ලෝක කණ්ඩායමෙන් දෝණි කැපෙද්දී සංගාට නායකත්වය
ලෝක කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයින් ලංකාවෙන්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තෝරා ඇති ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරට පිරිනමද්දී එම කණ්ඩායමට ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණිට අතුළු වීමට හෝ නොහැකිවීම කැපී පෙනේ.
ශ්‍රී ලංකාව පරදා වසර 28 කට පසුව ලෝක කුසලානය ඉන්දියාවට දිනාදුන් කණ්ඩායමේ නායකයා වූ මහේන්ද්‍ර සිං දෝණි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ලකුණු අතරට පැමිණියත් පෙර පැවති තරග වලදී ලකුණු අතරට නොපැමිණීම නිසා ඔහු මෙම කණ්ඩායමට ඇතුළත්ව නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ලෝක කණ්ඩායම තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තේරීම් කමිටුවක් පත්කර තිබුණු අතර ඒ සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩා මාධ්‍යවේදීන්ද ඇතුළත්ව සිටි බව සඳහන්ය.
මේ අනුව, මොවුන් තෝරා ඇති ලෝක ක්‍රිකට් කණ්ඩායමට සංගක්කාර ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 04 දෙනෙකුම සිටීම විශේෂත්වයකි.
ටී.එම් ඩිල්ෂාන්, මහේල ජයවර්ධන හා මුත්තයියා මුරලිදරන් එම ක්‍රීඩකයින්ය.
ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමෙන් ලෝක කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තුන් දෙනෙකු ඇතුළත් අතර සචින් තෙන්ඩුල්කාර්, සහීර් ඛාන් හා යුවරාජ් සිං ඔවුන් අතර වේ.
මීට අමතරව, දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ඒබී ඩිවිලියස්, ඕස්ට්‍රේලියාවේ ෂෙන් වොට්සන්, පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩි, දකුණු අප්‍රිකාවේ ඩෙල් ස්ටේන්, මෙම කණ්ඩායමට ඇතුළත්ය.
ලෝක කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණෙන පිළිවෙල මෙසේය
Sachin Tendulkar (India)
Tillakaratne Dilshan (Sri Lanka)
Kumar Sangakkara (Sri Lanka, WK and captain)
Mahela Jayawardena (Sri Lanka)
AB de Villiers (South Africa)
Yuvraj Singh (India)
Shane Watson (Australia)
Shahid Afridi (Pakistan)
Dale Steyn (South Africa)
Zaheer Khan (India)
Muttiah Muralitharan (Sri Lanka)
12th man: Tim Southee (New Zealand)