ලෝකයේ උතුම් ම රට

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ලංකාවට සිදු වී ඇති විශාල අගතියක් වන්නේ "ලංකාව ලෝකයේ උතුම් ම රටයි" යනුවෙන් කාලාන්තරයක් තිස්සේ අපේ සමාජයට කිඳා බැස ඇති මතයයි.

    ලෝකයේ හුඟක් රටවල් තමන් ගේ ජනතාව තුළ අභිමානය වඩවන්න මෙයට සමාන කතා කියනවා. එහෙත් ලංකාවේ මා දකින එක වෙනසක් වන්නේ මේ කතාව හුදෙක් අභිමානය වඩවන්න කියන කාව්‍යොක්තියක් කියන තැනින් ඔබ්බට ගොස් මිනිසුන් එය කරුණක් වශයෙන් හෙවත් fact එකක් වශයෙන් විශ්වාස කිරීමයි.

    මේ නිසා ලංකාවේ ජීවත් වන හුඟක් මිනිසුන් ගේ සිතේ අපේ රට ගැන ප්‍රමාණයට වඩා විශාල, ව්‍යාජ ප්‍රතිරූපයක් මැවී තියෙනවා. මේ විශාල ප්‍රතිරූපය නිසා අප ඇතුළේ හංගාගෙන ජීවත් වන අතාර්කික මාන්නක්කාර බවක් තියෙනවා. ලංකාවෙන් පිටත ලෝකය එක්ක අප ගනුදෙනු කරන්න උත්සාහ කරන්නේ මේ අතාර්කික, මාන්නක්කාර බවත් එක්කයි.

    "භූ දේශපාලනය" ගැන ගැඹුරින් හිතන්නේ නැතිව අප විශ්වාස කරන්නේ මේ මුහුදෙන් එපිට තියෙන ලෝකයේ හැම රටක් ම අපේ 'උතුම් රට' ඩැහැගන්නට දිවා රෑ නැතිව කුමන්ත්‍රණය කරමින් සිටින බවයි. මේ දූපතෙන් එළියේ ලොකු රකුසෙක් ඉන්න බව අප හිහනවා. අපට විදේශිකයන් සම්බන්ධයෙන් විශාල සැකයක් තියෙනවා. ලංකාවේ ආයෝජන ප්‍රතිපත්තිය තුළත්, වෙළෙඳ ප්‍රතිපත්තිය තුළත් මේ සැකය ඉතා ම පැහැදිලිව පෙනෙන්න තියෙනවා.

    මේ රටට අවශ්‍ය හැම දෙයක් ම මේ රටේ ම නිෂ්පාදනය කරලා, අපේ පරිභෝජනයෙන් පසු ඉතිරිවන ටික අපනයනය කරලා රට සමෘද්ධිමත් කරන්න සහ විදේශ සංචිත ගොඩනගන්න පුළුවන් කියලා අප අතර ඉන්න බහුතරයක් මිනිසුන් හිතාගෙන ඉන්නවා. මේ බොළඳ, ප්‍රාථමික අදහසෙන් ඔබ්බට ගිහින් 'පුළුල් චිත්‍රය' දකින්න බොහෝ දෙනෙකුට බැරි අර මුලින් කියපු අතාර්කික, මාන්නක්කාරකම හින්දයි.

    මේ නිසා ම වසර ගණනාවකින් අපේ රටට අන් රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන්න බැරි වෙලා තියෙනවා. වසර 11කට පමණ පසුව අත්සන් කළ පළමු වෙළෙඳ ගිවිසුම වන සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ගැනත් ලංකාව විශාල අවුල් ජාලයක් නිර්මාණය කරගත්තා.

    ඇමෙරිකාවෙන් ප්‍රදානයක් වශයෙන් ලැබුණු MCC ව්‍යාපෘතිය අප අහිමි කරගත්තා. ජපානයෙන් ලැබුනු LRT ව්‍යාපෘතිය අප අහිමි කරගත්තා. වඩාත් සිත්ගන්නා සුලු ම කාරණය වන්නේ මේවා අහිමි කරගැනීම විශාල ජයග්‍රහණයක් විදියට ඒ කාලයේ අප දැක්කා. ඒවා ගැන ආඩම්බර වුණා. අප ගිය මේ ස්වයං-විනාශකාරී ගමන පිටුපස තිබුණු මනෝභාවය කුමක්ද කියලා අපට අදවත් හරියට ම තේරුම් ගන්නට බැහැ.

