~~ ලෝ ප්‍රකට විද්වතුන් ~~

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    19Clarke1.190.jpg





    ආතර් සී ක්ලාක්




    ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ ලොව වඩාත් ප්‍රසිද්ධ ව ඇත්තේ විද්‍යාත්මක ප්‍රබන්ධ කතාකරුවකු ලෙසිනි. එහෙත් ලොව ප්‍රමුඛතම විද්‍යා ප්‍රබන්ධකරුවා වීමට ක්‌ලාක්‌ මහතාට අවශ්‍ය නො වී ය. ඔහු ප්‍රබන්ධ කතා කලාවට යොමු වූයේ ජීවත් වීමට යම් මුදලක්‌ සොයා ගැනීමේ අරමුණිනි. ආතර් සී. ක්‌ලාක්‌ ලියූ විද්‍යා ප්‍රබන්ධ ගණන 100කට ආසන්න ය. එයින් 2001 අභ්‍යවකාශ චාරිකාව (2010 Space Odyessey), 2010 - 2 වැනි අභ්‍යවකාශ චාරිකාව (2010 Odyessey Two), 2061 - තුන් වැනි චාරිකාව (2061 Odeyssey Three), 3001 වැනි ජනප්‍රිය ප්‍රබන්ධ සිංහලයට පවා පරිවර්තනය වී තිබේ. මෙයින් ක්‌ලාක්‌ ගේ 2001, 2010 ප්‍රබන්ධවලින් නිර්මිත Space Odyssey One & Two චිත්‍රපට ජනතා ප්‍රසාදය ළඟා කරගත් ආදායම් වාර්තා තැබූ චිත්‍රපට වේ.

    ක්‌ලාක්‌ මහතා ඔහු ගේ විද්‍යා ප්‍රබන්ධ කතා, කෙටිකතා ආදියෙන් සැම විට ම අලුත් දෙයක්‌ ඉදිරිපත් කළේ ය. ඔහු ගේ අනාවැකි බොහෝ විට සඵල විය.

    DNA නම් සෛලගත ද්‍රව්‍ය විශ්ලේෂණය මගින් ජීව විද්‍යාත්මක සාක්‍ෂි සොයාගත හැකි බව, වෘත්තීය අපරාධකරුවන් සමාජයෙන් අතුගා දැමීමට ඉලෙක්‌ට්‍රොනික තාක්‍ෂණය සමත් වන බව, මිනිසකු ඉහළ අභ්‍යවකාශයට ගිය විට මිනිසා දිය යට කිමිදීමේ තත්ත්වයට සමාන තත්ත්වයක්‌ හා වින්දනයක්‌ මෙන්ම බර රහිත තත්ත්වයක්‌ අත්දැකිය හැකි වන බව, මිනිසා අනාගතයේ අභ්‍යවකාශයේ සාදන මන(කල්පිත දූපතට පෘථිවියේ සිට සෝපානයක්‌ සාදන බවත් ඒ සඳහා අමුද්‍රව්‍ය ලෙස කාබන් නැනෝ ෆයිබර් යොදා ගන්නා බව (වර්තමානයේ විද්‍යාගාර තුළ මෙය අත්හදා බැලෙමින් පවතී.) යනාදිය මේ සඳහා උදාහරණ කිහිපයකි.

    එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමර්සෙට්‌ ප්‍රාන්තයේ "මයින්හෙඩ්" නම් ගම්මානයේ දී 1917 දෙසැම්බර් 16 වැනි දා උපන් ආතර් චාල්ස්‌ ක්‌ලාක්‌ මහතා ගේ මාපියන් වන්නේ පියා "චාල්ස්‌ රයිට්‌ ක්‌ලාක්‌" සහ මව "නෝරා මේරි" (විල්ස්‌) ය. කුඩා ආතර් මූලික අධ්‍යාපනය ලැබුවේ මයින්හෙඩ්හි පිහිටි "හුයිෂ්ස්‌ ග්‍රැමර් ස්‌කූල්" නම් පාසලෙනි. ක්‌ලාක්‌ට යන්තම් අවුරුදු 13 ලබන විට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු ව සිටි ඔහු ගේ පියා අකාලයේ මිය ගියේ ය. මේ හේතුවෙන් දරුවන් සිව් දෙනකු ගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස ක්‌ලාක්‌ට කුඩා කල දී ම පවුලේ බර දරන්නට සිදු විය. ඔහු ගේ පාළුව හා තනිකම මකා ගැනීමට තම පියාට අයත් ගොවිපළෙහි දී මිතුරන් සමග රොකට්‌ නිර්මාණය කර යෑවීමටත් රාත්‍රී අහස නිරීක්‍ෂණය කිරීමටත් ඔහු පුරුදු විය.

    1936 දී සිවිල් සේවයට ඇතුළු වූ තරුණ ක්‌ලාක්‌ 1941 සිට 1945 දක්‌වා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් ඉංජිනේරුවකු ලෙස සේවය කළ අතර 1948 දී කිංස්‌ කෝලේඡ් සරසවියෙන් භෞතික විද්‍යාවේදී පළමු පෙළ ගෞරව උපාධියක්‌ ද ලබා ගත්තේ ය. ක්‌ලාක්‌ මහතා බ්‍රිතාන්‍ය අන්තර් ග්‍රහලෝක සංගමයට ද බැඳී අනාගත අභ්‍යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ දියත් කළ අතර ඔහු ගේ විද්‍යාත්මක ගමන් මඟට නව පෙරළියක්‌ එක්‌ කළේ 1945 වසරේ දී "වයර්ලස්‌ වර්ල්ඩ්" (Wireless World) සඟරාව තුළින් ලෝකයට හඳුන්වා දුන් "භූ ස්‌ථාවර චන්ද්‍රිකා" සංකල්පයයි. එම සංකල්පය මත යමින් අද ලෝකය ම එක ම සන්නිවේදන ජාලයක්‌, සන්නිවේදන පවුලක්‌ බවට පත් කිරීමට සමත් වී ඇති අතර එය ඔහු චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස හැඳින්වීමට තරම් වාසනාව ගෙනාවේ ය. (Father of the Communication Satellite).

    ආතර් සී. ක්‌ලාක්‌ මහතා දක්‍ෂ කිමිදුම්කරුවෙකි. දිය යට කිමිදීමට ඕස්‌ටේ්‍රලියාවේ මහා බාධක පරය වෙත "හිමාලයා" නම් නැවෙන් ගමන් ගන්නා අතර 1954 දී හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි ක්‌ලාක්‌ මහතා 1956 දී ශ්‍රී ලංකාවේ ස්‌ථිර පදිංචියට පැමිණියේ ශ්‍රී ලංකාව ඔහු ගේ සිත්ගත් ම රට වූ බැවිනි. 1975 දී ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසිභාවය ලද ක්‌ලාක්‌ මහතා 2008 මාර්තු 19 දින මිය යන තෙක්‌ ම ශ්‍රී ලංකාවේ ජීවත් විය. විදෙස්‌ රටවලින් කළ ආරාධනයන් ප්‍රතික්‌ෂේප කළ ඔහු කිසි දා ශ්‍රී ලංකාව හැර ගියේ නැත.

    වර්ෂ 1982 දී යුනෙස්‌කෝව විසින් කාලිංග සම්මානයත්, චන්ද්‍රිකා සන්නිවේදනය වෙනුවෙන් 1982 දී "මාර්කෝනි" සම්මානයත්, 1986 දී විද්‍යාජෝති සම්මානයත්, 1998 දී බ්‍රිතාන්‍ය මහ රැජින විසින් පිරිනැමූ "නයිට්‌" පදවියත්, ශ්‍රී ලංකාවේ ඉහළ ම පුරවැසි සම්මානය වන 2005 වසරේ පිරිනැමූ "ශ්‍රී ලංකා අභිමාන්‍ය" සම්මානය ත් වැනි දෙස්‌ විදෙස්‌ ත්‍යාග සහ සම්මාන

    රැසකින් පිදුම් ලැබූ ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 1979 සිට 2001 වසර දක්‌වා දශක දෙකකට වැඩි කාලයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයයේ කුලපතිවරයා ලෙස කටයුතු කළේ ය.

    1999 වර්ෂයේ පෙබරවාරි මස 02 වැනි දින 50 වසරක චන්ද්‍රිකා සන්නිවේදන අගයමින් ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ රූපය රැගත් මුද්දර 02ක්‌ සහිත මුල් දින කවරයක්‌ රජය මගින් නිකුත් කෙරිණි. එහි දී ආතර් සී. ක්‌ලාක්‌ මහතා සිය අතීතය ආවර්ජනය කළේ "අපි ඔක්‌කොම තැපැල් පවුලක්‌. මම මුලින් වැඩ කළේ බිෂොප් ලයිඩෙයාර්ඩ් (Bishop Lydeard)හි පිහිටි තැපැල් හලේ. එදා මම මේ වගේ දෙයක්‌ ගැන හීනෙකින් වත් හිතුවේ නෑ. මගේ ගමන මට ම සිහිනයක්‌" යනුවෙනි.

    මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල ගත්කරුවකු ලෙස ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට කියද්දී ආතර් සී. ක්‌ලාක්‌ මහතා විද්‍යාත්මක චින්තනයෙන් ශ්‍රී ලංකාවේ පරිසරය, සත්ත්ව ලෝකය තම කෘති තුළින් ලොව කරා රැගෙන ගියේ ය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය, ශ්‍රී පාදස්‌ථානය, අනුරාධපුරය, පොළොන්නරුව ඔහු ගේ සිත්ගත් ස්‌ථාන විය.

    2005 ඔක්‌තෝබර් මස චන්ද්‍රිකා සන්නිවේදනය සංකල්පයට 60 වසරක්‌ පිරීම නිමිත්තෙන් ද මොරටුව ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය දැවැන්ත විද්‍යා ප්‍රදර්ශනයක්‌ පවත්වා එතුමාට උපහාර දැක්‌වූ අතර එම වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වැදගත් මෙන්ම ඉහළ ම ජනාධිපති සම්මානයක්‌ වන "ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 2007 දෙසැම්බර් 16 වැනි දා සිය 90 වැනි ජන්ම දිනය ශ්‍රී ලංකා ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස සමරා 2008 මාර්තු 19 වැනි දින ශ්‍රී ලංකාවේ දී ම ලොවින් සමුගත්තේ ය.
     
    • Like
    Reactions: malinrock

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    valuable thread ... :D
    thanx for sharing... keep up!
    You must spread some Reputation around before giving it to sanddun again. :(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Kapitolinischer_Pythagoras_adjusted.jpg





    පයිතගරස්


    පයිතගරස් සැමොස්හි (උපත - ක්‍රි. පු. 580-572 අතර මිය යාම ක්‍රි. පු. 500- 490 අතර) අයෝතියානු ග්‍රීක ගණිඥයෙකි. ඔහු පයිතගෝරියානු ආගමික ව්‍යාපාරයේ නියමුවාය. ඔහු විශිෂ්ඨ ගණිතඥයෙක්, විද්‍යාඥයෙක් හා මුනිවරයෙක් වශයෙන් පිදුම්‍ ලබා ඇත. කෙසේ වුවත් ගණිතය හා ස්වභාවික දර්ශනය කෙරෙහි ඔහුගේ දායකත්වය පිළිබඳව සමහරුන් ප්‍රශ්නකර ඇත. ග්‍රීකයන් අතර “වඩා දර්ශනවාදී තැනැත්තා” ලෙස හෙරඩොටස් විසින් ඔහුව සලකන ලදී. ඔහුගේ නම, පයිතත් හිරුදෙවියා සමග සැසදීමට යොමු කරන ලදී. ඇරිස්ටිපස් ඔහුගේ නම පහත පරිදි විවරනය කරයි. ඔහු පයිතත් ( - Pyth) ඉරු දෙවියාට සමානවම සත්‍ය පවසයි. (agor -)”පයිතියා සිය ගැබිණි මව අතිශය ලස්සන වූද , ඥානවන්ත වූද, මිනිසුන්ට වැඩදායී වූද මිනිසෙකුට උපත දෙන බවට අනාගත වාක්‍ය පැවසූ පුවත ඉම්බිලිකස් විසින් වාර්තා කොට ඇත.

