= ලෝ ප්‍රකට පුද්ගලයන්ගේ අපූරු පුරුදු අහලා #

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    = ලෝ ප්‍රකට පුද්ගලයන්ගේ අපූරු පුරුදු අහලා #

    ලෝ ප්‍රකට පුද්ගලයන්ගේ අපූරු පුරුදු

    10. චාර්ල්ස් ඩිකන්ස්

    75052-004-C210A8E0.jpg


    කවුරුත් දන්නා ⁣ලේඛක චාර්ල්ස් ඩිකන්ස් සිය නිර්මාණශීලි බව වැඩි කරගැනීමට අපූරු උපක්‍රමයක් අනුගමනය කළා. ඒ සෑම රචනයකදීම මෙන්ම නිදා ගැනීමේදීද හිස උතුරට මුහුණලා තබා ගැනීම. මේ සදහා සෑම විටකම ඔහු සතුව මාලිමාවක් පැවැති බවයි පැවැසෙන්නේ.

    09. තෝමස් වුල්ෆි

    george-person.jpg


    ප්‍රකට ගත් කතුවර තෝමස් වුල්ෆිට ති⁣බුණේත් පුදුමාකාර පුරුද්දක්. ඒ තමයි ඔහුගේ සියලුම රචනාවන් සිටගෙන සිදු කිරීම. එමගින් සිය නිර්මාණශීලීත්වය වැඩිවන බවයි ඔහු පැවැසුවේ. අත්හදා බලනවනම් ඔන්න වැඩේ.

    08. මාරියා කේරි

    Mariah-Carey-in-Red-Dress--04-300x420.jpg


    මැය ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ පුරුද්ද ගැන කෙටියෙන් පවසතොත්, ” නිදා ගැනීම කලාවක් නම්, මාරියා කේරි එහි පිකාසෝ වේ”. මැය නින්දට දක්වා ඇත්තේ එතරම්ම ඇල්මක්. දවසේ පැය 24 න් පැය 15 ක්ම නිදා ගැනීමට ඇය හුරුව සිටියා. ඉතිරි පැය 9 ඇතුළත ඇගේ වෘත්තීමය වැඩ කටයුතු කොහොම කරගත්තද කියලත් හිතෙනව නේද?

    07. ලියනාඩෝ ඩාවින්චි

    da-vinci-alam_159842t.jpg


    ලෝ සුපතල චිත්‍ර ශිල්පීයෙකු වන ඩාවින්චිට තිබුණේ නම් මාරියා කේරීට වඩා හාත්පසින්ම වෙනස් පුරුද්දක්. ඔහු නින්ද සදහා වැය කළේ දිනකට පැය 3 ක් පමණයි. ඒද, සෑම වැඩ කරන පැය 4 කට ම වරක් විනාඩි 20-30 ක නින්දක් වශයෙනි.

    පුදුමයි නේද?

    06. වින්ස්ටන් චර්චිල්

    sir-winston-churchill-g4m31f.jpg


    බ්‍රිතාන්‍ය අගමැති වරයෙකුව සිටි චර්චිල්ට තිබුණේ සිනහ උපදවන සුලු පුරුද්දක්. ඒ තමයි, සිය කථන හැකියාව පවත්වා ගැනීම සදහා සෑම විවාද අවස්ථාවකදීම සිය කබයේ බොත්තමක් කරකැවීම. වරක් උද්වේගකර කතාවක් අතරතුර සිය කබායේ බොත්තම ගැලැවී අතට ආ අතර එනිසාම සිය කතාව නවතා අසුන් ගැනීමට ඔහු තීරණය ක⁣ළා.

    05. නැපොලියන් බොනපාට්

    napoleon_bonaparte14.jpg


    ප්‍රංශ ජාතික නැපොලියන් බොනපාට් හට වැල්මී කැබැල්ලක් නැතුවම බැරි විය. වැල්මී කැබැල්ලක් සපා නොකා ඔහු කිසි දිනක සිය හමුදා මෙහෙයවා නැති බවයි පැවැසෙන්නේ. කොතරම් එඩිතර යුද්ධ නිළදරයකු වුවත් නැපොලියන් බොනපාට් බළලුන්ට මහත් බියක් දැක්වූ අයකු බවත් ප්‍රකට කරුණක්.

    04. පර්සි ශෛලී

    tumblr_ondqsyOurh1r65o3qo2_400.jpg


    දක්ෂ කවියෙකු වූ පර්සි ශෛලී සිය නිර්මාණ කටයුතු අතරතුර පාන් කෑමට පුරුදුව සිටියා. ඔහු පාන් කමින් කළ සෑම කවියක්ම බොහෝ රසවත් වුණා. වරක් සිය කෘතියක නිර්මාණ කටයුතු අවසන් වන විට ඔහු ආහාරයට ගෙන තිබූ පාන් ප්‍රමාණය රාත්තල් 3 1/2 ක්. ⁣ඒ හේතුවෙන් ඔහුට මාස 1 1/2 ක කාලයක් රෝහල් ගත ව ප්‍රතිකාර ගැනීමට පවා සිදු වෙනවා.

    03. විලියම් ශේක්ෂ්පියර්

    1379583776_william-shakespeare-194895-1-402.jpg


    මහා ලේඛක විලියම් ශේක්ෂ්පියර් හට තිබුණේ සුන්දර පුරුද්දක්. දකුණත හුරු ඔහු පාරේ ගමන් කරන විට සිය බස්තමෙන් ඒකාකාරී තාලයකට පොළොවට තට්ටු කිරීමට පුරුදුව සිටියා. එසේ වුවත් ප්‍රසිද්ධ දේශනයකට සහභාගී වන විට බස්තම වමතට ගෙන ශබ්ද නොනගා සිටීමට ඔහු වග බලා ගත්තා.

    02. මහත්මා ගාන්ධි

    gandhi-m.jpg


    පොත් කියවීමේදී සිය කණ්නාඩියේ එක් කොටසක් අතින් වසා ගෙන කියවීමේ පුරුද්දක් එතුමාට තිබුණා. තවද ⁣කුමන තැනක ගියද තම බොරු දත් කුට්ටම ඇද සිටින රෙදි කොනක දවටා ගෙන යාමද ආහාර ගන්නා විට පමණක් එය ප්‍රයෝජනයට ගැනීමද ගාන්ධිතුමන් සතුව පැවැති එතරම් ප්‍රකට නොවූ පුරුද්දකි.

    01. සිග්මන් ෆ්රොයිඩ්

    freud-2.jpg


    මනෝ විද්‍යාඥයකු වන සිග්මන් ෆ්රොයිඩ් හට දුම් බීමේ අහිතකර පුරුද්දක් තදින්ම පැවැතියා. අවදි වූ මොහොතේ සිට නින්දට යන තෙක්ම නොකඩවා දුම් පානය කිරීමට ඔහු පුරුදුව සිටියා. තම මිතුරන් හා වෛද්‍යවරුන් කොතෙක් අවවාද කළ ද මුඛ පිළිකාවක් වැළද ශල්‍යකර්ම 33 කට ලක් වන තුරුම එම පුරුද්ද අත් හර ගැනීමට ඔහු අසමත් වෙනවා.


    අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.​


     
    Last edited: