ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද 2

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද 2

    නන්පේරියල් හරහා ලෝකාන්තයට

    හෝටන්තැන්නේ පිහිටා ඇති ලෝකාන්තය අපි හැමෝම දන්න තැනක් . හැබයි අපි වැඩි හරියක් බලන්න යන්න පුරුදු වෙලා ඉන්නේ නුවරඑළිය හරහා හොටන් තැන්නට යන්නයි. ලෝකාන්තයට ගිහින් පහල බලපු ගමන් අපට පේන්නේ නන්පේරියල් වතුයායත් වතු ඡනතාව ඡිවත් වෙන ලයින් කාමරයි.
    හැබයි කෙනෙකුට හිතුනොත් මේ නන්පේරියල් වතු යාය හරහා ලෝකාන්තය මුදුනට එන්න පුළුවන්නමි කියලා . අන්න එහෙම පුළුවන් මාර්ගයක් ගැන කියන්න තමයි මෙි සුදානම.බලංගොඩ හපුතලේ මාර්ගයේ බෙලිහුල්ඔය පහුකරලා ටික දුරක් ඉදිරියට යත්ම ලෝකාන්තයට කියලා බෝඩ් එකක් දාලා තියෙන හන්දියෙන් වමි අත පැත්තට ඇති මාර්ගය තමයි මෙි නන්පේරියල් හරහා ලෝකාන්තයට යන මාර්ගය ආරමිභ වන්නේ . කිලෝමිටර් 23ක් වාහනයෙන් ගොස් තවත් කිලෝමිටර් 2ක් පාගමනින් ගිය විට ලෝකාන්තයට ලගාවන්නට පුළුවන්.
    ඇත්තටම සුන්දරම මාර්ගයක් තමයි මෙි මාර්ගය වට වංගු 33කින් යුත් මෙි මාර්ගයේ වාහානයකින් ගමන් කරන විටනමි ඔීනෑම කනකුට ත්‍රාසයෙන් පිරි ගමනක අත්දැකිම විද ගන්න පුළුවන් . එ වගේ හමුවන බෙිකර්ස් බෙන්ඩි එක කියන්නෙත් සුන්දරම තැනක් තමයි.තවත් ඉදිරියට යත්ම ගල්තලාවක පිහිටා ඇති ලංකා සිතියම අපට ඇති කරන්නේ කුතුහලයක් . මාර්ගයේ අවසානයේ පිහිටා ඇති නග්රග් බංගලාව කියන්නේ වචනයෙන් කියන්න බැරි තරමි සුන්දරම තැනක් තමයි .මෙතෙන්න ලංකාවෙි දකුණු දිග ප්‍රදේශයෙන්වැඩි හරියක් දැක ගන්න පුළුවන් විමත් විශේෂයි.
    අඩි 7000කට වඩා ඉහලින් පිහිටා ඇති නග්රග් බංගලාවට පිටුපසින් ඇති හෝටන් තැන්න දිගේ කිලෝමිටර් 2ක් පමන පාගමනින් ගිය විට ලෝකාන්තය දැක බලා ගන්න පුළුවන්.
    ඔබත් මෙි මාර්ගයෙන් ලෝකාන්තයට යනවානමි නන්පේරියල් වතු යායේ කලමනාකාරිත්වයෙන් අවසර ලබා ගතයුතුයි. එ වගේම උදෑසන 6 ටවත් නන්පේරියල් මාර්ගයට ඇතුල්වුනොත් සුන්දර දසුන් ටිකක් ඔබටත් දැක බලා ගන්න පුළුවන්
    සටහන/ඡායාරූප - අනුර පල්ලමුල්ල

    12593698_1670482186573215_7386704509822306363_o.jpg

    බෙිකර්ස් බෙින්ඩි

    12671668_1670482246573209_7439846843534084800_o.jpg


    12795066_1670484213239679_9218767167530899245_o.jpg


    නන්පේරියල් මා්‍ර්ගයට හැරෙන ස්ඵානය

    12783768_1670484323239668_4660273670953761456_o.jpg


    12779076_1670484479906319_7599895271701901865_o.jpg


    12764860_1670484933239607_8779223048443785956_o.jpg


    12496377_1670485156572918_6042569839313148664_o.jpg


    12794722_1670485239906243_337586957285874222_o.jpg


    12496360_1670485586572875_1109426892881268565_o.jpg




    12747859_1670485913239509_2222746473455542760_o.jpg


    12719213_1670486229906144_169220854028836316_o.jpg


    12440795_1670486683239432_4516505742874257204_o.jpg


    ගොන් මොල්ලිය කදු වැටිය

    12440414_1670487279906039_979130092801079431_o.jpg


    12514092_1670487453239355_1102057203399952021_o.jpg
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    "නන්පේරියල් වතු යායේ කලමනාකාරිත්වයෙන් අවසර ලබා ගතයුතුයි"

    මේක කොහොමද කරගන්නෙ? විස්තර ටිකක් දැම්මනම් ලොකු උදව්වක්. :)
    පුළුවන්නම් ෆොටෝස් වල සයිස් අඩු කරොත් බලන්න ලේසි. ;)


     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    "නන්පේරියල් වතු යායේ කලමනාකාරිත්වයෙන් අවසර ලබා ගතයුතුයි"

    මේක කොහොමද කරගන්නෙ? විස්තර ටිකක් දැම්මනම් ලොකු උදව්වක්. :)
    පුළුවන්නම් ෆොටෝස් වල සයිස් අඩු කරොත් බලන්න ලේසි. ;)



    ෆොටෝ වල කොලිටි බස්සුවම වැඩක් නෑ නේ කොල්ලෝ


    Nagrak Holiday Bungalow -Phone: 0777712325

    Balangoda Plantations PLC - Tel : 045-2222650