වකුගඩුවක් විකුණලා ෆෝන් එක ගත්තම

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg




    "ෆෝන් එක ලැට් එකට වැටුණ කියලා ඒක නොගෙන ඉන්න ඕනෙද? ඕකේ තියෙන්නේ අපේ මළ මුත්‍රා. ඕවා අත පත ගාන්න ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. හැමෝටම ඕවා යනවා. ලංකාවේ හණමිටි මිනිස්සු වගේද සුදු මිනිස්සු. ඒ අයගේ නාස්තිය අඩුයි. ලංකාවේ මිනිස්සු නම් ඊයා ලැට් වලට අත දාන එක මගේ කුලේට හොඳ නැහැ කියලා ෆෝන් එක ෆ්ලෂ් කරලා නිකං ඉදි. ඊට පස්සේ ඉඩමක්, වකුගඩුවක් විකුණලා අලුත් ෆෝන් එකක් ගනී. ලංකාවේ අපිත් සුදු මිනිස්සුන්ගෙන් මේ ගතිගුණ ඉගෙන ගන්න ඕනේ. "

    මෙම වීඩියෝව සමාජ ගත වූ පසු මාධ්‍ය හමුවක් පවත්වා සමස්ත ලංකා රැඩිකල් සංගමයේ සභාපති මෙසේ ප්‍රශාක කළේය.

    නමුත් මීට පෙර රැඩිකල් සංගමයේ ටුවිටර් ගිණුමේ මෙසේ ප්‍රකාශයක් සදහන්ව තිබුණි.

    "ලංකාවේ උඹලා වගේ නෙවේ දියුණු සිත රටවල සුදු නෝන මහත්තුරු. දෙයක් පාවිච්චි කරලා වැඩක් නැති උනාම ඇද යට ගොඩ ගහන් ඉන්නේ නැහැ විසි කරලා දානවා. දෙයක් නැති උනොත් දේවාල වල පොල් ගගහ අංජනම් බල බල කොඩිවින කරන්නේ නැහැ. දෙයක් අහිමි උනොත් අඩ අඩ වැලපෙන්නේ නැහැ එතැනින් ඒක අමතක කරනවා. ඒ මිනිස්සු ළඟ තණ්හාව ආශාව නැහැ."

    මෙම ප්‍රකාශ දෙකෙහි පරස්පර බාවය පිළිබඳ අප එළකිරි මාධ්‍ය ප්‍රකාශක විසින් රැඩිකල් සංගමයෙ සභාපතිගෙන් ප්‍රශ්නයට නැගූ විට දෙපිරිස අතර ඇති වූ බහින්බස් වීමක් ගුටි කෙළියක් දක්වා දුර දිග ගොස් ඇත. කෙසේ නමුත් වහා ක්‍රියාත්මක වූ එළකිරි පොන්න පොලිසිය විසින් ඇතිවූ තත්වය වහා සමනය කොට දෙපිරිස මුදා හැර ඇත.
     
    • Haha
    Reactions: Maui_15