~~ ලෝ ප්‍රකට විද්වතුන් ~~

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    GodfreyKneller-IsaacNewton-1689.jpg







    අයිසැක් නිවුටන්




    ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයෙකු ස්වභාවික දර්ශනවාදියෙකු , ආදි රසායනඥයෙකු හා ආගමික මතවාදියෙකු විය. ඔහු විසින් 1687 පළ කළ Philosophiae Naturalis Principia Mathematica ග්‍රන්ථය විද්‍යාත්මක චින්තනයට අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට පදනම වූ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එ‍තැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද ඉංජිනේරු විද්‍යාවේ පදනම නිව්ටන්ගේ නියම වේ. කෙප්ලර්ගේ ග්‍රහලෝකවල චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්‍රගමනයට ඉඩ සැලසීය.

    යාන්ත්‍ර විද්‍යාවේ දී කෝණික ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිතිය පිළිබද නියමයන් නිව්ටන් විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කරන ලදී. පරාවර්තක දුරේක්ෂය නිර්මාණය කිරීමත් ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකය එහි සංඝටක වර්ණවලින් යුත් වර්ණාවලියක් බවට වෙන් කිරීම නිරීක්ෂණය කර ඒ මත පදනම්ව වර්ණවාදය නිර්මාණය කිරීමක් ප්‍රකාශ විද්‍යාවට නිව්ටන් දැක්වූ දායකත්වයට අයත් වේ. තවද ඔහු ප්‍රත්‍යක්ෂ මූල සිසිලන නියමය ගොඩනැගූ අතර ශබ්දයේ වේග‍ය පිළිබදව ද අධ්‍යයනය කළේය.

    ගණිතයේ දී කලණය සංකල්ප ගොඩනැගීමේ ගෞරවය නිව්ටන් හා ගොට්ෆ්‍රීඩ් ලිබිනිස් (Gottfried Leibniz) අතර බෙදී යයි. සාධාරණීකෘත ද්විපද ප්‍රමේයය ආදර්ශනය කිරීමත් ශ්‍රිතයක ශූන්‍යයක් සන්නිකර්ෂණය සඳහා “නිව්ටන් ක්‍රමය” ගොඩනැගීමත් , බල ශ්‍රේණිය පිළිබඳ අධ්‍යයනයන්ට දායකත්වය දැක්වීමත් නිව්ටන් විසින් ගණිතයට දක්වන ලද දායකත්වයට අයත්ය.

    2005 වසරේ රාජකීය සමිතිය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව විද්‍යාවේ ඉතිහාසය කෙරෙහි නිව්ටන්ගේ බලපෑම ඇල්බට් අයින්ස්ටයින්ගේ බලපෑමට බොහෝ සෙයින් වැඩි බව ජනතාව අදහස් කරන බව හෙළි විය.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    382px-Leonardo_self.jpg










    ලියනාඩෝ ඩා වින්සි



    ලියනාඩෝ ඩා වින්සි පියෙරෝ ඩා වින්සි (1452 අපේ‍්‍රල් 15- 1519 මැයි 2) ඉතාලි ජාතික මහා ප‍්‍රාඥයකු විය. ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, ව්‍යවච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ ලේඛකයෙක් විය. පියෙරෝ ඩා වින්සි නම් නොතාරිස්වරයෙකුට සහ කත්රිනා නම් ගැමි තරුණියකට දාව අවජාතක දරුවකු ලෙසින් ෆ්ලෝරන්ස් කලාපයේ වින්සි හිදී උපත ලැබීය. වරෝචියෝ නම් සුප‍්‍රකට චිත‍්‍ර ශිල්පියාගේ කලාගාරයෙන් ලියානාඩෝ අධ්‍යාපනය ලැබීය. ඔහුගේ මුල් කාලීන නිර්මාණයන්ගෙන් වැඩි කොටසක් මිලාන්හි ලූඩොවිකෝ ඉල් මෝරෝ ගේ සේවයේ සිටියදී කළ ඒවා වෙයි. පසුකාලීනව ඔහු රෝමය, බොලොඥ්ඥ සහ වැනිස් නගරයන්හි සේවය කළ අතර අවසාන භාගයේදී පළමුවන ෆ‍්‍රැන්කොයිස් රජු විසින් ඔහුට ලබාදුන් නිවසේ ගත කළේය.

