ලෝකයේ පැවැත්ම රාගයයි..

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇතැම් අය රාගයට ලොල් වන විට, තවත් අය එයට නිග‍්‍රහ කරන්නට පටන් ගත්තා.....
    මෙසේ, ප‍්‍රිය මනාප ලෙස ඇසුරු කිරීමට බාධා පැමිණෙන විට..... "සැඟවී ඇසුරු කිරීමට අස්සක් හදා ගන්න අවශ්‍ය වුණා! ඒ හදාගත් අස්ස.......'පියස්ස' වුණා! එසේම එයට උඩින් යන අයට නොපෙනී ඉන්න වහලයක් ගොඩනගා ගත්තා! එසේ කාමය ඇසුරු කරමින් වසාගෙන වාසය කරන තැන 'ගෘහය' වුණා! ගෘහයේ ඉන්න තැනැත්තා" ගිහියා" වුණා!පුරාණයේ ගමේ කොල්ලන්ට ඒ කාරිය පුරැදුකරවීමට කැපවී සිටි, බවලතුන් කිහිපදෙනෙක් සිටියහ. හැබැයි ඒ අද කාලේ වගේ 'බඩු' අර්ථයෙන් නොවේ ය.
    ගමේ නාට්‍යයක්..... පෙරහැරක් වැනි දෙයක් තියෙනා දවසට කාටත් හොරෙන්......
    මේ වගේ 'ලලක්කා කෙනෙක්' කැරකොප්පුවට ගෙන්වා ගැනීමට කොල්ලන් සමත්වූහ. එහිදී එක එකාට වැඩ බෙදී යයි..... දෙන්නෙක් ඔත්තු බැලීම ය. එක්කා ගෙන එන්නේ නම්...... හතර දෙනයි ඉන්නේ කියාය. ඒකිත් මගින් මගට කියන්නේ.... අපෝ ඊට වැඩියේ නම් බෑ.... කියාය. නමුත් මේවා දැනගැනීමට අපේ උන්ට ඇත්තේ පුදුමාකාර ඉවකි. මෙවැනි එකක් එක්කරගෙන ආ විට හරියට ම වැඩේ යන වෙලාවට..... කඩන් පාත්වීමට අපේ උන් දක්ෂය. සතර දෙනාගෙන් පටන්ගත් ගේම ඉවර වන්නේ අඩුම හත අටක්වත් පැමිණීමෙනි. හැබැයි කෙසේ හෝ අල්ලනවා ඇරෙන්න ලලක්කලාද බෑ.....කියන්නේද නැත!
    එසේ ආතල් එකක් තිබූ, මේ රටේ ලල් එක කඩා දැමුයේ පරදේසක්කාර සුද්දන්ය.....

    උන් ඇවිත් විවාහ නීති කියා...... මල සමයම් වගයක් දැමූ බැවින් අපේ ලාන්කීය නිදහස් සැක්ස් දිවියට තහන්චි වැටුනි..... හිතුමතේ සැරිසැරීමට ඇහැක් වූ අපේ fun life එක, 'බැදගත් බෙරය ගැසිය යුතු එකක්' බවට පත්වූයේ...... ඔය සුදු එවුන්ගේ 'රෝම ලන්දේසි' නීති නිසා ය. සැබැවින්ම සහකරුවන් එක් කිරීමට හෝ වෙන් කිරීමට නීතිය ට හැකි ද....? පැරැණ්නෝ ඒකට උත්තර දුන්නේ බණ කතා වලිනි. ඒ එක කතාවක අස්සක නම් රජුගේ බිසව මිය ගොස් ගොම කුරුමිණියක් වී උපදිනවා..... ඇය තවත් ගොම කුරුමිණියෙක් හා සංවාසයේ යෙදෙද්දී....ඇය හා දිවැසින් සංවාදයේ යෙදෙන තාපසයෙක් නමක් ඇයගෙන් විමසන්නේ...
    "අස්සක රජු හා විඳි කම්ස දැන් මතක නැද්ද?" කියාය. එයට ගොම කුරුමිණිය පිළිතුරු දෙන්නේ....
    "පරණ සැප අලුත් සැප වලින් වැසෙන බවත්....
    අස්සක රජුට වඩා ගොම කුරුමිණි සැමියා මට දැන් ප්‍රිය බවත් ය."
    සත්වයන් සසරින් නිදහස් නොවන්නේ....
    මෙම උපන් උපන් අත්භවය සතුටින් පිළිගන්නා (තත්‍ර තත්‍රාභිනන්දනී) සිතේ ස්වභාවය නිසා බැව්
    බුදු දහමේ මතය යී.

    1614306344199.png
    (FB උපුටනයකි.)
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ලෝකේ ඉන්න හැමෝම රාගය නැති කලොත එතනින් එහාට ලෝකයට පැවැත්මකුත් නැති වෙයි නේද?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලෝකේ ඉන්න හැමෝම රාගය නැති කලොත එතනින් එහාට ලෝකයට පැවැත්මකුත් නැති වෙයි නේද?
    ලොරි ටෝක් දෙන්න කලින් පන්සිල් පද 5 වත් රැකපන්
     
    • Sad
    Reactions: Kodiya97

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,174
    113
    ලෝකයේ පැවැත්ම ජලයයි
    ලෝකයේ පැවැත්ම කෑමයි කියල ඔහොමම ලියන්න පුළුවන්.
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ලොරි ටෝක් දෙන්න කලින් පන්සිල් පද 5 වත් රැකපන්
    තුන් වන පන්සිල් පදයෙන් කියන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියාය.
    කාමයේ වරදවා හැසිරීම විවාහක යුවලකට අදාල නොවේ. විවාහක යුවලක් යනු කව්රුද. අද නම් විවාහ සහතිකයක් සහිත යුවලකි. නමුත් එදා දවස විවාහක යුවලක් යනු අද living together යුවලකට සමාන නොවන්නේද.

