ඇලෙක්සැන්ඩියාවේ ප්‍රදීපාගාරය[/FONT]



[FONT=&quot][/FONT]
the-pharos-lighthouse-at-alexandria.jpg

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මිසරයේ මධ්‍යධරණී මුහුදු වෙරළේ පාරාවෝ දූපතේ දෙවැනි ටොලමි රජුගේ කාලයේදී එනම් ක්‍රි. පූ. 283 සිට 247 දක්වා කාලයේදී මෙම ප්‍රදීපාගාරය ඉදි කරන ලදී. අඩි 400ක් උසින් යුක්ත විය. 13 වන සියවසේදී භුමි කම්පාවකින් මුළුමනින්ම විනාශ වි ගියේය. [/FONT]


[FONT=&quot]මොසෝලස්ගේ සොහොන් ගැබ
[/FONT]


[FONT=&quot][/FONT]
Mausoleum_of_Halicarnassus.jpg

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]රෝඩ්ස් දුපතට නුදුරින් සුළු ආසියාවේ ප්‍රධාන භුමියෙහි පිහිටි හැලිකොනේසස් හි මෙම සොහොන් ගැබ ඉදි කෙරිණි. ඒ ක්‍රි. පූ. 353 දී කාරියාහි විසූ මොසෝලස් රජුගේ සිරුර තැන්පත් කිරීමටය. ක්‍රි. ව. 1494 කුරුස යුද්ධයේදී සම්පුර්ණයෙන්ම විනාශ වි ගියේය.[/FONT]
 

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    බම්ප්.
    අර එල්ලෙන උයන කොහේද බන් එල්ලලා තිබුනේ.හැමදාම මට ඕක ප්‍රශ්නයක්
    එල්ලලා neme thibune ban..oka hadala thiyena widiyata dakina unta penne එල්ලලා wage..

    Nice post rep++
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපි ලංකාව ජනාවාස ආරම්භ වුනා කියල සලකන කාලේදී ග්‍රීසියේ පට්ට නිර්මාණ කරලා තියෙනවා...අපිට වඩා උන් කෝච්චර ඉස්සරහෙන් ද ඒ අතින් :shocked: