ලෝක යුද්ධ නිමිත්ත ලංකාවේ!

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ලෝක යුද්ධ නිමිත්ත ලංකාවේ!

    ලංකාවේ දඩයමේ ගිය ලෝක යුද්ධ නිමිත්ත!

    1914 ජූනි 28 දිනයයි! ගිම්හාන සෘතුවේ උණුසුම් දිනයකි! ආච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා බිරිඳ සොෆියා සරායෙවෝ වෙත ලගාවෙත්ම ජනයාගේ ජයගෝෂා හඬින් මෙන්ම බෝම්බ ප්‍රහාරයකින්ද පිළිගැනින. වාසනාවට එහි බලපෑමෙන් මිඳුනද ඉදිරි කාලය සුබනොවන බවනම් සක්සුදක් සේ පැහැදිලිය.

    කෙටි විවේකයකින් පසු රාජකීය යුවල බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගේ සුවදුක් විමසිමට දැඩි තිරණයකට එලැබීම මරණ වරෙන්තුවට අත්සන් කිරිමක් බව ඔවුන් නොසිතන්නට ඇත. රියට නැගි සිත් තොසින් වීදිසරනට අවකාශ ලැබුණේ නැත. තරුණ බොස්නියානු සංගමයේ සාමාජිකයකු වූ ගව්රිලෝ ප්‍රින්සිප් ගේ අවිය ක්‍රියාත්මක විය. පලමු උණ්ඩය සොෆියා වෙතද දෙවැනි උණ්ඩය ෆර්ඩිනන්ස් සොයාද නික්මිණ. මෙම රාජකීය රුධිර සෙලවිම ලොවපුරා මිලියන ගනණකගේ රුධිරයෙන් ධරණිතලය තෙත්වන හේතුභුත කාරණාව බවට පත්විය. ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ගේ ලේ සෙලවිමට පෙර ඔහු විසින් සිය දහස් ගනණකගේ ලේ වගුරවා ඇත. ඒ දේශපාලන යුධගැටුම් නිසා නොව, විනෝදය පිණිසය.

    තම විනෝදාංශය වන දඩයම වෙනුවෙන් ෆර්ඩිනන්ඩ් ලංකාවටද පැමිණ ඇති බව ඔබ දන්නවාද?

    ක්‍රි.ව 1863 දී උපත ලැබු ෆර්ඩිනන්ඩ් ගේ ජීවිත කතාව නාට්‍යකට දෙවැනි නොවේ. ඔහු කිරුළේ උරුමක්කරු බවට පත්වන්නේ රජපවුල වෙලාගත් රුදුරු සාපය නියාවෙනි. තම ඥාතී ෆ්‍රාන්ස් ජෝපස් ඔස්ට්‍රියානු අධිරාජ්‍යයාගේ පුත්‍රයා වූ ඔටුන්න හිමි රුඩොල් කුමරු දිවිනාසාගත් අතර රජබිසවද ඝාතනයට ලක්විය. ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ගේ පියා වූ ආච්ඩියුක් කාල් ලුඩ්විග් ඊලග උරුමක්කරු බවට පත්වුවද උණ සන්නිපාතයෙන් පරලෝක ප්‍රප්ත විය. මෙසේ රජකිරුළේ උරුමය ෆර්ඩිනන්ට් වෙත ලගාවිය.

    ෆර්ඩිනන්ඩ් ගේ සිත්ගත්තේ බාල් නැටුමකදි මුණගැසුනු සොෆියා නම් තැනැත්තියයි. රජ පවුල හා පෑහිමට අසමත් මෙම සම්බන්දය වෙත මුල සිටම විරෝධයක් පැණ නැගුනද අවසනයේ දැඩි කොන්දේසි මත විවාහය සිදුවිය. මේ දෙපලට ලැබෙන දරුවන් රජකමට උරුමකරුවන් නොවන අතර සොෆියා කුමරිය ට රාජකීය වරප්‍රසාද බොහෝමයක් අහිමි විය. රාජකීය අශ්වරථයේ හෝ රංගශාලා වල රාජකීය අසුන්පැනවීම් වල හිඳගැනිමේ අයිතිය පවා ඇගෙන් පැහැරගත්තාය.

    අසීමාන්තික ප්‍රශ්ණ හා කම්කටොළු මධ්‍යයේ උවද ෆර්ඩිනන්ඩ් තම සංචාර හා දඩකෙළිය සදහා ද කාලය මිඩංගු කලේය. ක්‍රි.ව 1892 - 1893 සමයේදි ලෝක සංචාරයකට හෙතෙම මුළ පිරීය.

    1892 දෙසැම්බර් 14 වැනි දින ෆර්ඩිනන්ඩ් ඇතුලු පිරිස වියානා නුවරින් පිටත්ව පසුදින ට්‍රියෙස් (Trieste) නම් වරාය නගරය වෙත ලගාවිය. ලෝක සංචාර යාත්‍රාව වූයේ එවක ඔස්ට්‍රියාව සතු SMS Kaiserin Elisabeth නම්නවීන යාත්‍රාවයි. දෙසැම්බර් 15 වැනි දින නැව්නැගි පිරිස මධ්‍යධරණි මුහුද, සූවස් හරහා රතු මුහුද කරා සෙන්දු විය. දෙසැම්බර් 27 දින ඒඩන් හි ගිමන්හැර අරාබි මුහුද ඉන්දියානු සාගරය ඔස්සේ ක්‍රි.ව 1893 ජනවාරි 05 වැනිදින ලංකාද්වීපයේ කොලම්තොටට සේන්දු විය. ලක්වැසියා මහත් හරසරින් රාජකීයයා පිළිගෙන ඇති අතරඑවක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ආතර් හැව්ලොක් මහතා ද අවස්ථාවට සහභාගි ව ඇත.

    ජනවාරි 05 දින සිට ජනවාරි 13 වැනි දින දක්වා ෆර්ඩිනන්ඩ් ඇතුලු පිරිස මෙරට රැදිසිටියේය. කොලඹ, මහනුවර හා කලාවැව යන ප්‍රදේශ මූලික කරගෙන ලක්දිව සංචාරක මඟ වැටි තිබිණ.

    ජනවාරි 06 වැනිදින පිරිස දුම්රියෙන් කොලඹ සිට මහනුවර බලා පිටත් විය. වතුපිටි කදුහෙල් හා උමං ඔස්සේ ගමනේදි ෆර්ඩිනන්ඩ් විසින් දුටු මනස්කාන්ත දර්ශණ හා සත්ත්වයන් පිලිබදව සටහන් තබා ඇත. මහනුවරට සැපත් වූ පිරිස හරසරින් පිළිගෙන ඇති අතර පිරිස වෙත දළදා මාලිගාවේදි දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශණය කොට ඇත.

    පසුව පේරාදෙණිය උද්භිත උද්‍යානයට සැපත් වූ රාජකීයයන්, එහිදි හැව්ලොක් මැතිණියගේ ආරාධනයෙන් තේ සාදයකට සහභාගීව ඇත. එදින රාත්‍රියේ නුවර ආණ්ඩුකාර නිවස්නයේදි දැවැන්ත රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර දැකුම් පිණිස අලිඇතුන් හා නැටුම් සපිරි පෙරහැරක්ද පවත්වා ඇත.

    දඩබිම ලෙස තොරාගත් කළාවැව වෙත දඩකෙළිය සදහා ෆර්ඩිනන්ඩ් පිටත් වන්නේ ජනවාරි 07 වැනි දිනයේයි. මාතලේ වෙත විශේෂ දුම්රියකින්ද එතැන් පටන් රථ හා අශ්වයන් ආධාරයෙන්ද ඔවුන් ගමනේ යෙදී ඇත. දඹුල්ලේදි උදැසන ආහාරය ලබාගත් ඔවුන් දඹුල්ල රජමහා විහාරය නරඹා ඇත. දඹුලු ගුහා සංකීර්ණය ෆර්ඩිනැන්ඩ් ගේ සිත් ගති. කලාවැව දඩබිමට ලගාවන ඔවුන් ජනවාරි 11 වැනිදින දක්වා එහි කදවුරු බඳි.

    දඩබිමේදි ෆර්ඩිනන්ගේ තුවක්කුවට අලිඇතුන් කීප දෙනෙක්ද, මුවන් ගෝනුන් වැනි සත්ත්වයන්ද බිලි වී ඇත. එමෙන්ම ඔහුගේ දඩයම් කල්ලියට වැද්දන් පිරිසක්ද එක්ව ඇත. වැද්දන් දඩමං පෙන්වීමට අමතරව ගිනිමැල නර්ථන මගින් පිරිස ප්‍රිතීයට පත්කර ඇත.

    දඩකෙලියෙන් පසු ජනවාරි 12 වැනිදින නැවත මහනුවර කරා පැමිණෙන පිරිස මදක් විවේක ගෙන ජනවාරි 13 දින විශේෂ දුම්රියකින් කොලඹ බලා ගමන්කර ඇත. එදිනම ඔහු නැවතත් ලංකාවට ආයුබොවන් කියා තම නැව වෙත නැග ඇත්තේ ඊලග ගමනාන්තය වන ඉන්දියාව බලා යෑමටයි.

    ලංකා ගමනේ සුන්දරවත්වය පිලිබදවත් සත්කාර පිලිබදවත් ෆර්ඩිනන්ඩ් මහත් සතුටින් යුතුව දිනපොතේ සටහන් කර ඇති, ඔහු විසින් දුටු මෙරට අපා දෙපා සිව්පා සත්ත්වයන් හා ශාක ගණනාවක් පිලිබද සටහන් තබා ඇත.

    ඉන්දියාවේ ගම්දනව් වල දඩකෙලියේ යෙදෙන ෆර්ඩිනැන්ඩ් ඉන්පසු සිංගප්පුරුව, බතාවිය, පැපුවා නිව්ගිනියා, ඔස්ට්‍රේලියාව, හොංකොන්, ජපානය, කැනඩාව හා ඇමරිකාවේද සංචාරය කිරිමෙන් අනතුරුව නැවතත් ප්‍රංශයේ හව්රේ හරහා යුරෝපා භූමියට පා තබන ෆර්ඩිනැන්ඩ් ප්‍රංශය ජර්මනිය හරහා වියානා නුවරට ලගාවෙමින් 1893 ඔක්තොම්බර් 18 වැනිදින තම ලෝක සංචාරය අවසන් කලේය.

    තම ජීවිත කාලය තුල දසදහස් ගණනාවක සත්ත්වයන් දඩයම් කල ෆර්ඩිනන්ඩ්, ඒවායේ සිහිටන එක්රැස් කිරිමටද උත්සුක විය. අනෙකාට ඉලක්ක කරමින් සිටි ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් තමා ඉලක්කයක් වූ නිමේෂයේ, ඔහු ලෝක සංචාරයේදි පා තැබු රටවල් බොහෝමයක දෛවය වෙනස් කලේය.

    - Roshin Fernando

    පූර්ණ බ්ලොග් සටහන