වංගු 18යි - එය 18 වංගුවයි ♏️⚠️ (18-Hairpin Bends 🔁)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    වංගු 18යි - එය 18 වංගුවයි ♏️⚠️ (18-Hairpin Bends 🔁) - Your Choice Way
    අද අපේ කතාව තවත් වෙනස් කතාවක්.ඒ දහඅට වංගුවයි.

    දහ අට වංගු ඔබ මෙහි ගිහින් නැතත්.. ඒ නම නම් නොඅසපු කෙනෙක් නෑ... ඔයාලා දන්නවද මේ මාර්ගය එනමින් ප්‍රකටව ඇත්තේ එහි ඇති ප්‍රපාතාකාර වැලමිට වංගු දහ අට නිසාය.

    අද 18 වංගුව මාර්ගය දැන් හොදට පුලුල් නිසා ගමන ටිකක් පහසු වුණාට මෙහි ඉතිහාස කතාවනම් එතරම් සුන්දර නැහැ..

    ඔයාලා දන්නවාද .. මුල් කාලයේ මේ පාරේ එක බසයයි ධාවනය වුණේ.. ඒ උදේ ලියුම් රැගෙන එන බසයයි. උදේ පැමිණ ආපසු සවසට නුවරට යනවා.

    බසය පදවන්නේ බොහෝම හෙමින්. එකම වංගුව පස්හය වතාවක් රිවස් කරලා තමයි බස් එක වංගුවලින් හරවා ගත්තේ එතරම් දුෂ්කරයි දහඅට වංගුවේ ගමන..

    තවදෙයක්.මේ වංගු ටික පසු කරන්න කි.මී 41ක් යන්න ඕනේ.හැබැයි සමහරු කියනවා පළමු වංගුවේ සිට අවසාන වංගුව තෙක් සෘජු මාර්ගයක් තිබ්බ නම් සම්පූර්ණ දුර කිලෝමීටරයක් වත් නෑ කියලා..

    මේ වංගු පසුකරන්න කලින් පළමුවැනි වංගුව පටන් ගන්නා තැන සිට පහත බලන්නකෝ සිත් සුවපත් වෙන ලස්සන දසුනක් දකින්න පුලුවන් ඔයාලට..

    යෝධ උරගයෙක් දඟර ගැසී දිවයන්නා සේ මේ මාර්ගය පෙනෙයි.අද දහඅට වංගුව ලෙස භාවිත වන සුපිරි පාර ගල් දමා සකස් කර ඇත්තේ 1925 පමණලු.ඊට පෙර මේ වංගු සහිත පාර පස් දමා පිරවූ වර්ෂාවට මඩ වන බෑවුමක් ලූ..

    ප්‍රපාතාකාර බෑවුමක කන්ද වටේ හැරෙමින් මහා මාර්ගයක් තැනීම සුළුපටු කාරියක් නම් නොවේ.අහ්... තවදෙයක් ඉස්සර මේ 18 වංගුවේ මංකොල්ලත් වෙලා..

    18 වංගුව බහින්න කොට හමුවෙන දෙවැනි වංගුව තමා නරකම තැන. එතන නතර කරලා වාහනේ රිවස් නොකර කොහොමටවත් වංගුව පන්න ගන්න බෑ.

    ඒ කාළේ.. මෙන්න මේ වෙලාවට තමා මංකොල්ලකාරයෝ එළියට පනින්නේ. අනිත් පැත්තෙන් වංගුව හරිම භයානකයි. පොඩ්ඩ බැරි වුණොත් නතර වෙන්නේ ප්‍රපාතය පතුළේ.


    කන්ද පහළ ඉඳලා වාහනයක එළියක් දැක්කොත් උඩහා වාහන ඉඩ තියෙන තැනක නතර කරගෙන අර වාහනේ යනතුරු බලා උන්නා.

    මොකද කන්ද නඟින වාහනේට ඉඩ දීම තමා ඒ කාලේ සිරිත. මඟ අනතුරක් දැක්කොත් කලින් ලන්තෑරුම් අරගෙන පහළට බැස්ස කොල්ලො ඒ බව දැනුම් දෙනවා. ඔන්න ඔහොමයි ඒ කාළේ 18 වංගුවේ ගමන.

    වර්තමානය වන විට... දහඅට වංගු පහළට බසින විට අලූතින් ඉදිවූ මහවැලි ජලාශ, ඈත ඇති කුඩා වැව්, කුඹුරු යායවල් මහියංගන දාගැබ එකම තැනිතලා බිමක සැතපුම් ගණනක් ඈතට විහිදී පැතිර යන ආකාරය පැය ගණනක් බලා සිටිය හැකි විසිතුරු දර්ශනයකි.

    මේ 18 වංගු මාර්ගය හැදුනේ මෙහෙමයි.. යුරෝපීයයන් අපේ ලංකාව ආක්‍රමණය කළාට පසුව වතු වගාව යහමින් පටන් ගත්තානේ. මේ වතු වගාව පටන් ගැන්මත් සමගම ලංකාවේ කඳුකරයේ විශේෂයෙන් වතු වගාව සීඝ්‍රයෙන් පැතිරුණ බව අපි දන්නවනේ..

    මේ යුරෝපීයන්ගේ නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට රැගෙන යෑමටත් උඩරට කැරැල්ල වැනි කැරලි මර්දනය කරන්නත් මේ මාර්ග සැකසීමට මුල පිරුණ බවයි සදහන් වන්නේ..

    මේකෙ ජනප්‍රවාද කතා කීපයක්ම තියෙනවලු.යටත් විජිත කාලයේ සුදු ජාතිකයෙක් අක්කරය සිලිං පහ ගණනේ කඳු යායක් මිලට ගෙන තියෙනවා. ඒ කාළේ ඔවුන්ගේ ගමන අශ්වයා පිටින්නේ. ඒ ගමනට තමයි දුම්බර කඳු වළල්ලේ සිට බින්තැන්න දෙසට ඇදී ගිය ඒ අඩි පාර පසු කලෙක ගුරු පාරක් බවට පළල් වෙලා තියෙන්නේ

    ඒ ගුරුපාර, ඊටත් පසුව එය ගල් තාර යෙදූ මහා මාර්ගයක් බවට වැඩි දියුණු කෙරුණේ කොළඹ වරාය දක්වා තේ - කෝපි ප්‍රවාහනය කිරීමට කියලයි මුලාශ්‍ර වල සදහන් වන්නේ.

    උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශයෙන් ඇරඹෙන දහ අට වංගුව අවසන් වන්නේ හසලක පොලිස් බල ප්‍රදේශයෙන්..වර්තමානයේ මාර්ග සෘජු කිරීම හේතුවෙන් 18 වංගුව 17 වංගුව වෙලාලු..

    අපිත් තොරතුරු ලබා ගත්තේ මුලාශ්‍ර පරිශීලනය කරලා.. කැටි කොට අලුතින් යමක් එක්වෙන්න ඕනෑ නම් අන් අයටත් බලන්න බෙදාගමු.

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.

    original post click here
     

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    wishmitha lokaya app එක google play eken nathiwa install kraganna widihak nathda.huawei app galary eke eka nehe.
     
    • Like
    Reactions: netudara

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    oya para Hari amarui issara. Paya 3.5k yanawa mai. Udadumbara idala 18ta yanakal kiyanne thammitiyana Meka thama epama wena hariya. 18 patan ganna thanata kiyanne 35 kiyala. Issara thibbe 17i . Dan aluthen 18 wanguwe 18k ma thiyanawa.
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    wishmitha lokaya app එක google play eken nathiwa install kraganna widihak nathda.huawei app galary eke eka nehe.
    මේකට ගිහින් apk එක DOWNLOAD කරගෙන install කරගන්න යාළු