ලෝකාවසානය_ඇත්තටම_සිදුවෙනවා!

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලෝකාවසානය_ඇත්තටම_සිදුවෙනවා!

හිරුගේ උෂ්ණත්වය වැඩි වෙලා මිහිමත ජීවය පිච්චිලා යනවා!

ලෝකාවසානය බොරුවක් නෙවෙයි. ඒත් බය වෙන්න දෙයක් නැහැ. ඒක දැන්ම උදා වෙන්නේ නැහැ. මිහිමත ජීවය අඩු තරමින් තවත් අවුරුදු බිලියන 1.75ක් වත් පවතීවි. සමහර විට බිලියන 3.5 වගේ කාලයක් නොනැසී පවතින්න ඉඩ තියෙනවා.

ඒ කාලයෙන් පසු සූර්යයා කොයිතරම් තාපයෙන් වැඩිවෙනවාදැයි කීවොත් මේ මිහිපිට කිසිම ජීවියකුට ජීවත් වෙන්න බැරි වේවි කියලයි විද්‍යාඥයන් විශ්වාසය කරන්නෙ.

හිරුගේ දැන් පවතින උෂ්ණත්වයට ගැළපෙන නියම දුරින් තමයි, අප ජීවත් වෙන පොළොව පිහිටලා තියෙන්නෙ. එය හැඳින්වෙන්නේ ‘වාසනාවන්ත කලාපය’ කියායි.

article-0-00530FDC00000258-292_634x502.jpg
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ලෝකාවසානය සිදුවන්නේ සූර්යයා ක‍්‍රමයෙන් තාපයෙන් වැඩි වූ විටයි. එවිට පෘථිවියේ ජීවයට තවදුරටත් පැවතිය නොහැකි වෙනවා.

අනෙක් ග‍්‍රහයන් වගේ නෙවෙයි, අපේ පෘථිවිය පිහිටා ඇත්තේ සෞරග‍්‍රහ මණ්ඩලයේ මේ ‘වාසනාවන්ත කලාපයේ’යි. සූර්යයාගේ සිට මේ කලාපයට ඇති සුවිශේෂ දුර නිසා එහි සාගරවල ජලය සියල්ල වාෂ්ප වී ඉවත් වෙන තරමට රත් වෙන්නේවත්, පමණ ඉක්මවා සිසිල් වී, මිදී, සදාකාලිකව අයිස් බවට පත් වන්නේවත් නැහැ.

සූර්යයාත් තරුවක්. තරුවක් පමණ ඉක්මවා තාපය නිකුත් කරන්න පටන් ගත්තා ම ඒ හා සම්බන්ධ ග‍්‍රහයන් තුළ ස්වාභාවිකව පවතින ජලය නැති වී යනවා. එවිට කිසිදු ජීවයකට පැවතිය නොහැකියි.

සූර්යයා මේ තත්වයට පත් වූවා ම, පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර එසේ ම තිබියදී ජීවය පැවතිය හැකි ‘වාසනාවන්ත කලාපය’ තවත් ඈතට තල්ලූ වෙනවා යයි විද්‍යාඥයන් කියනවා.

මේ විද්‍යාත්මක අනාවැකිය එන්නේ එක්සත් රාජධානියේ ඇති විශිෂ්තම විශ්ව විද්‍යාලයක් වන ‘ඊස්ට් ඇන්ග්ලියා’ (University of East Anglia) සරසවියේ පර්යේෂකයන් පිරිසකගෙන්. එම විශ්ව විද්‍යාලය පිහිටුවා ඇත්තේ නෝවිච්හිදියි. නොවිච් පර්යේෂණ උද්‍යානයේ පිහිටි පර්යේෂණාගරයෙදි තමයි, ඔවුන් මේ වාසනාවන්ත කලාපයේ අනාගතය ගැන සොයා බලා තියෙන්නෙ.

ඒ අය කියන්නේ අපේ සූර්යයාගේ ආයු කාලය අනුව අප ඉන්නා ‘වාසනාවන්ත කලාපය’ පවතින්නේ වසර බිලියන 6.3ත් 7.8ත් අතර කාලයක් පමණක්ය කියායි. මීට වසර බිලියන 4.55කට පෙර පෘථිවියේ උපත සිදු වූයේ ඒ ‘වාසනාවන්ත කලාපයේ’ ආරම්භයත් සමගයි.

ඔවුන් කියන්නේ මේ අනුව අපට තවත් ඉතිරිව ඇත්තේ වසර බිලියන 1.75ත් 3.5ත් අතර කාලයක් විතරයි. ඒ විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමේ එක් පර්යේෂකයකු වූ ඇන්ඩෲ රෂ්බි කියන්නේ ඒ කාලය ගෙවී ගිය පසු ‘වාසනාවන්ත කලාපය’ ඈතට තල්ලූ වන නිසා, පෘථිවියට එහි සාගර සියල්ල මුළුමනින් ම වාෂ්ප වී යන තාපාධික කලාපයට ඇතුළු වීමට සිදු වෙන බවයි.

article-0-025B3BEA000004B0-360_634x394.jpg
මේ රූපයේ පෘථිවිය පිහිටා ඇති තැන ඔබට පෙනෙනවා ඇති. තාපය අඩුත් නැති, වැඩිත් නැති ‘වාසනාවන්ත කලාපය’ කියන්නේ ඒ හරියටයි. සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති අනෙක් ග‍්‍රහයන්ගේ ජීවය නොපවතින්නේ ඒ නිසයි.

‘අපට පෙනෙනවා මේ තත්වය උදා වූ විට මහා විනාශයක්, සියලූ ම ජීවීන්ගේ අහෝසිවීමක් නියත වශයෙන් ම සිදු වන බව.’ යයි රෂ්බි කියනවා.

ඔහු පවසන පරිදි මුලින් ම වඳවී යන්නේ මිනිසායි. එය වසර බිලියන 1.75ක් වූ පෘථිවියේ ජීවය පැවතිය හැකි ආයු කාලය තුළ මුලින් ම විනාශ වන්නේ මිනිස් වර්ගයායි.

‘මිනිසාට තමයි මුලින් හානි වන්නේ. උෂ්ණත්වය සුළු වෙනසක් වුනත් මිනිසාට එය දැරිය නොහැකියි. අවසානය තෙක් ඉතිරි වන් නේ දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි ක්ෂුද්‍ර ජීවී විශේෂ විතරයි.’ රෂ්බි තවදුරටත් කියනවා.

මේ පර්යේෂණ ව්‍යාපෘතියේ දී වාසයට සුදුසු, ජීවය පැවතීමට ඉතා සුදුසු උෂ්ණත්වයක් ඇති, වෙනත් ග‍්‍රහයන් හත් දෙනකු ගැනත් ඔවුන් සොයා බලා තියෙනවා. ඒ අනුව සුදුසු පරිසරයක් වැඩිම කාලයක් පවතින ග‍්‍රහ ලෝකය ලෙස ඔවුන් හඳුනා ගෙන ඇත්තේ ‘ග්ලීස් 581ඞී’ (Gliese 581d) නම් ග‍්‍රහ ලෝකයයි. එහි ‘වාසනාවන්ත කලාපය’ වසර බිලියන 55ක් පමණ කාලයක් පවතින බව ඔවුන් කියනවා.

article-0-0BB450D8000005DC-575_634x467.jpg
‘ඊස්ට් ඇන්ග්ලියා’ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කියන්නේ මේ නිල් පොළොවෙහි ඇති ජලය සියල්ල වාෂ්ප වී යාමෙන් පෘථිවියේ අවසානය සිදු වන බවයි.

පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල මේ ‘ග්ලීස් 581ඞී’ ග‍්‍රහ ලෝකය පිහිටා ඇත්තේ අපේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 20ක් ඈතින්. ඒක පොඩි දුරක් නෙමෙයි.

