ලෝකයේ විශාලතම ඩයිනොසෝරයා හමුවෙයි

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ලෝකයේ විශාලතම ඩයිනොසෝරයා හමුවෙයි

    ලෝකයේ විශාලතම ඩයිනොසෝරයා හමුවෙයි!
    අති දැවැන්තයි!
    තට්ටු හතක ගොඩනැගිල්ලක් තරම් උසයි!

    මෙතෙක් ලෝකයේ හමු වී ඇති විශාලතම සත්වයාගේ අස්ථි සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා. තාමත් ඌට නමක් තබා නැහැ. මිහිමත ඇවිද ගිය ලෝකයේ ලොකුම සතා ලෙස මෙතෙක් හඳුනා ගෙන තිබුණේ ආජෙන්ටිනෝසෝරස (Argentinosaurus) නම් ඩයිනොසෝරයායි. ඒ වාර්තාවලට අනුව ලෝකයේ වැඩිම බරකින් හා දිගින් යුත් සත්වයාත් ඌමයි. ඒ සතා පරදවන මේ අලූත් සතාත් ඩයිනොසෝරයෙක්. සොයා ගෙන ඇත්තේ ආජෙන්ටිනාවෙන්මයි.

    විද්‍යාඥයන් විශ්වාස කරන විධියට මේ අලූත් සතා අයත් වන්නේ ටයිටනෝසෝර් (titanosaur) සත්ව විශේෂයටයි. වැඩුණු සතකු බරින් රාත්තල් 170,000ක් විතර වෙනවා. ඌ ප‍්‍රමාණයෙන් දැනට ලෝකයේ ගොඩබිම වෙසෙන වැඩිම විශාල සත්වයා වූ අපි‍්‍රකානු ඇතුන් 14කුට සමානයි, කියලයි කියන්නෙ. ඌ දිගින් අඩි 170ක්. බර ටොන් 100කට ආසන්නයි! උස තට්ටු හතක ගොඩනැගිල්ලක්, එනම් මීටර 20ක් උසයි.


    මේ සතාගේ අස්ථි මුලින්ම සොයා ගෙන ඇත්තේ පැටගෝනියාවේ දේශීය ගොවියකු විසින්. ඒ පුවත මුල්වරට ලෝකයට ගෙනාවේ බීබීසී සොබාදම් ඉතිහාස ඒකකය විසින්.


    4.JPG


    මේ යෝධ ඩයිනෝසරයාගේ කලවා ඇටය හෙවත් ඌර්වාස්ථියයි. උගේ සිරුරේ ප‍්‍රමාණය අසලින් වැතිර සිටින මිනිසාගෙන් ඔබට සිතා ගත හැකියි.

    5.JPG


    ඒ ගවේෂණය කළ පිරිසේ සිටි එක් පොසිල විද්‍යාඥයකු ඌර්වාස්ථිය අසලින් වැතිර සිටින අයුරු.

    8.jpg


    අලූතින් සොයා ගත් ඒ යෝධයා එදා පණ පිටින් සිටියදී උගේ හැටි මෙසේ වන්නට ඇතැයි අද සිත්තරකු දුටු හැටි! ඌ තමා ගොදුරු කර ගන්නට ආ විලෝපිකයන්ට එදා උගේ දිගු වල්ගයෙන් මේ ආකාරයට පහර දෙන්නට ඇති.

    9.jpg


    ආජෙන්ටිනාවේ පැටගෝනියානු ප‍්‍රදේශයේ නගරයක් වූ ටෙ‍්‍රලූ (Trelew) හී ලා ෆ්ලෙචා ගොවිපොළේ ඒ අස්ථි හමු වූ ස්ථානයේ දී පොසිල විද්‍යාඥයන් වන ජෝස් ලූවිස් කාබැලිඩෝ (වමේ) හා රූබන් කුනියෝ (දකුණේ) කැමරාවට මුහුණ දුන් අයුරු.

    10.JPG


    ඒ විස්මිත සොයා ගැනීම පිරික්සීමට එක් වූ විශේෂඥයන් පිරිස. ආජෙන්ටිනාවේ එජිඩියෝ ෆෙරුග්ලියෝ කෞතුකාගාරයෙන් ගිය ලෝක ප‍්‍රකට පොසිල විද්‍යාඥයන් වන ජෝස් ලූවිස් කාබැලිඩෝ හා රූබන් කුනියෝ කියන්නේ ඔවුන් කළ මූලික පරීක්ෂණවලින් මේ පොසිල වසර මිලියන 90ක් තරම් පැරණි යැයි හෙළි වූ බවයි.

    11.JPG

    මිහිමත ඇවිද ගිය අනෙක් යෝධයන් සමග සසඳන විට මෙතෙක් විශාලතම සත්වයා ලෙස වාර්තා පොතට එක් වූ ආජෙන්ටිනාසෝරස ඩයිනොසෝරයා කෙතරම් විශාලදැයි මේ රූප සටහනෙන් දැක්වෙනවා. පසුපසින් ඇත්තේ ඒ සත්වයායි. උගේ විශාලත්වය මැන ගැනීමට වම් කෙළවරේ ඉන්නා මිනිස් රුවෙන් පුළුවන්. අලූතින් සොයා ගත් තවමත් නමක් දමා නැති ඩයිනොසෝරයා මීටත් වඩා විශාලයි.

    12.JPG

    ලොකුම සොයා ගැනීම: මෙතෙක් හමු වී ඇති දැවැන්තම ඩයිනොසෝරයාගේ පොසිල බවට පත්ව ඇති අස්ථි ආජනේටිනාවේ දී හමු වූ ප‍්‍රදේශය.

    13.JPG

    විස්මය ජනක සොයා ගැනීම එම ප‍්‍රදේශය පුරා විසිරී තිබූ අන්දම. ආජෙන්ටිනාවේ පැටගෝනියානු කාන්තාර ප‍්‍රදේශයක දී කළ මේ සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ඒ අසල තිබූ ගොවිපොළක සේවය කළ කම්කරුවකුටයි.

    15.JPG

    මේ අලූත් සතා මෙතෙක් විශාලතම සතා ලෙස සැලකුනු ආජෙන්ටිනෝසෝරස්ට වඩා ටොන් හතක් බරින් වැඩියි. උගේ බර ටොන් 77ක් පමණ වෙතැයි ද එය අපි‍්‍රකානු ඇතුන් 14ක බරට සමාන යැයි කියවෙනවා.

    මේ පොසිල කණින ලද්දේ එජිඩියෝ ෆෙරුග්ලියෝ පොසිල කෞතුකාගාරයෙන් ගිය පොසිල විද්‍යාඥයන් පිරිසක් විසින්. ඊට නායකත්වය දුන්නේ ආචාර්ය ජෝස් ලූවිස් කාබැලිඩෝ (Dr Jose Luis Carballido) හා ආචාර්ය දියේගෝ පොල් (Dr Diego Pol) යන දෙදෙනායි.

    ඔවුන්ගේ මෙහෙයුමෙන් මේ වර්ගයේ ඩයිනොසෝර සතුන් හත් දෙනකුගේ අස්ථි පොසිල කොටස් 150ක් පමණ ගොඩ ගනු ලැබූ අතර ඒවා සියල්ල ඉතා හොඳ තත්වයෙන් තිබූ බව පැවසෙනවා.


    මේ අස්ථි පොසිල කොටස් අතර ඇති විශාලතම අස්ථිය වූ ඌර්වාස්ථිවල (කලවා ඇටවල) දිග අනුව මේ යෝධ සත්වයා දිගින් මීටර 40ක් (අඩි 130ක්) හා උසින් මීටර 20ක් (අඩි 65ක්) වෙතැයි ගණන් බලා තියෙනවා.


    පොසිල විද්‍යාඥයන් සිතන්නේ මේ සත්වයා අයත් වන්නේ ටයිටනෝසෝර ගණයෙහි ලා සැලකෙන නව සත්ව විශේෂයකට කියායි. මේ සතුන්ට සෝරපෝඩ ඩයිනොසෝරයන්ට මෙන් දිගු බෙල්ලක් හා වලිගයක් මෙන් ම කුඩා හිසක්ද තිබූ බව ඔවුන්ගේ විශ්වාසයයි. ඔවුන් ක‍්‍රීටේසිය යුගයට (Cretaceous period) එනම් ජුරාසික අවධියට පසු තෘතීයික යුගයට පෙර පැවති ඛටීකාම යුගයට අයත් විය හැකියැයි ඔවුන් කියනවා.


