ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    උඹ අමතක කරපු දෙයක් තමයි nuclear war heads ගණන.

    රුසියාවට 10000ක් පමණ තියෙද්දී , ඇමරිකාවට තියෙන්නේ 6000 ක් පමණ.
    ඇමරිකානු යුධ වියදම වැඩිවෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ පහුගිය දශකය පුරා ඔවුන් යුධ මෙහෙයුම් වල නිරත වීම.
    එත් conventional war power එක අතින් ඇමරිකාව ගොඩක් ඉදිරියෙන්. :yes::yes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹ අමතක කරපු දෙයක් තමයි nuclear war heads ගණන.

    රුසියාවට 10000ක් පමණ තියෙද්දී , ඇමරිකාවට තියෙන්නේ 6000 ක් පමණ.
    ඇමරිකානු යුධ වියදම වැඩිවෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ පහුගිය දශකය පුරා ඔවුන් යුධ මෙහෙයුම් වල නිරත වීම.
    එත් conventional war power එක අතින් ඇමරිකාව ගොඩක් ඉදිරියෙන්. :yes::yes:

    ඔය කරුණ ගෙනාපු එක හොඳයි මචන්.:yes:

    කට්ටිය කියනවනේ රුසියාවට nuke power එක වැඩියි කියල. මේවයින් active ඒවා විතරයි මේ දැන් පාවිච්චි කරන්න පුළුවන්.

    මේ තියෙන්නේ 2013 වෙනකොට ලෝකේ තියන nuke data.

    country ..................Active/Total

    USA .................................... 2,150/7,700
    Russia ................................. 1,800/8,500
    UK..........................................160/225
    France ................................... 290/300
    China .................................unknown/250
    Israel ................................ unknown/80

     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    චින්නු කපටි ජාතිය.උන් මොනවා හන්ගන් ඉනවද කියලා හිතාගන්න බෑ.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    තුන්වන ලෝක යුද්දෙදි බවිතාවන ආයුද ගැන කියන්න මට නොහැකි.නමුත් හතරවන ලෝක යුද්දෙදි සටන් කරනුයේ ගල් මුගුරු භාවිතයෙනි

    ඇල්බට් අයින්ස්ටයින්​
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තුන්වන ලෝක යුද්දෙදි බවිතාවන ආයුද ගැන කියන්න මට නොහැකි.නමුත් හතරවන ලෝක යුද්දෙදි සටන් කරනුයේ ගල් මුගුරු භාවිතයෙනි

    ඇල්බට් අයින්ස්ටයින්​

    සිරාවට.:dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කරුණ ගෙනාපු එක හොඳයි මචන්.:yes:

    කට්ටිය කියනවනේ රුසියාවට nuke power එක වැඩියි කියල. මේවයින් active ඒවා විතරයි මේ දැන් පාවිච්චි කරන්න පුළුවන්.

    මේ තියෙන්නේ 2013 වෙනකොට ලෝකේ තියන nuke data.

    country ..................Active/Total

    USA .................................... 2,150/7,700
    Russia ................................. 1,800/8,500
    UK..........................................160/225
    France ................................... 290/300
    China .................................unknown/250
    Israel ................................ unknown/80

    ඔය කියන ඩේටා කිසි එකක් විශ්වාස කරන්න අමාරුයි බන්. ඇමෙරිකන් කාරයා සහ අනිත් රටවල් ගේම අදින නිසා ඔය රුසියාව චීනෙ බොරුවට මොත්ත ගනන් දීලා ඉන්නවද කියලා කවුද දන්නෙ. මටනම් හිතෙන්නෙම එහෙමයි:rolleyes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය කියන ඩේටා කිසි එකක් විශ්වාස කරන්න අමාරුයි බන්. ඇමෙරිකන් කාරයා සහ අනිත් රටවල් ගේම අදින නිසා ඔය රුසියාව චීනෙ බොරුවට මොත්ත ගනන් දීලා ඉන්නවද කියලා කවුද දන්නෙ. මටනම් හිතෙන්නෙම එහෙමයි:rolleyes:

    සමහරවිට ඔක්කොම හවුලේ හොර කරලා අනික් රටවලට කොකා පෙන්නනවත් ඇති.:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමහරවිට ඔක්කොම හවුලේ හොර කරලා අනික් රටවලට කොකා පෙන්නනවත් ඇති.:rofl:
    කියන්න බෑ මේවා පොලිටික්ස්:D
     
    Last edited:
    ඉස්සුවෙ බුකියෙන්. Damith Kethaka තමයි ලියලා තියෙන්නෙ. මේ thread එකට වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මා.

