ලෝක ඉතිහාසයේ හමුවන ප්‍රථම විද්‍යාඥයා

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
ලෝක ඉතිහාසයේ හමුවන ප්‍රථම විද්‍යාඥයා

statuette_imhotep_musee_louvre.gif






ඉම්හොටෙප් මීට අවුරුදු 4950 කට කලින් මිසරයේ ජීවත් වූ අපූරු පුද්ගලයෙක් විය. මෙම්ෆිස් අසල උපන් ඔහු විස්මිත දේවල් රැසක් සිදු කළ අයෙකි. ඔහු වටා ගෙතුණු කතා ඉතා අපූරුය. ඒ කාලෙ මිනිසුන් ඔහුට සැලකුවේ දෙවියකු ලෙස ය. ඔහුට ලෙඩ රෝග සුව කිරීමේ පුදුම හැකියාවක් තිබුණි. ඒ නිසා ලෝකයේ වාර්තා ගත වී ඇති මුල් ම වෛද්‍යවරයා ඔහුය. එසේ ම මායාකාරී වැඩ කරන්නත් ඔහුට හැකියාව තිබුණේය. ඒ කාලයේ ජනතාව ඔහුට දැක්වූ ගෞරවසම්ප‍්‍රයුක්ත බියකි. ඔහුගේ මරණින් පසුවත් ඔහුගේ සොහොන ළඟට ගොස් ඔහුට යාච්ඤා කළ රෝගීහූ සුවපත් වූවා යැයි සදහන් වේ. ක‍්‍රි.පූ. 2980-2950 අතර කාලය තුළ මහා මෙහෙයක් කළ පුද්ගලයකු ලෙසට ඔහු අද ඉතිහාසයට එක් වී ඇත. අද අප විද්‍යාඥයෙක් හැටියට හඳුන්වන විධියට ගැළපෙන ලෝකයේ පළමු මිනිසා වන්නේ ද මේ ඉම්හොටෙප් ය. මොහුගේ මරණින් පසු තවත් මෙවැනි විද්‍යාඥයකු තවත් අවුරුදු දෙදහසක් යන තෙක් ම ලෝකයේ පහළ වූයේ නැත.






step-pyramid-of-djoser.jpg



ඉම්හොටෙප් නිර්මාණය කළ බවට සැලකෙන එක් අපූරු නිර්මාණයක් ලෙස ‘පඩි පිරමීඩය’ (Step Pyramid) දැක්විය හැකිය. මේ සඳහා නිශ්චිත සාක්ෂි දැන් සොයා ගෙන ඇත. ඊජිප්තුවේ සක්රාහි ඓතිහාසික නටඹුන් අතර දැකිය හැකි මෙම පඩි පිරමීඩය මිසර පිරමීඩ අතරින් පැරණිතම පිරමීඩය ලෙස ද සැලකේ.

පුරාවිද්‍යාඥයින් පවසන ආකාරයට මෙම පිරමීඩයේ ඉදිකිරීම් කටයුතු හා නිර්මාණය ඉම්හොටෙප් අතින් සිදු වූවා නම් ලෝක ඉතිහාසයේ එවැන්නක් කළ පළමු තැනැත්තා වන්නේ ද ඉම්හොටෙප් ය.

ඉම්හොටෙප් වටා ගෙතී තියෙන කතා නිකම්ම ගෙතූ කතාන්දර නොවේ. ඒ අතුරින් ඔහු සතුව තිබූ ලෙඩ රෝග සුව කරන බලය වඩාත් වැදගත් ම දෙය ලෙස සැලකිය හැකිය. ප‍්‍රවාදවලට අනුව ඔහු සතුව රෝග සුව කිරීමේ මායා බලයක් තිබූ බව කියැවේ. ටොලමිගේ යුගයේ දී මොහුව හඳුන්වනු ලද්දේ වෙදකමට අධිපති මහ දෙවියන් වූ ටාගේ පුත‍්‍රයා ලෙසය. ඔහු මෙලොව පහළ වූ පළමු විද්‍යාඥයා වනවා පමණක් නොව, මිනිසුන් විසින් දෙවියකු බවට පත් කරන ලද පළමු විද්‍යාඥයා ද වෙයි.

ඉම්හොටෙප් මියගිය පසු ඔහුගේ සිරුර තැන්පත් කළ මිසරයේ සක්කාරා (Saqqara) වල ඇති සොහොන රෝග සුව කරන දෙවොලක් සේ සැලකීමට මිසර වැසියෝ පුරුදු වූහ. ඔහු මිය ගොස් අවුරුදු දෙදහසක් ගත වන තුරු ම ජනයා රෝග සුව කර ගැනීමට එහි ඇදී ආහ. ඔවුන් ඔහුගේ සොහොන වන්දනාමාන කරද්දී ම විස්මිත අයුරින් රෝග සුව වූ බව සඳහන් ය. මෙම සොහොනේ නටඹුන් සොයා ගැනීමට හැකිවූයේ 1965 දී ය.

පැරණි ලේඛනවලට අනුව ඉම්හොටෙප්, ඩ්ජෝසර් නම් පාරා අධිරාජයාගේ උපදේශකයා ලෙසත් කි‍්‍රයා කර තිබේ. පඩි පිරමීඩය ඔහු විසින් ඉදි කරන ලද්දේ එම අධිරාජයා වෙනුවෙනි. ඒ ස්මාරකය ඉදි කරන ලද්දේ එම ප‍්‍රදේශයේ සශී‍්‍රකත්වයට මුල් වන නයිල් නදියේ ගංවතුර පිට පිට සත් වසක් ඇති නො වීම හේතුවෙන් නොකඩවා ඇති වූ සාගත තත්වය නිමා කරන ලෙස ඉල්ලමින් දෙවියන් සතුටු කිරීම පිණිස යැයි කියැවේ. හීබෲ ප‍්‍රවාදවලට අනුව ඔවුන්ගේ ජෝශප්ගේ චරිතයට පණ පෙව්වේ මේ ඉම්හොටෙප් ය
.





අන්තර්ජාලය ඇසුරෙණි.
බම්ප් එකක් කමෙන්ට් එකක් දාන්නත්, හොදනන් සලකල යන්නත් අමතක කරන්න එපා.;)

 

s@dun193

Member
Jul 29, 2014
696
173
0
ela.
tfs.
eye rep dunna.

You must spread some Reputation around before
giving it to overwhelming again.