~~ ලෝ ප්‍රකට විද්වතුන් ~~

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    0.jpg






    නලින් ද සිල්වා




    මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන අතර විද්‍යා පීඨයේ පීඨාදිපති ධූරය ද උසුලයි.

    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය. මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.

    නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී ඔහු විසින් මගේ ලෝකය රචනා කළේය. මෙය තුළින් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. ඔහුගේ ලේඛනය, ගුණදාස අමරසේකර විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම මත සකස් වී ඇත.

    නලින් ද සිල්වාගේ කෘති සහ දේශන, එමෙන්ම ඔහු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගැන්වීමේ යෙදෙන අතරතුර සිය මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය, සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය, ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    MrSenarat_paranavitana.jpg






    සෙනරත් පරණවිතාන





    දකුණු පළාතෙහි ගාලු දිස්ත්‍රික්කයට අයත් මැටරඹ නමි ගමෙහි 1896 දෙසැමිබර් මස 26 වෙනි දින උපත ලද සෙනරත් පරණවිතානගේ පියා ඒබ්‍රහම් පරණවිතාන වු අතර මව ලෝරා හෙට්ට්ගේ ගිමාරා නම් වුවාය.‍හෙට්ට්ගොඩ මෙතෝදිස්ත විදුහලෙහි වසර 02 ක් සිංහල ඉගෙන ගත් පරණව්තාන 1930 දී උණවටුනේ බොනවිස්ටා ඉංග්‍රිසි පාසලට ඇතුලත් වුයේ ඉංග්‍රිසි අධ්‍යාපනය හැදැරිම සඳහාය.


    පාසල් දිවිය අවසන් කර 1915 දි ප්‍රාචින ප්‍රාරමිභ පරික්‍ෂණයට පෙනී සිටිමින් ඉන් උසස් සාමාර්ථ්‍යක් ලබා ගනී.එම පරීක්‍ෂණයෙන් ඉතිහාසය සහ පුරාවිද්‍යාව සඳහා ඉහළම ළකුණු ලබා ගැනීමට පරණවිතාන සමත් වීය.මෙම සමත් වීම මත 1916 දී මිහිරිපැන්නේ සිංහල පාසලේ ශිෂ්‍ය-ගුරු පදවිය ලැබීය.1919 දී පරණවිතානගේ පියා මිය යයි.මේ අතරතුරදී ඉංග්‍රීසි ගුරු සහතික පරීක්‍ෂණයෙන් සමත්ව ඉංග්‍රිසි ඉගැන්වීම සඳහා මාගොල්ලේ සුධර්මා මහා විද්‍යාලයට පත් වීමක් ලබයි.


    ශිලා ලිපි විමර්ශණ සහකාර තනතුරෙහි ඇති වූ පුරප්පාඩුව සඳහා පැවැත්වූ ලිඛිත පරීක්‍ෂණයෙන් සමත් වීමට පරණවිතානට හැකි විය.ඒ අනුව 1923 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලිපි විමර්ශණ ධූරයට පත් විය.පුරාවිද්‍යාව පිළිබඳව ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ ශිෂ්‍යත්වය මත 1923-1926 දක්වා ඉන්දියාවෙහි අධ්‍යාපනය ලැබීමට මෙතුමාට අවස්ථාව හිමි විය.ඵහිදී බටහිර ඉන්දීය පුරා වස්තූන් නැරඹීමේ අවස්තාව මෙන්ම සුප්‍රකට පුරාවිද්‍යාඥයෙක් වූ ශ්‍රීමත් ජෝන් මාර්ෂල් යටතේද කටයුතු කිරීමේ හැකියාව ලැබුණි.එහිදී මොහෙන්ජොදාරෝ-හරප්පා සංස්කෘතිය හා තදාස්ශ්‍රිත ඉන්දු-ගංගා නිමිනයේ පුරාවිද්‍යා කැණීමි වලටද සහභාගී විය. පරණවිතාන මහතා ඉන්දියාවේ ශිලා ලේඛන විද්‍යාව (epigraphy) , ප්‍රතිමා විද්‍යාව (iconography) , නානක විද්‍යාව (numismatics) , කෞතුකාගාර විද්‍යාව(museology) ,කැණීමි සහ තහවුරු කිරීමි (excavation and conservation ), පුරාවිද්‍යා කටයුතු පර්‍රපාලනය (archaeological administration ),පිළිබඳව පුහුණුව ලැබිය.