    සිරියාව සම්බන්ධයෙන් රුසියානු නායක ව්ලැඩිමිර් පුටින් සහ ඇමරිකානු නායක බැරැක් ඔබාමා අතර ශාන්ත පීටර්ස්බර්ග් නුවර කොන්ස්තන්තින් මන්දිරයේදී මේ මොහොතේ වැදගත් සාකච්ඡා මාලාවක් ඇරඹෙමින් පවතී... මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලය බොහෝ විට සිරියාවේ අනාගතය තීරණය කරනු ලබන බව විචාරක මතයයි... තත්වය එසේ තිබියදී මෙම සාකච්ඡාවෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රතිඵලය කුමක්දැයි අප විසින් විශ්ලේෂණය කළ යුතුව ඇත... එම විශ්ලේෂණය භූමියේ යථාර්තයට මුහුණ දී කළ යුතු අතර, හැඟීම් වලට ප්‍රමුඛස්ථානය දීමෙන් තොර විය යුතු බව අපගේ මතයයි... මෙනිසා මෙයින් පසු කුමක් සිදුවේදැයි අනුමානයක් ඔබට සැපයීමට මා බලාපොරොත්තු වෙමි...

    රුසියාවට අසාද් පාලනය පවත්වා ගැනීම වැදගත් වන්නේ ඇයි... ?

    මෙම ප්‍රශ්ණයට පිළිතුරු දීමට පෙර, මහපොළවේ ඇති කඨුක යථාර්තය ගැන සරලව පැහැදිලි කිරීමක් කළ යුතුව ඇත... සිරියාවට ඇමරිකා එක්සත් ජනපද ප්‍රහාරයක් එල්ල වේ යැයි මොහොතකට අප සිතමු... මෙහිදී අසාද් රජය රැක ගැනීමට රුසියාවට බෙහෙවින්ම අවශ්‍යය.. එය එසේ වන්නේ පහත ප්‍රධාන කාරණා පහ සහ වෙනත් කරුණු නිසාය,

    1. රුසියානු නාවික හමුදාව සතු විශාලතම "දේශයෙන් පිට නාවික හමුදා කඳවුර" වන "ටාෂස්" නාවික වරාය පිහිටා ඇත්තේ සිරියාවේ වීම... සහ ශීතල යුද සමයේ සිට මෙතෙක් කල් මධ්‍යධරණී මුහුදේ රුසියානු බලය පවත්වා ගැනීමට එම කඳවුර අතිශයින්ම ඉවහල් වීම

    2. දැවැන්ත නළ මාර්ග 14 ක් මගින් සිරියාවේ තෙල් නිෂ්පාදනයේ ප්‍රවාහන අයිතිය රුසියාවේ ගැස්ප්‍රොම් නම් දැවැන්ත ඛණිජ තෙල් සහ ජීව වායු සමාගමට පැවරී තිබීම..

    3. අසාද් රජය පැවති කාලය තුල සිරියාව රුසියානු ෆෙඩරේෂනයේ තුන්වැනි විශාලතම අවි ගැණුම් කරුවා ලෙස වසරකට ඩොලර් බිලියන 66 ක ආයුධ පද්ධති රුසියාවෙන් මිළයට ගැනීම...

    4. ඉරානය කරා යන ස්ථාන මාර්ගික වටිනා කමකින් යුත් සිරියාවේ රුසියා හිතවාදී පාලනය ආරක්ෂා කර ගැනීම අනාගත ජාත්‍යන්තර දේශපාලනික උපක්‍රමයක් ලෙස රුසියාවට ඉරානය රැක ගැනීමේදී බෙහෙවින්ම වටිනා කමකින් යුතු වීම...

    5. අවසාන වශයෙන් නැවත ලෝක බල ධ්‍රැවයක් ලෙස ඉස්මතු වීමට පෙරුම් පුරන රුසියාවට සිය "මිත්‍ර රටවල" විශ්වාසය තමන් විසින් සපයනු ලබන ජාත්‍යන්තර ආරක්ෂාව වෙත තැබිය හැකි වන ලෙස රුසියාව ක්‍රියා කළ යුතු වීම... ලෝක බල ධ්‍රැවයන් වන්නට පෙරුම් පුරන රටවලට "අලයිස්ලා" හෙවත් මිත්‍ර රටවල් ඉතාම වැදගත්ය... ඒ රටවල් මේ බල ධ්‍රැවය කෙරෙහි තබන විශ්වාසය ආරක්ෂා කර ගැනීම බෙහෙවින්ම වැදගත්ය...

    මේ නිසා යම් හෙයකින් ඇමරිකාව ප්‍රමුඛ නේටෝ පාර්ශව වලින් සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයට පහර දුනහොත් ඉහත කරුණු කාරණා නිසා, රුසියාවට එම යුද්ධයට සෘජුව මැදිහත් වීමට තරම් හේතු යෙදේ...

    නමුත් එසේ කළ හැකිද...?...

    ප්‍රධානම ගැටළුව ඇත්තේ මෙතනය... ලෝක බලවතුන් වර්ගීකරණයේදී " සුපිරි බලවතුන් (Super Powers ), මහ බලවතුන් ( Great Powers), සහ කළාපීය කුඩා බලවේග ( Regional small powers ) " ලෙස කොටස් තුනකට බෙදේ.. මෙම වර්ගීකරණය ඇරඹුනේ 1955 වසරේදී වන අතර, 1991 තෙක්ම එහි ඉහළම ඛාණ්ඩය වන "සුපිරි බලවතුන්" යන ශ්‍රේණියේ රටවල් දෙකක් විය... ඒ වනාහි ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමූහාණ්ඩුවයි... එහෙත් 1991 වසරේදී සෝවියට් සංගමය විසිරී යාමත් සමග රුසියාවට ස්වකීය යුද බල පරාක්‍රමයෙන් 40% එකෙනෙහිම අහිමි විය... ඒ සමගම එරටට තිබුණු "සුපිරි බලවතා" ශ්‍රේණියේ සමාජිකත්වයද අහිමි වි ගියේය... මේ අනුව 1991 සිට මේ දක්වා ලෝකයට "සුපිරි බලවත්" ශ්‍රේණියේ ඉතිරිව සිටින්නේ එකම එක රටක් පමණි... ඒ ඇමරිකා එක්සත් ජනපදයයි...

    සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටීමත් සමග නිදහස ලැබූ සෝවියට් රාජ්‍යයන් වල නවතා තිබුණු න්‍යෂ්ඨික අවි, මිසයිල්, සන්නද්ධ රථ, යුද නෞකා, සබ්මැරීන ආදී සියල්ල, ඒ, ඒ අලුතින් නිදහස ලැබූ රාජ්‍යයට හිමි වීම නිසාය... රුසියාවට ඉතිරි වූයේ එදා සුපිරි බලවේගයක් වූ සෝවියට් රතු හමුදා ශක්තියෙන් 60% පමණි... අනතුරුව 1991-2000 කාළ වකවානුව තුල රුසියාව මුහුණ පෑ උද්ධමනය, උඝ්‍ර මුදල් හිඟය, අස්ථාවර බව, චෙච්නියානු අර්බුදය, මොස්කව් අගනුවර ත්‍රස්ත ප්‍රහාර, සාගතය යනාදි බොහෝ කරුණු කාරණා නිසා, ඒ ඉතිරි වූ මිලිටරි බලයත් පිරිහී ගොස්, යාවත් කාළීන කර ගත නොහැකිව ඉතා අසරණ අඩියකට වැටුණු අතර, බොරිස් යෙල්ට්සින් පාලනය 2000 වසරේදී අවසන් වන විට 1975 දි කෝටිය ඉක්මවූ යෝධ රතු හමුදාවේ ශේෂය වූ රුසියානු හමුදාවට පඩි ගෙවා ගත හැකිව ඉතිරිව සිටියේ සෙබළු ලක්ෂ දෙකක් පමණි...

    2000 වසරේදි ව්ලැඩ්මිර් පුටින් බලයට පැමිණ චෙච්නියාවේ ත්‍රස්තවාදය වනසා, සයිබීරියාවේ යෝධ ජීව වායු නිධි සහ ඛණිජ සම්පත් වලට ස්ථාවර මිළක් ලබාගෙන රුසියාව යළි කෙලින් සිටුවූයේය.. ව්ලැඩ්මිර් පුටින් සහ දිමිත්‍රි මෙද්වෙදෙව් යන නායකයන්ගේ මෙහෙයවීම ලද රුසියානු ජාතික පක්ෂයේ පසුගිය 13 වසරක පාලනය තුල රුසියාව යලි ආර්ථික බලවතෙකු කොට, යුදමය වශයෙන් කෙළින් කරවන ලදී.. දැන් 2000 වසරේ පැවති තරම් අසරණ තැනක රුසියාව නැති අතර, යළිත් අනාගතයේ මිලිටරි සුපිරි බලවතෙකු වීමේ සිහින දකිමින් ඉදිරි ගමනක යෙදේ...

    මේ කරුණු සැකවින් සිතා ගෙන පහත කොටස දෙස බලන්න...

    මේ මොහොත වන විටත් රුසියාව සතු න්‍යෂ්ඨික අවි ගබඩාව ඇමරිකා එක්සත් ජනපදයට වඩා විශාලය... මේ මොහොතේ ඇමරිකාව සතුව සජීවි න්‍යෂ්ඨික යුද ශීර්ෂ 6600 ක් සක්‍රීයව තබා තිබෙන අතර, රුසියාව සතුව ඇති ශීර්ෂ සංඛ්‍යාව 9700 කට අධිකය... එමෙන්ම ජෛව සහ රසායනික අවි ගණනය කළ නොහැකි තරම් විශාල ගබඩාවක් රුසියාවට තිබේ... එහෙත් 1945 න් පසුව යුද්දය ප්‍රධාන ශ්‍රේණි දෙකකි.. එනම් Nuclear War and Conventional Warfare " යන ශ්‍රේණි දෙකයි... මෙහිදී න්‍යෂ්ඨික යුද ශ්‍රේණියක යුද්දයක් සිරියාව වැනි රටක් නිසා ඇමරිකාව සහ රුසියාව ඇති කර ගනිතැයි සිතීම දුෂ්කරය... ඔවුන් එතරම් මෝඩයන් නොවේ... එවැනි යුද්ධයක ජයග්‍රාහකයන් නොමැති අතර, රුසියාව ඇමරිකාව මතු නොව මුලු මානව සංහතියම යළි හැරවිය නොහැකි විනාශයකට මුහුණ පානු ඇත...

    එසේ නම් සිරියාව නිසා මේ බලවතුන් දෙදෙනා යුද්දයකට යම් හෙයකින් යතොත්, සිදුවිය හැක්කේ Conventional හෙවත් සාමාන්ය අවි ආයුධ සහ උපක්‍රම යොදාගෙන කරන යුද්දයකි... මතක තබා ගන්න.. රුසියාව නැවත නැගිටිමින් පැවතුනත්, තවමත් "සුපිරි බලවතා" ශ්‍රේණියට රුසියාව දැමීමේ හැකියාවක් නැත... තවමත් 1991 සිට ලොව සිටින එකම සුපිරි බලවතා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය පමණි... 1991 - 2000 ලෙස රුසියාව දරුණු ලෙස අඩපණ වී පසුබා පැවති වසර දහයක කාළයක් තුල Technology, Military research, recruitment, training, Military Budget ආදී අංශ රැසකින් ඇමරිකා එක්සත් ජනපදය බෙහෙවින්ම ඉදිරියට පැමිණියේය.. නිරවි යුද්දයේ අවි තරඟයෙන් පසුව ඒ පසු බෑ අවුරුදු දහයේදී සිදුවූ පාඩුව පියවා ගෙන තවමත් Conventional Weapons පැත්තෙන් ඇමරිකාව සමග කරට කර සිට ගැනීමට රුසියාවට නොහැකිය... අන්න ඒ බව රුසියානු නායකයෝ දනිති... තවමත් න්‍යෂ්ඨික අවි සහ රසායනික අවි පසෙක තබා කරන මුහුණට මුහුණ ලා යුද්දයකදී ඇමරිකාවට තදින් පහර දිය හැකි වුවත් , එවැනි යුද්දයක් ජයග්‍රහණය තෙක් ගෙන යාමට රුසියාවට හැකියාව නොමැත... එවැනි සාමාන්ය යුද්දයකදී වැඩි ඉඩකඩ ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර බලවේග වලට ජය අත්වීමටය... ( මෙය විග්‍රහ කරනවා නම් අවම වශයෙන් වචන 10,000 කට වඩා දිගු සටහනක් හෝ පැය හතරක පමණ දේශනයක් අවශ්‍ය්ය... මේ ෆේස්බුක් ස්ටේටස් පඩංගු වලින් මෙවැනි දැවැන්ත මාතෘකා නිසි අයුරින් විග්‍රහ කල නොහැක.. ඉතාම කෙටියෙන් කියමි... )

    ඇමරිකාවත් ඒ බව දනියි... දිගින් දිගටම ඇමරිකාව සිරියාවට පහර දීමට පුෂ් කරන්නේ ඒ නිසාය... හෙඩ් ටු හෙඩ් කවුන්ට් එකේදී වැඩි වාසිය බෙහෙවින්ම ඇත්තේ එකම සුපිරි බලවතාටය... මේ නිසා ඇමරිකාව ග්‍රවුන්ඩ්ස් ටෙස්ට් කරමින් දිගටම මිලිටරි ස්ට්‍රයික් එකකට පුෂ් කරනු ඇති අතර, රුසියාව හැකි තාක් ප්‍රෙෂර් එක යොදා, අන්තිම මොහොතේ සිරියානු රජය අතහැර පසු බසිනු ඇතැයි සිතිය හැක...
     
    • Like
    Reactions: mmaxx
    දැන් හුඟ දෙනෙක් මෙසේජස් එවලා අහනවා "ඇයි රුසියාවට, චීනයට එහෙම එකතු වෙලා ඇමරිකාවට බය නැතුව මුහුණ දෙන්න බැරි කියලා..."... ඒක නිසා අපි හිතුවා ඇමරිකා එක්සත් ජනපදය සතු හමුදා ශක්තිය ගැන සරල හැඳින්වීමක් කරන්න...

    "සුපිරි බලවතුන්"( Super Powers ) යනු කවුරුන්ද?

    ලෝක බලවතුන් ශ්‍රේණි තුනකට බෙදන්න 1955 දි තීරණයක් ගැණුනා... මේ තීරණය අනුව මෙලොව බලවතුන් පහත වර්ග තුනට අයත්...

    1. සුපිරි බලවතුන් ( Super Powers )
    2. මහ බලවතුන් ( Great Powers )
    3. කළාපීය කුඩා බලවේග ( Regional Small Powers )

    මේ පහුගිය වසර විස්ස තුල ඔබ ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ දැක්කේ ඇමරිකාව සතු හමුදා ශක්තියෙන් 20% කටත් අඩු කොටසක් පමණයි... සෝවියට් සංගමය පැවති කාලයෙදි රුසියාව "සුපිරි බලවතෙක්"කියන කැටගරියට අයිති උනාට, 1991 පස්සෙ වැටුණු වැටිල්ලෙන් තවමත් රුසියාව යළි "සුපිරි බලවතා"කියන තත්වයට පත් වෙලා නැහැ... මේ සුපිරි බලවතා හෙවත් Super Power කියන ශ්‍රේණිය දෙන්නෙ අනෙක් රටවල් සියල්ල එක් කලත් සම කළ නොහැකි අති දැවැන්ත හමුදා බලයට පමණක් නෙමෙයි... ආර්ථික ශක්තිය, ලෝක මට්ටමේ ඒ රට දක්වන දේශපාලනික බලපෑම යන මේ කරුණු සියල්ලම සැළකිල්ලට ගෙන තමයි සුපිරි බලවතා කියන ශ්‍රේණියට යම් රටක් දාන්නෙ... 2010 පසුව ආර්ථික සුපිරි බලවතුන් නිර්ණය කරන රේඛාව දළ දේශිත නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 10 ට වැඩි රටවල් ලෙස හඳුන්වන Benchmark එකක් දැම්මා... දැනට ඒ ශ්‍රේණියේ ඉන්නෙ එකම එක රටයි... ඒ දළ දේශිත නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 15 ක් වන ඇමරිකා එක්සත් ජනපදය...

    තවම රුසියාව ජාත්‍යන්තර බලවතුන් වර්ගීකරණය සඳහා 1955 දි යොදාගත් ශ්‍රේණි ගත කිරීම් වල දෙවනි ශ්‍රේණියේ ඉන්නෙ... ඒ කියන්නේ "මහ බලවතා"කියන ශ්‍රේණියේ ( Great Powers) .. චීනය ආර්ථික සුපිරි බලවතෙක් වේගෙන එනවා... චීනයට "ආර්ථික සුපිරි බලවතා" කියන ශ්‍රේණියට පනින්න යන්න ඕන තව සුලු දුරයි... දැනට චීනයේ දළ දේශිත නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 8 යි... තව ඩොලර් ට්‍රිලියන දෙකකින් මේ අගය වැඩි වුණු ගමන්, අවුරුදු විස්සකට පස්සෙ ලෝක ආර්ථික සුපිරි බලවතා කියන ශ්‍රේණියට රටවල් දෙකක් අයිති වෙනවා... ඒක එහෙම උනත්, චීනය තවම මිලිටරි සුපිරි බලවතා කියන ශ්‍රේණියට ඇතුල් වෙන්න පුලුවන් මට්ටමට වඩා හුගාක් පිටුපසින් ඉන්නෙ.. වසර 2020 වන විට රුසියාවට යළිත් මිලිටරි සුපිරි බලවතෙක් වන්නත්, වසර 2017 පමණ වන විට චීනයට ආර්ථික සුපිරි බලවතෙක් වන්නත් දැන් රුසියාවේ මිලිටරිය සහ චීනයේ ආර්ථිකය වර්ධනය වන වේගය අනුව පුලුවන් වෙයි කියලා විශ්ලේෂකයන් කියනවා... වසර 2025 පමණ වන විට චීනය මේ සියළු ක්ෂේත්‍රයන්ගේ සුපිරි බලවතෙක් වෙයි කියන එක තමයි වඩාත් වැදගත් විශ්ලේෂණය...

    දැනට ලෝකයේ සිටින එකම සර්ව ක්ෂේත්‍ර සුපිරි බලවතා ඇමරිකාව පමණයි... ඇමරිකානු ආර්ථිකයේ විශාලත්වය කොතෙක්ද කිව්වොත්, මුලු යුරෝපා හවුලේම ආර්ථිකයන් එකතු කලත්, ඇමරිකන් ආර්ථිකය අබිබවා යන්න ලැබෙන්නෙ සුලු ගණනකින් පමණයි...

    ඇමරිකානු මිලිටරි ශක්තිය ... ගුවන් උදාහරණයක් ලෙස....

    ඇමරිකා එක්සත් ජනපදය එදා මෙදා තුර සිය හමුදා ශක්ති වර්ධනයෙන් වැඩිම අවධානය යොමු කලේ සිය ගුවන් බලය සහ Trajectory Projectile Weapons හෙවත් මිසයිල තාක්ෂණය දෙසට... ඒ අනුව Here`s an interesting fact ( assuming the vocals of Sheldon Cooper...lolz) ... අද ලෝකයේ තුන්වෙනි විශාලතම ගුවන් හමුදාව කාගෙද දන්නවද...?.. අද ලෝකයේ තුන්වෙනි විශාලතම ගුවන් හමුදාව තමයි ඇමරිකානු "නාවික"හමුදාව..!!!... හොල්මන් නේ...?.. ඔන්න බලා ගන්න ...

    1. ඇමරිකානු ගුවන් හමුදාව... බහුකාර්ය ප්‍රහාරක යානා සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා දොළොස් දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා... එමෙන්ම ලෝකයේ වේගවත්ම දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා වන බී - 2, බී - 52 වැනි බෝම්බ ප්‍රහාරක යානා තුන් දහසකට ආසන්න එකතුවක් එරටට තිබෙනවා...

    2. රුසියානු ගුවන් හමුදාව ... බහුකාර්ය ප්‍රහාරක සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා හාර දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා.... දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා අට සීයකට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි ගණන් බැලිය හැක...

    3. ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් අංශය ( Naval Air wing of the United States Navy ) - බහුකාර්ය ප්‍රහාරක සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා දෙදහස් පන්සීයකට අධික ප්‍රමාණයක් තිබෙනවා... න්‍යෂ්ඨික ඉන්ධන මගින් ක්‍රියාත්මක පාවෙන යෝධ ගුවන් තොටුපළවල් බඳු ගුවන් යානා හාරක යුද නෞකා සංග්‍රාම පනති 18 ක් ( 18 Nuclear Powered Air Craft Carrier Battle groups ) සමග සමස්ථ ගුවන් යානා හාරක නෞකා සංග්‍රාම පන්ති සංඛ්‍යාව 35 ක් පමණ...

    4. චීනය සතු මහජන චීන ගුවන් හමුදාව - බහුකාර්ය ප්‍රහාරක සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා එක්දාස් දෙසීයකට අධික ප්‍රමාණයක් තිබෙනවා.

    දැන් තේරෙනවද සීන් එක...?... චීනයේ ගුවන් හමුදාවට වඩා, ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් අංශය බලවත්... !...

    මේවා නිකම් සංඛ්‍යා විතරයි... ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා නිපදවන්නේ ලොක්-හීඩ් මාර්ටින්, බෝයින්ග්, නෝර්ත්‍රොප් ගෘමන්, මැක්ඩොනල්ඩ් ඩග්ලස්, කියන දැවැන්ත අවි සමාගම්... ඒවායේ තාක්ෂණය සහ සම කළ හැකි තාක්ෂණයක් යම් පමණකින් හෝ තිබෙන්නේ රුසියාවේ අල්මාස් අන්ටෙයි සහ මිකොයන් ගර්විෂ්, ෂුකෝයි සමාගම් සතුව පමණයි.. ඒ අයටත් ඒවා වැඩි දියුණු කරන්න බොහෝ ආර්ථික බාධක තිබුණා පහුගිය අවුරුදු විස්සෙදි... මේ නිසා ඇමරිකන් අවි බලය සහ තාක්ෂණය රුසියාවටත් වඩා මිලිටරි වර්ෂ 5 ක් පමණ ඉදිරියෙන් ඉන්නෙ පොදුවෙ බැලුවාම... චීනයට වඩා මිලිටරි වර්ෂ 20 ක් පමණ ඉදිරියෙන් කිව්වත් නිවැරදියි.... ගුවන් බලය දැක්වුවේ ඒකට කදිම උදාහරණයක් ලෙස... ඇමරිකානු ගොඩබිම් අවි තාක්ෂණය ගත්තොත් රුසියාවට පොඩ්ඩක් හරි කිට්ටුවෙන් ඉන්න පුලුවන්... චීනයට නම් තවම ඇපත් නෑ...

    ඔය ඉහත කියපු ඇමරිකන් න්‍යෂ්ඨික ඉන්ධන ගුවන් යානා හාරක යුද නෞකා ( Nuclear Powered Air Craft Carriers) වලින් වැඩිය ඕන නෑ... ඔයින් නැව් දෙකක් ගත්තොත් ඒ දෙකේ තියන ගුවන් යානා වලින් එන ගුවන් ප්‍රහාරක බලය ලෝකයේ රටවල් වලින් 72% ක ගුවන් හමුදා බලය ලෙහෙසියෙන්ම අබිබවා යනවා... !.. වැඩිය ඕන නෑ... නැව් දෙකක ගෙනියන Full Squadrons ගත්තාම ලෝකයේ රටවල් 72% ක අහස පහසුවෙන් ජය ගන්න ඒ හොඳටම ඇති.. ! .. ඇමරිකානු ගුවන් හමුදාව සම්පූර්ණයෙන් පැත්තක දැම්මොත්, ඇමරිකන් නාවික හමුදාවෙ ගුවන් අංශයේ මුලු ශක්තියට මුහුණ දෙන්න යුරෝපා හවුලටම එකතු වුනත් බැහැ...

    ඔන්න ඕකයි කටුක යථාර්තය... ඔය ඉරාකයේ වගේ තෙල් ටික ඩැහැ ගන්න සෙල්ලම් ගරිල්ලා යුද්ද වලට සහ Cat and Mouse Games වලට සුලු හමුදා යෙදෙව්වට, Full blooded Conventional War එකකදි ඇමරිකාව සතු ශක්තිය මේ වගෙයි... ඒක තමයි ඔය රුසියාව, චීනය වගේ දළ ඇත්තුත් කෑ ගහලා, ඔලුව කස, කස අයින් වෙන්නෙ... දුකයි තමයි... ඒත් මේක තමයි ඇත්ත...! ... හැබැයි එක දෙයක් තියෙනවා.. ගොඩබිම් සටනකදි මේ තත්වයන් වෙනස් වෙන්න පුලුවන්... ඒත් ගොඩබිම් සටනකට එන්න පෙර ඇමරිකාව දෙන ගුවන් ප්‍රහාරයේ තරම දරා ගන්න මොන ජගතෙක්ටවත් බෑ... ඒ නිසයි ඒ රට තනියම "සුපිරි බලවතා"කියන ශ්‍රේණියෙ ඉන්නෙ... හිත ඇත්නම් පත කුඩාද කියලා වියට්නාමයේ වගේ සටන් කරන්න සූදානම් මිනිස්සු ඉන්නවා නම් කමක් නෑ... ඒත් එවැනි සටනකදි උනත් සිදුවන අති විශාල විනාශය අනුන්ගේ රටකට සහාය දෙන්න ගිහින් දරා ගන්න කිසිම ජනතාවක් සූදානම් නෑ... ඒකයි කොයි කවුරුත් ඇමරිකාව යම් රටකට අත දානකොට, කෑ ගහලා, පස්සෙ හෙමින් අයින් වෙන්නෙ...

    තිත්ත ඇත්ත මේකයි... උත්තර ලැබුණා කියලා හිතනවා...
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හිලරිගේ බෝක්කුවට nuke එකක් දාන්න තියෙන්නේ ඕකි ඊළග ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉල්ලන්න ලෑස්ති වෙනවලු එතකොට වොරන් බෆට් තමයි සප් එක දෙන්නේ පිටිපස්සෙන්. ඊට කලින් ලංකාවේ යුධ අපරාධ ප්‍රශ්ණය විසදුනොත් හොදයි නැත්නම් ඕකි ආවට පස්සේ මොනවා කරයිද දන්නේ නෑ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබලත් නිකන් ඇඟට ඇරන් නේද මෙතන පෝස්ට් දාන්නේ...

    අහවල් නළුවගේ එවයි, අහවල් එක්කෙනාගේ අම්ම කරපු ඒවයි ගැන කතා කරනවට වඩා ලෝකය ගැන තොරතුරු මේ විදිහට සාමකාමිව හුවමාරු කරගන්න එක මමනම් අගය කරනවා මචන්.:yes:
    respect for all who commented so far.:yes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හිලරිගේ බෝක්කුවට nuke එකක් දාන්න තියෙන්නේ ඕකි ඊළග ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉල්ලන්න ලෑස්ති වෙනවලු එතකොට වොරන් බෆට් තමයි සප් එක දෙන්නේ පිටිපස්සෙන්. ඊට කලින් ලංකාවේ යුධ අපරාධ ප්‍රශ්ණය විසදුනොත් හොදයි නැත්නම් ඕකි ආවට පස්සේ මොනවා කරයිද දන්නේ නෑ.