    පයිතගරස් ඔහුගේ නම අඩංගු පයිතගරස් ප්‍ර‍‍ම්යෙ සදහා ප්‍රචලිතය “අංක ශාස්ත්‍රයේ පියා” වශයෙන් සැලකෙන පයිතගරස් ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ අගභාගයේ දාර්ශනික හා ආගමික ඉගැන්වීම්‍ කෙරෙහි දායකත්වයක් දක්වා ඇත. පුරාවෘත හා අවුල් කිරීම්‍ පෙර සොක්‍රටීයන්ටත් වඩා ඔහුගේ කාර්යයන් අඳුරු කල නිසා ඔහුගේ ඉගැන්වීම්‍ හා ජීවිතය පිළිබද යමෙකුට විශ්වාසයෙන් කිවහැක්කේ ඉතා ස්වල්පයක් පමණි. සෑම දෙයක්ම ගණිතය හා සැබැඳි බවත් අංක ශාස්ත්‍රය සර්ව සත්‍ය බවත් ගණිතය තුලින් සෑම දෙයක් පිළිබඳව අනාවැකි පලකල හැකි බවත් ගණිතය මාර්ගයෙන් සෑම දෙයක්ම රිද්මයානුකූල රටාවන් හෝ චක්‍රයන් මගින් මැනිය හැකි බවත් පයිතගරස් හා ඔහුගේ අනුගාමිකයන් විශ්වාස කලහ. ඉයම්‍බලිකස්ට අනුව, පයිතගරස් වරෙක “අංක ශාස්ත්‍රය අදහස් හා ආකෘති වල ස්විමියා හා දෙවියන් හා යක්ෂයන් ඇතිවීමට හේතුව” බවත් පවසා ඇත.

    ඔහු තමා දාර්ශනිකයෙක් හා ඥානයට ආලය කරන්නෙක් යැයි කී පළමු මිනිසා විය. පයිතගරස්ගේ අදහස් වලින් ප්ලේටෝ දැඩි ආභාෂයක් ලැබීය. අවාසනාවකට මෙන් පයිතගරය ගේ සටහන් කිසිවක් අද වන විට නැති නිසා ඔහු පිළිබඳව දැනගැනීමට ඇත්තේ ස්වල්ප වශයෙනි. ඔහු ගේ සොයාගැනීමි පිළිබඳ ඔහුට ගෞරව කිරීම්‍ සියල්ලම පාහේ ඔහුගේ අනුප්‍රාප්තිකයන් හා සගයන් විසින් සිදුකරනු ලැබුවා විය හැක.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Blaise_pascal.jpg





    බ්ලේස් පැස්කල්


    නම බ්ලේස් පැස්කල්

    උපත ජුනි 19, 1623

    විපත අගොස්තු 19, 1662 (වසර 39)

    පාසල / සම්ප්‍රදාය ස්වයං දර්ශනවාදියෙකි.(Continental Philosophy), අනුභුති වාදයෙහි පුරෝගාමියෙකි

    වඩාත් ප්‍රිය කළ දෑ දේව ධර්මවාදය , ගණිතය

    මගපෙන්වන ලද්දේ මි‍චෙල් ඩි මොන්ටෙයින්

    බ්ලේස් පැස්කල් (1623 ජුනි 19 , 1662 අගෝස්තු 19) ප්‍රංශ ජාතික ගණිතඥයෙක්, භෞතිකවාදියෙකු හා ආගමික දර්ශනවාදියෙකු වේ. ඔහු කුඩා කළ ඉතා අසිරිමත් දරුවකු වූ අතර ඔහු තම පියාගෙන් අධ්‍යාපනය ලබා ගත්තේය. පැස්කල්ගේ මුල් වැඩ කටයුතු සිදු වූයේ ස්වාභාවික හා ව්‍යවහාරික විද්‍යාවෙනි. එහිදී ඔහුගේ වැදගත්ම ඉදිරිපත් කිරීම වූයේ ඔහු විසින් නිර්මාණය කළ යාන්ත්‍රික ගණක යන්ත්‍රයයි. තවද තරල පිළිබඳ හැදෑරීම් හා ඉවාන්ගෙලිස්ටා ටොරිශෙලිගේ පීඩනය හා රික්තය පිළිබඳ මූලධර්මය පැහැදිලි කිරීම ද අයත් වේ. මෙහි දී පැස්කල් විද්‍යාත්මක ක්‍රමය ආරක්ෂා කර ගනිමින් එම ලිපි ලිවීය. මූලික වශයෙන් පැස්කල් ගණිතඥයෙකි. ඔහුගේ උදව්වෙන් පරීක්ෂණවල නව ප්‍රධාන දොරටු දෙකක් විවෘත විය. ඔහු ඉතා සිත් ගන්නා ශාස්ත්‍රීය නිබන්ධන කිහිපයක්ම ප්‍රක්ෂේපී ජ්‍යාමිතිය පිළිබඳව වයස අවුරුදු 16 දී ලිවීය. පසුව පියරේ ඩී ෆර්මාට් හා එක් වී නූතන වාණිජ විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ ගොඩනැගීමට හේතු වූ සම්භාව්‍යතා සිද්ධාන්තයන් සොයා ගන්නා ලදී. මෙම විශ්මය ජනක සොයා ගැනීම්වලින් අනතුරුව 1654 අග භාගයේ දී ඔහු තම විද්‍යාත්මක කටයුතු අත්හැර දර්ශනවාදය හා සිද්ධාන්තමය කරුණු සෙවීය. මෙම කාලය තුළදී ඔහු අතින් සිදු වූ ප්‍රධාන කටයුතු දෙකක් නම් Lettres provinciales හා Pensées ය. පැස්කල් තම ජීවිතය පුරාම අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පීඩා විඳි අතර ඔහු තම 39 වන උපන්දිනයෙන් මාස දෙකකට පසු මිය ‍ගියේය.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Ramanujan.jpg








