ලෝකයේ විශ්මිතම බෞද්ධ සිද්ධස්ථානය
src:sira.lk
බෝරෝබුදුර්
9 වන සියවසට අයත් ලෝකප්‍රසිද්ධ බෝරෝබුදුර් විහාර සංකීර්ණය පිහිටා තිබෙන්නේ ඉන්දුනීසියාවේ, මධ්‍යම ජාවා හි මගලන් ප්‍රදේශයේ යි. ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන මෙම විහාරය බුදුදහමේ ඉගැන්වීම මනාකොට ඉස්මතු කෙරෙන අයුරින් සිදු කර ඇති අතර මෙම නිර්මාණය ගුවනේ සිට දිස්වන්නේ සාම්ප්‍රදායික බෞද්ධ සිද්ධස්ථාන ගොඩනගා ඇති ආකාරයටයි. මෙම නිර්මාණය චතුරශ්‍රාකාර වේදිකා 6කින් සමන්විත වන අතර මුදුනේ වෘත්තාකාර වේදිකා 3ක් පිහිටා තිබේ. මෙය කැටයම් පනේල 2672ක් සහ බුද්ධ ප්‍රතිමා 504කින් සමන්විතය. මධ්‍යයේ ඇති ප්‍රධාන ශිඛරය වටා කුඩා දාගැබ් වලින් ආවරණය වූ හිඳි පිළිම 72කි.
මෙම විහාරයේ ප්‍රධාන වශයෙන් කලාප 3කි.
පළමු කලාපය : කාම ධාතු
දෙවන කලාපය : රූප ධාතු
තෙවන කලාපය : අරූප ධාතු
පළමු කලාපය
මෙම විහාරයේ පාදම ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය චෛත්‍යයේ ආරක්ෂාවට යෙදු අත්තිවාරමකින් ආවරණය වී තිබියදී කැනීම් අතරතුර හමු විය. කම්මවිභංග සුත්‍රයේ පැවසෙන අවස්ථා 160ක් මෙහි හමු වන අතර , හේතු ඵල සම්බන්ධය, මිනිසුන්ගේ ක්‍රියා , සොරකම් කිරීම , ප්‍රණගාතය, වැරදි කාමසේවනය ආදිය කැටයමට නගා තිබේ. ආරක්ෂාවට යෙදු අත්තිවාරමද මුල් කාලයටම අයත් බව සොයාගෙන ඇති මුත් එය ඉදිකිරීමේ පැහැදිලි අරමුණක් හෙළි වී නොමැති අතර එක් තැනක අත්තිවාරම සම්පුර්ණයෙන් ඉවත් කර මහජනතාවට කැටයම් බලා ගැනීමට ඉඩසලසා තිබේ.
දෙවන කලාපය
මෙම කොටසින් නිරුපනය වන්නේ එදිනෙදා ජීවිතෙන් මිදී ඇති බැතිමතුන්ගේ ජීවිතයයි. චතුරශ්‍රාකාර වේදිකා 4කින් සමන්විත මෙම කොටස තුල ගැලී නෙලූ කැටයම් විශාල ප්‍රමාණයක් දැකිය හැක. මෙම ගරාදි වැටවල වල පවිත්‍රත්වය මැනවින් දැක්වෙන බුද්ධ ප්‍රතිම 328ක් දැකිය හැක. සංස්කෘතික පිටපත් 1300ක් පමණ කිලෝමීටර 2.5ක් පුරාවට හමුවේ. තවද විචිත්‍ර කැටයම් පනේල 1212ක් පමණ හමුවේ.
තෙවන කලාපය
වෘත්තාකාර වේදිකා ත්‍රිත්වය හා ඒ මැද පිහිටි ස්තුපය මෙම විශ්වයේ සියලු දුක් කරදර වලින් මිදීම නිරූපණය කරයි. මෙම කොටස ඉතා චාම් ආකාරයෙන් නිර්මාණය කර ඇති ආකාරය අපිට දැක ගත හැකිය. මෙම කලාපයේ වෘත්තාකාර ලෙස ඉදිකර ඇති මධ්‍යයේ කුහර සහිත ඝණ්ටාකාර ස්තුප දැකිය හැක. සෑම ස්ථුපයක් තුලම එළියට මුහුණ ලා ඇති බුදු රුවකි. ස්තුප වල එකතුව 72කි. මධ්‍යයේ ඇති ස්තුපය මීටර 42ක් උස වූ මුල් නිර්මාණය තරම් උස නැත. ප්‍රධාන ස්තුපය තුල බුදු රුවක් නොමැති අතර එය තුල ධාතු තැන්පත් කර ඇතැයි ඇතැමෙක් මත පලකරයි. මෙහි ඇති බුදු පිළිම 504 ම හිඳි පිළිම වන අතර විවිධ අකාරයේ මුද්‍රා 6කට අනුව නිමවා තිබේ.
මෙම අලංකාර විහාර සංකීර්ණය අත හැර දමා ඇත්තේ කවර හේතුවකටදැයි පැහැදිලි නොමැති මුත් ඇතැමෙකුගේ මතය වන්නේ මෙම ප්‍රදේශයේ ඇති වූ ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් මිනිසුන් මෙය අතහැර ගිය බවයි. තවත් එක් මතයක් වන්නේ මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් ජනතාව ඉස්ලාමිය ආගම වැළඳ ගැනීමට යොමු වූ බවයි. වසර ගණනාවකට පසු 1814දී මෙම විහාරය ගරා වැටී තිබියදී සොයාගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික සර් ස්ටැම්ෆඩ් රැෆල්ස් විසිනි. ඔහු විසින් සේවකයන් 200ක් පමණ යොදවා මේ විහාරය එළිපෙහෙළි කරන ලදී. 1885දී Ljzerman විසින් මෙහි පාදම මතුකර මෙය නිර්මාණය කල කාලවකවානුව නිවැරදිව සොයාගන්න ලදී.