    මේ අතර 1923-1935 දක්වා කාලය තුළ පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස් ධූරයේ තාවකාලිකව වැඩ භාර ගනී.1935 දි ඕලන්දයේ ලයිඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ කර්න් ආයතනයෙන් පල කෙරෙන වාර්ෂික පුස්තක නාමාවලි සංග්‍රහයෙහි කර්තෘ මණ්ඩලයේ සාමාජික පදවිය ලැබිය.මෙතුමා විසින් සම්පාදනය කරනු ලැබු The Stupa in Ceylon නම් කෘතිය වෙනුවෙන් 1936 දී ලයිඩන් සරසවියෙන් දර්ශණ විශාරද උපාධිය (ph.D ) ලැබුණි. 1940 ඔක්තොමිබර් 01 දින එතුමා පුරාවිද්‍යාකොමසාරිස් ලෙස සේවයෙහි ස්ථිර කරනු ලැබීය. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඔහු විය. එම තනතුර මීට ඉහතදී ඉංග්‍රිසී ජාතික විද්‍යාඥයන් දරන ලදි.සිය සේවයට උපහාර ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිළධාරි යන ගරු නාමයද 1952 දීබ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොමාන්ඩර් යන විශේෂ ගෞරව නාමයද දෙවන එළිසෙබෙත් මහ රැජින මෙතුමාට පිරිනමන ලදි.1955 දි රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ රන් පදක්කමද පරණවිතානයන්ට හිමි විය.

    1956 දී සීගිරි කුරුටු ගී නමි ග්‍රන්ථය පල කරණ පරණවිතාන සීගිරි කුරුටු ගී 685 ක පෙළ සහ අරුත් අර්ථකථනය කර ඇත. වසර 25 ක් පමණ සිදු කළ ගවේෂණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස එය හදුන්වා දිය හැකිය.එම ග්‍රන්ථයට 8,9,10 සියවස් වල ලියවුණ කුරුටු ගී පමණක් අන්තර්ගත විය.කැටපත් පවුරෙහි වූ 6.7.11,12 සියවස් වලට අයත් කුරුටු ගී කියවීමට එතුමන්ගේ දිවි ගමන තුළ නොහැකි විය. මෙකී ග්‍රන්ථය මඟින් සීගිරි ගී වල නිර්මාණශීලීත්වය පිළිබඳව කරුණු දක්වයි.


    බදුල්ලේ ටැමි ලිපිය,මැදිරිගිරියේ පුවරු ලිපිය,මන්නාරමේ කචිචේරිය ටැමි ලිපිය වැනි සෙල්ලිපි ගණනාවක් සඳහා නව අර්ථකථන ගෙන දෙමින් වැරදි ලෙස පිටපත් කර වැරදි අරුත් ගෙන දුන් ඒවා නිවැරදි බවට පත් කරණ ලදි. සඳකඩ පහණ තුළින් නිරෑපණය වන්නේ භව චක්‍රය බව පරණවිතාන මහතාගේ අදහස විය.එමෙන්ම පඬුවස් නුවර කැණීමි වලින් හමු වූ එක්ටැමි ගෙය හි නෂ්ඨාවශේෂ මහා පරාක්‍රමබාහු රජු චක්‍රවර්තී ආකල්පය රටට පල කිරීමට කළ ගොඩනැගිල්ලක අවශේෂ බවත් පෙන්වා දෙයි
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    බදුල්ලේ ටැමි ලිපිය,මැදිරිගිරියේ පුවරු ලිපිය,මන්නාරමේ කචිචේරිය ටැමි ලිපිය වැනි සෙල්ලිපි ගණනාවක් සඳහා නව අර්ථකථන ගෙන දෙමින් වැරදි ලෙස පිටපත් කර වැරදි අරුත් ගෙන දුන් ඒවා නිවැරදි බවට පත් කරණ ලදි. සඳකඩ පහණ තුළින් නිරෑපණය වන්නේ භව චක්‍රය බව පරණවිතාන මහතාගේ අදහස විය.එමෙන්ම පඬුවස් නුවර කැණීමි වලින් හමු වූ එක්ටැමි ගෙය හි නෂ්ඨාවශේෂ මහා පරාක්‍රමබාහු රජු චක්‍රවර්තී ආකල්පය රටට පල කිරීමට කළ ගොඩනැගිල්ලක අවශේෂ බවත් පෙන්වා දෙයි.


    ඵ් ඵ් යුග වල පැවැති පාලන ක්‍රමයන් , නිල තල ,ආර්ථිකයන් මෙන්ම සිංහල ,පාලි,සංස්කෘත වැනි භාෂා පිළිබඳවද පූර්ණ දැනුමකින් පිරිපුන්ව සිටි පරණවිතානයන් වටිනා සාහිත්‍ය කෘතීන් ඵළි දක්වයි.සිංහලයන් පිළිබඳ ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක තොරතුරු දක්වමින් සිංහලයෝ (sinhalayo) නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් කරයි.


    කුටිටම් පොකුණ,අනුරාධපුර මඟුල් උයන,මැදිරිගිරිය,වටදාගෙය,සීගිරි පියසට අයත් වට පිටාව වැනි ස්ථාන වලට ස්වාභාවික පරිසරයක් සකස් කර දීමටද එම ස්ථාන අලංකාර කිරීමටද පරණවිතාන මහතාගේ ප්‍රඥාව ඉවහල් විය. ලංකාවේ ප්‍රථම අගනුවර වූ අනුරාධපුරයෙහි පුරා විද්‍යා කෞතුකාගාරයක් පිහිටුවීමේ ගෞරවයද මෙතුමාට හිමි වේ.


    " මනුෂ්‍යාගේ සංසාරික පුරුද්ද සත්‍යයක්ය යන්න ඔප්පු කිරීමේ පරම නිදර්ශනයක් වූ පරණවිතාන මහතා තුළ කා වැදී තිබුණ පුදුම කුසලතාවන් දෙස බලන විට ,එතුමාට සම කළ හැකි අන් කිසිවකු මේ රටේ නොවු බවත් ,වර්තමානයේ ජිවත් නොවන බවත් අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ." (ඉන්ද්‍රාණි වීරසිංහ, 34 පිටුව, 'මහ ඇදුරු සෙනරත් පරණවිතාන')


    එතුමාගේ සේවාවෙහි ශ්‍රේෂ්ඨත්වය මෙම හදුන්වා දීමෙන් පැහැදිලි වේ.1956 දෙසැමිබර් මස 26 දින සෙනරත් පරණවිතාන මහතා පුරා විද්‍යා කොමසාරිස් ධූරයෙන් සමු ගන්නා ලදි.අනතුරුව1957 සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා මහාචාර්ය තනතුරට පත් විය.මෙය ලංකාවේ විශ්ව විද්‍යාලයක ඇති කරණ ලද ප්‍රථම පුරාවිද්‍යා මහාචාර්ය පදවියයි.1960 දී විද්‍යෙදය විශ්ව විද්‍යාලයෙන් "සාහිත්‍ය ශූරී " සමිමාන උපාධිය ලැබුණි.1962 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයද "සාහිත්‍ය චක්‍රවර්තී " සමිමාන උපාධියද පිරි නැමීය.1964 දී එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාම ගෙන කොළඹ පදිංචියට පැමිණෙති.


    දරුවන් නොසිටියද ඔහු සතු වු මානුෂීය දයාව, කරුණාවෙන් හෙබි හදවත නිරතුරුවම ස්නේහයෙන් පිරී පැවතුණි. 1969 දී එතුමන්ගේ සියළු කටයුතු සඳහා පසුපසින් සිටි පරණවිතාන මැතිණිය මිය යයි.පරණවිතාන මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවද පුරා විද්‍යා කටයුතු පිළිබඳව සොයා බැලීය.1972 ඔක්තොමිබර් මස 04 වෙනි දින සෙනරත් පරණවිතාන නමි ශ්‍රේෂ්ඨ විද්වතාණන්ගේ අභාවය සිදු විය. නමුත් ඔහුගේ සේවාව පුරා විද්‍යා ක්ෂේත්‍රය පුරාවටම රැදී පවතිනු ඇත.
     
    • Like
    Reactions: sam@