..::[ලෝක සිතියමේ පරිණාමය (Evolution of the World Map)]::..
සිතියම්කරණය යනු වසර දහස් ගණනක් පුරා මානව ඉතිහාසයේ පැවති අත්‍යවශ්‍ය අංගයකි, එය
ලෝකය පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටිය මානව ක්‍රියාකාරීත්වය සහ පෙර ලිඛිත සන්නිවේදනයේ පුර්ව අත්දැකීම් ඇති බව නිරූපණය වන විශ්වීය වශයෙන් පිළිගත් දෙයකි.
ලෙන් සිතුවම් වලින් ඇරබුණු මෙය බැබිලෝනියානු , ග්රීසියානු , ආසියාවේ පුරාණ සිතියම් සහ වර්ථමානයේ භාවිතා වෙන සිතියම දක්වාද පැමිණි ගමන්මග මානව බුද්ධි වර්ධනයේ සැලකිය යුතු පියවරක් ලෙස සැලකේ.

ලෝකයේ මුල්ම සිතියම ක්‍රි.පු 6 වන සියවස
ලෝකයේ මුල්ම සිතියම ලෙසින් විශ්වාස කෙරෙන්නේ Babylonian සිතියමයි , මැටි පුවරුවක කැබැල්ලක් මත මෙම සිතියම ක්‍රි.පූ. 600 දී නිර්මාණයවී ඇති අතර වර්තමානයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට තබා ඇත. මෙම සිතියමේ කේන්ද්‍රස්ථානය ලෙස බැබිලෝනියානු නගරය පෙන්නුම් කරයි, වර්තමානයේ ඉරාකය.

ක්‍රි.පු 5 වන සියවස
ග්‍රීක දාර්ශනිකයකු වූ Anaximander විසින් නිර්මාණය කර ඇති මේ සිතියම (ක්‍රි.පූ 610 – 546) අතර කාලයේදී නිර්මාණය වී ඇත.
ක්‍රි.පු 4 වන සියවස
Anaximander ගේ සිතියම උපයෝගී කරගෙන Hecataeus
නැමති ග්‍රීක ඉතිහාසඥයා විසින් සිතියම (ක්‍රි.පූ 550 – 476) අතර කාලයේදී නිර්මාණය කරන ලද්දකි.
ක්‍රි.පු 2 වන සියවස
Eratosthenes නම් ග්‍රීක දාර්ශනිකයෙකු විසින් නිර්මාණය කරන ලද මෙම සිතියමේ විශේෂය වන්නේ ලිබියාව බ්‍රිතාන්‍ය, ඉන්දියාව,ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම සිතියමේ අන්තර්ගත වීමයි. තවද මුල් වරට සිතියම් නිර්මාණය කිරීමේදී ලෝකයේ ගෝලාකාර බව පිලිබිබු කිරීම මේ සිතියමෙන් ආරම්භ වී ඇත.. ටොලමිගේ සිතියමට පෙර මෙම සිතියමේදී තැප්‍රෝබේන් ලෙස ශ්‍රී ලංකාව නම් වී ඇත
ක්‍රි.පු 1 වන සියවස
සියවසකට පසු Posidonius නම් වූ ග්‍රීක දාර්ශනිකයා විසින් සිතියම (ක්‍රි.පූ 150 – 130) අතර කාලයේදී නිර්මාණය කරන ලද්දකි. මෙම දාර්ශනිකයා විසින් ප්‍රථම වරට පෘථිවියේ පරිධිය කැනෝපස් නම් වූ තාරකාවේ පිහිටීම උපයෝගීකරගෙන මනිනු ලැබූ අතර එය සැතපුම් 24,000ක් වූ අතර පෘතුවියේ සැබෑ පරිධිය වන සැතපුම් 24,901
අගයට ආසන්න අගයකි.

ක්‍රි.ව 1 වන සියවස
රෝමානු භූගෝල විද්‍යාඥයෙකු වන Pomponius Mela විසින් ක්‍රි.ව 43 දී නිර්මාණය කර ඇති මේ සිතියම මගින් ලෝකය කොටස් 5ක ට බෙදා ඇත.
ක්‍රි.ව 2 වන සියවස
ක්‍රි.ව 150 දී පමණ Ptolemy නම් වූ ග්‍රීක ගණිතඥයා විසින් නිර්මාණය කරන ලද මෙම සිතියමේ ප්‍රථම වරට අක්ෂාංශ සහ දේශාංශ දක්නට ලැබේ. ඔහුගේ අදහස වුයේ
ගෝලීය ඛණ්ඩාංක පද්ධතියක් මගින් ඉස්ලාමීය හා යුරෝපීය භූගෝලීය චින්තනය වෙනස් කරමින් විද්‍යාත්මක හා සංඛ්‍යාත්මක පදනමක් එයට ලබා දීමයි.
ක්‍රි.ව 12 වන සියවස
ක්‍රි.ව 1154 දී භූගෝල විද්‍යාඥයෙකු වූ Muhammad al-Idrisi විසින් නිර්මාණය කරන ලද මේ සිතියම එවකට තිබු නිවැරදිම දත්ත සහිත සිතියම ලෙස සැලකේ

