ලෝකයේ දරුණුම ආඥාදායකයෝ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Rajapaksa1.jpg


    :baffled:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    මිලියනයක් යනු දශ ලක්ෂයකි. දශ ලක්ෂයක ජනතාවක් යනු ලේසි පාසු ප්‍රමාණයක් නොවේ. මුලු ලංකාවේම වාසය කරන ජනතාවද මිලියන විසි තුනක තරම් ප්‍රමාණයකි. ලක්ෂ ගණනින්, මිලියන ගණනින් ජනතාව ඝාතනය කළ හමුදා පාලකයෝ ලෝකයේ වූය. ඔවුන්ගේ පාලන සමය තුල එක්කෝ මිනිසුන් අවි යොදා ඝාතනය කරනු ලැබීය. නැතහොත් ඔවුන්ගේ අසාර්ථක පාලන ක්‍රම නිසා ජනතාවට සාගත වලින් මැරෙන්නට සිදුවිය. අපි එවැනි අදූරදර්ශී පාලකයන් කිහිප දෙනෙක් ගැන දැනගනිමු.



    හිරෝහිතෝ අධිරාජයා

    Dictators-1.jpg


    ජර්මනියේ හිට්ලර් මිනීමැරුවා කියන එක ලෝකෙම ජනප්‍රිය වුනත් හිරෝහිතෝ අධිරාජයා ගැන එතරම් ජනප්‍රිය වුනේ නැහැ. 1929-30 කාලේ ඉඳලා හිරෝහිතෝ අධිරාජ්‍යයා අගමැතිවරුන් එලවා දමා ඒ වෙනුවට මිලිටරි නිලධාරින් පත් කළා. ඒ වගේම එතෙක් නිදාසිටි ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට ඈඳාගන්නටත් ජපානයේ පර්ල් හාබර් ප්‍රහාරය හේතු වුනා. චීනය, කොරියාව, පිලිපීනය, ඉන්දුනීසියාව ආදී රටවල ජනතාව දෙවන ලෝක යුද්ධයේ ජපාන අන්තයේ කුරිරුකම් වලට ලක් වුනා. ඒ සමස්ථ ක්‍රියාවලිය හේතුවෙන් ඉන්දුනීසියාව, ඉන්දීය බෙංගාලය තුල සාගත තත්ත්වයන් ඇතිවුනා. කොහොම වුනත් හිරෝහිතෝ ගේ අධිරාජ සිහිනය නිසා ලෝකයට මිලියන විස්සකට වඩා ජනතාවක් අහිමි වුනා. 1901 දී ඉපදුණු හිරෝහිතෝ අධිරාජයා 1926 දි කිරුළ හිමිකරගත්තා. එවක පටන් 1945 ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුත් ඔහු 1989 වන තෙක් යහතින් සිය රජකමේම හිටියා.



    මාවෝ සේතුං

    Dictators-2.jpg


    1949 දී බලයට පත් මාවෝ චීනයේ කොමියුනිස්ට් පාලනයක් ඇතිකළා. රජය මගින් සියලු දේ තීරණය කරන කොමියුනිස්ට් පාලනයක් තුල සියලු වගා කටයුතු ආදියද1958 දී රජයේ අධිකාරීත්වය යටතේ සිදුවුනා. එහි ප්‍රතිඵලයක් විදියට ඒ වෙද්දිත් ලෝකේ වැඩිම ජනගහණයක් සිටි චීනේ වගා වල අස්වැන්න 25%කින් අඩු වුනා. ඒ අසාර්ථක කොමියුනිස්ට් ප්‍රතිසංස්කරණ නිසා මිලියන 20කට අධික පිරිසකට සාගතෙන් මිය යන්න සිදු වුනා. ඒ වගේම මාවෝ ගේ කමියුනිස්ට් පාලනය තුල චීනයේ විරුද්ධ පක්ෂ හෝ විරුද්ධ මතයක් කියලා එකක් නැති වුනා. සියලු විරුද්ධවාදීන්ට මාවෝ රජයේ සැහැසිකම්වලට ලක්වෙන්නට සිද්ද වුනා.



    පොල් පොට්

    Dictators-3.jpg


    කෙමරූජ් රජය යටතේ කාම්බෝජයේ පාලනය 1975-1979 කාලේදි පොල් පොට්ට හිමි වුනා. පොල් පොට් විසින් මරා දැමූ කාම්බෝජ ජනතාව මිලියන දෙකකට ආසන්න යැයි සැලකනෙවා. ගොඩක් කාම්බෝජ ජාතිකයින්ට සාගතේ බඩේගින්දරේ මැරෙන්නත් සිද්ද වුනා පොල් පොට් ගේ පාලනය නිසා. මෑත ඉතිහාසයේ බිහිවුන පාලකයන් අතුරින් වඩාත්ම සැහැසි පාලකයෙක් විදිහට පොල් පොට් ඉතිහාසගත වෙනවා. සිවිල් යුද්ධයකින් බලය අල්ලාගත් පොල්පොට්, එවකට කාම්බෝජයේ පෙනම් පෙන් වල සිටි වෛද්‍යවරු, සිවිල් සේවකයින්, ගුරුවරු ආදී දක්ෂ වෘත්තිකයින් සියල්ලම ඔහුගේ අණසකට යටත් කරගන්නවා. එසේ නම්මාගන්න බැරිවුන අයට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුනා. බලයෙන් ගිලිහුන පසුත් පොල් පොට් ඇතුළු පිරිස කෙමරූජ් ගරිල්ලන් ලෙස කාලයක් වනාන්තරයේ ජීවත් වුනා. කෙතරම් පව් කම් කළත් අවුරුදු 72ක් ආයුෂ තිබුන පොල් පොට් 1998 දී ජීවිතක්ෂයට පත් වුනා.