    එසේනම් අද living together ආගමට අනුකුල ජිවත් වීමක් ලෙස පිළිගැනීමට සිදු වනු ඇත.
     
    • Dislike
    Reactions: Ragna_SL

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පන්සල් ගිහින් වැඳලා එනවා වෙනුවට අඳනකඩේ අස්සෙ ගිහින් පයි සූප්පු කරන්න ගියාම තමා ඔහොම වෙන්නෙ
     
    • Sad
    Reactions: ElaBaba

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    තුන් වන පන්සිල් පදයෙන් කියන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියාය.
    කාමයේ වරදවා හැසිරීම විවාහක යුවලකට අදාල නොවේ. විවාහක යුවලක් යනු කව්රුද. අද නම් විවාහ සහතිකයක් සහිත යුවලකි. නමුත් එදා දවස විවාහක යුවලක් යනු අද living together යුවලකට සමාන නොවන්නේද.

    එසේනම් අද living together ආගමට අනුකුල ජිවත් වීමක් ලෙස පිළිගැනීමට සිදු වනු ඇත.
    කාමයේ "වරදවා හැසිරීම" යුවලකට අදාල නොවෙනjවා කියනවනම් ඒක වැරදි....අඹුසැමියන් අතර ලිංගික සංසර්ගය අකුසලයක් නෙවේ..

    කාමයේ වරදවා හැසිරීම, භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනා තුළ විග්‍රහ කොට ඇත්තේ මෙලෙසිනි.
    ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා C¹තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''
    (සාල්‍යෙයක සූත්රය - ම.නි)

    එනම්..
    “කෙනෙක් කාමයේ වරදවා හැසිරෙනවා. එහි තේරුම මෙයයි. මව් විසින් රකින, පියා විසින් රකින, මව්පියන් විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නෑයන් විසින් රකින, තම ගෝත්‍රය විසින් රකින, ධර්මයෙන් රකින, එමෙන් ම ස්වාමියෙක් සිටින, එමෙන් ම විවාහ ගිවිසගත්, එමෙන් ම අඩු තරමේ මල් මාලාවක් දමා හෝ විවාහයක් පිණිස යම් ස්ත්‍රියක් ව වෙන්කොට තිබේ නම්, එබඳු ස්ත්‍රීන් කෙරෙහි ඔවුන්ගේ චරිතය කෙලෙසන අයුරින් කටයුතු කරනවා, ‘මෙය කයින් අධර්මයේ හැසිරීමකි’.

    තවද, කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ''සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුqරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ."
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඔන්න ම්න් පොඩි කාලේ දවසක් ටී.වී එකේ නිව්ස් බලද්දී සෙට් එකක් පාරවල් වහලා හෙන ලොකු උද්ගෝශනයක් කරා කියලා ට්.වී එකේ පෙන්නුවා. පොලිසිය එක්කත් ගහගන්න එකක්.
    මන් ඉතින් පොඩි එකානේ ඒ කාලේ. අම්මගෙන් ඇහුවා ඔහොම කරන එක පාපකර්මයක් නේද කියලා. මොකද මන් හිතන් හිටියේ "සාමයේ" විරුද්ද වචනේ තමා "කාමය" කියන්නේ. එහෙම බැලුවම උද්ගෝශනය කරනවා කියන්නේ කාමයේ හැසිරීමකි. එබැවින් එය පස්පවින් එකකි. හරිම ශෝකජනකයි මිත්‍රවරුනි මගේ තරකන හැකියාව.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තුන් වන පන්සිල් පදයෙන් කියන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියාය.
    කාමයේ වරදවා හැසිරීම විවාහක යුවලකට අදාල නොවේ. විවාහක යුවලක් යනු කව්රුද. අද නම් විවාහ සහතිකයක් සහිත යුවලකි. නමුත් එදා දවස විවාහක යුවලක් යනු අද living together යුවලකට සමාන නොවන්නේද.

    එසේනම් අද living together ආගමට අනුකුල ජිවත් වීමක් ලෙස පිළිගැනීමට සිදු වනු ඇත.
    කාමයේ වරදවා හැසිරෙනවා කියන්නේ ලිංගික වැඩේටම නෙමෙයි

    ඇස
    කණ
    නාසය
    දිව
    ශරීරය
    ඕනෙවට වඩා පිනවීම
    ඕනෙවට වඩා ෆිල්ම්ස් බලන එක ,වැලබලන ,සින්දු අහන එක..කෑම රස හොයන එක ..සුවද සමහරු ඉන්නේ පෙට්රෝල් සුවද ට ආසා..බඩු ගහන්නේ නැතිවම බැරි අය ඉන්නේ ...සමහරු ඉන්නේ පිස්සුවෙන් වගේ අන්න ඒ vage venna එපා ඒ වගේ දේවල් වලින් හැමෝටම හානියක් නේ වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    elajani said:
    කාමයේ වරදවා හැසිරෙනවා කියන්නේ ලිංගික වැඩේටම නෙමෙයි
    :yes::yes::yes:

    ඕනෙම ආගමකට පොදු ලක්ෂණය

    ධර්මයෙන් පිළිතුරු දිය නොහැකි වන විට , ධර්මය රැක ගැනීම සදහා නව අර්ථ කතන ගෙන ඒම .
     
    • Like
    Reactions: ElaBaba