    තවමත් නමක් තබා නැති මේ මෙගා ඩිනෝ ටොන් 77ක් බරැුති යැයි ගණන් බලා තියෙනවා. ඌ මීට පෙර බරම සතා ලෙස වාර්තා පොත්වලට එකතු ව තිබූ ආජෙන්ටිනෝසෝරස්ට වඩා ටොන් 7ක් බරින් වැඩි යැයි ඔවුන් කියනවා.


    මීට වසර මිලියන 95කටත්, 100ටත් අතර කාලයේ ආජෙන්ටිනාවේ පැටගෝනියානු වනාන්තරවල විසූ මේ ශාක භක්ෂක යෝධයාට තවමත් නමක් තබා නැහැ.


    ”මේ සතාට අප නම් තබන්නට බලාපොරොත්තු වන්නේ උගේ අපූර්වත්වයත්, මේ ප‍්‍රදේශයේ සුවිශේෂත්වයත්, ඒ වගේ ම මේ සොයා ගැනීම කෙරෙහි අපේ අවධානය යොමු කළ මේ ගොවිපළේ හිමිකරුවන්ටත් ගෞරවයක් ලැබෙන පරිදියි.” ඒ පර්යේෂකයන් කියනවා.


    16.JPG

    යෝධ සතා සොයා කළ මේ යෝධ කැණීමට එක් වූ තාක්ෂණ කණ්ඩායමෙන් කොටසක්.

    17.jpg

    කැණීම්වල තොරතුරු පිරික්සමින් ඒවා සටහන් තබමින් දත්ත යවත්කාලීන කරන පර්යේෂකයන් දෙදෙනෙක්.

    18.jpg

    ඒ ප‍්‍රදේශය තුළ කැණීම් කරද්දී අවට පදිංචිකරුවන්ගේ සහයද මේ තාක්ෂණික පිරිසට ලැබුණා.

    19.jpg

    පොසිල විද්‍යාඥයන් කියන්නේ මේ අලූත සොයා ගත් ශාක භක්ෂක සතා අයත් විය හැක්කේ නව ටයිටනෝසෝර විශේෂයකට කියායි. පසු කි‍්‍රටේසීය අවධියට අයත් යුගයේ ජීවත් වූ දිගු ගෙලක් හා වල්ගයක් ඇති සෝරොපෝඩ හැඩයේ සත්වයකු විය හැකිය යනු ඔවුන්ගේ අදහසයි.

    20.jpg

    දැන් කැණීම් කළ ද, ආජෙන්ටිනාවේ පැටගෝනියානු ප‍්‍රදේශයේ පිහිටි ටෙ‍්‍රලූ නගරයට බටහිරින් කිලෝමීටර 135ක් දුරින් ලා ෆ්ලෙචා අසල කාන්තාර ප‍්‍රදේශයේ දී මේවා මුලින්ම හමුවූයේ වසරකට ඉහත දීයි.

    21.jpg

    මේ පොසිල කැණීම් කරනු ලැබුවේ එජිඩියෝ ෆෙරුග්ලියෝ පොසිල කෞතුකාගාරයෙන් ගිය පොසිල විද්‍යාඥයන් පිරිසකගේ මෙහෙයවීමෙන්. ඊට නායකත්වය දුන්නේ ආචාර්ය ජෝස් ලූවිස් කාබැලිඩෝ හා ආචාර්ය දියේගෝ පොල් (වමේ) යන දෙදෙනායි.

    22.jpg

    අති දැවැන්තයි! විද්‍යාඥයන් විශ්වාස කරන විධියට මේ නව ඩයිනොසෝරයා රාත්තල් 1,70,000ක් බරයි. ඒ බර දැනට ගොඩබිම වෙසෙන දැවැන්තයන් වූ අපි‍්‍රකානු ඇතුන් 14කගේ බරට සමානයි.