    බොහෝවිට ලියනාඩෝව හඳුන්වනු ලබන්නේ සිය අසීමිත කුහුල නව නිර්මාණයන් කිරීම සඳහා වූ ඔහුගේ හැකියාවට පමණක් සමකළහැකි ‘පුනරුද මිනිසාගේ’ මූලාකෘතිය ලෙසිනි. ඔහු බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත්වූ විශිෂ්ඨතම සිත්තරකු ලෙසිනි. එමන්ම එදා මෙදාතුර ජීවත්වූ වඩාත්ම දක්‍ෂතාවයන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි. ලියනාඩෝ වඩාත්ම ලෝකප‍්‍රකට වී ඇත්තේ ඔහුගේ සිතුවම් නිසාවෙනි. ඔහුගේ කෘතීන් දෙකක් වන මොනාලීසා සහ අවසන් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය වඩාත්ම ජනපි‍්‍රය, වඩාත්ම ප‍්‍රතිනිෂ්පාදනයට ලක්වූ, කතාබහට ලක්වූ ආලේඛ චිත‍්‍රය හා ආගමික සිතුවම වෙයි. ඒවයේ කීර්තිය හා සම තත්වයට පත්විය හැකි එකම නිර්මාණය වූයේ මයිකල් ආන්ජලෝගේ ආදම්ගේ නිර්මාණය පමණකි. ඔහුගේ සිතුවම්, ඔහු විසින් අඳින ලද විද්‍යාත්මක රූ සටහන් සිතුවම් කිරීම පිලිබඳ ඔහුගේ අදහස් ඇතුලත් සටහන්පොත් පසුපරම්පරාවන් වෙත ඔහු ලබාදුන් මාහැඟි දායාදයකි.

    ඉංජිනේරුවකු ලෙස ලියනාඩෝ හෙලිකොප්ටරය, සූර්ය බලශක්තිය, කැල්ක්‍යුලේටරය පිලිබඳ සංකල්පගත කිරීම් සහ භූ තලයන්ගේ චලන පිලිබඳ ඔහුගේ න්‍යායන් ඉදිරිපත් කළ අතර ඒවා බොහොමයක් ඔහුගේ කාළයට වඩා බෙහෙවින් ඉදිරියෙන් වූ ඒවා විය. ඔහුගේ කාළයේ නිර්මාණය කිරීමේ ශක්‍යතාවය පැවතියේ ඔහුගේ සැලසුම් වලින් ඉතා සුළු ප‍්‍රමාණයක් පමණකි. නමුත් කම්බිවල ආතන්‍ය බලය මැනීම සඳහා ඔහු සැලසුම් කළ යන්ත‍්‍රය සහ ස්වංකී‍්‍රය බීරළු ගොතනය වැනි ඔහුගේ කුඩා නිර්මාණයන් කිහිපයක්ම ලෝකයට ඉදිරිපත් වූ අතර ඒවා නිෂ්පාදන ලෝකයට ඇතුල්විය. විද්‍යාඥයකු ලෙස ඔහු කාය වයවච්ඡේද විද්‍යාව, සිවිල් ඉංජිනේරු විදයාව, ප‍්‍රකාශ විද්‍යාව සහ ද්‍රවගති විද්‍යාව යන ක්ෂේත‍්‍රයන්හි දැනුම් මට්ටම වැඩිදියුණු කිරීම සඳහා ඉමහත් සේවයක් කළේය.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Langrange_portrait.jpg








    ජෝසප් ලුයිස් ලැග් රේන්ජ්


    උපත ජනවාරි 25, 1736 සාර්ජිනියා‍වේ , තූරින්හි විපත අප්‍රේල් 10, 1813 (වයස අවු: 77) ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිය සාර්ඩිනියාව, ප්‍රංශය , පර්සියාව

    ජාතිය සාර්ජිනියානු , ප්‍රංශ ක්ෂේත්‍ර ගණිතය ගණිතමය භෞතික විද්‍යාව ආයතන ඉකෝල් බහු තාක්ෂණික ආයතනය ආචාර්ය උපාධි උපදේශක ලියයොනාර්ඩ් යුලර් ආචාර්ය උපාධිය ලත් සිසුන් ජෝසෆ් ෆූරියර් ජියෝවානි ප්ලානා සිමියොන් පොයිසන් ප්‍රසිද්ධියට පත් වූයේ විශ්ලේෂණ යාන්ත්‍ර විද්‍යාව අභ්‍යාවකාශ යාන්ත්‍ර විද්‍යාව ගණිතමය විශ්ලේෂණය සංඛ්‍යාවාදය ආගම රෝමාණු ක‍තෝලික සටහන් :- ඔහුට ආචාර්ය උපාධි උපදේශක කෙනෙක් නොසිටි නමුත් ශාස්ත්‍රීය , පාරම්පරික බලධාරීන් , ඔහුගේ ඥානාන්විත උරුමය, සමාන චරිතයක් රඟපෑ ලියොනාර්ඩ් යුලර් සම්බන්ධ කළ බව සලකන්න.

