ලෝකයේ මිල අධිකම පළඳනා 6ක්

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    ලෝකයේ මිල අධිකම පළඳනා 6ක්

    ලෝකයේ එක එක ලස්සන දේවල් තියනවනේ. අද ඔයගොල්ලොන්ට කියන්න යන්නේ ඒවගේ ලස්සන දෙයක් ගැන. මොනවද දන්නවා ද ? ලෝකයේ මිල අධිකම ඒ වගේම වටිනා කමින් සහ නිමාවෙන් උසස්ම ආභරණ සහ පළඳනා ගැන තමයි ඔයගොල්ලොන්ට කියන්න යන්නේ. මේ තියන සමහර දේවල් ගැන නම් ඔයගොල්ලෝ අහලත් ඇති.

    EMERALD AND DIAMOND TIARA: $12.7 MILLION (රුපියල් – 1,797,732,496.79)



    එමරල්ඩ් වර්ගයේ මැණික් සහ දියමන්ති වලින් නිර්මාණය කල මේ හිස් පලදනාව කැරට් 500 ක් පමණ බර ඉතා දුර්ලභ ගනයේ Colombian emerald වර්ගයේ මැණික් ගල් 11කින් නිර්මාණය කෙරී තිබෙනවා. මෙය හංගේරියාවේ ජිවත් වූ Katharina Henckel von Donnersmarck කුමරියට අයිති වූ පළදනාවක්. මෙය 2011 වසරේ දී එහි ඇස්තමේන්තු ගත වටිනාකමටත් වඩා ඩොලර් මිලියන 2ක් වැඩි ගණනකට අලෙවි වී තිබෙනවා.

    HEART OF THE KINGDOM RUBY: $14 MILLION (රුපියල් – 1,981,746,951.43)



    ලෝකයේ බොහෝ පිරිසකගේ ගෞරවාදරයට පාත්‍ර වෙන පළදනාවක් විදියට හඳුන්වන්න පුළුවන්. කැරට් 40.63 වෙන මේ හාට් එකක් හැඩති රතු දියමන්තිය කැරට් 155ක දියමන්ති මාලයකට ඔබ්බවා තිබෙනවා. මෙය අයිති Garrard කියන සමාගමට. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙය කාන්තාවකගේ හිසට ද පැළඳ වීමට හැකි වීමයි.

    BULGARI BLUE DIAMOND RING: $15.7 MILLION (රුපියල් – 2,219,387,817.12)


    1972 වසරේ නිර්මාණය කෙරුණු මෙය කැරට් 10.95 ක් බර ත්‍රිකෝණාකාර නිල දියමන්තියකින් සහ කැරට් 9.87ක් බර තවත් ත්‍රිකෝණාකාර දියමතියකින් නිර්මාණය කර තිබෙනවා.

    WITTELSBACH-GRAFF DIAMOND: $24.3 MILLION (රුපියල් – 3,435,103,436.69)


    මෙය පාරම්පරික පුරාවෘත්ත වල එන දියමන්තියක්. 1664 වසරේ ස්පාඤ්ඤයේ IV වන ෆිල්ප් රජු තම දියණියගේ දෑවැද්ද ලෙස මෙය කරවූ බව සඳහන් වනවා. කොහොමහරි දිර්ගකාලයක් පුරාවට මේ මැණික යුරෝපයේ රජ පවුල් අතර පැවතිලා තියනවා. කාලයක් නැතිවෙලා තිබුණු මේ දියමන්තිය 2008 වසරේදී හම්බු වුනාට පස්සේ Laurence Graff කියන නිර්මාණ ශිල්පියා මෙය මිලදී අරගෙන එය කැරට් 31.06ක දියමන්තියක් ලෙස කපා ඔපදමා තිබෙනවා.

    THE PATIALA NECKLACE: $25 MILLION IN THE YEAR 1948 (රුපියල් – 3,538,833,841.85)


    ඉන්දියාවේ ජිවත් වුනු මහාරජ භුපින්දර් සිං (Maharaja Bhupinder Singh) ට අයිති වෙලා තිබුණු මේ මැණික 1948 වසරේ දී සොරකම් කෙරුණා. මෙය ඒ කාලය වන විටත් ඩොලර් මිලියන 25ක් පමණ වටිනා පළඳනාවක් වුණා. පස්සේ කාලෙක ඒ කියන්නේ 1998 මෙහි කොටස් කිහිපයක් ලන්ඩන් නුවර පරණ බඩු කඩේක තිබිලා හම්බු වුණා. මුලදීම මෙහි දියමන්ති එබ්බවූ ප්ලැටිනම් වලින් නිර්මාණය කල මාල පොටවල් 5ක් තිබිලා තියනවා. කැරට් 962.25ක් වෙන දියමන්ති 2,930 ක් මෙහි තිබිලා තියනවා. ඒ වගේම මේක මැද්දේ තවත් විශාල දියමන්ති 7ක් සහිත පෙන්ඩනයක් සහ De Beers වර්ගයේ දියමතියක් වගේම කැරට් 29.58ක රතු දියමන්ති දෙකක් ද තියනවා.

    THE GRAFF PINK: $46.2 MILLION (රුපියල් – 6,539,675,720.32)


    ඔයගොල්ලෝ අහල ඇතිනේ Pink Panther (පින්ක් පැන්තර්) කියලා නමක්. අන්න ඒ අන්වර්ථ නාමයෙන් හඳුන්වන මේ රෝස පාට මැණික කැරට් 24.78ක්. මේ වර්ගයේ මැණික් වලින් දැනට හමුවෙලා තියන හොඳම සහ වටිනාම මැණික විදියටත් මෙය සැලකෙනවා. මේ මැණිකේ ආරම්භය ගැන එතරම් පැහැදිලි නැති වුණත් ලෝකයේ මිල අධිකම මැණිකක් විදියට මෙය සැලකෙනවා.

    sira.lk
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මිල අධිකම ආභරණ ටික බලන්න
    මිල අධිකම අන්තර්ජාල ගාස්තු තියෙන රටේ Data ටික යැව්වා උඹ
    පොටෝ පොඩියට දාපිය
    :oo::oo::oo:
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    ෆොටෝ ටික පොඩියට දාපන් බන්. ස්ච්රීන් එක පුරාම දුවන්න ඌනේ ඒවා බලන්න

    ඔන්න හැදුවා මචන්ලා.......
    sorry හොඳේ.......
    ;););););)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මිල අධිකම ආභරණ ටික බලන්න
    මිල අධිකම අන්තර්ජාල ගාස්තු තියෙන රටේ Data ටික යැව්වා උඹ
    පොටෝ පොඩියට දාපිය
    :oo::oo::oo:

    V5dEIc8.jpg
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    ela machan eth rep denna behelu ne "You must spread some Reputation around before giving it to K M J again."
     

    Similar threads