    කිම් ජොන් ඉල්

    Dictators-4.jpg


    දැනට උතුරු කොරියාවේ බලයේ සිටින කිම් ජොන් අන්ගේ පියා තමයි කිම් ජොන් ඉල් කියන්නේ. 2011 දී කිම් ජොන් ඉල් මැරුණා. ඒ මරණයේදී උතුරු කොරියානුවන් පොළවේ හැපි හැපි අඬා වැලපෙන දර්ශන ලොව පුරා මාධ්‍ය වල විකාශය වුනා. 1994 දී බලයට පත් වූ කිම් ජොන් ඉල්, රජ කාලයේ පරිදි පියාගෙන් පුතාට ලෙස බලයට පත් වෙනවා. කිම් ජොන් ඉල් ගේ කාලයේ සෝවියට් දේශයේ සමාජවාදී කඳවුරු බිඳවැටුනා. යාබද චීනයත් වඩාත් ධනවාදී කොමියුනිස්ට් රාමුවකට එකතු වුනා. ඒකත් එක්ක බලය තහවුරු කරගන්න කිම් ජොන් ඉල්ට ජාත්‍යන්තර බලයට වඩා සිය රටේ මිලිටරි බලය වැඩි කරගන්න සිද්ද වුනා. මේ කාලයේදී උතුරු කොරියාවේ න්‍යෂ්ඨික බලය දියුණු වුනා. ඒකත් එක්ක උතුරු කොරියාවට තව තවත් සම්බාධක පැනවුනා. අදටත් උතුරු කොරියාව කියන්නේ ලෝකෙන් හුදකලා වූ රටක්. එහි සිදුවෙන සංහාර, සාගත මියයෑම් ආදිය ගැන වාර්තා වෙන්නෙ ඉඳහිට කොරියාවෙන් පැන එන කෙනකුගේ මාර්ගයෙන් පමණයි.



    බශර් අල් අසාද්
    Dictators-5.jpg


    2000 වසරේදී බශර් අල් අසාද් ගේ පියා වූ සිරියා ජනාධිපති හෆිස් අල් අසාද් මරණයට ලං විය. එවිටම වාගේ සිරියා ව්‍යවස්ථාවේ තිබූ ජනාධිපතිවරයෙකු වීමට අවම වයස 40 සිට 34දක්වා අඩුවිය. ඉන් පසු එවකට දැන උගත් තරුණ වයසේ උන් බශර් ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වුනා. බශර් අල් අසාද්ගේ ජනාධිපතිකම 2001 පටන් ගෙන මේ දක්වාම පවතිනවා. ඒ කාලය තුල සිරියාවේ ලක්ෂ ගණන් ජනතාව අවතැන් වුනා. මැදපෙරදිග කලාපයට මෙන්ම ලංකාව වැනි රටවලටද තර්ජනයක් වූ අයි එස් ත්‍රස්තවාදීන්ට සිරියානු දේශසීමා නිජබිමක් බවට පත් වුනා. එසේම රටවල් කිහිපයකම හමුදා සහ සිරියානුවෝ සිරියා බිමේ යුද්ධ වලට දායක වුනා. සිරියානු පාලක බශර් අල් අසාද් කිහිප විටක්ම සාමාන්‍ය ජනතාවට එදිරිව රසායනික අවි ඉලක්ක කළා. ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවලින් බශර් ගේ පාලනයට කිහිප විටක්ම අභියෝග කළා.



    ඇඩොල්ෆ් හිට්ලර්

    Dictators-6.jpg


    ඇඩොල්ෆ් හිට්ලර් විසින් මුලපිරූ ලෝක යුද්ධය අවසානයේ එවකට පෘථිවියේ සිටි ජනතාවගෙන් සියයට තුනක් මෙලොව හැරගොස් සිටියා. ජර්මානු ජනතාවගේ ගැලවුම්කාරයා ලෙස පෙනීසිටි හිට්ලර් පිවිතුරු ජර්මානු ජාතියක් වෙනුවෙන් පෙනී සිටියා. ජාතික හැඟීම් උද්දීපනය කර එය අන්තවාදය තෙක් දැක්කූ හිට්ලර් සිය ජාතියට වෙනස් වූ යුදෙව්වන් ආදීන් තලා පෙලා පීඩාවට පත් කළා. වධ කඳවුරු වල දහස් ගණන් යුදෙව්වන් ඝාතනය කළා. ජනතාව මන බඳින ලෙස සිදුකරන ආවේගකාරී කතාවේ දක්ෂයෙකු වූ හිට්ලර් එකල ජර්මානුවන් වශී කරගන්නට සමත් වුනා.