    ජියෝසෙෆී ලොඩොවිකෝ ලැග් රෙන්ජියා යන නමින් උපත ලැබූ ජෝසප් ලුයිස් ලැග් රේන්ජ් (1736 ජනවාරි 25 – 1813 අප්‍රේල් 10) ඉතාලි ජාතික ගණිතඥයෙක් හා තාරකා විද්‍යාඥයෙක් විය. ඔහුගේ ජීවිතයෙන් බොහෝ කාලයක් ඔහු ප්‍රංශයේ ජීවත් වූ අතර සියලුම විශේෂණ ක්ෂේත්‍රවලට, සංඛ්‍යාවාදයට, සම්භාව්‍ය හා අභ්‍යාවකාශ යාන්ත්‍ර විද්‍යාවට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය. යුලර්ගේ සහ ඩි ඇලෙම්බර්ට්ගේ නිර්දේශය මත, යුලර් වෙනුවට ,1766 දී , බර්ලින් නුවර පිහිටි විද්‍යාවන් පිළිබඳ ඇකඩමියේ ගණිතය පිළිබඳ අධ්‍යක්ෂකවරයා ලෙස ලැෆ් රේන්ජ් පදවි ප්‍රාප්තිය ලැබුවේය. විශාල වැඩ කොටසක් ඉදිරිපත් කරමින්, විද්‍යා‍වන් පිළිබඳ ප්‍රංශ ඇකඩමියේ ත්‍යාගයන් කිහිපයක් දිනා ගනිමින් ඔහු එහි වසර 20කට වඩා වැඩි කලක් වාසය කළේය. ලැග් රේන්ජ්ගේ විශ්ලේෂණ යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ විධිමත් ශාස්ත්‍රීය නිබන්ධනය (විශ්ලේෂී යාන්ත්‍ර විද්‍යාව - මිකැනික් ඇනලයිටික්, සංස්කරණ 4, වෙළුම් 2 , ප්‍රංශය (Gauthier-Villars et fils, 1888-89) බර්ලිං නුවර දී ලියූ අතර ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1788 දීය. නිවුටන්ගෙන් පසුව සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවට ඉතා සම්පූර්ණ සැලකිල්ලක් මෙහි දී දක්වන ලදී. තවද 19 වැනි ශත වර්ෂයේ දී ගණිතමය භෞතික විද්‍යාවේ දියුණුව සඳහා මූලාරම්භයක් ද ඇති කරන ලදී. තූරීන් නුවර ඉතාලි ජාතික දෙමාපියන්ට දාව ජියෝසෙෆි ලොඩොවිකෝ ලැග් රෙන්ජියා උපත ලැබීය. ඔහුට පිය පාර්ශවයෙන් ප්‍රංශ ජාතික මුතුන් මිත්තෝ සිටියහ. 1787 දී ඔහු ප්‍රංශ ඇකඩමියේ සාමාජිකයෙක් බවට පත් වූ අතර ඔහු , ඔහුගේ ජීවිතයේ අවසානය තෙක් ප්‍රංශයේ ම රැඳුණි. එම නිසා විකල්පයක් ලෙස ලැග් රේන්ජ් ප්‍රංශ හා ඉතාලි ජාතික විද්‍යාඥයෙක් ලෙස සලකනු ලැබේ. ලැග් රේන්ජ් රුසියානු විප්ලවයෙන් දිවි ගලවා ගත් අතර 1794 දී ආරම්භ කළ ඉකෝල් බහු තාක්ෂණික ආයතනයේ එතැන් පටන් ගැටළු විසඳීමේ දී ශ්‍රිතවාදය, සීමාව, සාන්තත්‍යය හා කලනය භාවිතය ( විශ්ලේෂණය) පිළිබඳ පළමු මහාචාර්යවරයා බවට පත් විය. නැපෝලියන් කීර්තිමත් සේනාව අතරට ලැග් රේන්ජ් නම් කළ අතරම 1808 දී අධිරාජ්‍යයේ වංශවතෙක් බවට ද පත් කළේය. ඔහු 1813 දී මිය ගිය පසු පැන්තියොන්හි දී භූමදාන කරන ලදී.