    ශ්‍රිනිවාස් රාමානුජන්




    ඉන්දියානු ගණිතඥයෙකු වූ ශ්‍රිනිවාස් රාමානුජන් ඉයෙන්ගර් ගණිතමය විශ්ලේෂණය , සංඛ්‍යා වාදය , අපරිමිත ශ්‍රේණි‍ය සහ සන්තත භාග යන ගණි‍ත ක්ෂේත්‍රයන්ට විශාල දායකත්වයක් දැක්වූවෙකි. එහෙත් ශුද්ධ ගණිතය සඳහා ක්‍රමානුකූල පුහුණුවක් ඔහු නොල ද තරම් වේ.

    රාමානුජන් උපන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ එරොඩ්හි පල්ලිලෙයම් නම් ප්‍රදේශයේය. ක්‍රමානුකූල ගණිතයට අත‍්පොත් තබන විට හෙතෙම දස හැවිරිදි විය. ඔහු ගණිතයට සහජ දක්ෂතාවක් දැක්වූ අතර වයස අවුරුදු 13 වන විට එස්. එල්. ලෝනි විසින් රචිත උසස් ත්‍රිකෝණමිතිය පිළිබද ග්‍රන්ථ සම්පූර්ණයෙන් අධ්‍යයනය කර අවසන් කළේය. මේ වන විට ඔහු තමාගේම ප්‍රමේයයන් ගොඩනැගීමට ද සමත්ව සිටියේය. ඔහු පාසලේ දී ද ගණිතයට අසාමාන්‍ය හැකියාවක් පෙන්වමින් තෑගි හා ප්‍රශංසා ලැබීමට සමත් විය. වයස අවුරුදු 17 වන විට රාමානුජන් බර්නූලි සංඛ්‍යා සහ ඔයිලර් මැස්කරෝනි නියතය පිළිබඳ තමාගේම පරීක්ෂණ සිදු කිරීමට සමත් විය. ඔහුට මේ වන විට කුම්භකෝනන්හි රජයේ පාසලට ඇතුළත්වීමට ශිෂ්‍යත්වයක් හිමි විය. නමුත් ඔහුගේ විෂය මාලාවට අයත් වූ ගණිතමය නොවන ක්‍රියාකාරකම්වලින් අසමත් වීම නිසා ඔහුට ශිෂ්‍යත්වය අහිමි විය. අනතුරුව ඔහු ස්වාධීනව ගණිතමය පරීක්ෂණ සිදු කිරීම සදහා වෙනත් විද්‍යාලයකට බැදුණු අතර මේ කාලය තුළ සිය ජීවිකාව ලෙස හෙතෙම මදුරාසි කොටුවේ භාරකාර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළේය. 1912 හා 1013 අතර කාලයේ දී ඔහු සිය ප්‍රමේයන්හි සාම්පල කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් තිදෙනෙකුට යවන ලද අතර ඔහුගේ දක්ෂතාවයන් තේරුම්ගත් ජී. එච්. ගාමි රාමානුජන්ට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තමා යටතේ අධ්‍යයන කටයුතු කිරීමට ඇරයුම් කළේය.

    රාමානුජන් ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ විවිධ ප්‍රතිඵලයන් 3900කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කළේය. (මේවා බොහෝමයක් සර්වසාම්‍යයන් සහ සමීකරණ විය) මේවා අතරින් සුළු සංඛ්‍යාවක් සාවද්‍ය බවත් තවත් සමහරක් ඉන් පෙර සොයාගන්නා ලද කරුණු බවත් ඔප්පු වී තිබෙන නමුදු ඔහුගේ සොයාගැනීම්වලින් බොහොමයක් සත්‍ය හා නිවැරදි බව මේ වන විට පිළිගෙන තිබේ. රාමානුජන් ප්‍රථමක හා රාමානුජන් තීටා ශ්‍රිතය ආදිය කලින් රාමානුජන්ගේ ස්වීය හා අසාමාන්‍ය චින්තන ක්‍රමය පැහැදිලි වන අතර ඉහත ආකාර සොයාගැනීම් විශාල පරාසයේ බව පරීක්ෂණවලට මග පාදා තිබේ. කෙසේ නම් ඔහුගේ ප්‍රධාන සොයාගැනීම් කිහිපයක්ම ගණනයේ ප්‍රධාන ප්‍රවාහයන්ට එක්වීම සිදු වූයේ ඉතා සෙමිනි. වර්තමානයේදී රාමානුජන්ගේ අදහස් හා ක්‍රියාකාරීත්ව මත පදනම්ව සිදු කරන සියලු ආකාර පරීක්ෂණවල විස්තර හා ප්‍රතිඵල ප්‍රකාශනය කිරීම සඳහා වර්තමාන “රාමානුජන් ජර්නලය” නම් අන්තර්ජාතික ප්‍රකාශනයක් පළ කෙරේ.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Louis_Pasteur_by_Pierre_Lamy_Petit.jpg







    ලුවී පැස්චර්


    උපත - 1822, දෙසැම්බර් 27, ඩෝල් ප්‍රංශය මරණය - 1895 ‍සැප්තැම්බර් 28 (72) ප්‍රංශය

    ලුවි පැස්ටර් ප්‍රංශ විද්‍යාඥයෙක් වන අතර, ඔහුගේ සොයා ගැනීම වන හේතු හා රෝග වැලැක්වීමේ ක්‍රම වලට ප්‍රසිද්ධ විය. මොහුගේ පර්යේෂණ රෝග වල විශබිජ කෙරෙහි අවධානය යොමු වු අතර, ප්‍රසවයෙන් හටගත් උරා හේතුවෙන් මිය යන ළදරැ මරණ සංඛ්‍යාව අඩු කිරිමේ පර්යේෂණ හා පලමු විලභීතිකා බැක්සීනය සොයා ගැනීම ප්‍රධාන වේ. මොහු ජනතාව අතර වඩා ප්‍රසිද්ධියට පත් වුයේ පැප්ඩරිකණය සො ගැනීමෙනි. මොහු ක්ෂද්‍ර ජීව විද්‍යාව සොයා ගැනීමේ එන් මුලික සමාජයෙන් වෙයි. මොහු නව සොයා ගැනිම් රසායන විද්‍යාව තුල සොයා ගෙන ඇත. මොහු මිහිදන් කර ඇත්තේ ඉතා දුර්ලභ ගෞරවයක් වන පාස්බර් සංස්ථාවෙහිය.

    ප්‍රංශයේ උපත ලද මොහු ඔහුගේ නිවස හා පර්යේෂණාගාරය ද ඇරෝබිස් එහි පවත්වාගෙන ගියේය. ඔහු‍‍ගේ පියා ජීයාන් පාෂ්චර් වැඩි අධ්‍යාපනයක් නොලද නැපෝලනින් යුද්ධගේ ප්‍රණයෙන් විය. 1848 ස්පොන් ලියෙහි භෞතික විද්‍යාව ආචාරවරයෙක් සිට රසායන විද්‍යා ආචාරවරයෙකු ලෙස ස්ට්‍රැට්බර්ග් විශ්වවිද්‍යාලයට එක් විය. එහි දී ඔහුගේ උපකුලපතිගේ දියණිය වන මිරි ලොරෙන්ට් හා 1849 විවාහ විය. ඔවුන්ට දරැවන් 5 දෙනෙක් වු අතර වැඩියෙන්ම ජීවත් වුයේ 2 නෙක් පමණි. 1868 වරෟෂයේ සිට වරින් වර පැවත ආ ආසාන හේතුවෙන් 1895 දී ඔහු මිය ගියේය. ඔහු මිහිදසන් කරනු ලැබුබේ නෝමඩෑම් පිල්ලිය පැමියේය. ඔහුගේ ශුෂ්මාවගේ පැහ්මර් ආයතනයේ තැන්පත් කර ඇත.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    391px-Linus_Torvalds.jpeg






    ලිනස් ටොවල්ඩ්ස්


    1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ, හෙල්සින්කි හිදී උපත ලැබූ ලිනස් බෙනඩික් ටොවර්ල්ඩ්ස් ‍ෆින්ලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු වඩාත්ම ගෞරවයට පාත්‍රව ඇත්තේ ලිනක්ස් කර්නලය නිර්මාණයේ පුරෝගාමියා ලෙස ය. පසු කාලීනව ඔහු ලිනක්ස් කර්නලයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කල අතර දැනට එහි ව්‍යාපෘතිභාර සම්බන්ධිකාරක ලෙස කටයුතු කරයි

    ලිනස් ටොර්වල්ඩ්ස් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී ඇනා සහ නිල්ස් ටොවල්ඩ්ස් , ට දාව සහ ඔලේ ටොවල්ඩ්ස් කවියාගේ මුනුබුරා ලෙස උපත ලැබුවේය. 1960 දශකයේදී ඔහුගේ මව්පියන් දෙදෙනාම හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ විප්ලවවාදීන් වූහ. ඔහුගේ පවුල 5.5%ක් වූ ස්වීඩන භාෂාව කතා කරන ෆින්ලන්ත ජාතික ජනගහනයට අයත් ය. ලිනස් පෝලින් , නැමැති නොබෙල් ත්‍යාගලාභී රසායන විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන් ටොවල්ඩ්ස්ට ලිනස් යැයි නම් තබා තිබුණද ඔහු ලියූ Rebel Code: Linux and the Open Source Revolution පොතෙහි ඔහු පවසන පරිදි, "මට හිතෙන විදියට පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය මතක් වෙන්නත් එක්කයි මට නම දාල තියෙන්නෙ" තවදුරටත් ඔහු පවසන පරිදි මෙය ඔහු අඩක් "නොබෙල් ත්‍යාගය දිනූ රසායන විද්‍යාඥයෙකු" සහ අඩක් "බ්ලැන්කට්ටුවක් පොරවන ලද කාටූන් චරිතයක් " බවට පත්කල බව පවසයි. [

    ටොවඩ්ස් 1988-1994 කාලයේදී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව NODES research group හි අධ්‍යයනය කිරීමෙන් පරිගණක විද්‍යාව පිළිබඳ විශාරද උපාධිය ලබා ගනී. . ලිනස්ගේ සරසවි දිවියේ පළමු වසරේදීම අධ්‍යාපනයට බාධා පැමිණෙන්නේ ෆින්ලන්ත හමුදාවේ ‍ මාස 11ක අනිවාර්ය නිලදාරී පුහුණු පාඨමාලාවකට හමුදාවට එක් වීමට සිදුවීමත් සමඟය. හමුදාවේදී දෙවන ලුතිනන් ධුරයක් හා අවි පාලකයෙකු ලෙස, තුවක්කු ස්ථානගත කිරීම, ඉලක්ක ගණනය කිරීම ගමන්පථ ආදිය සම්බන්ද ගණන කිරීම් සිදුකරන්නෙකු හා අවසානයේ අවසානයේ වෙඩි තබන ස්තානය පෙන්වාදෙන්නෙකු බවට පත්වීය. 1990 දී නැවත ඔහු සරසවි අධ්‍යාපනය ඇරඹුවේය. ඔහු UNIX පිළිබඳව මුල්වරට අත්දැකීම් ලබාගන්නේ ඩිජිටල් උපකරණ නීතිගත සංස්ථාවේ MicroVAX පරිගණකයක ULTRIX මෙහෙයුම් පද්ධතිය ඇසුරිණි.ඔහුගේ ශාස්ත්‍රීය නිබන්ධනය තේමාව වූයේ ලිනක්ස්: අතේ ගෙන යාහැකි මෙහෙයුම් පද්ධතිය යන්නය.

    ඔහුගේ පරිගණක පිළිබඳ උනන්දුව ඇරඹෙන්නේ Commodore VIC-20.පරිගණකයක් සමඟින්ය. VIC-20ට පසුව ඔහු Sinclair QL පරිගණකයක් මිලදී ගෙන එය බොහෝ සෙයින් නවීකරණය කලේය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය විශාල වෙනස්කම් වලට භාජනය විය. ඔහු ඇසෙම්බ්ලි පරිගණක භාෂාවක් , QL සඳහා පාඨ සකසනයක් සහ පරිගණක ක්‍රීඩා කිහිපයක් නිර්මාණය කිරීමට සමත්විය. ඔහු Pac-Man පරිගණක ක්‍රිඩාවට සමාන Cool Man නම් ක්‍රීඩාවක් නිර්මාණය කිරීමෙන්ද ප්‍රසිද්ධියට පත්විය. 1991ජනවාරි 2 වෙනිදා ඔහු Intel 80386 පදනම් වූ IBM PC පරිගනකයක් මිලදී ගත්තේය. අනතුරුව මාසයක්ම ගතකලේ Prince of Persia ක්‍රීඩා කිරීමෙන්ය. ඔහුගේ මිනික්ස් පිටපත ලැබුණු පසු එය ඔහුගේ ලිනක්ස් වැඩකටයුතු ඇරඹීමට පිටුවහලක් විය.




    ට්‍රාන්ස්මෙටා ප්‍රදේශයට යාමෙන් අනතුරුව ලිනස් කැලිෆෝනියාහි සමාගමක වැඩ භාර ගෙන 1997 පෙබරවාරි සිට 2003 ජුනි දක්වා එ‍හි සේවය කලේය. පසුව ඔහු පසු කාලීනව නිදහස් ප්‍රමිති සමූහය හා එක්ව ලිනක්ස් පදනම් ආයතනය බිහිවූ, විවෘත මූල සංවර්ධන පරීක්ෂණාගාරයේ සේවය කලේය. 2004 ජුනි මාසයේදී ලිනස්ට පර්යේෂණාගාරයට ගමන් පහසුව සඳහා ටොවරල්ඩ්ස් සහ ඔහුගේ පවුල ‍පදිංචිය පෝලන්තයේ ඔරේගන් නගරයට වෙනස් කරයි.

    1997 සිට 1999 දක්වා කාලය තුල ඔහු 86open නම් ලිනක්ස් සහ යුනික්ස් සඳහාවූ ද්වීමය සම්මතයක් තෝරා ගැනීම සඳහා සම්බන්ධ වී සිටියේය.

    ලිනක්ස් පාදකවූ මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන සමාගම් දෙක වූ Red Hat සහVA Linux ඔහුගේ නිර්මාණයට කෘතගුණ සැලකීමක් වශයෙන් සමාගම් දෙකෙන්ම සමාගම් කොටස් තෑගිකරන ලදී. 1999දී ආයතන දෙකම කොටස් මහජනයාට විවෘත කල අතර ‍ඒ සමඟම ටොවල්ඩ්ස්ගේ කොටස්වල සඵල වටිනාකම ඉහලගොස් ඩොලර් මිලියන ‍20 පමණ වීය.

    ඔහුගේ පෞද්ගලික මැස්කොට් වූයේ පෙන්ගුවින් සත්වයෙකි. නම් කරනු ලැබ ඇත්තේ ටක්ස් යනුවෙනි. ටක්ස් , ලිනක්ස් සමාජය විසින් ලිනක්ස් කර්නලයේ මැස්කොට් ලෙස පිළිගන්නා ලදී.

    ටොවල්ඩ්ස් "විවෘත මෘදුකාංග යනු මෘදුකාංග භාවිතාකල හැකි හොඳම මඟ" යැයි ටොවල්ඩ්ස් විශ්වාස කලද ඔහු "හොඳම ආම්පන්නය අවශ්‍ය කාර්යය සඳහා " යොදවන බවද එය වානිජ මෘදුකාංගයක් වූවද විය හැකි බව පවසා ඇත. ඔහු වානිජ මෘදුකාංග වලට පක්ෂව කතාකිරීම හා භාවිතා කිරීම සම්බන්දයෙන්ද නොයෙක් විවේචනවලට ලක්වී ඇත. ලිනක්ස් කර්නලයේ අනුවාද හසුරුවන මෘදුකාංගය වන BitKeeper එවැනි අවස්ථාවකට උදාහරණයකි. කෙසේවූවද ටොවල්ඩ්ස් විසින් BitKeeper සඳහා නිදහස් මෘදුකාංගයක් නිර්මාණය කරන ලද අතර එය Gitය. ටොවල්ඩ්ස් නිල වශයෙන් GNOME පිළිබඳව අදහස් එ‍හි නිල ඊ-මේල් ලැයිස්තුවට කරුණු දක්වමින් ඔහු පරිශීලකයින් KDE සඳහා යොමුකිරීමට දිරිගන්වන බව පවසා ඇත. කෙසේවූවද ටොවල්ඩ්ස් KDE 4.0 හි පරිණත බව ප්‍රමාණවත් නොවීම නිසා ඇතිවූ අසාර්ථකත්වය හේතුකොට ගෙන තාවකාලිකව GNOME භාවිතා කලේය.
     
    Last edited: