ලෝකයේ වැඩිම මිලිටරීකරණය වූ ප්‍රදේශය, මුල&#3501

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ලෝකයේ වැඩිම මිලිටරීකරණය වූ ප්‍රදේශය, මුල&#3501

පුදුමයි ඒත් ඇත්තයි..! දෙන්නෙකුට එකෙක් යුද සෙබලෙක්: ලෝකයේ වැඩිම මිලිටරීකරණය වූ ප්‍රදේශය, මුලතිව්..!

සුනන්දගේ සටහන


(ලංකා ඊ නිව්ස් - 2017.ඔක්.14, පෙ.ව.3.20) පසුගිය දිනෙක වැඩිදුර අධ්‍යාපනය පිණිස ජිනීවා පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණියක සමඟ රට තොට ගැන පිළිසඳරක යෙදී සිටියදී ඇය මෙසේ කීවාය. ‘ මැයි 19 දා ජනාධිපති රාජපක්ෂගේ යුද ජයග්‍රහණ කතාව අහන්න අපේ පාසලේ සෑම ශිෂ්‍යාවක්ම ප්‍රධාන ශාලාවට කැඳෙව්වා. මගේ යෙහෙළියන් හැමෝම වගේ සතුටින් හිටියෙ. ඒත් මට සතුටක් පෙන්නන්න බැරි වුණා. මං දැනං හිටිය යුද්ධයේ අවසානය දෙමළ ජනයාගේ ප්‍රශ්ණවල අවසානය නොවන බව. ඒ බව මගේ යෙහෙළියන්ට පැහැදිළි කරන්න හුඟක්ම අමාරු වුනා.’

එදින එම ශිෂ්‍යාවගේ මුවඟට නොනැගුණූ සිනහව, යුද ජය සමරා දකුණෙහි වීදිවල කිරිබත් උයා කා අට වසරක් ගෙවීගොස් ඇතත්, යුද්ධයෙන් විපට පත් දෙමළ ජනයාගේ මුවඟට තවමත් නැගී නැත. මේ බවට අපූරුවට පෙන්වාලන වාර්තාවක් යාපනයෙහි පිහිටි ප්‍රතිපත්ති සමීක්ෂණ ‘අඩයාළම් කේන්ද්‍රය‘ විසින් පසුගියදා ප්‍රසිද්ධ කර තිබුණි. එම වාර්තාව (Normalising the Abnormal: The Militarisation of Mullaitivu) මෙරට සමානාත්මතාවය සහ යුක්තිය පෙරටුකරගත් සාමයක් අපේක්ෂා කරන අප හැමගේ අවධානයට බඳුන් විය යුතුය.

මුලතිව් දිස්ත්‍රික්කයෙහි රඳවා සිටින යුද හමුදා සේනාංක ගැන සඳහන් කරන එම වාර්තාව පෙන්වා දෙන්නේ අඩුම වශයෙන් මුලතිව් දි දිස්ත්‍රික්කයෙහි යුද හමුදා සොල්දාදුවන් 60, 000ක් රඳවා සිටින බවයි. මේ වනාහී යුද හමුදාවේ සක්‍රීය හමුදා සෙබළ ගහණය වන 243,000 න් සියයට 25කි. එනම් මෙරට සිටින සෑම සෙබළුන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් රඳවා සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙහිය. පුදුම නමුත් ඇත්තය.