ක්‍රි.ව 14 වන සියවස
චීනයේ නිර්මාණය කොට ඇති මෙම සිතියම Da Ming Hun Yi Tu නම් වූ චිත්‍ර ශිල්පියා විසින් වර්ග මීටර් 17 ක සිල්ක් රෙද්දක මෙම සිතියම නිමවා ඇති අතර එය පලවෙනි Ming අධිරාජයා සමයේ ක්‍රි.ව 1389 දී පමණ චීනයේ භාවිත වුවකි.
ක්‍රි.ව 15 වන සියවස
ක්‍රි.ව 1490 දී Heinrich Hammer නැමති ජර්මානු සිතියම් විද්‍යාඥයා විසින් නිමවන ලද්දකි, නමුත් මේ සිතියමට Ptolemy ගේ සහ 1485 දී නිමයුණු Bartolomeo Columbus ගේ සිතියම් වලින් ආභාෂය ලැබී ඇති බව සදහන් වේ.
Juan de la Cosa නැමති ස්පාඤ්ඤ සිතියම් විද්‍යාඥයා විසින් නිමවන ලද්දකි, ප්‍රථම වරට යුරෝපියානු සිතියම් විද්‍යාඥයෙක් විසින් ඇමරිකාව සිතියම් ගත කෙරුණ සිතියම ලෙස සැලකේ.
ක්‍රි.ව 1500
Pedro Álvares Cabral නම් වූ පෘතුගීසි ගවේශකයා විසින් නිර්මාණය කොට ඇති සිතියමක්.Caverio සිතියම ලෙස ප්‍රසිද්ධයි.
ක්‍රි.ව 1507
Waldseemüller සිතියම ප්‍රථම වරට America නම සහිතව සිතියම නිර්මාණය කිරීම
ක්‍රි.ව 17 වන සියවස
Hendrik Hondius විසින් නිර්මාණය කරන ලද මේ සිතියමේ ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු මහාද්වීපය මෙම සිතියමේ දක්නට ඇත

පලවන ලෝක යුද්දයෙන් පසු ජර්මානු ලෝක සිතියමක්
දෙවන ලෝක යුද්දයෙන් පසු ලෝක සිතියමක්
1974 පසු වර්තමානයේ භාවිතා වන සිතියම 

සිතියම්කරණය යනු වසර දහස් ගණනක් පුරා මානව ඉතිහාසයේ පැවති අත්‍යවශ්‍ය අංගයකි, එය
ලෝකය පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටිය මානව ක්‍රියාකාරීත්වය සහ පෙර ලිඛිත සන්නිවේදනයේ පුර්ව අත්දැකීම් ඇති බව නිරූපණය වන විශ්වීය වශයෙන් පිළිගත් දෙයකි.
ලෙන් සිතුවම් වලින් ඇරබුණු මෙය බැබිලෝනියානු , ග්රීසියානු , ආසියාවේ පුරාණ සිතියම් සහ වර්ථමානයේ භාවිතා වෙන සිතියම දක්වාද පැමිණි ගමන්මග මානව බුද්ධි වර්ධනයේ සැලකිය යුතු පියවරක් ලෙස සැලකේ.

ලෝකයේ මුල්ම සිතියම ලෙසින් විශ්වාස කෙරෙන්නේ Babylonian සිතියමයි , මැටි පුවරුවක කැබැල්ලක් මත මෙම සිතියම ක්‍රි.පූ. 600 දී නිර්මාණයවී ඇති අතර වර්තමානයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට තබා ඇත. මෙම සිතියමේ කේන්ද්‍රස්ථානය ලෙස බැබිලෝනියානු නගරය පෙන්නුම් කරයි, වර්තමානයේ ඉරාකය.

ග්‍රීක දාර්ශනිකයකු වූ Anaximander විසින් නිර්මාණය කර ඇති මේ සිතියම (ක්‍රි.පූ 610 – 546) අතර කාලයේදී නිර්මාණය වී ඇත.
Anaximander ගේ සිතියම උපයෝගී කරගෙන Hecataeus
නැමති ග්‍රීක ඉතිහාසඥයා විසින් සිතියම (ක්‍රි.පූ 550 – 476) අතර කාලයේදී නිර්මාණය කරන ලද්දකි.
Eratosthenes නම් ග්‍රීක දාර්ශනිකයෙකු විසින් නිර්මාණය කරන ලද මෙම සිතියමේ විශේෂය වන්නේ ලිබියාව බ්‍රිතාන්‍ය, ඉන්දියාව,ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම සිතියමේ අන්තර්ගත වීමයි. තවද මුල් වරට සිතියම් නිර්මාණය කිරීමේදී ලෝකයේ ගෝලාකාර බව පිලිබිබු කිරීම මේ සිතියමෙන් ආරම්භ වී ඇත.. ටොලමිගේ සිතියමට පෙර මෙම සිතියමේදී තැප්‍රෝබේන් ලෙස ශ්‍රී ලංකාව නම් වී ඇත
සියවසකට පසු Posidonius නම් වූ ග්‍රීක දාර්ශනිකයා විසින් සිතියම (ක්‍රි.පූ 150 – 130) අතර කාලයේදී නිර්මාණය කරන ලද්දකි. මෙම දාර්ශනිකයා විසින් ප්‍රථම වරට පෘථිවියේ පරිධිය කැනෝපස් නම් වූ තාරකාවේ පිහිටීම උපයෝගීකරගෙන මනිනු ලැබූ අතර එය සැතපුම් 24,000ක් වූ අතර පෘතුවියේ සැබෑ පරිධිය වන සැතපුම් 24,901
අගයට ආසන්න අගයකි.

රෝමානු භූගෝල විද්‍යාඥයෙකු වන Pomponius Mela විසින් ක්‍රි.ව 43 දී නිර්මාණය කර ඇති මේ සිතියම මගින් ලෝකය කොටස් 5ක ට බෙදා ඇත.
ක්‍රි.ව 150 දී පමණ Ptolemy නම් වූ ග්‍රීක ගණිතඥයා විසින් නිර්මාණය කරන ලද මෙම සිතියමේ ප්‍රථම වරට අක්ෂාංශ සහ දේශාංශ දක්නට ලැබේ. ඔහුගේ අදහස වුයේ
ගෝලීය ඛණ්ඩාංක පද්ධතියක් මගින් ඉස්ලාමීය හා යුරෝපීය භූගෝලීය චින්තනය වෙනස් කරමින් විද්‍යාත්මක හා සංඛ්‍යාත්මක පදනමක් එයට ලබා දීමයි.
ක්‍රි.ව 1154 දී භූගෝල විද්‍යාඥයෙකු වූ Muhammad al-Idrisi විසින් නිර්මාණය කරන ලද මේ සිතියම එවකට තිබු නිවැරදිම දත්ත සහිත සිතියම ලෙස සැලකේ

චීනයේ නිර්මාණය කොට ඇති මෙම සිතියම Da Ming Hun Yi Tu නම් වූ චිත්‍ර ශිල්පියා විසින් වර්ග මීටර් 17 ක සිල්ක් රෙද්දක මෙම සිතියම නිමවා ඇති අතර එය පලවෙනි Ming අධිරාජයා සමයේ ක්‍රි.ව 1389 දී පමණ චීනයේ භාවිත වුවකි.
ක්‍රි.ව 1490 දී Heinrich Hammer නැමති ජර්මානු සිතියම් විද්‍යාඥයා විසින් නිමවන ලද්දකි, නමුත් මේ සිතියමට Ptolemy ගේ සහ 1485 දී නිමයුණු Bartolomeo Columbus ගේ සිතියම් වලින් ආභාෂය ලැබී ඇති බව සදහන් වේ.
Juan de la Cosa නැමති ස්පාඤ්ඤ සිතියම් විද්‍යාඥයා විසින් නිමවන ලද්දකි, ප්‍රථම වරට යුරෝපියානු සිතියම් විද්‍යාඥයෙක් විසින් ඇමරිකාව සිතියම් ගත කෙරුණ සිතියම ලෙස සැලකේ.
Pedro Álvares Cabral නම් වූ පෘතුගීසි ගවේශකයා විසින් නිර්මාණය කොට ඇති සිතියමක්.Caverio සිතියම ලෙස ප්‍රසිද්ධයි.
Waldseemüller සිතියම ප්‍රථම වරට America නම සහිතව සිතියම නිර්මාණය කිරීම
Hendrik Hondius විසින් නිර්මාණය කරන ලද මේ සිතියමේ ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු මහාද්වීපය මෙම සිතියමේ දක්නට ඇත

Sources:sites.math.rutgers.edu/~cherlin/History,en.wikipedia.org/wiki/Early_world_maps,indianexpress.com
@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
+18

ඔව් මෙච්චර ලොකු ඇති කියල අදින්න ඇති
පුළුවන් උන ගමන් දෙන්නම්