    උඹ කියන්නේ මෙහෙම කරන්න ඕන කියලද?:rofl::rofl::rofl:

     
    Last edited:

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ගොඩක් වැදගත් ලිපියක් සහෝ...
    දන්නැති දේවල් ගොඩක් දැනගත්තා...
    ස්තුත්යි ඔයාට
    රේප් +1
     
    • Like
    Reactions: mmaxx

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    this is sparta aaaaaaaaaaaaaaaa

    gPuCpCR.png
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Putin's wall Obama's fall

    Even though the US thinks they are in charge of humanity the reality is they are not. In their imaginary world the toothless media supports their spit ball shooting president. They actually think their words are supreme and final. Kerry and McCain keep dancing in a parade trying to influence a congress which is neither conservative nor moral but nevertheless war weary. The once drug addict now US leader cannot fight against Vladimir Putin who brought Russia from poverty in the 90's to a more stable economy today. Obama's buffoonery selling the war against Syria has hit a wall thanks to President Putin's firm stance and leadership.

    Focusing on war instead of a trillion dollar debt, Obama's forte is to spread chaos not only in America but in the world. Like a fire bug his wake has left North Africa burning and he now supports terrorists the US once fought against. Bush once said that when Obama got into office that Barry would have to do the same and continue fighting in the Middle East. "Mr. I'll bring home the troops next summer" has broken that promise and kept his "YES WE CAN start more wars" pledge. As they say in America, "he's Bush on steroids".


    Although US public opinion is against another war the Bush haters will not protest Obama's wars. I guess their feet hurt or Soros ran out of money. Code Pink went home to bake cookies or those in charge feel nothing can stop them now. Well, Putin is still in charge of the Middle East. The blood thirsty west can only grind its teeth, wail and scream, writhe in agony, spitting out lies, threats and accusations against Russia. Like Hitler and Napoleon, they will also meet their end.

    Russia, who has slain its Red Dragon (Communism) long ago, is now facing Puff the Magic Dragon. Blowing smoke in his people's eyes and spreading democracy with bombs. Magic that cannot fight against the truth. Puff must face reality and will try to save face. He will blame the Republicans who stand in his way and his worshipers will pity and love him. Playing the race card once again will bring more power to his throne.


    The Saudi King whom Obama bowed to and Bush kissed will try again and again. Demanding Obama attack Syria. Trying to bribe Putin or threatening Russia with terrorists. He cannot let Russia, the largest country and the number one oil and gas producer, stand in their way. They want the world coming to them for oil and they know Russia will become more powerful in the future supplying Europe, China and other major countries. The Saudis must have complete control of the Middle East now before it's too late.

    Conservative Americans and those in the world are seeing Barry falling apart at the seams when he goes against Putin. They see a weak- kneed, lying, war mongering punk against a well educated, confident and successful leader. President Putin can stand alone and speak without a teleprompter or notes and argue reasonably. He can give interviews anytime without worry because he does not have to try to remember a lie or wonder what to say. He only has to gives facts which are easy to remember. His conservative economics and religious views are admirable in their eyes.

    Forgotten or ignored by the west are the Christian men and women of Russia who prayed, suffered and died for today's free and united Russia. Last century they were attacked by Hell itself yet they endured and rebuilt Christ's Church. Over 58 Million were killed in Communist Russia but the Faith survived. It is one of the greatest miracles in world history. The western media prefers to shriek like spoiled brats against Putin. "Evil dictator!" they shout, while they themselves have rejected the Holy Spirit and proudly wear the seal of the Antichrist. They laugh but God is not mocked. Christ is Victorious in Russia where homosexuality is still a sin; blasphemy a crime; where crosses and holy images are in public view. A renewed faith in Christ our King has become our fortress. This is the wall Putin stands on and the wall that will cause Obama's fall.


    pravda
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    china1.jpg

    china2.jpg

    china3.jpg

    china4.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    russia1.jpg

    russia2.jpg

    russia3.jpg

    russia4.jpg

    russia5.jpg

    :D:Dme mama danna hitapu thread eke details tikak machan mekema demma.world war ekaka anathurak awoth mama nam hithanne issara wena kena thamai dinanne .anith eka americawa denatama ratawal 3 ,4 yudda walata petallila .itath thawa 10 years withara yana kota china thamai loke fire power walin number 1 wenne

    thawa ekak othana thiyena daththa wala niyama thorathuru ne oya china ,russia wage thorathura cia wartha anuwa hadapuwa .
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :D:Dme mama danna hitapu thread eke details tikak machan mekema demma.world war ekaka anathurak awoth mama nam hithanne issara wena kena thamai dinanne .anith eka americawa denatama ratawal 3 ,4 yudda walata petallila .itath thawa 10 years withara yana kota china thamai loke fire power walin number 1 wenne

    thawa ekak othana thiyena daththa wala niyama thorathuru ne oya china ,russia wage thorathura cia wartha anuwa hadapuwa .

    මෙහෙමයි මචන්. තියන ගාන ඉලක්කම් සසඳන එකේ කිසි තේරුමක් නෑ ඔතන. උදාහරණයක් විදිහට stealth bomber එකයි පරණ mig එකයි දෙකම එකක් කියල තමයි ඔතන ගණන් හදල තියෙන්නේ.