ලෝකයේ විශාලතම කෘමියා මෙන්න : විස්මිත සොයා &#34

vajiracj

Member
Mar 30, 2007
45
6
0
ලෝකයේ විශාලතම කෘමියා මෙන්න : විස්මිත සොයා &#34

ඌ මීයකු වගේ තුන්ගුණයක් ලොකුයි, මේ කන්නේ කැරට් අලයක්. දැනට වාර්තා වී ඇති ආකාරය අනුව ලෝකයේ ලොකුම කෘමියා මේ සතායි.

මේ යෝධ කෘමියා ඉන්නේ නවසීලන්තයේ. නවසිලන්තයට අයත් ලිට්ල් බැරියර් දූපතේ වනාන්තරබදව වෙසෙන මේ යෝධ කෘමියා දින දෙකක් තිස්සේ වෙහෙස වී සොයා ගත්තේ ඇමෙරිකාවේ කොලරාඩෝවල සිට මෙහි පැමිණි මාක් මොෆෙට් කියන වනජීවී ලෝලයායි. 53 හැවිරිදි හිටපු වනජීවී නිලධාරියකු වූ ඔහුගේ අතේ සිටිද්දී මේ අපූරු සතා කැරට් අලයක් එහෙම පිටින් ම කෑවා. අලේ බර ග්රෑම් 71ක්. ඌ ගේකුරුල්ලකුට වැඩිය බරයි. මීයකු වාගේ තුන්ගුණයක් බරයි.

වෙටා නම් වූ මේ සත්ව ගෝත‍්‍රයට සතුන් විශේෂ 70ක් විතර අයත් වෙනවා. මේ අල්ලා ගෙන ඉන්නේ ගැහැනු සතෙක්. උගේ ඇති බිත්තරත් එක්කයි මේ තරම් බර වෙන්නෙ.

මේ වේටා සත්ව විශේෂය අනෙක් සත්ව විශේෂවලට වඩා කුලෑටියි. උන් ආහාරයට ගන්නේ ශාක, වෙනත් කුඩා කෘමි සතුන් හා පලතුරු වර්ගයි.

පළඟැටියකුට සමාන මේ සතා මේ තරම් ලොකු වෙන්නට හේතුව ඒ දූපතේ මොවුන් අල්ලා ගෙන ගොදුරු කර ගන්නා විලෝපිකයන් නැති වීමයි.

මේ සතාගේ පියාපත් විදා හළ විට අඟල් හතක් විතර දිගයි. මේ සතා මේ කුඩා දූපතට සීමා වුනත් මේ වෙටා වර්ගයේ ප‍්‍රමාණයෙන් කුඩා සත්ව විශේෂ 70ක් පමණ නවසීලන්තය පුරා විසිරී ජීවත්වෙනවා. මේ යෝධ කෘමීන් නවසීලන්තයේ ප‍්‍රධාන භූමියෙන් වඳ වී ගියේ මෙහි පැමිණි යුරෝපීයයන් මීයන් මේ දූපතට හඳුන්වා දීමත් සමගයි.

මාක් මෙහි ආවේ ඇමෙරිකාවේ කොලරාඩෝවේ සිටයි. මේ පින්තූර ගත්තාට පසු මේ යෝධයා හිටිය තැනටම ආපසු යවන්න ඔහු අමතක කළේ නැහැ.

Read Full Story On මල් කැකුළු
 
  • Like
Reactions: DT Dilan