ලෝකය බලන්න දෑස ඕනෙමද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ලෝකය බලන්න දෑස ඕනෙමද?

    ලෝකය බලන්න දෑස ඕනෙමද?

    blind_girl.jpg


    ගොඩක් දවසකින් මේ පැත්තට ආවේ නැ. ආවේ නෑමත් නෙමෙයි එන්න හිතුනේ නැ. හිත් රිදිම් ගොඩාක් අතරේ අමාරුවෙන් හිනා වෙලා හිනා වෙලාම මහන්සියි දැන්. ඇත්තට හිනා වෙනවට වඩා ගොඩක් අමාරුයි බොරුවට හිනා වෙන එක. කදුළු වලට මිනිස්සු කැමති නැ. ඒ නිසාම අමාරුවෙන් හරි අපි හිනා වෙන්න ඕනේ... මට එහෙම කීවේ ඇස් දෙකම නොපෙනුනත් හිතෙන් ලෝකය දිහා අපුරුවට බලන නංගි කෙනෙක්... පහුගිය ටිකේ ඒ හැටි වැඩක් නොතිබුනත් කැම්පස් ආයෙත් පටන් ගත්ත නිසා පඩිපෙළවල් එක්ක ඔට්ටු වෙන්න සිද්ධ වුනා ආයෙමත්. මේ සැරේ මම කරන්න හිතාගෙන හිටපු විශයයන් තුනක් අතැරියා පඩිපෙළවල් හිංදම.. ජිවිතේ එක කරදරයක් ඉවර වෙද්දි තව එකක්.. එක බලාපොරොත්තුවක් බිදෙද්දි තව එකක්... මේ ජීවිතේ හරි පුදුමාකාරයි.. කොහොම හරි මේ දවස් වල මට අලුත් යාළුවෝ දෙතුන් දෙනෙක් හම්බ වුනා.. හොස්ටල් එකේ අපේ රූම් පේළිය වෙන් කරලා තියෙන්නේ ආබාධිත අයට.. ඉතින් ඒක වෙනම රාජධානියක් වගේ තමා...අලුතින් ආපු නංගිලා කීපදෙනයි අපේ පරණ සෙට් එකයි එක්ක නිදහසක් ඇත්තෙම නැ... කොයි වෙලේ බැලුවත් අක්කේ... කියාගෙන කාමරේ දොර ගාව.. එයාලා හැමෝම දෙනෙත් නොපෙනන අය... අපට මේ ටිකේ වැඩි වැඩක් නැති නිසාම කටවල් වලට නිදහසක් ඇත්තෙම නැ... ඔය අතරේ තමයි වලට (සරච්චන්ද්‍ර එළිමහන් රංගපිඨයට) නාට්‍යයක් ආවේ... කාලෙකින් නාට්‍යයක් බැලුවේ නැති නිසාත් යාළුවෝ හැමෝම ඒක බලන්න යන හිංදත් මමත් ගියා බලන්න... බකමූණා වීදී බසී.... ඒක බලලා ආවට පස්සේ නිතරම මගේ කාමරේට ඔළුව දාන සරෝ නංගි ගොඩාක් ආසවෙන් නාට්‍ය ගැන තොරතුරු ඇහුවේ... මම කැම්පස් ආවත් හරි වලට ගිහින් නැනේ අක්කේ... ආයේ නාට්‍යයක් ආවම මාවත් එක්ක යනවද... පෙනුනේ නැතිවට අහන් ඉන්න පුළුවන්නේ.... එයාගේ ඒ ඉල්ලීමට මුළු හිතම හෙල්ලුනා.. ඒවගේම අනෙක් දවසේ අනිවාර්යෙන්ම එයාවත් එක්ක යන්න අපි පොරොන්දු වුනා..
    ඊළග සැරේ ආවේ ගැබ්බර මිනිසා නාට්‍ය.... ඒ වෙනකොට මට හොදටම උණ හැදිලා මුළු පලාතටම ඇහෙන්න කහින ගමන් උන්නේ.. ඒත් ඉතින් නාට්‍ය බලන එක නවත්තන්න ඒ වගේ පොඩි ලෙඩකට බෑනේ.. ලෙක්චර්ස් ඉවර වෙලා අපි හොස්ටල් එද්දිත් නංගා ලැස්ති වෙලා... 7.30ට තියෙන නාට්‍ය බලන්න 5.30 වෙනකොට ලෑස්තියි.. අපි කෝකටත් නංගාව කලින්ම යැව්වා හොදට ඇහෙන තැනක ඉන්න ඕන නිසා.. මම කවදත් හිටියේ පිටිපස්සෙම නිසා ගියේ පරක්කු වෙලා... මුළු වලම සෙනග පිරිලා තිබුනේ... ඒ අතරින් මම නංගාව දැක්කේ... සතුටින් පිරුණු හිනාවක් ඒ මුණේ තිබුනේ...නාට්‍ය පුරාවටම ඒ හිනාව රැදිලා තිබුනා...

    ඉතින් කවුද කියන්නේ මේ ලෝකේ දිහා බලන්න ඇස් ඕනමයි කියලා?? මේ ලෝකය බලන්න ඕනේ ලස්සන හදවතක් විතරයි.. ඇස් දෙකක් තිබුනත් ලෝකය නොදකින මිනිස්සු කීදෙනෙක් මේ පොළවේ ඉන්නවද???? ඒ වගේම ඇස් දෙක නොපෙනුනත් මේ ලෝකය දකින හදවත් කීයක් නම් මේ පොළවේ ඉන්නවද??? කවදා හරි හිතුනද ඒ ගැන..:(
    ________________


    Source : අකීකරු හිත

    Code:
    http://akikaruhitha.blogspot.com/
    :):)
     
    Last edited: