ලෝකයේ උසම ප්‍රතිමාව

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ලෝකයේ උසම ප්‍රතිමාව

    ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරයි
    - 31 10 2018 - 10:57 - 2764 views - රුවන් කාශ්‍යප

    ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබීය. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තය.

    ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටේල් මහතාගේ ප්‍රතිමාව මෙසේ අද දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් විවෘත කරනු ලැබීය.

    ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදී ගං ඉවුරේ ඉදිකළ මෙම ප්‍රතිමාව ඉන්දියාවේ ප්‍රධාන සංචාරක ආකර්ශණයක් වෙනු ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

    කෙසේ වෙතත් තවත් පිරිසක් පවසන්නේ මෙය ජනතා මුදල් විනාශ කර දැමීමක් බවයි.

    මෝදි මහතා 2010 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස කටයුතු කරන අවස්ථාවේදි මෙම ප්‍රතිමාව ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබේ.
     
    • Like
    Reactions: barath dpriye

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    image_ca9a504497.jpg