ලෝකෙටම පනහයි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අරාබියෙත් නැති එකක්‌ ලංකාවේ

    * ලෝකෙටම පනහයි
    * අන්තිම එක ගත්තේ

    කවුද කියනවාට වඩා කතාවක් මේකේ තියෙන නිසා කවුරු කවුරුත් මේක කියෙව්වොත් හොදයි

    ධම්මික පෙරේරා

    dammika.jpg

    dammikaමීට මාස කිහිපයකට පෙර කොළඹ තුරඟ තරග පිටිය අසල පහළොස්‌ දෙනෙක්‌ පමණ වට වී එක්‌ කාර් රථයක්‌ නරඹමින් උන්හ. කාර් රථ ප්‍රදර්ශනයක්‌ හෝ වාහන වෙළෙඳපොළක්‌ නොවන එම ස්‌ථානයේ, රැස්‌ව සිටි පිරිස ද හොඳ හොඳ කාර්, ජීප් අයිතිකරුවන් විය යුතු බව පෙනුණේ, ඔවුන්ගේ බාහිර ස්‌වරුපයෙන් සමාජ තත්ත්වය කිව හැකිව තිබුණු නිසාය. 1930 දශකයේදී නම්, මෙසේ එක්‌ කාර් රථයක්‌ වටා පිරිසක්‌ රොක්‌ වීම හෝ පාරේ යන කාර් රථයක්‌ පිටුපස කොල්ලෝ රෑනක්‌ එළවාගෙන යැම පුදුම විය යුතු නැත. ඒත් කොළඹ හතේ පදිංචි සියල්ල යහමින් ඇති උදවිය, මෙසේ කාර් එකක්‌ වටා රොක්‌ වී බලා සිටියේ ඇයි...?

    dammika1මොහොතකින් ජංගම දුරකථනය කණේ තබා ගත් කාර් රථයේ අයිතිකරු වාහනය අසලට පැමිණියේය. ඔහු අරවින්ද සිල්වාය. ලෝකයේ ප්‍රසිද්ධ වාහන රාශියක්‌ සතු අරවින්දගේ නවතම වාහනය පිළිබඳ තතු, අවට සිටි පිරිස ඔහුගෙන් විමසීමෙන් පසු, සිනහව වැඩියෙන් සහ වචන අඩුවෙන් ඒ සඳහා පිළිතුරු සැපයූ අරවින්ද සිය වාහනයේ නැඟී පිටත්ව ගියේය.

    බෙන්ට්‌ලි යනු බ්‍රිතාන්‍යයේ නිපදවන ලොව මිලෙන් අධිකම වාහන මාදිලියකි. මේ වාහන වෙළෙඳ නාමය ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ ඒවා හෑන්ඩ් මේඩ් යනුවෙන් හඳුන්වන අතින් නිපදවන වාහන සන් නාමයක්‌ වන බැවින්ය.

    dammika1.jpg

    පළමුවැනි ලෝක යුද්ධයට පෙර වෝල්ටර් ඕවන් බෙන්ට්‌ලි සහ ඔහුගේ සොහොයුරු හෝරාස්‌ මිල්නර් බෙන්ට්‌ලි, උතුරු ලන්ඩනයේ ක්‍රිකල්වුඩ් හි ප්‍රංශයෙන් ගෙන්වන ඩී.එෆ්.පී කාර් විකිණීමේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගියෝය. ප්‍රංශ කාර් විකුණන සිය වාහන ප්‍රදර්ශනාගාරයේ සිට වෝල්ටර් සිහින දැක්‌කේ, වැඩි වැඩියෙන් කාර් විකුණා ගැනීම පිළිබඳ නොව, එංගලන්තයේදී අලුත් කාර් රථයක්‌ නිපදවීම පිළිබඳවය. ඔහුගේ සිහින කාර් රථයේ අලුත්ම අංගය වූයේ ඇලුමිනියම්ය. එකල නොව මෙකල ද ඇලුමිනියම් යොදා ගන්නේ උයන පිහින බඳුන් සෑදීම, ආවරණ තහඩු වැනි සාමාන්‍ය කටයුතු සඳහාය. සිය මේසය මත තබා තිබූ, ඇලුමිනියම් කඩදාසි බරුව අතට ගෙන සිටි එක්‌ අවස්‌ථාවක වෝල්ටර්ට ඇතිවූ අදහස වූයේ, පිස්‌ටන් සඳහා යකඩ වෙනුවට ඇලුමිනියම් සුදුසු ආදේශකයක්‌ බවය. 1913 වෝල්ටර් බෙන්ට්‌ලීට ඇතිවූ මේ අදහස මුලින්ම ක්‍රියාවට නැගුණේ රෝද හතරක්‌ උදෙසා නොව ගුවන් යානා ඇන්ජිමක්‌ සඳහාය.

    කෙමෙන් කෙමෙන් සිය සිහිනයට ලංවූ බෙන්ට්‌ලි, 1919 අගෝස්‌තු මාසයේදී ලන්ඩන් මෝටර් රථ ප්‍රදර්ශනයේදී ඇලුමිනියම් චැසියක්‌ සහිත මෝටර් රථයක්‌ එළිදක්‌වනු ලැබීය. එතැනින් සැබෑවූබන්ට්‌ලීගේ සිහිනය, අරවින්ද සිල්වාගේ බෙන්ට්‌ලී කාරයේ සිට පසුගිය සතියේ ධම්මික පෙරේරා විසින් ලංකාවට ගෙන්වන ලද රුපියල් මිලියන 160 ක වටිනාකමකින් යුත් "බෙන්ට්‌ලී මුල්සාන් හෝල්මාර්ක්‌" මාදිලියේ මෝටර් රථය දක්‌වා නිපදවනු ලැබීය. ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපට සඳහා එතෙක්‌ භාවිතා කළ ඇස්‌ටන් මාටින් වර්ගයේ මෝටර් රථය වෙනුවට. දැන් භාවිතා කරන්නේ, පැයට සැතපුම් 200 ක වේගයෙන් ධාවනය කළ හැකි 'බෙන්ට්‌ලි රථයකි. බ්‍රිතාන්‍යයේ එලිසබත් මහා රැජන භාවිතා කරන්නේ ද සුපිරි බෙන්ට්‌ලි මෝටර් රියකි.

    ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ ධනවතා වන ධම්මික පෙරේරා විසින් ගෙන්වන ලද බෙන්ට්‌ලි වාහනය එම සමාගම නිපදවන ලොව මිල අධිකම වාහන ගොන්නේ එකකි. බෙන්ට්‌ලි මුල්සාන් හෝල්මාර්ක්‌ වාහන ලෝකයටම තිබෙන්නේ පනහකි. එම පනහ ද නිවුන් සහෝදරයන් සේ සර්ව සම ඒවා නොව යම් යම් පැහැදිලි වෙනස්‌කම් සහිතව කස්‌ටමයිස්‌ (පාරිභෝගික සිතැ`ගි පරිදි) කරන ලද ඒවාය. අදාළ ගැනුම්කරුවාගේ අවශ්‍යතාවය සහ කැමැත්තට ද මදක්‌ ඉඩදී නිපදවන මෙම කාර් අධික මිලකට නියම වීම සඳහා එම හේතුව ද බලපා තිබේ. ධම්මික පෙරේරා විසින් මිලදී ගෙන ඇත්තේ එම මෝටර් රථ මාදිලියේ අවසන් මෝටර් රථයය.