    කිම් ජොන් අන්

    Dictators-7.jpg


    දැනට ලෝකයේ සිටින ආන්දෝලනාත්මකම ආඥාදායක පාලකයා කිම් ජොන් අන්ය. විටෙක අමරිකාව යාබද දකුණු කොරියාව සමග කිම් සාකච්ඡා කරන්නේය. එහෙත් ඉන් මාස කීපයකට පසු නැවත පෙර පරිදි ඔහු සිය න්‍යෂ්ඨික අවි අත්හදා බලන්නේය. මිලියන විස්සකට අධික උතුරු කොරියානු ජනතාව ලෝකයෙන් හුදකලා ගෝත්රික පිරිසක් බවට පත්කිරීමට කිම් ජොන් අන් ගේ පාලනය හේතු වී තිබෙනවා. මොබයිල් ෆෝන්, අන්තර්ජාලය, තාක්ෂණය, යාන වාහන උතුරු කොරියානුවන් බහුතරයකට තවමත් මැජික්ය. ඔහුගේ පාලනය තුල ජනමාධ්‍ය වලට ඉඩ කඩ ඇහිරී ඇත. එසේම වෙනත් කණ්ඩායම් වලින් එරට තොරතුරු පිටතට එන්නේද අඩුවෙනි.එබැවින් එරට වධ කඳවුරු වල කුමන ආකාරයෙන් වධ බන්ධන සිදුවන්නේද යන්න සිතාගන්නට අමාරුය. සම්බාධක පැනෙව්වත් ඒ හරහා උතුරු කොරියානු ජනයාට තව තවත් ජීවන ගමන අඩාල වෙනවා මිස කිම් ලාගේ ඉහළ පැලැන්තියට ඒ සම්බාධක ගාණක් වත් නැත.

    යහපත් පාලනයක් යනු තවත් එක පාලකයෙක් යැයි සිතූ කාලය දැන් අතීතයට ගොසිනි. බොහෝ දියුණු රටවල දැන් ඇත්තේ දක්ෂ පාලකයෙක් නොව දක්ෂ පද්ධතියකි. ඒ හරහා ජනතාව සිය පාලන කටයුතු කරගනිති. වැරදිලාවත් යම් නොමනා පාලකයෙක් ආවොත් ඔවුන් ඒ සිස්ටම් එකෙන්ම නෙරපා හැරීමට ඔවුන්ට ක්‍රමවේද ඇත. රිචඩ් නික්සන් යනු අමරිකානු ඉතිහාසයේ දක්ෂ ජනාධිපතිවරයෙකි. එහෙත් ඔහුගේ නොමනා ක්‍රියාකලාපය එලිවීමත් සමග නික්සන්ට සිය ධූරයෙන් ඉවත් වීමට සිදු විය. ඒ දියුණු පද්ධති තිබෙන රටවල හැටිය. ජනතාව පෙළන හමුදා ආඥාදායක පාලකයෝ බිහි නොවීමට නම් අපි අපේ පාලන ක්‍රම දියුණු කරගත යුතුය.
    Americawe ekek liyapu ekak lol. Mao, Kim Jong kiyanne minissunwa hondata balaganna un. North Koreawe Gewal free, electricity free, hama minihektama kama goniyak hambenawa.
     
    • Like
    Reactions: kpg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    North Korea walata US wage countries walin mokuth karnne naththe ai?

    US වලට ලොකු තර්ජනයක් නෑ බං උන්ගෙන්
    උන් ටෙරරර් සීන් එකෙන් නැති නිසා ගේම අදින්නේ නෑ ලොකුවට
    කවද හරි ඕව කඩන් වැටෙනව මිනිස්සු පාලකයාව ගහල පන්නයි
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    හොද පෝස්ට් ටිකක් වැටෙනවා.
    දිගටම වැඩේ කරගෙන යන්න..:)

    TFS..❤️

    Good post mcn

    Great post, brother :) (y)

    Thanks For Sharing

    Nice - thanks for sharing

    good thread kollo

    පට්ට නූල.... :love2: :love2:
    😍 Tnq 🤗
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113

    හිරෝහිතෝ අධිරාජයා​

    was powerless. It was not him committed the crimes. It was his army.

    He sought assistance from US to control the army which promoted US to bomb the Japan thus scaring the army.
     
    • Like
    Reactions: kpg

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    US වලට ලොකු තර්ජනයක් නෑ බං උන්ගෙන්
    උන් ටෙරරර් සීන් එකෙන් නැති නිසා ගේම අදින්නේ නෑ ලොකුවට
    කවද හරි ඕව කඩන් වැටෙනව මිනිස්සු පාලකයාව ගහල පන්නයි
    lol un mokatada oi gahala pannanne. Gewalut nikan hambenawanan, kanna bonnat nikan denawanan. Kim jon uge rate minissunwa hondata balagannawa. Umbalage Americawe tamai kawada hari gahala pannanne, minissu maha paare, healthcare na, hari haman padiyak na.