ඇත්ත මචන් සතුටුයි ඇත්ත ඇති හැටියට දකින්ඩ පුළුවන් මිනිස්සු ඉන්න එක ගැන , අවරුදු දෙදහස් ගණනක අතීතය ගැන කියා කියා වන්ශේ කබල් ගාලයි අපේ මිනිස්සුන්ට පුරුදු ,හරියට ගරා වැටිච්ච වලව්වක ඉන්න වලව් කරෝයෝ ලොකු කම කියවනවා වගේ , ඇති රෙද්දක් නැ, හැබැයි ඉස්සර අපි තමයි පොරවල් කියල ලොකු ටෝක් තියනවා , දේශපාලනේ ජරා ගොඩක් මොන දේශපාලන පක්ෂේ ආවත් , අද්යාපනය බලු වෙලා 8 පාස නැතත් උපාධි කඩෙන් ගත්ත උන් රටේ වැදගත්තු , හරියට ඉගෙන ගත්ත එකා බඩගින්නේ පාරේ බෝර්ඩ් ලෑලි උස්සගෙන , , රටේ අලුතෙන් දෙයක් නිෂ්පාදනය කරන්ඩ හිතෙන්නේ නැහැ , යකඩ ඇනේ ඉදල පිටරටින් ගේන්නේ ,, රැකියාවක ඉහලට යන්ඩ හැකියාව වැඩක් නැහැ පන්දමයි ඕනි , මොකා මිනි මැරුවත් , මොන වැදගත මොන බලු වැඩේ කරත් ,හවසට කසිකබල් මෙගා ටෙලිනාට්‍ය ටිකක් බලල ෆුල් චුන් එකේ ඉන්න අපි , ප්‍රෞඩ ඉතිහාසයක් ද , නින්දිත වර්තමානයක් ද , අවිනිශ්චිත අනාගතයක් ද ඇති අභිමානවත් ජාතියක් මචන්