    මේ නිසා අපට දැනටත් ලෝකයේ අනෙක් රටවල් මෙන් ගෝලීය දාම (global value chains) වලට සම්බන්ධ වීමට හෝ අඩු තරමින් ඒවාට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ සූදානමක්වත් නැහැ.

    මේ දවස්වල රනිල් ගේ මර්දනයෙන් බේරෙන්නට එල්ලෙන්නට තියෙන අන්තිම පිදුරු ගහ වශයෙන් එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලයේ එල්ලුණාට මේ ගෝලීය මානව හිමිකම් වගවීම් ක්‍රියාවලිය ගැනවත් අපට අවංක වුවමනාවක් නැහැ. මෙතෙක් කල් අප මෙය දැක්කේ සතුරෙකු ලෙසයි. මානව හිමිකම් කවුන්සිලය දැක්කේ අපේ රටට අනවශ්‍ය පරිදි ඇඟිලි ගහන කුමන්ත්‍රණකරුවෙකු ලෙසයි. රනිල් ගේ මර්දනය හෙට අවසන් වුණොත් අනිද්දා සිට අප නැවතත් එතැනට ම යනවා.

    මම කියපු මේ අතාර්කික, මාන්නක්කාරකම නිසා අප හිතුවේ ලංකාව කියන්නේ කවදාවත් වැටෙන්නේ නැති, කවදාවත් බංකොළොත් වන්නේ නැති රටක් කියලයි. මේ නිසා වත්තක් උදලු ගාන්නටවත් හතර මායිමට වද්දා ගන්නට සුදුසු නැති අන්දමේ මිනිසුන් අප රටේ නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති හදන්නට පත් කර යැව්වා. අද ඒවායේ ප්‍රතිඵල වුවමනාවටත් වඩා හොඳින් භුක්ති විඳිමින් ඉන්නවා.

    ඇත්තට ම අපේ රටේ මිනිසුන්ගෙන් අති බහුතරයකට තවමත් අපේ ශක්තීන් ගැන, දුර්වලතා ගැන, අපට ඇති අවස්ථා ගැන, අපට මුහුණ දෙන්නට වෙන අහියෝග සහ තර්ජන ගැන දළ අදහසක්වත් නැහැ. අප දිගට ම ඉන්නට කැමති "ලෝකයේ උතුම් රට" කියන චූන් එකේ ම පමණයි.

    අපි මුළු ලෝකය ම ගම්මානයක් යැයි නිකමට හිතමු. මේ ගමේ එක එක චරිත තියෙනවා.

    ඇමෙරිකාව ඒ ගමේ පොලිස්කාරයා ගේ චරිතය රඟපානවා කියා සිතමු.

    චීනය සටකපට වෙළෙන්දා ගේ චරිතය රඟපානවා.

    රුසියාව ගමේ චණ්ඩියා ගේ චරිතය රඟපානවා.

    ඉන්දියාව දහසක් බාධක, දුෂ්කරතා මැදින්, අමාරුවෙන් ඉගෙන ගෙන, දියුණු වූ මිනිසෙකු ගේ චරිතය රඟපානවා.

    මෙහෙම එක එක රටට එක එක චරිත ලබාදෙන්න පුළුවන්.

    ලංකාවට රඟපාන්නට තියෙන චරිතය කුමක්ද?

    අපට ඇත්තට ම රඟපාන්න තියෙන්නේ ඉන්න හිටින්න තැනක්වත් නැතිව, අතේ තඹ දොයිතුවක්වත් නැතිව, පරම්පරාවේ පුරාජේරුව කියමින්, උද්දච්ච කයිවාරු කතා කියමින්, කාගෙන් හෝ පිනට කන්න ලැබෙන කල් ඔළුව කසමින් බලාගෙන ඉන්න බෝක්කු පාළුවා ගේ චරිතය නෙවෙයිද?

