Miracle Garden - Dubai කියන්නෙ මල් වලට ආස කරන අය යන්න හීන දකින තැනක්. විශේෂයෙන්ම කාන්තාවන් ආස තැනක්.. මේ තමයි ලෝකයේ ලොකුම මල් වත්ත. ඒක තියෙන්නෙ ඩුබායි වල. ඉතින් මේ වසරේ අප්‍රේල් මාසයේ මම ඩුබායි හි සංචාරය කරද්දී මේ මල් වත්ත බලන්නත් ගියා. පහල ලින්ක් එකෙන් විනාඩි 08 ක මගේ කෙටි වීඩියෝවත් බලන්න.. 2013 අවුරුද්දෙ වැලන්ටයින් දවසෙ විවෘත කරපු Miracle Garden එකේ විශාලත්වය වර්ග මීටර් 72000 ක්. මේ උද්‍යානය ඇතුලෙ විවිධ වර්ග 120ක පමණ වර්ණවත් මල් මිලියන 150 ක් විතර දැකගන්න පුලුවන්. මේ මල් මූර්ති , කාටූන් චරිත විදිහට වගේම දැවැන්ත ආකෘති විදිහටත් හදලා තියෙන්නෙ... ඩුබායි අධික උෂ්ණත්වයක් සහිත නගරයක්. ඒත් බිංදු ජල සම්පාදන ක්‍රමයක් මගින් විවෘත ප්‍රදේශයක තියන මේ මල් ඉතා හොඳින් නඩත්තු කිරීම කරනවා. Miracle Garden එකේ එක් විශේෂී තැනක් තමයි මල් වලින් සරසා තියන Airbus A380 ගුවන් යානය. මේක ලෝකයෙ විශාලම මල් වලින් සකස් කරපු නිර්මාණයක් විදිහට සලකනවා. ඒ වගේම ලොකයේ විශාලම මිකී මවුස් කෙනෙක්ද මෙතනදි දැකගන්න පුලුවන්. උද්‍යානය අවුරුද්දෙ හැම කාලයකම විවෘතව නෑ. සාමාන්‍යයෙන් සිසිල් මාස වන ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා එය විවෘතව පවතිනවා. මැයි සිට සැප්තැම්බර් දක්වා උෂ්ණත්වය සමහර වෙලාවට 40C වගේ වෙනකල් ඉහළ යනවා. එය මල් පිපෙන්න බාධාවක් වෙනව වගේම සංචාරකයන්ටත් අපහසුතා ඇති කරනවා. ඒ වගේම මල් වත්ත නරඹන්න හොඳම වෙලාව තමයි උදේ කාලය හෝ සවස් කාලය. Miracle Garden එක කොච්චර ලස්සන තැනක්ද කියනවා නම් අවුරුද්දකට සංචාරකයන් මිලියන 1.5ක් පමණ පැමිණෙනවා. ඩුබායි නගරයේ තියන මේ ස්ථානය ඔවුන්ට වෙනස්ම අත්දැකීමක් ලබාගන්න පුලුවන් තැනක් විදිහට හඳුන්වන්න පුලුවන්. ඉතින් ඔයාලත් ඩුබායි වල සංචාරය කරද්දි / සංචාරය කරන්න පුලුවන් උනොත් අනිවාර්යෙන්ම මේ ලස්සන මල් වත්ත බලන්න යන්න
.
* විනාඩි 08 ක මගේ කෙටි වීඩියෝව බලන්න >>>
පසුගිය සියලුම සංචාරයන් බලන්න >>>
.
* විනාඩි 08 ක මගේ කෙටි වීඩියෝව බලන්න >>>
පසුගිය සියලුම සංචාරයන් බලන්න >>>
Last edited: