ලෝක ශාපයන්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ශාපයක් කිව්වම ඔලුවට එන්නේ කෙනෙකුට කරදරයක් විනාශයක් ගැන අදහසක්. ඒ වගේම කවදාවත් ශාපයක් නිසා කෙනෙකුට වාසියක් හෝ සම්පතක් ලැබෙන්නේ නැති බවත් අපි මතක තියාගන්න ඕනේ.
    ශාපවර්ග එක එක ආකාරයෙන් අපිට දකින්නට පුළුවන්. ඒ තමයි කලක් තිස්සේ පැවතගෙන එන ඒවා. ඒ වගේම වර්තමාන සිදුවීම් වලට ජනතාව විසින් පට බඳින නාම. උදාහරණයක් විදියට අපි භාවිතයේ දී කියනවානේ තිස් වසරක යුධ ශාපය, වසර ගණනක් තිස්සේ ශාපයක්ව පැවති නියඟය වගේ කතන්දර. මේ දෙවැනියට කියාපු ඒවානම් සාමාන්‍ය තොරතුරක් පදනම් කරගෙන හැදුනත්, පළමුවෙනි හේතුවට තැනුණ ඒවා ගැන අපිට තිබෙන්නේ බියක්.
    ඉතින් අපි අද කතා කරන්න යන්නේ එහෙම එක එක හේතු නිසා ශාපයන් බවට පත් වුන සිද්ධි දාම වලට හේතු පාදක වුනු ශාපයන් ගැන සොයලා බලන්න.



    1. හැරයාමේ වේදනාව – කුවේණි ශාපය



    wijaya-kuweni-film-trailer-i1.jpg


    තම්බපන්ණියට විජය සහ පිරිවර ගොඩ බැසීමෙන් පසුව ඇතිවන හඳුනාගැනීම ඔස්සේ කුවේණි තමන්ගේ පරපුර පාවා දීලා විජය කුමරුන් හා සරණ යනවා. පසුව කාලයක් ගතවනවිට කුවේණිට විජයට දාව දරුවන් දෙදෙනෙකු ලැබෙනවා, එහෙත් තමන්ගේ රාජ්‍යත්වය සම්පුර්ණවන්නට නම් භාරත කුමාරියක සරණ පාවා ගතයුතු යයි කියන නියමය නිසා ම විජය කුමරු කුවේණිය අතහැර පඬුවස්නුවරදී ඉන්දියාවෙන් ගෙන ආ භද්දකච්චානා කුමරිය සමඟ සරණ බන්ධනයට ඇතුලත් වෙනවා.
    තමන්ගේ පරපුරත්, විජයගේ පරපුරත් අහිමිවන කුවේණිය තමන්ට වුනු අසාධාරණය දරා ගත නොහී කොටස් 9කින් යුතු ශාපයක් කර තිබෙනවා. ලංකාවට වන සියලු දුර්භාග්‍ය වලට හේතුව මේ ශාපය බවට තවමත් විශ්වාස කරනවා.




    2. බලාපොරොත්තුවේ සැඟවූ බියකරු මරණය – හෝප් දියමන්තිය



    Curses-aniwa-02-768x403.jpg


    කැරට් 112 බර මේ සුන්දර දියමන්තියට නම තබන්නේ බලාපොරොත්තුව නැති නම් “හෝප්” යන තේරුම සහිතවයි ඒ වගේම මෙය හමු වෙලා තියෙන්නේ ඉන්දියාවේදී. කෝවිලක පිළිම හිසකට සම්බන්ධ කර තිබුණු මේ සුන්දර දියමන්තිය අතුරුදහන් වීම ගැන කෝපයට පත් වුනු කෝවිල් පූජකයින් විසින් ශාප කල බව සඳහන් වෙනවා.
    ඉන්පසුව මේ දියමන්තිය ප්‍රංශයේ රජකළ පහලොස් වන ලුවී රජතුමාට ලැබෙන අතර ඔහු විසින් එය ද මාරි ඇන්ටෝයිනෙට් කුමරියට ත්‍යාග කලත් නොසිතු විදියට ප්‍රංශ කැරැල්ලේ දී ඇගේ හිස ගසා දමන්නේ මේ ශාපය නිසා බවට විශ්වාස කෙරෙනවා.
    ඒ වගේම මේ සුන්දර දියමන්තියට පෙම් බඳින කවුරුන් හෝ වේවා ඔවුන්ට හිමි වන්නේ බියකරු මරණයක් බවට බොහෝ අය මත පළ කරනවා. සමහර අවස්ථාවල මේ දියමන්තිය විකිණීමට තබා තිබු වෙළඳසැල් පවා ගිනි ගෙන විනාශ වූ අවස්ථා ඉතිහාසයේ තිබෙනවා. වර්තමානය වෙන විට මේ දියමන්තිය ඇමෙරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙන බව පැවසෙනවා.



    3. කරදර ගෙන ආ කවර පින්තූරය – මෑඩ්න්


    Curses-aniwa-03-768x403.jpg


    මේක ටිකක් අමුතු පහේ කතාවක්. අපි කවුරුත් වීඩියෝ ගේම් වලට ආසයිනේ. අපි ඒවා ප්ලේ කරනවා. ඒක ගැන වාදයක් නැහැ. එහෙත් ඒ වීඩියෝ ගේම් එකේ jewel box එකේ කවරයට පෙනී සිටින ක්‍රීඩකයින්ට මුහුණ දෙන්නට සිදු වෙන්නේ එතරම් හොඳ අත්දැකීම් වලට නෙවෙයි.
    ඇමෙරිකන් ෆුට් බෝල් තරඟ ආශ්‍රිතව නිර්මාණය වෙන Madden NFL වීඩියෝ ගේම් එකේ කවරයේ පින්තූරයට පෙනී සිටි සියලුම දෙනා පාහේ අනතුරු වලට මුහුණ දී තරඟ වලින් සමුගන්නට සිදු වුනා. ඒ මෑඩ්න් වීඩියෝ ගේම් එකේ කවරයේ පින්තූරයට පෙනී සිටීමෙන් අනතුරුවයි. මාරයි නේද?




    4. කෙනඩි ශාපය



    Curses-aniwa-04-768x403.jpg


    මේක ටිකක් ජනප්‍රිය ශාපයක්. කෙනඩි පවුලට පමණක් උරුම වුන ශාපයක් බවට කියන්නට පුළුවන්. ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ගොස් සිටි, ඇමෙරිකාවේ රජ පවුල ලෙසින් අනවරත නාම දරා සිටින කෙනඩි පවුලේ පළමු ගොදුර බවට පත් වෙන්නේ. ජෝන් එෆ් කෙනඩියි. ඔහු එවකට ඇමෙරිකාවේ ජනාධිපති ද වෙනවා. ඉන් පසුව වසර පහකට පසුව රොබට් කෙනඩි ඝාතනය වෙන්නේ පලස්තීන ජාතිකයෙකු වන සර්හාන් බිශ්රා සිර්හාන් අතින්. ඉන් පසුව සෙනට්වරයෙකු වූ ටෙඩ් කෙනඩි ගුවන් යානා අනතුරකින් දිවි බේරා ගන්න නමුත් ඔහු පාලමක සිය වාහනය ධාවනය කරන විට පාලනය කරන්නට නොහැකිව සිදුවන අනතුරකින් ඇමෙරිකානු පාසල් ගුරුවරියක් වන මේරි යෝ කොපේන් මිය යනවා. මේ නිසා ඔහුගේ ජනපති වීමේ සිහිනයට එයින්ම තිත තැබෙනවා.
    ඒ වගේම රොබට් කෙනඩිගේ පුතා මිය යන්නේ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවකින් ගැනීම නිසයි. ඔහුගේ අනෙක් පුතා වන මයිකල් කෙනඩි හිම මත ලිස්සා යාමේදී වන අනතුරකින් මරණයට පත් වෙනවා. ඒ වගේම ජෝන් කෙනඩිගේ පුත්‍රයා වන ජෝන් කෙනඩි (කණිෂ්ඨ) මිය යන්නේ සිය බිරිඳ සහ සහෝදරිය සමගින් ගුවන් ගමනක යෙදෙද්දියි. ඒ වගේම මේ සිදුවීම් වලින් පසුව රොබර්ට් කෙනඩි ගේ බිරිඳ වන මේරි කෙනඩි මිය යන්නේ කිසිදු හේතුවක් නැතිව ගෙල වැළල ගෙනයි.




    5. පොර්ල්ටගයිස්ට් ශාපය



    Curses-aniwa-05-768x403.jpg


    පොර්ල්ටගයිස්ට් කියන්නේ හොලිවුඩයේ නිෂ්පාදනය වෙන හොරර් ශානරයට අයත් වෙන චිත්‍රපටයක්. එහෙත් මෙයට සම්බන්ධ වෙලා සිටි රංගන ශිල්පීන් සිවු දෙනෙක් වසර හයක් තුල දී විවිධ ලෙඩරෝග සහ අනතුරු වලින් මරණයට පත් වෙනවා. මේ අය අතර මෙහි ප්‍රධාන චරිතයක් රඟදැක්වූ හෙදර් රූක් දැරියද වනවා.
    චිත්‍රපටයේ පෙන්වන මෘත ශරීර සියල්ලම පාහේ සත්‍ය ඒවා වීම නිසා මේ ශාපය වූ බවට මත පල වෙනවා. ඒවගේම චිත්‍රපටය රූගත කරන කාලය තුරාවට සියලු ම අය දර්ශන තල වල සිට ඇත්තේ බියෙන් බවටද පැවසෙනවා.




    6. ආලෝක කන්දේ ශාපය – කොහිනුර් දියමන්තිය



    Curses-aniwa-06-768x403.jpg


    මේකත් බොහෝ දුරට හෝප් දියමන්තියේ ශාපයට සමානයි. ආලෝක කන්ද යන තේරුමින් එන මේ දියමන්තියේ තිබෙන විශේෂත්වය තමා පිරිමින්ට අවාසනාව ගෙනෙන මේ කොහිනුර් දියමන්තිය කාන්තාවකගේ හිමිකාරත්වයට පත් වූ විට ඇයට සැප සම්පත් සහ වාසනාව ජීවිතේට ගෙන එන බව. හෝප් දියමන්තිය මෙන්ම කොහිනූර් දියමන්තියද ඉන්දියාවෙන් සොයාගන්නා ලද්දක් වීමත් තවත් විශේෂ කරුණක් වනවා.
    කොහිනූර් දියමන්තිය නිසා කරදර සහ සිත්තැවුලට පත්වූ අයෙක් හැටියට ටජ්මහල සැදූ ෂාජහාන් රජතුමා ගැනද කියවෙනවා. මෙයට පෙර මේ දියමන්තිය අයිති කරගත් පිරිමින් බොහෝ දෙනෙකුට බියකරු මරණ අත් වුනත් වර්තමානයේ මේ සම්පත හිමි කර ගෙන සිටින බ්‍රිතාන්‍ය රජ පවුලට නම් කිසිදු කරදරයක් නැහැ.



    7. 27 කල්ලිය



    Curses-aniwa-07-768x403.jpg


    27 සමාජය එහෙමත් නැතිනම් 27 කල්ලිය කියන්නේ ලොවට අමුතුම ශාපයක් පිළිබඳ මතයක් ගෙනාපු එකතුවක්. අතිශය ජනප්‍රිය සහ දක්ෂ බොහොමයක් නිර්මාණ කරුවන් තමන්ගේ ජීවිතය වයස 27දි අවසාන කර තිබෙනවා. නිදසුන් විදියට කර්ට් කොබෙයින් , ජිමි හෙන්ඩ්රික්ස්, ජෙනිස් ජෝප්ලින්, ජිම් මොරිසන් ආදී බොහෝ දෙනෙක් මේ ශාපයේ ගොදුරු බවට පත් වෙනවා. විශේෂිතම කාරණාව වන්නේ මේ සියලු දෙනාම වයස 25දි ජනප්‍රියත්වයේ ලඟා වී වයස 27 දී මරණය වැළඳ ගැනීමයි.
    මේ 27 ශාපලත් කල්ලියේ සාමාජිකයන් ප්‍රමාණය කොතරම්ද කියලා හෙවුවොත් එය ඔබව පුදුම කරන්නට තරම් සමත් වේවි