    23.jpg

    ආජෙන්ටිනාවේ දුෂ්කර පළාතක් වූ පැටගෝනියාවේ දී පොසිල විද්‍යාඥයන්ට හමු වී ඇති යෝධ පොසිල අස්ථි ටයිටනොසෝර ගණයේ නව සත්ව විශේෂයකට අයත් බව හෙළිවී තියෙනවා. මීට වසර මිලියන 95කට පමණ පෙර ඛටීකාම (ක‍්‍රීටේසීය) යුගයේ දී පා හතරකින් මිහිමත ඇවිද ගිය මේ සතා දිගු බෙල්ලක්, දිගු වල්ගයක් ඇති සොරෝපෝඩයන්ට සමාන දැවැන්තයකු බවවි ඔවුන් කියන්නෙ.

    මේ නව සත්වයාගේ සොයා ගැනීම පිළිබඳ වාර්තා වීම, මිහිමත ඇවිද ගෙන ගිය ලෝකයේ ලොකුම සත්වයා ආජෙන්ටිනෝසෝරස් යැයි තහවුරු කළ සතියේ දීම සිදු වීම සුවිශේෂයක්.

    ආජෙන්ටිනෝසෝරස් ශාක භක්ෂකයෙක්. උගේ බර ඇවිදින කොට පොළොව හෙල්ලෙන තරම්. ටොන් 90ක් බර වූ ඒ සතා ආජෙන්ටිනාවේ ජීවත් වූයේ වසර මිලියන 90කට පෙරයි. ඒ වාර්තාව මේ නව සතා සොයා ගැනීම නිසා බිඳී ගියා.


    බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆෝඞ් විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥ ආචාර්ය රොජර් බෙන්සන් තමයි, නායකත්වය දුන්නේ ආජෙන්ටිනෝසෝරස් ගැන කළ අධ්‍යයනයට. ඔහු කියන්නේ, ඒ බර ගණනය කිරීමේ දී කුඩා කුරුල්ලන් වැනි ඩයිනොසෝරයන්ගේ පටන් ටී. රෙක්ස් හෙවත් ටයිරනෝසෝරස් රෙක්ස් වැනි ප‍්‍රකට මාංශ භක්ෂක ඩයිනොසෝරයන් ආදී සියලූම සතුන් සැලකිල්ලට ගත් බවයි.


    අධ්‍යයනයට ගත් ලෝකයේ විශාලතම මාංශ භක්ෂක සතකු වූ ටයිරනෝසෝරස් රෙක්ස්ගේ බර ටොන් 7ක්. ආජෙන්ටිනෝසෝරස් හා සසඳන විට ඌ ඉතා කුඩා සතෙක්.


    24.jpg


    මේ පොසිල අස්ථි මතු කර ගැනීම ඉතා සීරුවෙන් කළ යුතු දෙයක් වුණා. ඒ සඳහා පස් ඉවත් කිරීම කළේ මේ ආකාරයට බුරුසුවෙන්.

    25.jpg


    කැණීම් කළ පිරිස සමත් වුණා, අස්ථි කොටස් 150ක් පමණ මතු කර ගැනීමට. ඒවා අතරට සතුන් හත් දෙනකුගේ පොසිල අස්ථි කොටස් ඇතුළත් වුණා. ඒවා ඉතාමත් හොඳ තත්වයෙන් ඇති බවයි, ඔවුන් කියන්නේ.

    26.jpg


    මේ විශාල ප‍්‍රමාණයේ පොසිල අස්ථි කොටස්වලින් තමයි, ඔවුන් කියන්නේ මේ සතා මිහිමත ඇවිද ගෙන ගිය විශාලතම සත්වයා කියලා.

    ඩයිනොසෝරයන් අතර කුඩාම සත්වයා ලෙස සැලකෙන්නේ වසර මිලියන 120කට පෙර චීනයේ ජීවත් වූ, ගේකුරුල්ලගේ ප‍්‍රමාණයෙන් යුත් කිලියානියා (Qiliania) නම් ඩයිනොසෝර කුරුල්ලායි. ඌ ග්රෑම් 15ක් බර සතෙක්.