    dammika2.jpg

    dammika2ආනයන බදු ද ඇතුළු ධම්මික පෙරේරා විසින් ගෙන්වන ලද මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160 ක්‌ වන අතර දකුණු ආසියාවේ පුද්ගලයකු මෙම මෝටර් රථයක්‌ ආනයන කළ පළමු අවස්‌ථාව මෙය බව වාර්තාවේ. ඉන්දියාවේ සුපිරි ධනපතියන් වන අනිල් අම්බානි හෝ මුකේෂ් අම්බානි සතුව ද මෙම මාදිලියේ රථයක්‌ නොමැති වීම නිසා, ධම්මික පෙරේරා ඔවුන්ට වඩා සමහර අංශ වලින් ඉදිරියට ගෙන ඒමට මෙම වත්කම පාර කියා තිබේ. ඊට අමතරව අග්නිදිග ආසියාවේ හෝ මැද පෙරදිග කලාපයේ පුද්ගලයකු 'බෙන්ට්‌ලි මුල්සාන් හෝල්මාර්ක්‌' මාදිලියේ මෝටර් රථයක්‌ ආනයනය කළ පළමු අවස්‌ථාව මෙය බව ද පැවසේ. බටහිර රටවලට අමතරව ආසියාවේ 'බෙන්ට්‌ලි මුල්සාන් හෝල්මාර්ක්‌' මාදිලියේ රථ තුනක්‌ තිබෙන අතර ඒවායේ හිමිකරුවන් වී සිටින්නේ චීනයේ ධනවතුන්ය. ලොව මිල අධිකම ලෝහ වර්ග භාවිත කරමින් නිෂ්පාදනය කර ඇති මෙම රථය, ලොව ප්‍රකට ස්‌වර්ණාභරණ නිර්මාණකරුවන් යොදාගන්නා ලෝකයේ මිල අධිකම අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර රථයේ බාහිර ආලේපන ලෙස රත්තරං සහ රිදී යොදාගෙන තිබේ. මෙම මෝටර් රථයේ වටිනාකම ස්‌ටාර්ලිං පවුම් 390,000 ක්‌ හෙවත් රුපියල් මිලියන 84 ක්‌ පමණ වෙතත් මෝටර් රථයට පැන වී ඇති ආනයන බද්ද රුපියල් මිලියන 76 ක්‌ වීම හේතුවෙන් එය මෙතරම් අධික මිලකට පත්ව තිබේ. සාමාන්‍යයෙන් කාර් ගෙන්වන්නේ නැව් මගින් වුවත් මෙම රථය පසුගිය බ්‍රහස්‌පතින්දා ලංකාවට ගොඩ බැස්‌සේ, ගුවන් යානයකිනි.

    එදා බෙන්ට්‌ලි සහෝදරයන් විසින් ඇතිකරන ලද සමාගම, 1931 දී රෝලස්‌ රොයිස්‌ සමාගම විසින් ද ඔවුන්ගෙන් 1980 වසරේදී විකර්ස්‌ සමගම විසින් ද මිලට ගත්තේය. ඩෙරෙක්‌ රොබින්සන්ට පිං සිදුවෙන්නට බෙන්ට්‌ලි සමාගම දැන් අයිති වී තිබෙන්නේ ෆොක්‌ස්‌වැගන් සමාගමටය.

    dammika3මෙතෙක්‌ ලිපියට සම්බන්ධ නොවූ ඩෙරෙක්‌ රොබින්සන් පිළිබඳව කිව යුතු වන්නේ ඔහු විසින් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ කර්මාන්තයට අත්කර දුන් ඉරණම පාඨකයා දැන ගත යුතු නිසාය. ධම්මික පෙරේරාගේ නවතම වාහනය වන බෙන්ට්‌ලි මුල්සාන් හෝල්මාර්ක්‌ රථය පිළිබඳ දැනගැනීමට වඩා ඩෙරෙක්‌ රොබින්සන් පිළිබඳව දැනගත යුතු වන්නේ, ධම්මික පෙරේරා ද ඩෙරෙක්‌ රොබින්සන් පන්නයේ 'ලාංකිකයෙකුට' හසු වූ නිසාය.

    dammika3.jpg

    ලේලන්ඩ්, මොරිස්‌, රෝවර් කියන දැවැන්ත සමාගම් මීට කාලයකට පෙර අයත් වූයේ මහා බ්‍රිතාන්‍යයටය. ලෝකෙටම කාර් පමණක්‌ නොව වෑන්, ට්‍රක්‌, පොඩි ලොරි, ලොකු ලොරි ආදිය නිපදවීමේ ලොව ප්‍රමුඛයෝ වූයේ බ්‍රිතාන්‍යයෝය. බ්‍රිතාන්‍යයට කලක්‌ යටත්ව තිබූ රටවල 70 දශකයේදී වැඩි ප්‍රමාණයක්‌ තිබුණේ 'මේඩ් ඉන් ඉංග්ලන්ඩ්' වාහනය. මේ තත්ත්වය අසුව දශකය වන විට වෙනස්‌ විය. 'ජපනාගේ තරගයට මුහුණ දෙන්න බැරුව සුද්දා පැරදුණා' කියලා ඒ කාලයේ අපේ සමහරු කිව්වේ, එංගලන්තේ වාහන ඉවත් කර ජපන් වාහන අපේ පාරවල් අයිති කර ගත් නිසාය. එංගලන්ත වාහන ලෝක වෙළෙඳපොළෙන් ඉවත් වූයේ ජපානය සමග තරග කිරීමට නොහැකි නිසා නොවේ. ඒ තර්කය අනුව සිතුවහොත් ජර්මනියේ, ඉතාලියේ, ප්‍රංශයේ මෝටර් රථවලට ද ඒ න්‍යාය පොදු විය යුතුය. ජපනාට බැරි වූ ඒ දේ කරන ලද්දේ බ්‍රිතාන්‍ය කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ සාමාජික, බ්‍රිතාන්‍යයේ වාහන කර්මාන්ත සේවක වෘත්තීය සමිති සන්ධානයේ නායක ඩෙරෙක්‌ රොබින්සන්ය.

    1970 දශකයේ දී බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාන්තයේ කම්කරු සටන් සඳහා නායකත්වය දුන් ඩෙරෙක්‌ රොබින්සන් වැඩ වර්ජන 500 කට අධික ප්‍රමාණයක්‌ මෙහයවමින් බ්‍රිතාන්‍යයේ රථ වාහන කර්මාන්ත ශාලාවල සේවක අයිතීන් ආරක්‌ෂා කර දුන්නේය. ඔහුගේ සටන් නිසා බ්‍රිතාන්‍යයේ අයිතියට තිබූ රථ වාහන සමාගම් රාශියක අයිතිය විදේශිකයන් සතු විය. රොබින්සන්ගේ වැඩ වර්ජන හේතුවෙන් බ්‍රිතාන්‍ය රථවාහන කර්මාන්තයට සිදුවූ පාඩුව පවුම් මිලියන 200 කට අධික බවට ගණන් බලා තිබේ. රොබින්සන්ගේ වැඩ වර්ජන හේතුවෙන් විකුණා දමන ලද බ්‍රිතාන්‍යට අයත් ප්‍රකට මෝටර් රථ සමාගම් කිහිපයක්‌ මෙසේය.

    මොරිස්‌ මයිනර් කාර් නිපදවූ මොරිස්‌ සමාගම 1984 දී බංකොලොත් වී, චීනයේ SAIC සමාගම සතු විය.

    ලේලන්ඩ්, ඔස්‌ටින්, ලෑන්ඩ් රෝවර්, ට්‍රයම්ප් වැනි රථ වාහන නිපදවන ලද බ්‍රිටිෂ් ලේලන්ඩ් සමාගම 1986 දී බංකොලොත් විය. වර්තමානයේ ලේලන්ඩ් සන්නාමය අයත් වන්නේ දකුණු ඉන්දියාවේ මූන්ජල් පවුලට අයත් 'දූජා' සමූහ ව්‍යාපාරයටය.

    රෝවර් සමාගම වසර ගණනාවක්‌ පාඩු ලබා 2000 වසරේදී වසා දමන ලදී.

    MINI රථ වාහන සමාගම වත්මනයේ ජර්මනියේ BMW සමාගම මිලදී ගෙන තිබේ.

    Land Rover සහ Jaguar සමාගම දැන් අයත් වන්නේ ඉන්දියාවේ ටාටා සමාගමටය

    මහා බ්‍රිතාන්‍යයේ ප්‍රෙෘඪ නිෂ්පාදනයක්‌ වූ රෝල්ස්‌ රොයිස්‌ සමාගම ජර්මනියේ BMW සමාගම විසින් මිලට ගනු ලැබීය.

    බෙන්ට්‌ලි සමාගම ද රොබින්සන්ගේ වැඩ වර්ජන රැල්ල හමුවේ බංකොලොත් වීම නිසා, සමාගම් කිහිපයක්‌ අතට ගොස්‌ 1988 දී ජර්මනියේ වොක්‌ස්‌වැගන් සමාගම විසින් මිලදී ගනු ලැබ, එහි අයිතිය අද තිබෙන්නේ ඔවුන්ටය.

    dammika4 ලද රුපියල් කෝටි 16 කට බෙන්ට්‌ලි මුල්සාන් හෝල්මාර්ක්‌ රථයක්‌ මිලදී ගත ධම්මික පෙරේරා, හේලීස්‌ සමාගම් සමුහයේ වැඩිම කොටස්‌ ප්‍රමාණයක්‌ හිමි පුද්ගලයාය. හේලීස්‌ ව්‍යාපාර සමූහයට අයත් ඩිප් ප්‍රොඩක්‌ට්‌ස්‌ සමාගම රබර් කර්මාන්තයේ ලාංකික ප්‍රමුඛයෝ වූහ. ඔවුන් විසින් නිපදවන ලද රබර් අත්වැසුම් ලෝකය පුරා ශල්‍යාගාරයේ සිට මිදුල්, ගොවිපළ දක්‌වාම භාවිතා විය.

    වැලිවේරියේ ඩිප් ප්‍රොඩක්‌ට්‌ ආයතනයේ සේවක පිරිසක්‌ 2013 මාර්තු මස වැඩවර්ජනයක්‌ සිදු කළෝය. එය හේතු කොටගෙන සේවකයන් 147 ක්‌ සේවයෙන් පහ කර දමන ලදී. එම සේවක සටන යළි මතු වූයේ කර්මාන්ත ශාලාව නිසා ප්‍රදේශයේ ජල දූෂණයක්‌ සිදු වෙනවා යන අමූලික අසත්‍ය වපුරවමිනි. වාමවාදය සමග අත්වැල් බැදගත් කොළ පාට ධනවාදය සහ ඊළාම්වාදය විසින් එම අසත්‍ය, ජල ප්‍රශ්නයක්‌ ලෙස ගොඩනංවා ජීවිත ගණනාවක්‌ බිළි ගන්නා ලදී. ආණ්‌ඩුව පැරදීම සඳහා 'වතුර ඉල්ලන කොට වෙඩි තිබ්බා' යන සටන් පාඨය ද නිමවා දුන්නේ ඒ මුසාවය. සටනේ අනෙක්‌ ෙ€දවාචකය වූයේ, ලංකාවේ රබර් වලින් නිමවා ලෝකයටම විකුණන ලද අත්වැසුම් වෙළෙඳාම නිමකිරීමය. ඩිප් ප්‍රොඩක්‌ට්‌ ආයතනය රතුපස්‌වල සිය කර්මාන්ත ශාලාව වසා දමා, ඉන්පසු සිය රබර් කර්මාන්තය ක්‍රමක්‍රමයෙන් තායිලන්තයට ගෙන ගියේය. ඒ සමගම ලංකාවේ රබර් වෙළෙඳාමට අත් වූයේ බ්‍රිතාන්‍ය කාර් වෙළෙඳපොළට අත්වූ ඉරණමය.