ඒත් රුෂ්බි කියන්නේ ඊට මෙහායින් ඒ කියන්නෙ ආලෝක වර්ෂ 10ක් මෑතින් පිහිටි වාසයට සුදුසු ග‍්‍රහ ලෝකයක් අනාගතයේ දී සොයා ගත හැකි වේවි කියලයි. කොහොම වුනත් ඒකට යන්නත් දැනට ලබා ඇති තාක්ෂණික දියුණුව අනුව අවුරුදු ලක්ෂයක් විතර යාවි.

ඒ නිසා අපට යා හැකි ආසන්නම තැන අඟහරුයි. සූර්යයාගේ ‘වාසනාවන්ත කලාපය’ පෘථිවිය පිහිටි තැනින් එහාට තල්ලූ වූ පසුව අඟහරු ඊට ඇතුළු වෙනවා. ඒ නිසා අඟහරුට තවත් අවුරුදු බිලියන හයක් ඒ කියන්නේ සූර්යයාගේ ආයු කාලය ඉවර වෙනකන් රැඳී ඉන්න පුළුවන්.

මේ කරුණු අනුව අඟහරු මත ජනවාස හදන්න යන එක තමයි වඩාත් නුවණට හුරු වන්නේ.

මේ පර්යේෂණ කණ්ඩායම පෘථිවියේ ජීවිත කාලය ගණන් බලා ඇත්තේ සූර්යයාගේ උණුසුම් වේගන යන වේගය අනුව යමින්.

මේ විශ්ව විද්‍යාලය නව පර්යේෂණ සඳහා යුරෝපයේ ඇති කැපීපෙනෙන එකක්. දේශගුණය හා කාලගුණය පිළිබඳ පර්යේෂණ තමයි, වැඩිපුර කෙරෙන්නේ.

මේ නව පර්යේෂණය සිදු කර ඇත්තේ එහි පරිසර විද්‍යා අංශයට අයත් සාගර හා වායුගෝලීය විද්‍යාවන් සඳහා වෙන් කෙරුණු පර්යේෂණ අංශයෙන්.



විස්තරේ "මල් කැකුළු" එකෙන්.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක ඉතිං කියන්න දෙයක් ඈ..
    බුදු රජාණන් වහන්සේ අවුරුදු දෙදාස් පන්සීය පනහකට පෙර දේශනා කරන ලද්දකි ;)
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Habitable Zone එකට කියන්නේ වාසනාවන්ත කලාපය කියලා නෙවෙයි. වාසයට සුදුසු කලාපය කියලයි.
    පෘතුවිය සහා අගහරු දෙකම දැනට තියෙන්නේ Habitable Zone එකේයි. ඒකයි අගහරු ගේ උෂ්ණත්වය සෙල්සියස් 27 තේ තියෙන්නේ (Average) නමුත් සුර්‍යාය රතු යෝධයෙක් වුනාම මේක තවත් ඈතට ගිහින් එතකොට අගහරුත් නෙවෙයි ඊටත් එහාට Habitable Zone එක තල්ලු වෙලා යනවා. මම හිතෙනට හැටියට ජීවත් වෙන්න පුලුවන් හොදම ග්‍රහයා වෙන්නේ එතකොට ටයිටන්. ටයිටන් වල ජනපද හදන එකේ වාසි ගොඩයි අගහරු ගේ ජනපද හදනවට වඩා. නමුත් ටයිටන් කියන්නේ පෘතුවියට වටා කුඩා නිසා සාමාන්‍යය මිනිස්සුන්ට ඉන්න හොද තැනක් නෙවෙයි නමුත් වාණිජමය කටයුතු සදහා ටයිටන් හොදයි.
    ටයිටන් කියන්නේ සෙනසුරුගේ චන්ද්‍රයෙක්,මේකේ උෂ්ණත්වය සෙල්සියස් සෘණ 180 යි. Habitable Zone එක තවත් ඈතට ගියාම මේක අනිවාර්‍යෙන්ම -10C~+10C අතරට වැටෙයි. මේ උෂ්ණත්වයේ මිනිස්සුන්ට සාමානයෙන් ඉන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුව, අනෙක් එක එතකොට ටයිටන් වල ජනපද හැදුවම මිනිස්සුන්ට ලේසියෙන්ම පුලුවන් අති දැවැන්ත සෙනසුරුගේ පිරිලා තියෙන Gas නිකම්ම වගේ ගන්න. සෙනසුරුගේ තියෙනවා හයිඩ්‍රජන්, මීතෙන්, හිලීයම්. ඒ වගේම සෙනසුරුගේ චන්ද්‍රයන් 52 ක් තියෙන නිසා ඒවටත් යානා යවලා ඒ චන්ද්‍රයන් වල තියෙන ස්භාවික සම්පත් පවා එකතු කරගන්න පුලුවන්. ටයිටන් ජීවත් වෙන්න පුලුවන් හොදම ග්‍රහයා වගේම වාණිජමය කටයුතු සදහා හොදම ග්‍රහයා කිව්වේ, ටයිටන් වල තියෙනවා මීතෙන්, ඇමෝනියා, නයිට්‍රජන් ඒ වගේම ජලය තියෙන බවටත් සැක කරනවා ඊට පස්සේ, කෘතිම කුටි තුළට ජලය විද්‍ය්ත් විච්චේදනය කරලා ඔක්සිජන් යවන්න පුලුවන් මේකෙන් ඊට පස්සේ ජීවය පවත්වා ගන්න පුලුවන්, මීතෙන් තියෙන නිසා විදුලිය නිපදවා ගන්න පුලුවන් ලේසියෙන්ම. නයිට්‍රන් හොදයි ජීවය ආරම්භ කිරිමට (පෘතුවියේ උනත් නයිට්‍රජන් තමයි වැඩියෙන්ම තියෙන්නේ) වගේම විද්‍යාත්මක කටයුතු වලදි සිසිලකයක් ලෙස භාවිතා කිරිමට, ජලය පිරිසිදු කරලා ගත්තම බීමට ගන්න වගේම අනෙකුත් පිරිසිදු කටයුතු සදහා හොදයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    ඕක ඉතිං කියන්න දෙයක් ඈ..
    බුදු රජාණන් වහන්සේ අවුරුදු දෙදාස් පන්සීය පනහකට පෙර දේශනා කරන ලද්දකි ;)

    අනිවා මචන්. අපේ ගෞතම බුදු රජානන වහන්සේ මීට අවුරුදු දෙදහස් පන්සීයකටත් ඉස්සර මේ ගැන දේශනා කරා. කාලයක් යනකොට ඉරවල් දෙකක් පායනවා කිවුවා. ඒ කියන්නේ දැනට පවතින සූර්යාගේ උශ්නත්වය වගේ දෙගුනයක් උශ්නත්වය වැඩි වෙනවා කියන එකයි. ඒ විදියට ඉරවල් 7ක් දක්වා මේ දේ සිද්ද වෙනවා. ඉරවල් 7ක් කියන්නේ දැනට තියෙන උශ්නත්වය වගේ 7 ගුනයක් උශ්නත්වය වැඩි වෙනවා කියන එකයි. ඒ වෙනකොට මෙ සෞරග්‍රහ මන්ඩලයේ කිසිම තැනක ජීවයක් පවතින්න බැරි වෙයි. පෘතුවියත් අගහරු ග්‍රහයත් එතකොට විනාශ වෙලා ඉවරයි. මේ සිද්දි දාමය දැනටමත් ආර්ම්භ වෙලා තියෙන්නෙ. හැබැයි මෙහෙම විනාශ වෙන්න තව මෙ කියලා තියෙන විදියට වසර බිලියන ගානක් යයි.
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මම නම් හිතන්නේ ඒ කාලේ වෙනකොට මිනිස්සු ඔය ප්‍රරශ්නෙට විසදුමක් හොයාගයි කියලා.. :):):)