    ආචාර්ය බෙන්සන් කියන ආකාරයට අනුව දකුණු ඇමරිකාවේ විසූ ආජෙන්ටිනෝසෝරසයාගේ බර කිලියානියා නම් ඩයිනොසෝර කුරුල්ලාට වඩා මිලියන 6 ගුණයකින් වැඩියි. ඒත් ඔහු විස්මය පළ කරන්නේ මේ දෙදෙනාම එකම ඩයිනොසෝර පවුලට අයත් වීම ගැනයි.


    මාංශ භක්ෂක ඩයිනොසෝරසයන් අතරින් විශාලතමයා වන්නේ ටයිරනෝසෝරස් රෙක්ස්ගේ බර ටොන් හතක්. ඌ දැනට හඳුනාගෙන විශාලතම විලෝපිකයායි. ටී. රෙක්ස්ට ආසන්නයට එන තවත් සුපිරි විලෝපිකයෙක් ඉන්නවා. ඒ ජයිජැන්ටෝසෝරස් (Giganotosaurus). ඒ සතාත් ආජෙන්ටිනෝසෝරස් සිටි යුගයේදිම පැරණි දකුණු ඇමරිකාවේ විසූ එකෙක්. උගේ හිස් කබල අනුව ඌ ටී. රෙක්ස්ට වඩා විශාලයි කියා විද්‍යාඥයන් සිතුවත් පසුව අධ්‍යයනයකදී හෙළි වුණා ඌ ටී. රෙක්ස්ට වඩා ටොන් එකක් බරින් අඩු බව.


    27.jpg


    ආජෙන්ටිනෝසෝරස් සොයා ගනු ලැබුවේත් ආජෙන්ටිනාවේ පැටගෝනියාවෙන්මයි. ඒ 1987දි. මුලදී මේ සතාගේ බර ටොන් 100ක් යැයි විශ්වාස කරනු ලැබුවත් පසුව එය 70ක් දක්වා සංශෝධනය කරනු ලැබුවා.

    28.jpg


    මේ යෝධයන් දෙදෙනාගේ ම බර නිර්ණය කිරීමේ දී ගැටලූ සහගත තත්වයක් ඇති වුණා. ඒ ඔවුන් දෙදෙනාගේම සම්පූර්ණ ඇටසැකිල්ලක් සොයා ගැනීමට නොහැකි වීම නිසයි. ඔවුන්ගේ හැඩය, උස, දිග, බර සියල්ල නිර්ණය කළේ අනුමානයෙන්, දැනට හමු වී ඇති අස්ථි කැබලිවල පොසිල කොටස්වලින්.

    29.jpg


    පොසිල විද්‍යාඥ පැබ්ලෝ ගැලීනා මේ නව සොයා ගැනීම ගැන ආජෙන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නගරයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසූ ආකාරය.

    30.jpg


    යෝධ ඩයිනොසෝරයන්ගේ පොසිල අස්ථි හමු වූ ආජෙන්ටිනාවේ පැටගෝනියා ප‍්‍රදේශය. එහිදී තමයි මුල්ම සාක්ෂි ලැබුණේ දිගු ගෙලක් හා දිගු වල්ගයක් ඇති ඩයිනොසෝරයන් විශේෂයක් ජුරාසික යුගයට පෙර විසූ බවට.

    ඩයිනොසෝරයන් සෑහෙන කාලයක් මිහිමත රජකම් කළා. මුලින් ම ඔවුන් මතු වුණේ වසර මලියන 228කට පෙරයි. ඒ ති‍්‍රයාසික යුගයේදියි. ජුරාසික යුගයේ දී ඔවුන් ඉතාමත් ඉහළින් කැපී පෙනුනා. ඉන්පසු හදිසියේ ම කී‍්‍රටේසීය යුගයෙන් පසු අතුරුදන්වී තියෙනවා. ඒ වසර මිලියන 65කට විතර ඉස්සරයි. ඉතිරි වුණේ ඔවුන්ට නෑකම් කියූ කුරුල්ලන් විතරයි.