    ඔසිත අත්තනායක
     
    • Like
    Reactions: richlife and creed1

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලෝකෙටම 50ක් වගේ තියෙන නිසා spare parts එහෙම එච්චර හොයාගන්න ලේසි වෙන එකක් නැහැ මාර්කට් එකේ :rolleyes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081

    :(:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලෝකෙටම 50ක් වගේ තියෙන නිසා spare parts එහෙම එච්චර හොයාගන්න ලේසි වෙන එකක් නැහැ මාර්කට් එකේ :rolleyes:

    ස්පෙයා පාට්ස් මාකට් එකෙන් ගන්න මේක බජාජ් බයිසිකලයක් වගේ පේනවද... :baffled::baffled: මු ඒවත් ඉතින් කල් තියාම එහෙම්ම ගේන්නයි... :lol: :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඩෙරෙක්‌ රොබින්සන්ට පිං සිදුවෙන්නට බෙන්ට්‌ලි සමාගම දැන් අයිති වී තිබෙන්නේ ෆොක්‌ස්‌වැගන් සමාගමටය.

    වික්කාමසිංහ මහත්තයට පින් සිද්ද වෙන්න ලගදීම එහෙනම් අපිටත් කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්තශාලාවෙන් බෙන්ට්ලි එකක් අරන් පදින්න පුළුවන් වෙයි :rofl::P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වැලිවේරියේ ඩිප් ප්‍රොඩක්‌ට්‌ ආයතනයේ සේවක පිරිසක්‌ 2013 මාර්තු මස වැඩවර්ජනයක්‌ සිදු කළෝය. එය හේතු කොටගෙන සේවකයන් 147 ක්‌ සේවයෙන් පහ කර දමන ලදී. එම සේවක සටන යළි මතු වූයේ කර්මාන්ත ශාලාව නිසා ප්‍රදේශයේ ජල දූෂණයක්‌ සිදු වෙනවා යන අමූලික අසත්‍ය වපුරවමිනි. වාමවාදය සමග අත්වැල් බැදගත් කොළ පාට ධනවාදය සහ ඊළාම්වාදය විසින් එම අසත්‍ය, ජල ප්‍රශ්නයක්‌ ලෙස ගොඩනංවා ජීවිත ගණනාවක්‌ බිළි ගන්නා ලදී. ආණ්‌ඩුව පැරදීම සඳහා 'වතුර ඉල්ලන කොට වෙඩි තිබ්බා' යන සටන් පාඨය ද නිමවා දුන්නේ ඒ මුසාවය. සටනේ අනෙක්‌ ෙ€දවාචකය වූයේ, ලංකාවේ රබර් වලින් නිමවා ලෝකයටම විකුණන ලද අත්වැසුම් වෙළෙඳාම නිමකිරීමය. ඩිප් ප්‍රොඩක්‌ට්‌ ආයතනය රතුපස්‌වල සිය කර්මාන්ත ශාලාව වසා දමා, ඉන්පසු සිය රබර් කර්මාන්තය ක්‍රමක්‍රමයෙන් තායිලන්තයට ගෙන ගියේය. ඒ සමගම ලංකාවේ රබර් වෙළෙඳාමට අත් වූයේ බ්‍රිතාන්‍ය කාර් වෙළෙඳපොළට අත්වූ ඉරණමය.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඩෙරෙක්‌ රොබින්සන්ට පිං සිදුවෙන්නට බෙන්ට්‌ලි සමාගම දැන් අයිති වී තිබෙන්නේ ෆොක්‌ස්‌වැගන් සමාගමටය.

    වික්කාමසිංහ මහත්තයට පින් සිද්ද වෙන්න ලගදීම එහෙනම් අපිටත් කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්තශාලාවෙන් බෙන්ට්ලි එකක් අරන් පදින්න පුළුවන් වෙයි :rofl::P

    :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕකක් මෙහෙ ඩ්‍රයිව් කරනවා කියන්නේ ඉතින් ඩ්‍රයිවර්ගේ ඇඟේ ලේ නැතුව ඇති ගමන ගිහින් එනකන්..:sorry:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ස්පෙයා පාට්ස් මාකට් එකෙන් ගන්න මේක බජාජ් බයිසිකලයක් වගේ පේනවද... :baffled::baffled: මු ඒවත් ඉතින් කල් තියාම එහෙම්ම ගේන්නයි... :lol: :lol:

    :rofl::rofl: