ලොව පුරා නයිට්‍රිජන් මූලිකව සියලු පොහොර ගිඟයක්.
ස්වභාවික ගෑස් මිල 350% කින් හා ඉන් ධන මිල 100%කින් ඉහල යාම නිසා දැවැන්ත පොහොර කම්හල් වැසේ.
ප්‍රධාන නයිට්‍රිජන් පෝර වන යූරියා හා ඇමෝනියා සංයෝග හදන්නේ පොලොවෙන් එලියට ගන්නා ස්වභවික ගෑස් වායු ගෝල නයිට්‍රිජන් සමග බද්ධ කිරීමෙනි.
පුහුණු ශ්‍රමිකයන් මියගොස් තිබීමත්, සේවයෙන් ඉවත් කළ අයව නැවත කැඳවීමේදී නොඒමත් , ලොව පුරා අමුද්‍රව්‍ය ප්‍රවාහන ජාලය අඩපන වීමත් මෙයට බලපා ඇත.
යූරියා සිල්ලර මිල වසරක් තුල 175-200% කින් ඉහල ට ගොස් අවසන්.
රොක් පොස්පෙට් මිල 90% කින් ඉහල යයි.
පොස්පරස් හා පොටැසියම් නිපැයුමද අඩාල වී මිල ඉහල ගොස් ගොවිතැනේ දී පොහොර භවිතය අලාභ වනලකුණු.
ලොව පුරා ගොවි මහතුන්ට රසායනික පොහොර භාවිතය හැකි තරම් අඩු කිරිමට හෝ ඉන් ඉවත් වීමට දැනටමත් උපදෙස් ලැබේ.
මිනිස් හා සත්ත්වාහාර ලෙස ලොව පුරා අති විශාල ලෙස කෙරෙන පාන් පිටි හා බඩ ඉරිඟු නිපැයුමේ මූලිකම වැය නයිට්‍රිජන් පොහොර වන අතර මේ හේතුවෙන් තිරිඟු හා බඩ ඉරිඟු නිපැයුම් වැය ඉහල ගොස් නිපැයුම පහල යාම නොවැලැක්විය හැකි වේ.
අද වනවිටත් මේ වසර තුල පාන් පිටි මිල 100% කින් ඉහල යමින් ඇත.
ලංකාවේ සමහර ගොවි මහතුන් , යුරොප් මාස්ටස් ඩිග්රි කර මොල හෝදා ගෙන මෙහේ ඇවිත් ගිරව් සේ දොඩවන සමහර බැරි බැරි පණ් ඩිතයන් ගේ ලනු නොකා, රටේ ඇතිවූ පොහොර වෙනස එක්ක හැකි තරම් ග්ලිරිසිඩියා, වල් සුරිය කාන්ත, ඇසොල්ලා ආදිය වගා කර නයිට්‍රිජන් චක්‍රය නිර්මාණය කරගෙන සිය පොහොර අවශ්‍යතාව සපුරා ගන්න උත්සාහ කිරීම දැනටම ආරම්භ කර ඇත්නම් එය ඔවුනට වාසියකි.
ලංකාවෙන් චීන අසූචි ලෙස ගරහා එපා කියන Seawin Biotech සමාගමේ මුහුදු පැලෑටි මූලික පොහොර ගෙන ආ නැවට වැඩි වාසිදායක වෙළෙඳපලක් යුරෝපයේ නිර්මාණය වෙමින් පවතින නිසා නයිට්‍රිජන් මිල තවත් ඉහල ගියහොත් චීන රජය මොනවා කෙරුවත් එම සමාගම ඒ ගැන බොහෝ විට නීති කටයුතු වලින් ඉවත් වීමට පවා ඉඩ තිබේ.