    8. හඬන දරුවාගේ පින්තුරය



    Curses-aniwa-08-768x403.jpg


    එංගලන්තයේ ගොඩක් ගෙවල් වල එල්ලලා තිබ්බ කඳුලින් බර පෙනුමින් යුතු හඬන දරුවෙක් ගේ පින්තුරය පෙනුමින් සුරතල් පෙනුමින් යුතු වුනත් ඇත්තටම එය ශාපලද්දක් බවට මත පල වෙන්නේ 1980 කාලයේ දීයි. මේ සිතුවම එල්ල තැබූ බොහෝ නිවාස හදිසියේ ඇති වන ගිණි අනතුරු වලින් විනාශ වී ගිය අතර මුළු නිවසම සහමුලින්ම විනාශ වුනත් ඒ සෑම නිවසකම එල්ලලා තිබුණු හඬන දරුවාගේ පින්තූරයට කිසිදු අනතුරක් නොවී තිබූ බවත් වාර්තා වුණා.




     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කුවේණි කළ සාපය - progress

    = හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා!
    = හෙළයේ නායකයන් විනාශ වේවා!
    = පිටස්තර ආක්‍රමණිකයන්ට යටත් වේවා! - Done (thambi and catholics?)
    = හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා! - Done
    = හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා!
    = බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා! - Done
    = අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා! - Done (Tsunami?)
    = ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා!
    = ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා! - Done
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කුවේණි කළ සාපය - progress

    = හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා!
    = හෙළයේ නායකයන් විනාශ වේවා!
    = පිටස්තර ආක්‍රමණිකයන්ට යටත් වේවා! - Done (thambi and catholics?)
    = හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා! - Done
    = හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා!
    = බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා! - Done
    = අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා! - Done (Tsunami?)
    = ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා!
    = ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා! - Done

    Obata sathutuidha dhan?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,161
    8,865
    113
    Dubai
    Curses-aniwa-08-768x403.jpg



    මේ පොටෝ එක අපේ නැන්දලාගේ ගෙදර ඉස්සර එල්ලලා තිබුනා මතකයි මම පුන්චි කාලේ. හැබැයි වෙච්ච නස්පැත්තියක් නම් නෑ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුවේනි නං මහ වේසියෙක් ඒකි පොඩි කාලෙ ඉඳන් හැදුන ජීවත් වුන රට එක මිනිහෙක් වෙන ගෑණියෙක්ව බැන්ද කියල රටටම සාප කරනව :angry: :angry:
    මිනිහ අතෑරිය කියල රටට ඔහොම සාප කලා නං විජයව බැඳල ඉන්න කාලෙ විජයට මොන තරං දේවල් කියන්න ඇතිද ? :oo: :oo:
    උටත් කට හින්දම එපා වුනාද දන්නෙත් නෑ නැත්තං අතඅරින්නෙ මොකටද අනතඃපුරේට ගන්න තිබ්බනෙ :dull: :dull:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Curses-aniwa-08-768x403.jpg


    :shocked: මේක ඉස්සර පොඩි කාලේ අපේ දිහා තිබුනා යකු. කවුරු හරි මේක අයින් කරා ඊට පස්සේ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුවේණි කළ සාපය - progress

    = හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා!
    = හෙළයේ නායකයන් විනාශ වේවා!
    = පිටස්තර ආක්‍රමණිකයන්ට යටත් වේවා! - Done (thambi and catholics?)
    = හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා! - Done
    = හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා!
    = බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා! - Done
    = අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා! - Done (Tsunami?)
    = ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා!
    = ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා! - Done

    :yes::yes::yes: :(