    මා හිතන්නේ මේ යථාර්ථය ගැඹුරින් තේරුම් ගත් දවසට අපේ ඉරණම වෙනස් වෙන්න පටන් ගන්නවා.

    -

    රසික ජයකොඩි
    24 - 08 - 2022

    #lka #SriLanka #life
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Ochchara maanneyak tiyenewanan mehekaara sewayata pita rata yaida?

    Ochchara maanneyak tiyenewanan mechchara wahallu inne kohomeda?

    Pita Kondak nathi aathma abimaanneyak nethi sewalayo hinda tamai mehema wela tiyenne 😛🤡
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ලංකාවෙ පකයලාගෙ අවුල පුක දීම. ඒක රටට ද, ගුරුවරයටද, දොස්තරයටද, ආමිකාරයටද කියලා නෑ.. හෑලි ලියාගෙන, පුක දීගෙන ඉන්න එකේ තමයි ප්‍රස්නෙ.

    එහෙම නැතුව ඇත්ත ඇති හැටියට, සාමාන්‍ය විදියට දකින තාක් කල් පුකේ ඇරවාගැනීමේ අවසානයක් නොමැත...
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Bayyo kiyanne unta thamai..

    Mama dakka issara news papers wala sanda gamana gana dala thibila thiyenawa handee sinha kodiya gahuwa kiyala :lol: thawa handee pas lankawata genawa pariksha karanna kiyala...

    Attha boru sure na..mewa thamai e kale idan bayyo athi karanna use karapu tricks
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,303
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවෙ පකයලාගෙ අවුල පුක දීම. ඒක රටට ද, ගුරුවරයටද, දොස්තරයටද, ආමිකාරයටද කියලා නෑ.. හෑලි ලියාගෙන, පුක දීගෙන ඉන්න එකේ තමයි ප්‍රස්නෙ
    වැඩිය ඕනේ නෑ.ක්ලාස් කරන ගුරෙක් බුදුබන එකතු කරල පම්පෝරියක් ගැහුවත් ඇති. පොඩි එකාගෙ ඉදන් නාකි හම්පඩයා වෙනකම් පුක දෙනවා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    handee sinha kodiya gahuwa kiyala :lol: thawa handee pas lankawata genawa pariksha karanna kiyala...
    ලංකාවේ කොඩිය ගැහුවා කියල කොහෙවත් කියල නෑ බන්.. මිනිසා හඳේ කොඩියක් ගැහුවා පස් ගෙනාවා කියල විතරක් නම් පරණ පත්තරේක තිබ්බ

    ඕක හදන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නෙ බන්.. ඒක තමා මේ රටේ මිනිස්සුන්ට ලෝකය පෙන්නන එක.. මේකේ ගොඩක් උන්ට ඉංග්‍රීසි බෑ, තාක්ශනේන් වැලක් හරි ලංකාවේම ලබ්බක් හරි බලනව ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ.. ඕකයි අවුල..
    ඉංග්‍රීසි අධ්‍යාපනය හැදුවත් හොඳටම ඇති... එතනින් එහාට මිනිස්සුන්ට තනියම දෙයක් කරගන්න පුලුවන් වෙන්ව.. ඒකට ඉතින් කඩ්ඩ කියන්නෙ වලව් පැලැන්තියේ එකක් ය කියන හීනමනේ නැති කරවන්න ඕන..
    ------ Post added on Aug 24, 2022 at 3:37 PM
     
    • Like
    Reactions: piyals

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    එක දවසකටවත් පිටරටකට ගිහින් තියන මිනිහෙක්ගෙන් අහන්න උතුම්ම රට මොකද්ද කියල. කියල දෙයි හොදට.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    එක දවසකටවත් පිටරටකට ගිහින් තියන මිනිහෙක්ගෙන් අහන්න උතුම්ම රට මොකද්ද කියල. කියල දෙයි හොදට.
    wena ratakata awahama therenawa ban ape minissu ipaduna dawase idan kochchara duk widinawada kiyala.
    (mama kiyanne me 2020n wage passe wechcha dewal hinda newei)
     
    • Like
    Reactions: Yastysan