2014 ජන සංගණන සංඛ්‍යා ලේඛනයන්ට අනුව මුලතිව් දිසාවෙහි ජනගහනය 130,322 කි. එනම් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 0.6 කි. මේ අනුව එම දිසාවෙහි සෑම වැසියන් දෙදෙනෙකුටම (2:1) එක් හමුදා සොල්දාදුවකු බැගින් සිටී. මේ අනුව අද ලෝකයෙහි වැඩිම යුදකරණයකට ලක්ව ඇති ප්‍රදේශය මුලතිව් දිස්ත්‍රික්කයයි. (නොනිල වාර්තාවන්ට අනුව යාපන දිසාවෙහි මෙම අනුපාතය 4:1කි)

මුලතිව් දිසාවෙහි ඇති මෙම 2:1 පුරවැසි-සෙබළ අනුපාතයට එහි රඳවා සිටින ගුවන් සහ නාවික හමුදා ඇතුළත් නැත. එම ප්‍රමාණයන් අප්‍රසිද්ධ නිසාය. එමෙන්ම යුද හමුදා බුද්ධි බලකාය, විශේෂ හමුදා රෙජ්මේන්තුව සහ යුද හමුදා කොමාන්ඩෝ බලකායද මුලතිව්හි රඳවා සිටින අතර එම සංඛාවන්ද සොයාගත නොහැකි බැවින් ඉහත කී 60,000 ට ඇතුළත් කර නැත.

ශ්‍රී ලංකා යුද හමුදාව ආරක්ෂක සේනා මූලස්ථාන හතකින් සමන්විත වන අතර ඉන් පහක්ම පිහිටා තිබෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්හි ය. මෙම ආරක්ෂක සේනා මූලස්ථාන පහෙන් තුනක්ම පිහිටා තිබෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙහිය.

යුදකරණයේ තවත් වැදගත් මිනුමක් නම් ජනයාගේ ඉඩම් යුද හමුදාව විසින් අල්ලා ගෙන සිටින ප්‍රමාණයයි. එම වාර්තාව පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ නිල වාර්තා මගින් දක්වන යුද හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් පිලිබඳ සංඛ්‍යා ලේඛන අවතක්සේරුවක් බවය. මෙම නිගමනයට පැමිණ ඇත්තේ වාර්තාව සඳහා කරන ලද සමීක්ෂන අනුවය. යුද හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ආණ්ඩුවේ වනාන්තර සහ ආරක්ෂිත වනාන්තර ප්‍රමාණය වාර්තා කර ඇත්තේ අඩුවෙන් බවත් වාර්තාව පෙන්වා දෙයි. එයට අනුව මුලතිව් දිසාවෙහි අක්කර 30,000 පමණ ආරක්ෂක හමුදා විසින් අත්පත්කර ගෙන තිබේ. නිර්- යුදකරණයේ මූලික පියවරක් ලෙස ඉඩම් පිළිබඳ මෙම ව්‍යකූලතාවය පිටු දැකීම පිනිස යුද හමුදාව විසින් වන්නියෙහි අත්පත්කරගෙන සිටින ඉඩම් සම්බන්ධයෙන් පුළුල් සහ විනිවිද පෙනෙන ඉඩම් සමීක්ෂණයක් කළ යුතු බව වාර්තාව සඳහන් කරයි.

යුද කරණය වනාහී හුදෙක් සංඛ්‍යාත්මක කාරණයක් නොවේ. මෙසේ දෙමළ ජනයා අතර කිඳා බසිමින් ඉන්නේ ඔවුන්ට එරෙහිව අපරාධ කළ බවට චෝදනා ලබන නමුත් එම කිසිදු චෝදනාවකට දඬුවම් නොලබා සිටින හමුදාවක් සමඟ අසල්වාසීන් ලෙස ජීවත්වීමට දෙමළ ජනයාට දැන් සිදුව තිබෙන බව වාර්තාව සඳහන් කරයි. සමහර විට ඒ හමුදාව යටතේම ඔවුනට රැකියා කිරීමටද සිදුවෙයි. ඒ අතරවාරයේම යුද හමුදාව දෙමළ ජනයාට අයත් ඉඩම් මගින් ලාභ ලබා ගනිති. එසේ නමුත් තවමත් ඉඩම් අහිමිව තාවකාලික මඩුවල ජීවත්වන මේ ජනයාට යුද හමුදාව විසින් පවත්වාගෙන යන වානිජ ව්‍යාපාර සමඟ තරඟ කිරීමටද සිදුව තිබේ.

පුදුමයකට මෙන් යුද හමුදාව, මුලතිව් දිස්ත්‍රික්කයෙහි එක් ප්‍රධානතම සේවා යෝජකයකුද වෙයි. මේ වනාහී ශ්‍රී ලංකාවේ අන් කිසිදු පළාතක දක්නට නොමැති අස්වාභාවික තත්ත්වයකි.

මුලතිව් යනු 2012 / 2013 ජන සංගණනයට අනුව ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කයකි. එහි සියයට 24.8 ක් ජීවත්වන්නේ දුප්පත්කමේ සීමාවට යටිනි. මෙරට අඩුම මාසික ආදායම ලබන ජනයා ජීවත්වන දිස්ත්‍රික්කය ද එයයි.

මෙසේ තිබියදීත් යුද හමුදාව දිසාවෙහි ආර්ථික කටයුතුවල මහා පරිමාණයෙන් නියුතුවෙයි. එමගින් එහි ජනයාට ඇති ආර්ථික ඉඩ ප්‍රස්ථා අහෝසි වෙයි. වාර්තාව පෙන්වා දෙන්නේ ආකාර තුනකට යුද හමුදාව මුලතිව් දිස්ත්‍රික්කයෙහි ආර්ථික ජීවිතයට මැදිහත් වන බවයි. එනම් තමන්ගේම ආර්ථික ව්‍යවසාය මගින්, යුද හමුදාව විසින් පාලනය කරන සිවිල් ආරක්ෂක දෙපාර්ථමේන්තුව (සීඑස්ඩී) පවත්වාගෙන යන ආර්ථීක කටයුතුවලට සිවිල් වැසියන් බඳවා ගැනීම මගින් සහ පුද්ගලික අංශයේ ආයෝජනයන්ට මැදිහත්වීම මගිනි.

මුලතිව්හි පමණක් යුද හමුදාව සංචාරක හෝටල 5 ක් පවත්වාගෙන යයි. ඒවා නන්දිකඩාල් ගෙස්ට් හවුස්, ග්‍රීන් ජැකට්ස් රිසෝට්, බගලර්ස් නෙස්ට්, ලැගූන් එජ් රිසෝට් සහ ඕෂන් විව් හොලිඩේ යනුය.

සීඑස්ඩීය හිටපු එල්ටීටීඊ සටන්කරුවන් සහ රැකියා විරහිත ස්ත්‍රීන් සිය ව්‍යවසායන්ට බඳවා ගනී. මෙම සීඑස්ඩී ගොවිපළ නිශ්පාදන වෙළඳ පොළ මිලට වඩා අඩුවෙන් අළෙවි කරන අතර ඒවායේ සේවකයින්ට සාමන්‍යයට වඩා වැඩි වැටුපක් ගෙවති. එමගින් සිදුවන්නේ දිසාවෙහි ව්‍යවසායකයනට හමුදා ව්‍යවසාය සමඟ තරඟ කිරීම දුෂ්කර වීමයි.

තවද සීඑස්ඩීය මුලතිව්හි තමන්ගේම පෙර පාසැල් පවත්වා ගෙන යන අතර ඒවායේ ගුරවරියනට හමුදාවෙහිම පුහුණු වැඩ සටහන් පවත්වති. මෙම පෙර පාසල්හි කටයුතුවලට යුද හමුදාව බොහෝ සෙයින් මැදිහත් වෙයි.

පසුගිය කාලයෙහි මුලතිව්හි විවෘත කරන ලද ඇඟළුම් කර්මාන්ත ශාලා දෙකකටම සේවිකාවන් බඳවා ගැනීමට සහ පුහුණු කිරීමට යුද හමුදාව මැදිහත් විය. එමගින් යම් ආකාරයක පාලනයක් හමුදාව තමන් අත පවත්වා ගනී.

යුද කරණයේ තවත් ලකුණක් බවට පත්ව ඇත්තේ බෞද්ධයින් නැති පෙදෙස්හි පවා පන්සල් ඉදි කිරීමය. 2009 වසරට පසු යුද හමුදාව මැදිහත් වී ඉදි කරන ලද පන්සල් ගණනාවක්ම මුලිතිව් දිසාවෙහි තිබේ. නයාරු රජමහා විහාරය හමුදා කඳවුරක් ඉදිරියෙන් ගොඩනගන ලද්දේ 2009 දීය. 2009 දීම ගොඩ නගන ලද විශාල විහාරයක් ඔඩුසුඩාන් හමුදා කඳවුරෙහි තිබේ. වඩුවාකල් පාලමට දකුණින් ඇති ශ්‍රී රජමහා විහාරය ද ගොඩ නගන ලද්දේ 2009 දීය. මේ නිදසුන් කිහිපයක් පමණි.

ආණ්ඩුව කියනු ඇත්තේ මෙතරම් විශාල හමුදාවක් මුලතිව්හි රඳවා සිටින්නේ ආරක්ෂක හේතූන් නිසා බවයි. එසේ නම් මෙම ජනයාගේ සමාජ හා දේශපාලන සිවිල් ජිවිතය ආක්‍රමණය හමුදාවේ ක්‍රියාදාමයක් පවත්වා ගෙන යන්නේ ඇයි? ඇත්ත උවමනාව වන්නේ දෙමළ ජනයා යටපත් කිරීම නොවේද? මෙම ජනයාගේ සිවිල් ජිවිතයට මැදිහත්වීම මගින් ඇත්ත වශයෙන්ම කැරෙන්නේ එදිනෙදා ජිවිතයෙහි යුද හමුදාවේ බලපෑම ඔවුනගේ ජීවිත තුලට කා වැද්දවීමය. මෙතරම් විශාල හමුදාවක් යම් පෙදෙසක සිටින විට සහ එය එම ජනයාගේ සමාජ ආර්ථික ජිවිතයට මැදිහත්වන විට එය එම ජනයාගේ කතාකිරීමේ සහ සිතීමේ නිදහසට නොදැනුවත්වම වාගේ මර්දනය වෙයි. නිදහස සීමා වෙයි. තමන් ගැන ඔත්තු දීමට බලාගෙන සිටින්නේ කව්දැයි ඔවුන්ට විමසිල්ලෙන් සිටින්නට සිදුවෙයි. එමගින් ප්‍රජාව තුලම අවිශ්වාසය මෝදු වෙයි.

මෙවැනි යුදකරණයකට මුහුණ දී සිටින දෙමළ ජනයා සහ සිංහල ජනයා අතර විශ්වාසය මත පදනම් වූ සංහිඳියාවක් ගොඩ නැගෙන්නේ කෙසේද? අති බහුතර වශයෙන් සිංහල බෞද්ධ වන හමුදාවක් සිය ජන ජීවිතයට අනාරාධිත බලපෑමක් ඇති කරන විට දෙමළ ජනයා තුළ අසතුට මිස සතුටක් වර්ධනය වන්නේ යැයි කවරකු හෝ සිතන්නේ නම් එය තාවකාලික සිහිනයක් පමණක් වනු ඇත.

අපට ශ්‍රී ලංකිකයින් වශයෙන් සාධාරණත්වය සහ යුක්තිය මත පදනම් වූ සාමයක් සහ සහජීවනයක් ගොඩ නඟා ගත හැක්කේ පශ්චාත් - යුද්ධ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ මගින් නිර්-යුදකරණය කරා ගමන් කිරීමද මගිනි. එමෙන්ම පසුගිය දෙවසර පුරාද ඒ කරා යොමු වූ දැනෙන පියවරයන් කිසිවක් ගෙන නැති බවද සඳහන් කළ යුතුව තිබේ.

-සුනන්ද දේශප්‍රිය විසිනි-

---------------------------
by (2017-10-13 22:09:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
උතුරේ ආය ත්‍රස්ත්වාදයක් හෝ බෙදුම් වාදයක් එන්නේ නෑ.ඒක නිසා ආමි එක උතුරේ සිටීම දැන්නම් කිසිම තේරුමක් නෑ.ඒක නිසා සිවිල් පාලනය සහ සිවිල් දේශපාලනය ඇති කරලා හමුදාව ගෙන යන පාලනය හුගක්ම අවම කරන්න ඕන.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කොහොමත් අතගාල යටින් පාර දෙනව කියන එක තමා ආරංචි.. බුද්ධි අංශ වලින් බැහැල ඉන්නෙ. ඔලුව උස්සන් එන කොටිය බලල ෂේප් එකේ කෙලින්න.

බුද්ධි අංශ ඉන්න ලඟම කෙනෙක් කිව්වෙ

අවුරුදු අටක් ගිහිල්ලත් තාම කොටි ගැන හිතන උඹලා කොරහේ කිඹුලෙක් දකින මෝඩ හැත්ත. කොටින්ට ආපහු දෙමල සමාජය තුල ඉඩක් නෑ.කොටි ඉන්නේ සිංහලුන්ගේ මනස තුල විතරයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අනිත් එක කරුනා කේපි පිල්ලයාන් එලියේ තියාගෙන නොමග ගිය දෙමල තරුන තරුනියන් හිරේ දාගෙන ඉන්න එක විහිලුවක්.මේ අයව පුනරුත්තාපනය කරලා එලියට දාන්න ඕන.
 

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අවුරුදු අටක් ගිහිල්ලත් තාම කොටි ගැන හිතන උඹලා කොරහේ කිඹුලෙක් දකින මෝඩ හැත්ත. කොටින්ට ආපහු දෙමල සමාජය තුල ඉඩක් නෑ.කොටි ඉන්නේ සිංහලුන්ගේ මනස තුල විතරයි.

    පලයං බං යන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කොහොමත් අතගාල යටින් පාර දෙනව කියන එක තමා ආරංචි.. බුද්ධි අංශ වලින් බැහැල ඉන්නෙ. ඔලුව උස්සන් එන කොටිය බලල ෂේප් එකේ කෙලින්න.

    බුද්ධි අංශ ඉන්න ලඟම කෙනෙක් කිව්වෙ

    ඔය වගේ දේවල් මෙහෙම පබ්ලික් දාන්න එපා බන්:dull:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඔය බුද්දි අංශ කාරයො තමයි කොටි ලේබල් අලවලා එක්නෑලිගොඩ ලසන්ත වගේ අය මරලා දැම්මේ.ඒ උනාට උන්ට කේපී කරුන්නා පිල්ලයන් පෙනුනේ නෑ.:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුනන්ද දේශප්‍රිය විසින්....
    අනේ හුකේ නංනානේ.....
    රාවයේ සල්ලි ටික ගිලල, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් කෙල්ලන්ට මේසේ උඩ ඩිස්ටි ඩිඩිං දාල, ඒකේ සල්ලි මාටිය ගහල රට පැනල ඉන්න ජාති භ්‍රෂ්ටයා......
    උකේ ඇගිල්ල ගහගනින්......
    ඔව්...සුනන්ද වගේ පොන්නයො පොරවල් කරගෙන ඉන්න උඹටත් එක්ක තමා කිව්වෙ පොන්න ඇමසියෝ......
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අපිටත් විස්තර එනවා. එහෙම කලබල වෙන්න හේතුවක් නෑ.

    ප්‍රබාකරන් නැතුව කොටින්ට පැවත්මක් නෑ. ප්‍රබාකරන් මැරුනේ නන්දිකාල් කලපුවේ නෙවෙයි..ප්‍රබාකරන් 2004 සුනාමිය වෙලාවේ මුලතිව් පල්ලියක 200ක් එක්ක පූජාවක් කරමින් හිටිය වෙලාවේ සුනාමියට ගහගෙන ගිහින් මැරුනා .අඩුම ගානේ බොඩියත් හම්බ උනේ දවස පහකින්.ඔය ඊට පස්සේ හිටියේ ඩමියක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ප්‍රබාකරන් නැතුව කොටින්ට පැවත්මක් නෑ. ප්‍රබාකරන් මැරුනේ නන්දිකාල් කලපුවේ නෙවෙයි..ප්‍රබාකරන් 2004 සුනාමිය වෙලාවේ මුලතිව් පල්ලියක 200ක් එක්ක පූජාවක් කරමින් හිටිය වෙලාවේ සුනාමියට ගහගෙන ගිහින් මැරුනා .අඩුම ගානේ බොඩියත් හම්බ උනේ දවස පහකින්.ඔය ඊට පස්සේ හිටියේ ඩමියක්.

    :lol::lol::lol::lol::lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    දෙවැනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු කියක් ඇමරිකන්, රුසියන් හමුදා ජර්මනියේ හිටියද?
    මේ ප්‍රදේශවල හොයා නොගත්ත අවි ඕනි තරම් තියෙනවා, ඒ වගේම හොද පුහුණුව ලබපු ත්‍රස්තවාදීන්. එක පොඩි වෙනසකින් අපහු ලොකු දෙයක් වෙන්න පුළුවන්.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උතුරේ ආය ත්‍රස්ත්වාදයක් හෝ බෙදුම් වාදයක් එන්නේ නෑ.ඒක නිසා ආමි එක උතුරේ සිටීම දැන්නම් කිසිම තේරුමක් නෑ.ඒක නිසා සිවිල් පාලනය සහ සිවිල් දේශපාලනය ඇති කරලා හමුදාව ගෙන යන පාලනය හුගක්ම අවම කරන්න ඕන.

    කරවලයෝ උඹ දන්න රෙද්දක් නෑ.. කරවල ගැන ත්‍රෙඩ් එකක් දාලා පැත්තකට වෙලා හිටපන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ප්‍රබාකරන් නැතුව කොටින්ට පැවත්මක් නෑ. ප්‍රබාකරන් මැරුනේ නන්දිකාල් කලපුවේ නෙවෙයි..ප්‍රබාකරන් 2004 සුනාමිය වෙලාවේ මුලතිව් පල්ලියක 200ක් එක්ක පූජාවක් කරමින් හිටිය වෙලාවේ සුනාමියට ගහගෙන ගිහින් මැරුනා .අඩුම ගානේ බොඩියත් හම්බ උනේ දවස පහකින්.ඔය ඊට පස්සේ හිටියේ ඩමියක්.

    2004 koheda hutto tsunamiyak awe :angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුනන්ද කියන්නේ කොහොම වේ.පුතෙක්ද කියල දන්නෝ දනිති...... දැන් දෙමළු අස්සේ ජීවත්වෙන්න දෙමල්ලුන්ගේ උක හෝදන බැල්#@ පුතෙක් තමයි.......
    දෙමළුන්ගේ කටුකන බල්ලෝ ටික අකුලෝල ඇරියනන් ඉවරයි .......අපරාදේ ගෝටට මිස්වුනේ....


    Ps

    උගේ පැත්තෙන් සාදාරනයි:dull: දෙමලු ගොඩේ ජිවත්වෙද්දී මේවා නොලිව්වොත් මූ මැරෙන්නේ දෙමල්ලුන්ගෙන් ටොකු කාල....... මානුෂිකව හිතලා හිවල් සිංහලයට අනුකම්පා කරමු :baffled:
     
    Last edited: