ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    අර මහාසිංහලේ වංශ කතාව කියන එක කරන ජැක්සන් ඇන්තනී එක පාරක් කිව්වේ මහින්ද්යා බුදුහාමුදුරුවන්ගේ නෑ පරම්පරාවේ කෙනෙක් කියලා .මෙව්වත් ඔය වගේ බයිලා තමා .අපි අපේ රටට ආදරෙයි .අපේ ඉතිආසෙට් ගරු කරනවා .ඒත් මේ වගේ ඕනවට වඩා අතිශ්‍යයෝක්තියෙන් කරුණු කාරණා ගෙන හැර දක්වන එකෙන් වෙන්නේ අපේ ජාතිය මුලාවේ වැටිච්ච ගොබ්බ ජාතියක් වෙන එක .අනික බලාගෙන ගියාම හැම මඟුලම කරලා තියෙන්නේ එක්කෝ රාවණා නැත්තම් රාවණාගේ නෑයෙක් .එතකොට ඔක්කොම මෙහෙ නම් බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනේ ඇයි .මෙහෙ ඉපදෙන්න එපැයි .:yes::yes::yes::yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අර මහාසිංහලේ වංශ කතාව කියන එක කරන ජැක්සන් ඇන්තනී එක පාරක් කිව්වේ මහින්ද්යා බුදුහාමුදුරුවන්ගේ නෑ පරම්පරාවේ කෙනෙක් කියලා .:yes::yes::yes::yes::yes:

    එ කතාවට නම් හැබැයි මුලයක් තියනවා,එත් එක අතිශොක්තියක් බව මමත් පිලිගන්නවා.(කඩේ යැමක්)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    lol


    උපුටා ගැනීම 2013 දෙසැම්බර් 04 බදාදා දිවයින පුවත් පතෙනි...

    ශ්‍රී ලංකාව මනෝ ලෝකයකට ගෙනගිය
    රාවණ ෆැන්ටසිය


    නිමේෂ තිවංකර සෙනෙවිපාල
    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

    කාලයෙන් කාලයට විවිධාකාර වූ ෆැන්ටසි මවා පෙන්වමින් අප රටේ බහුතරයක්‌ අන්ධභූත ප්‍රජාව කුල්මත් කරවන අන්දරේලා බිහි වෙති. මේ කාලයේ ශාස්‌ත්‍රීය ලෝකයේ ඉතිහාස ධාරාව තුළ ගොඩනැංවී ඇති සුවිශේෂී ම ප්‍රවාදය නොහොත් ෆැන්ටසිය වශයෙන් ගිණිය හැකි රාවණා පිළිබඳ මිථ්‍යාව සමාජගත වී තිබෙන්නේ ද මෙවන් අන්දරේලා හරහා ම ය. වසර 3000 ක පමණ කාලයකට අයත් ව ඇති දෘෂ්‍යමාන ඓතිහාසික උරුමය හෝ රැකගත නොහැකි ව වෙසෙන විසංඥ වූ මිනිසුන් පිරිසකට රාවණා යුගයක්‌ පිළිබඳ අමාරුවෙන් ගැටගසා ගත් ප්‍රවාද හා මනෝමූලික සංකල්ප ඔස්‌සේ ගෙනහැර පාන මිථ්‍යාදෘෂ්ටික මහා ඉතිහාසයක්‌ කෙසේ නම් රැකගත හැකි වනු ඇත් දැයි විමසමින් ප්‍රස්‌තුතය වෙත එළැඹුම වැදගත් ය.

    රාමායණය කියෑවූ පමණින් ම, ඒත්තු යන ආකාරයට එය හුදු මිථ්‍යාවක්‌ මෙන් ම, සම්ප්‍රඵලාපයක්‌ නොවේ යෑයි කවරෙකුට කිව හැකි ද? එය ම පාදක කරගෙන ගොඩනංවා ගෙන යමින් තිබෙන මේ මහා රාවණ ෆැන්ටසිය පිළිබඳ මතවාදය ගෙන යන කිහිප දෙනෙක්‌ නම් කාගේ හෝ මුදලින් හොඳ හැටි සැලකුම් ලබන බව ද නිසැක ය. මන්ද යත්, කුඩා දරුවෙකු තුළ වුව හාස්‍යය ම උද්දීපනය කරන්නා වූ රාමායණයක්‌ සෙත්‍යක්‌ෂණය කිරීමේ නිස්‌කාරණ වූ කටයුත්තට අතගැසීමට කුමක්‌ හෝ වාසියක්‌ නැති ව, යථා ස්‌මෘතින් ඇති කිසිවෙකුත් ඉදිරිපත් නොවන නිසාවෙනි.

    රාවණා ගැන නන් විධ පුරසාරම් ගෙන හැර පාන කිසිවෙකු හෝ ඉතිහාසය පිළිබඳ දත්තවුන් නොවෙති. ඔවුන් දන්නේ රාවණා පිළිබඳව ම පමණි. ඉතිහාසය යනු මානව විද්‍යාව, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව ආදි විවිධාකාර වූ විෂයයන් සම`ග අන්තර් සබඳතා පවත්වන බව නොදන්නා මේ රැළ සෑම විටක ම කරනුයේ රාවණා සිටියේ යෑයි කියා දෙඩවුම ම මිස, ඒ පිළිබඳව මානව විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක හෝ විශ්ලේෂණවලට එළැඹුම නොවේ.

    අයෙක්‌ රාවණා ගැන සඳහන් පුස්‌කොල පොතක්‌ ගැන කියමින් කාලයක්‌ සති අන්ත පුවත්පතක අවකාශය කා දැමුවේ ය. ඔහුගේ ම ගෝල බාලයන් පිරිසක්‌ එක්‌ ව එක්‌තරා රූපවාහිනී නාලිකාවක වටිනා විකාශන කාලය ද කා දමන්නේ ය. තවත් පිරිසක්‌ බදාදා අතිරේකයේ ශාස්‌ත්‍රීය ලිපි සඳහා වෙන් ව ඇති වටිනා අවකාශය ද විනාශ කර දමමින්, බුද්ධිමය කතිකාවතක්‌ වෙනුවට, මායාරූපී උසුළු විසුළු රාවණෙක්‌ ගැන කියන්නට පටන්ගෙන දැන් බොහෝ කල් ය. දැන් හෝ මේ රාවණාගේ ෆැන්ටසි උන්මාදයට තිත තබා මහ පොළව මත සිටගැනීමට පටන් ගත යුතු ය.

    පසුගිය සතියේ ජලිත අමරසිංහ නම් පුද්ගලයෙකු විසින් කියා තිබුණු සුරංගනා කතාවෙන් අපට හෙළි වූයේ, රාවණා ෆැන්ටසිය අතු ගා දමන්නට මේ රටේ වෙසෙන විධිමත් උගතුන් වහා කරළියට පැමිණිය යුතු බව යි. නමුත් ඒ සඳහා ශාස්‌ත්‍රීය උගතුන් ඉදිරිපත් වීමට මැළි වූ බවක්‌ ද අපට පෙනෙන්නට තිබේ. එයට හේතුව වන්නේ ෆැන්ටසි රාවණාගේ අනුගාමිකයන් විසින් එවන් උගතුන්ට දේශද්‍රෝහී හෝ ජාතිද්‍රෝහී හෝ ලේබලයක්‌ අලවනු ලබන හෙයින් විය යුතුය.

    කෝට්‌ටේ යුගයේ විසූ තොටගමුවේ හාමුදුරුවන් විසින් රාවණෙක්‌ ගැන කියා ඇතැයි කියා රාවණා ඇත්තක්‌ යෑයි කියන්නට බැරි බව සාමාන්‍ය පෙළ දරුවෙකු වුවද තේරුම් ගනිතත්, ජලිතලාට ඒ තරම්වත් බුද්ධියක්‌ නැති වූයේ කර්මානුරූපීව දැයි මම නොදනිමි. මේ මිථ්‍යා ප්‍රබන්ධවලට කරුණෙන් කරුණ ගෙන තර්ක ගෙන ආවාට ඵලක්‌ නොමැති බව ද පසුගිය කාලයේ මේ ගැන අවධානයෙන් හුන් අපට පසක්‌ විය.

    එහෙයින් රාවණා සංකල්පය සුන්නද්ධූලි කර දමා ඇසට පෙනෙන්නට තිබෙන, සිංහල බෞද්ධ ලෙයින් දහදියෙන් ගොඩනැගුණු වසර තුන්දහසක්‌ උරුමය මතුකර ගැනීම කෙරෙහි සියල්ලෝ අවධානය යොමු කළ යුතුම ය.

    රාවණ ෆැන්ටසියෙන් සිදු කෙරෙන කටයුතු කිහිපයකි.

    1. බුදුදහමේ ඉගැන්වෙන ජාති ජරා ව්‍යාධි මරණ යනාදී සත්‍ය ලෝක ධර්මතා වෙනුවට හින්දු ආගමේ ඉගැන්වෙන ආත්ම සංකල්පය සමාජගත කිරීම.

    2. වසර 3000 ක්‌ පමණ පැරණි බෞද්ධ ඉතිහාසය වෙනුවට ඉන් ඔබ්බේ, හින්දු ආගම ම මෙරට මුල්බැස ගෙන තිබුණේ ය යන ආකල්පය සමාජගත කිරීම.

    3. සත්‍ය මූලාශ්‍ර මත ඉතිහාසය ගොඩනංවනු වෙනුවට, එක එකාගේ හිතලුවලින් ම මූලාශ්‍ර ගොඩනංවන සම්ප්‍රදායක්‌ බිහිකිරීම.

    4. ලංකා ඉතිහාසයේ මුල් යුගය ඉන්දියාවට අයත් කර දී, ඒ තුළින් ඉන්දියානු රුපියල් හෝ ඇමෙරිකානු ඩොලර් කුට්‌ටි හෝ ලබාගැනීම.

    5. ලංකා ඉතිහාසයේ සැබෑ ශක්‌තිමත් මූල පද්ධතිය වනසා දමා සංකල්ප ඔස්‌සේ ගොඩනැගූ මිථ්‍යා මූලයන් ඇති කිරීම.

    කිසිදු පදනමක්‌ නැති හිතලු ඉතිහාසය ගොඩනංවා ගැනීම කෙරෙහි රාවණාවාදීන් ඉදිරිපත් කරනු ලබන ප්‍රධානත ම මූලාශ්‍රය වන්නේ රාවණ රාජාවලිය ඇතුළු පුස්‌කොළ පොත් දෙක තුනකි. මේ සියලු පුස්‌කොළ පොත් රචනා වී තිබෙන්නේ සිංහල සාහිත්‍යයේ අපගමනය සිදු වූ දහ නමවැනි සියවසේ අගභාගයේ දී වීම ප්‍රමුඛ ලක්‌ෂණයකි. එවන් තවත් එක්‌ පුස්‌කොළ පොත් බොහෝ තිබේ. මහනුවර ප්‍රාචීන පුස්‌තකාලයේ තිබි පසුගියදා අප කියෑවූ 'බ්‍රාහ්මණ දේවරාජ වික්‍රමය' නම් පුස්‌කොළ පොත ද එවැනි ම මිථ්‍යාවකින් යුක්‌ත වූවකි. රාවණා පිළිබඳව ලියෑවුණු පුස්‌කොළ පොත් ද එසේ ම ය. ඉතිහාසය හෝ එහි දී භාවිත වන මූලාශ්‍ර පිළිබඳව ගැඹුරු දැනුමක්‌ නොමැති රාවණවාදීන්ට පුස්‌කොළ පොතක්‌ යනු අරුම පුදුම මූලාශ්‍රයකි. ඉර බස්‌නාහිරෙන් පෑයුවේ යෑයි පුස්‌කොළ පොතක තිබුණහොත් එය ද එවන් උදවියට සත්‍යයක්‌ වනු නොඅනුමානය. පුස්‌කොළ පොත් අද ද ලිවිය හැක. එසේ ලියා ටික දවසක්‌ පරණ වීම සඳහා මඩක බහා තබා සුද්දන්ට විකුණන උදවිය මම දනිමි. රාවණාවාදීන් විසින් ඉදිරිපත් කරන පුස්‌කොළ පොත්වල ඇති භාෂාව පිළිබඳව මදක්‌ විමසූ පමණින් ම ඒවා ද අද ඊයෙක ලියූ ව්‍යාජ පුස්‌කොළ බව වටහා ගැනීම දුෂ්කර නොවේ. වර්තමාන භාෂා ව්‍යවහාරය අමු අමුවේ ම යොදා පුස්‌කොළයක ලියූ පමණින් එය සත්‍යයක්‌ යෑයි තර්ක කරන රාවණාවාදීන් සිතනුයේ ලංකාවේ ඉන්නා ජනතාව ද හනුමාගේ වඳුරු පරපුරෙන් පැවතෙනු ඇතැයි කියා විය යුතුය. එමෙන් ම ඇතැම් විට ග්‍රාම නාමයන්ගෙන් පවා ඉතිහාසය ගොඩනගා ගන්නා තැනට ඇද වැටෙන්නට තරම් රාවණාවාදීන් දුප්පත් වී තිබේ.

    ඇසට නොපෙනෙන හිතලු ඉතිහාසයක කුහක ෆැන්ටසියක්‌ ගොඩනගාගෙන යන මේ ගමනේ කෙළවර කොතනක දැයි අපට නොපෙනේ. දැනටමත් හීන බුද්ධි ඇති දහස්‌ ගණනක්‌ ජනයා මේ රාවණාවාදීන්ගේ බේගල හිස්‌ මුදුනේ තබා පිළිගනිති. වද කහ සුදි බිවූ ලක්‌ වැසියාට රාවණා අමෘතයක්‌ වී තිබේ. සක්‌විතිගේ බොරුවලට හසුවූ ඔවුන් රාවණාට නොරැවටෙනු ඇද්ද? මේ රටේ ජනතාව ඔවුන්ගේ සැබෑ ඉතිහාසය නොදන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ෆැන්ටසිය තවත් පෝෂණය කරමින් රාවණා මිය නොගිය බව ද කියනු ලැබේ. වසර දහස්‌ ගාණක්‌ ඔහු සිටින්නේ අමුතු ආකාරයේ නින්දක ය. හෙට අනිද්දා ම ඔහු නින්දෙන් නැගිටනු ඇත. මේ කතා අසන විට අපට සිහිපත් වන්නේ සුප්‍රකට ලේකා ඡේ. කේ. රෝලිං ලියූ සුප්‍රකට හැරී පෝටර් නම් මිථ්‍යා කථා මාලාව යි. රාවණා අවදි වී යළි ලෝකය ඔහුගේ යටතට ගනු ඇතැයි යන මේ කතා ඇසෙන විට මට සිහිවන්නේ එහි සිටි වොල්ඩමෝර්ට්‌ නම් අද්භූත සත්වයා සහ ඔහුගේ මෆියා කල්ලිය ය. වොල්ඩමෝර්ට්‌ අවදි වන තුරු බලා සිටින පිසාච හමුදාව මෙන් ම රාවණාවාදීන් ද රාවණා උන්මාදයේ සැ`ගවී අයාලේ ගොස්‌ සිටියි.

    එහෙයින් මම අභියෝගයක්‌ ඉදිරිපත් කරමි. ඊට කරුණු පහක්‌ ඇතුළත් ය.

    1. රාවණා පිළිබඳ ඇතුළත් පුස්‌කොළ පොත්වල පැහැදිලි පිටපත් ඉදිරිපත් කරන්න. (ඒවා ඇති තැන් ද සම`ග)

    2. රාවණා ගැන සඳහන් වෙතැයි රාවණවාදීන් පුල පුලා කියන සෙල්ලිපි රාවණාගේ බවත්, බ්‍රාහ්මි අක්‌ෂර මාලාව ඔහුගේ කාලයට අයත් බව තහවුරු කරන්න.

    3. සුප්‍රකට සීගිරිය රාවණාගේ නිර්මාණයක්‌ යෑයි ඔබ සියල්ලෝ ම කියති. එහෙයින් එය ද සනාථ කරන්න.

    4. රාමායණය හුදු සාහිත්‍ය කෘතියක්‌ නොවන බව සහේතුකව පෙන්වා දෙන්න.

    5. රාවණා සිටියේ යෑයි කියන වසර 5000 කට පෙර කාලයට අයත්, අතිශයින් ම දියුණු වාස්‌තු විද්‍යාවන්ගේ පිරිසිදු සාක්‌ෂි ඇත් නම් ඉදිරිපත් කරන්න.

    එවිට රාවණාගේ ඇත්ත නැත්ත ගැන කතා කළ හැකි වනු ඇත.
    damithkethaka gen ussana ladi