    ඔවුන් සමූහ වශයෙන් වඳ වී ගියේ ග‍්‍රහකයක් පොළොව මත පතිත වීමෙන් කියලයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. බෙන්සන් කියන්නේ ඒ අවස්ථාවේදී ලොකු ඩයිනොසෝරයන් වඳ වී යාමටත් ඔවුන්ගේ නෑයන් වූ කුරුල්ලන් වඳ වී නොයාමටත් හේතු දැක්වීම කෙරෙහි අවධානයක් ඒ අධ්‍යයනයේ දී යොමු කර නැති බවයි.

    අනෙක් ඩයිනොසෝර කණ්ඩායම්, දිගු ගෙලක් ඇති සෝරොපෝඩයන් වැනි ආජෙන්ටිනෝසෝරසයන්, ටැංකියක් බඳු සිරුරක් ඇති ඇන්කිලෝසෝරසයන්, තරාහොටැති හැඞ්රොසෝරයන්, කටු සහිත වල්ගා ඇති ස්ටෙගෝසෝරයන් හා මාංශ භක්ෂක ටයිරනෝසෝරයන් කිසියම් නිශ්චිත ප‍්‍රදේශයක පරිසරයකට කොටු වී සිටීම නිසා මේ තර්ජනයට ගොදුරු වන්නට ඇති. අනික් අතට කුරුල්ලන් විශේෂයෙන්ම විවිධ පරිසරවලට, රටපුරා විවිධ ප‍්‍රදේශවලට, විසිරී සිටීම නිසාත්, විවිධ ශරීර ප‍්‍රමාණයන්ගෙන් යුතු වීම නිසාත් ඒ ආපදාවෙන් ගැළවෙන්නට ඇති. පියාසර කළ හැකි වූ නිසා කුරුල්ලන් රට තුළ පමණක් නොව වෙරළාසන්න ප‍්‍රදේශවලට පවා ව්‍යාප්තව සිටීම නිසාත් විවිධ ආහාරවලට හුරු වී සිටීම නිසාත් මේ වාසිය ඔවුන්ට අත් වෙන්නට ඇති. නමුත් පැස්බරුන් මෙන් පියාසර කළ නොහැකි යෝධ ගණයේ ගාගැන්ටුවාවිස් කුරුල්ලන් මෙන්ම හෙස්පෙරෝනිස් වැනි කුරුල්ලන්ද මෙකල වූ බව අමතක නොකළ යුතුයි.

    ”සමහර විට පරිසර විවිධත්වයට පෑහීමට ඇති හැකියාව නිසා ඔවුන් වඳ යාමෙන් ගැළවෙන්නට ඇති.” බෙන්සන් කියනවා. කී‍්‍රටේසීය යුගයේ වැටුණු ග‍්‍රහකයෙන් බේරීමට කුඩා සතුන්ට පහසු වෙන්න ඇති.


    කැනඩාවේ ඔන්ටාරියෝහී රාජකීය කෞතුකාගාරයේ පොසිල විද්‍යාඥ ඬේවිඞ් එවන්ස් කියන්නේ,”ඩයිනොසෝරයන්ගේ සිරුරවල ප‍්‍රමාණයන් ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ පරිණාමය වීම ඔවුන්ගේ දිවිරැුක ගැනීමට අවශ්‍ය අනෙක් සාධක අතින් ඔවුන් දුර්වල වෙන්නට ඇති” කියායි.


    දැනට ඩයිනොසෝර විශේෂ 1000කට වඩා හඳුනා ගෙන තියෙනවා. බොහෝ දෙනකු හඳුනා ගෙන ඇත්තේ දැනට ශේෂ වශයෙන් හමුවන පොසිල අස්ථි කොටස්වලින් පමණයි.


    ”මේ අධ්‍යයනයේ දී ඒ සඳහා යොදා ගත් නිර්ණායක අනුව ඊට ගැළපෙන සෑම ඩයිනොසෝරයකුගේ ම දත්ත භාවිතා කරනු ලැබුවා. පාදවල අස්ථිවලින් දැරිය හැකි බර අනුව ගණනය කිරීම් සිදු කෙරුණා.” යැයි පර්යේෂකයන් පවසනවා.


