ලෝකය අයිති කාටද?

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ලෝකය අයිති කාටද?

    ලෝකය අයිති කාටද?
    .
    භික්‍ෂුවක්‌ දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා 'හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?' කියලා. එවිට භික්‍ෂුව ඔහුගෙන් විමසුවා 'මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?' කියලා. එතකොට ඒ මහත්මයා කියනවා 'හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක්‌ සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක්‌ අඩුවක්‌ නම් සිදුවුණේ නැහැ'ය කියලා. 'කියලා කියලා දැන් මගේ ප්‍රශ්න කියන්න වෙනකෙනෙක්‌ නැහැ. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් විමසන්නේ? කාගෙන්ද මම පිළිසරණක්‌ පතන්නේ?' කියා ඔහු විමසුවා. හරිම ආවේගශීලී බවකින් නැගෙන ප්‍රශ්නයක්‌.
    කාටද මම මේ දුක පිළිබඳ අවනඩුව කියන්නේ? කවුද ලෝකයේ අයිතිකරු? කවුද මේ දුක මට දුන්නේ?
    මේ පිංවත් මහත්මයා අසන ප්‍රශ්නයයි.
    භික්‍ෂුව ඇසුවා ඔබ ඇයි මේ පුදබිමට පැමිණියේ කියලා. ඔහු කියනවා බෝධීන් වහන්සේට චෛත්‍යරාජයාණන් වහන්සේට භාරයක්‌ වන්න කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා 'මහත්මයෝ, ලෝකය කව්රුත් මැවුවේ නැහැ. ඔබතුමාගේ ප්‍රශ්න වෙන කව්රුවත් ඇතිකළේත් නැහැ. ඔබ විසින්ම සසර කරන ලද අකුසල් හේතුවෙන් ඔබ ලබන ඵලය තමයි ඔය බලාපොරොත්තු කඩවීම' කියලා. මේ ප්‍රශ්නය සමාජයේ හුඟ දෙනෙකුට තිබෙනවා. සමහර දරුවො දෙමාපියන්ට චෝදනා කරනවා. දෙමාපියෝ දරුවන්ට චෝදනා කරනවා, බිරිඳ ස්‌වාමි පුරුෂයාට චෝදනා කරනවා. සමහරු රජයට චොදනා කරනවා. ඔබ නිසාය මට මේ දුක කියලා. අතීතයේ යම් දවසක අනුන් නිසාම තමයි ඔබ මේ දුකට හේතුවනම් සකස්‌කරගත්තේ. තමන්ගේ සැපය උදෙසා තවත් කෙනෙකුට පීඩාකිරීමෙන් ඔබ ලබපු සැපය සෙවනැල්aලක්‌සේ පසුපසින් එනවා විපාක පිණිස. ඔබ මෙහෙම සිතන්න. පිංවත් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි සිටිනවා. මේ දෙදෙනාම කළුපැහැතියි. ඒ කියන්නේ සමේ පැහැය කළුයි. මේ දෙදෙනාට දරුවෙක්‌ උපදිනවා දරුවාගේ පැහැයත් කළුයි. මේ දැරුවා ළමා වයසට පැමිණෙන කොට දෙමාපියන් කෙරෙහි ද්වේශයක්‌ ඇතිකරගන්නවා ඔය දෙදෙනා නිසා මමත් කළුවුණාය කියලා. මෙතැනදී දරුවා කළුපැහැති වුණේ අම්මා තාත්තාට කළු පැහැති සමක්‌ තිබුණ නිසා. එහි ජාන බලපෑම් හේතුවෙන්. නමුත් එවැනි කළුපැහැති සමක්‌ ඇති අම්මා කෙනෙකුගේ මව් කුසකට දරුවා බැස ගන්නේ දරුවා පෙර ජීවිතයේ කරන ලද අකුසල කර්මයක්‌ නිසා. ඊට විපාක වශයෙන්. පෙර ජීවිතයේදී දරුවා ද්වේශය වඩන්න ඇති. පරවුණ මල් බුදුසමිඳුන්ට පුජාකරන්න ඇති. මෙවැනි හේතූන් නිසා අවලස්‌සනව ඉපැදීමට හේතු සකස්‌වෙමින් සම කළු පැහැති දෙමාපියන්ට දාව ඉපදුණා. මේක දෙමාපියන්ගේ වරද නොවේ. තමාගේ කර්ම විපාකය. සුදු පැහැති අම්මා කෙනෙක්‌ට දාව සුදු පැහැති ලස්‌සන දරුවෙක්‌ උපදිනවා. එම අම්මාගේ මව්කුසට දරුවා බැසගන්නේ කුසල විපාකයක්‌ වශයෙන් වර්ණවත් සමක්‌ ඇති ලස්‌සන දරුවෙක්‌ ලෙස උපදින්න හේතු සකස්‌වී තිබුණ නිසා. ඒ හේතුව මෛත්‍රිය වැඩීම, සිල්වතුන්ට ගරුකිරීම, සුවඳ මල් පුජාකිරීම. ආසන වැලි මළු ඇමදීම. මෙවැනි කුසල් විපාකයන් ඉස්‌මතුවී එම සැප විපාක සකස්‌ වෙනවා. එතකොට මේ ස්‌වභාවයන් සකස්‌ වුණේ ඔබ කරගත්ත කුසල් අකුසල් නිසා මිසක්‌ අම්මා තාත්තා නිසා නොවේ. අම්මා තාත්තා පොහොසත් වත්කම් ඇති නිසාම නොවේ දරුවා පොහොසත් වෙන්නේ. එම දරුවා එවැනි සශ්‍රික ජීවිතයක්‌ ලැබීමට පෙර ජීවිතයේ සම්පූර්ණ කරගත් කුසල් තිබුණ නිසායි. ඊට අනුරූපීව පොහොසත් දෙමාපියන්ට දාව දරුවා උපදින්නේ. දෙමාපියන් දුප්පත් වුණාය කියලා සමාජයේ පොහොසත් අය සමග සංසන්දනය කරලා දුප්පත් දෙමාපියන්ට චෝදනා කරලා ඵලක්‌ නැහැ 'අම්මා තාත්තා නිසා මම දුක්‌විඳිනවා' කියලා. ඔබට සැප ලබන්න පෙර පිං අවම නිසයි ඔබ දුප්පත් මව්කුසක ප්‍රතිසන්ධිය ලබන්නේ. එම නිසා එම අහිංසක දෙමාපියන්ට චෝදනා කිරීම, දුක්‌දීම තව තවත් අකුසල් සකස්‌කරගැනීමක්‌. තමන්ට ලැබුණ දෙය තමන්මයි ලබාගත්තේ කියලා ධර්මානුකූලව ජීවිතයට ගලපාගන්න දක්‍ෂවෙන්න. අඩු තැන, වැරදුන තැන බලලා නිවැරදි කරගන්න.
    ඔබේ ඔය දුක වෙන කව්රුවත් මැව්වා නොවේ. ලෝකය දෙවියන්ටවත්, බ්‍රහ්මයන්ටවත් අයිති දෙයක්‌ නොවේ. මොකද දෙවියොත්, බ්‍රහ්මයෝත් යම් මොහොතක තම දිව්‍ය බ්‍රහ්ම ජීවිත වලින් චුතව යනවා. තමාවත් තමාට අයිති නැති විට ඒ අය කොහොමද ලෝකයේ මැවුම්කරුවන් හිමිකරුවන් වෙන්නේ. එහෙම නම් කාටද ලෝකය ඇත්තටම අයිති?
    ලෝකය අයිති සතර මහා ධාතූන්ටය. පඨවි, අපෝ, තේජෝ, වායෝ ඉහත ස්‌වභාවයන් හතර ද ලෝකයේ හිමිකරුවන්ය. නිරතුරුවම මහා ප්‍රවේගකාරී වේගයකින් අනිත්‍යභාවයට පත්වෙන සතරමහා ධාතුව ක්‍රියාත්මක භාවයට පත්කරන ක්‍රියාකරුවෙක්‌ ද සිටිනවා. ඒ තමා විඤ්ඤාණ ධාතුව. මේ විඤ්ඤාණ ධාතුවට බැසගැනීමට නම් අත්‍යවශ්‍යයෙන්ම රූපයක්‌ අවශ්‍යවෙනවා. විඤ්ඤාණයට බැස ගැනීමෙන් අනතුරුව සකස්‌වෙන නාම රූපයන්ගේ ස්‌වභාවයන් වේගයක්‌ම පමණයි. ඒ වේගය යනු අනිත්‍යභාවයයි. එසේ නම් මේ ලෝකධාතුව තුළ පරම හිමිකරු අන් කිසිවෙක්‌ නොව අනිත්‍යයයි.
    ඉන්ද්‍රජිත් සුබසිංහ
    [email protected]
    උපුටා ගත්තේ දිවයින ඉරිදා සංග්‍රහයෙනි 2013/09/15
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ලෝකයට අයිති කරුවෙක් ඉන්නවා.ඒක මම වගකීමෙන් කියනවා.බුදුන් වහන්සේ නබිතුමා යේසු තුමා කියපු හැම දෙයක්ම ඇත්ත නෙවෙයි.මේ අය මේවා ගැන නොදැන ඉන්න ඇති.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ලෝකයට අයිති කරුවෙක් ඉන්නවා.ඒක මම වගකීමෙන් කියනවා.බුදුන් වහන්සේ නබිතුමා යේසු තුමා කියපු හැම දෙයක්ම ඇත්ත නෙවෙයි.මේ අය මේවා ගැන නොදැන ඉන්න ඇති.

    ?????????
     
    • Like
    Reactions: MNV

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    world eka ayithi world ekataya. world eka yanu energy ekaya. Mema energy eka ----PATAVI ----APO---THEJO----VAU---- vargikaranayak vei. Emenma mema energy eka eka vidiyata change vemin pavathi. Mema energy ekata yakkcha kalata ahun kan denne natha. palli valata gihin pray kalata mea energy[Apo---thejo---vau---patavi] ahun kan denne natha. For example Yaccha kirimen suli sulan navathviya nohaka.[vau energy]----------yaccha kirimen sunami nathara kala nohaka[ Apo energy]----------Yaccha kirimen fire,gindara nathara kala nohaka, heat eka adu kala nohaka[thejo energy]--------yaccha kirimen door ekak open kala nohaka[patavi energy] . EKAI BUDUN VAHANSE KIWWE , YAKKCHA NOKARANNA, YADINNA EPA, EYA RESULT EKAK NATHI NISPALA KRIYAVAK KIYA.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thamange deviya thamanya. Enam thaman ge MIND ekaya. Ekai Budun vahanse kiwwe---MANO PUBBAN GAMA DAMMA---MANO SETTA MANOMAYA------------