    31.jpg


    මේ පොසිල අස්ථි හමු වීම ගැන දැනුම් දුන් පසු ඒවා කැණීම සඳහා පොසිල විද්‍යාඥයන් කණ්ඩායමක් එජිඩියෝ ෆෙරුග්ලියෝ පොසිල කෞතුකාගාරයෙන් යවනු ලැබුවා. ඒ කණ්ඩායමට නායකත්වය දුන්නේ ආචාර්ය ජෝස් ලූවිස් කාබැලිඩෝ හා ආචාර්ය දියේගෝ පොල් (වමේ) යන දෙදෙනායි.

    32.JPG


    ඩයිනෝසෝර පොසිල සොයා චූබට්හී කැණීම් කරන අයුරු. එහිදී හමුවූ එක් ඩයිනොසෝර පොසිලයක් ඉදිරියේ දැක්වෙනවා.

    33.JPG


    ඩයිනොසෝර සොහොන් බිම. පොසිල විද්‍යාඥයන් එය පරීක්ෂා කරන අයුරු.

    34.JPG


    මෙහිදී හමුවූ ඩයිනොසෝරයන් හත්දෙනකුගේ පොසිල අස්ථි 150ක් පමණ හමු වුණා. ඒවා ඉතා හොඳ තත්වයෙන් ඇති බව ඔවුන් පවසනවා.

    35.JPG


    ඒ විස්මිත සොයා ගැනීම ලොවට හෙළි කරන්නට බීබීසී සොබාදම් ඉතිහාස ඒකකය එහි ගියා.

    36.JPG


    ආචාර්ය ගැලීනා හා ඔහුගේ අජෙන්ටියානු පොසිල විද්‍යාඥ කණ්ඩායම කියන්නේ මේ අලූත් සත්වයාගේ කශේරුකා 19ක් ඔවුන්ට ආජෙන්ටිනාවේ පැටගෝනියානු ප‍්‍රදේශයෙන් සොයා ගත හැකි වූ බවයි. මේ යෝධයන් ජුරාසික යුගයෙන් පසුවත් ජීවත් වූ බවට මුල්වරට සාක්ෂි මෙහිදී ලැබී ඇතැයි ඔවුන් කියනවා.



    ~ ඉස්සුවෙ :- නැෂනල් ජියෝග‍්‍රැෆික් ඒකෙන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    8.jpg


    මේ ඒ කාලෙ ගත්තු පොටෝ එකක් නේ බං ? ඒ කාලෙ ඉලස්ට්‍රේටර් කොරල්ඩ්‍රෝ වගේ ඒව තිබ්බෙ නෑනෙ ? :baffled:
    You must spread some Reputation around before giving it to Supunqw again.
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    patta TFS mchn
    You must spread some Reputation around before giving it to Supunqw again.


    You must spread some Reputation around before giving it to Supunqw again.



    පට්ට ත්‍රෙඩ් එකක්...:yes::yes:

    බෙදාගත්තට ස්තූතියි මචන් 13+

    නියමයි මචන් මහන්සියට උඹේ

    +++++++

    නියමයි මචෝ.. REP 27+

    Awesome Stuff bro.. Rep++

    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලට :yes:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    8.jpg


    මේ ඒ කාලෙ ගත්තු පොටෝ එකක් නේ බං ? ඒ කාලෙ ඉලස්ට්‍රේටර් කොරල්ඩ්‍රෝ වගේ ඒව තිබ්බෙ නෑනෙ ? :baffled:
    You must spread some Reputation around before giving it to Supunqw again.

    අලූතින් සොයා ගත් ඒ යෝධයා එදා පණ පිටින් සිටියදී උගේ හැටි මෙසේ වන්නට ඇතැයි අද සිත්තරකු දුටු හැටි! ;)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අලූතින් සොයා ගත් ඒ යෝධයා එදා පණ පිටින් සිටියදී උගේ හැටි මෙසේ වන්නට ඇතැයි අද සිත්තරකු දුටු හැටි! ;)

    අම්මට හුඩු :O මං හිතුව ඒ කාලෙ ගත්තු පොටෝ එකක් කියල :O