වකුගඩු_රෝග_පාලනය_කළ_හැකියි

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වකුගඩු_රෝග_පාලනය_කළ_හැකියි

    කල්තියා හඳුනාගත්තොත්

    වකුගඩු රෝග පාලනය කළ හැකියි



    වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධ පිළිබඳව



    වකුගඩු රෝග පිළිබඳව කතා කරන විට ප්‍රධාන වශයෙන්ම වකුගඩු රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. ඉන් පළමුවැන්න තීව්‍ර වකුගඩු අකරණිය (Accute reanal failure)යි. අනෙක නිදන්ගත වකුගඩු ආකරණිය (Cronic Reanal failure)යි. සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන්නේ නිදන්ගත වකුගඩු අකරණිය නිසා ඇතිවූ වකුගඩු ආබාධ. තීව්‍ර වකුගඩු අකරණිය පිළිබඳව එතරම් අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති වුවද එම රෝග තත්ත්වයෙන් ද බොහෝ දෙනෙක් පෙළෙනවා.
    තීව්‍ර වකුගඩු අකරණිය යටතට ගැනෙන්නේ මාස 3 ක් ඇතුළතදී වකුගඩු ප්‍රකෘති තත්ත්වයට පත්වන, තාවකාලිකව ඇතිවන වකුගඩු රෝගී තත්ත්වයන්. එය, වකුගඩු රෝගියාගේ රුධිරය කෘත්‍රිමව පිරිසිදු කිරීම (Dialysis)දක්වා වර්ධනය වන රෝගී තත්ත්වයක් නොවේ. නිදන්ගත වකුගඩු අකර්මණ්‍යතාවයට අයත් වකුගඩු රෝග ලෙස ගැනෙන්නේ වකුගඩු ආක්‍රිය වී මාස 3 කට වැඩියෙන් පවතින වකුගඩු අකර්මණ්‍යතාවයනුයි. මෙහිදී ”අක්‍රියවීම” ට අප යම් කිසි අගයක් දෙනවා.
    වකුගඩුවල ක්‍රියාකාරිත්වයෙන් 30% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අකර්මණ්‍යව පවතී නම්, එම තත්ත්වය මාස 3 ක් හෝ ඊට වැඩි කලක් පවතී නම්, එය නිදන්ගත වකුගඩු අකරණිය ලෙස වඩාත් පැහැදිලිව සඳහන් වෙනවා. තීව්‍ර වකුගඩු අකරණියෙන් පෙළෙන රෝගීන් රෝහලේ ඇඳමත සිටියදීම සුව වී නිවසට යා හැකියි. වඩාත් බරපතළ වන්නේ නිදන්ගත වකුගඩු අකරණියයි. මෙම තත්ත්වය ඇති වීමට හේතු ගණනාවක්ම බලපා තිබෙනවා.
    ලෝකයේ බොහෝ දියුණු රටවල මෙන්ම අප රටේ ද බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවී තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගයන්. එමෙන්ම ඍජුවම වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝග තත්ත්වයන් ද ඉතා බහුලයි. ඒ, වකුගඩු ප්‍රදාහය, වාහිනි ප්‍රදානය වැනි තත්ත්වයන්.
    එමෙන්ම මුත්‍රා ගැලීමේ තිබෙන අපහසුතා, පුරුෂයින්ගේ පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන ඉදිමුම, නිතර නිතර ඇතිවන මුත්‍රා ආසාදන, වකුගඩු තුළ තරල පිරුණු ගෙඩි ඇතිවීම, වකුගඩු නාලවල කොලොස්ටරෝල් මේදය තැන්පත් වීම, යම් යම් විෂ ද්‍රව්‍ය (කෘෂි රසායන වැනි) ලිතියම්, බෝරෝන් රසදිය වැනි බැර ලෝහ නිසා ඇතිවන වකුගඩු ආබාධ නිදන්ගත වකුගඩු ආබාධ ලෙස හඳුනාගත හැකියි. උතුරුමැද පළාතේ ව්‍යාප්ත වී ඇති වකුගඩු අකර්මණ්‍යතාවයට හේතුව විෂ රසායන සහ බැර ලෝහ නිසා ඇතිවූ තත්ත්වයන් බවට අනුමාන කෙරෙනවා. ඒත් තවම එම රසායනික ද්‍රව්‍ය කුමක් ද යන්න හඳුනාගෙන නෑ.
    ලංකාවේ බහුලව පවතින්නේ දියවැඩියාව නිසා ඇතිවූ වකුගඩු අකර්මණ්‍යතාවයයි. බොහෝවිට දියවැඩියාව වැළඳුණු පුද්ගලයා අධිරුධිර පීඩනයෙන් ද පීඩා විඳිනවා. දියවැඩියා රෝගයේ ඇති ප්‍රධාන ප්‍රභේද දෙක (Type I සහ Type II) නිසාම වකුගඩු අකර්මණ්‍යතාව ඇති වෙනවා. බොහෝවිට Type II දියවැඩියා රෝගය හඳුනාගෙන අවුරුදු 5 ක් 10 ක් ගතවන විට එම රෝගීන්ගෙන් 30% - 50% අතර සංඛ්‍යාවක් වකුගඩු ආබාධවලට ගොදුරු වෙනවා.
    Type II දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගෙන් 20% - 30% අතර සංඛ්‍යාවක් දියවැඩියා රෝගය හඳුනාගන්නා විටම වකුගඩු ආබාධවල මූලික ලක්‍ෂණ පහළ වී තිබෙනවා. වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධවල සුවිශේෂම ලක්ෂණයක් වන්නේ මෙය නිශ්ශබ්ද රෝග තත්ත්වයක් වීමයි. රෝගයේ මූලික අවස්ථාවේදී රෝගය හඳුනාගැනීම ඉතා අපහසුයි. ශරීරය ඉදිමීම, හුස්ම ගැනීමේ ඇති අපහසුතාව (හතිය), පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීම වැනි රෝග ලක්‍ෂණ පහළ වූ විටයි බොහෝ දෙනෙක් තමාට කිසියම් අසනීප තත්ත්වයක් ඇති බව හඳුනා ගන්නේ.
    ඉන් අනතුරුවයි වෛද්‍යවරයකු හමුවන්නේ. ලංකාව තුළ වකුගඩු ආබාධ බහුලවීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ අවශ්‍ය පමණට වඩා ඖෂධ ගැනීමට පෙළඹී සිටීම බවත් හෙළිවී තිබෙනවා. විශේෂයෙන්ම හන්දි ආබාධවලට ගනු ලබන ඖෂධ වෛද්‍ය උපදෙස්වලින් තොරව බහුලව ගැනීම වකුගඩු අකර්මණ්‍යතාවයට හේතුවී තිබෙනවා.


    සිළුමිණ පුවත්පතෙන් ලබාගත් ලිපියකී..

    ත්‍රේඩ් එකට කෑමති නම් ඒ බව ඔප්පු කරන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිදන්ගත වකුගඩු අකර්මණ්‍යතාව සුවකළ හැකිද?

    නිදන්ගත වකුගඩු අකර්මණ්‍යතාව සුවකළ හැකිද?

    වකුගඩු රෝගාබාධ මූලික අවස්ථාවේ හඳුනාගතහොත් රෝගය වකුගඩුව තුළ පැතිරීම පාලනය කර වකුගඩුව බේරාගත හැකි වෙනවා. එහෙත් සම්පූර්ණයෙන්ම සුවකළ නොහැකියි. ඖෂධ මඟින් සහ වෙනත් ප්‍රතිකාර මඟින් කළ හැක්කේ වකුගඩුව තවදුරටත් විනාශ නොවී ඉතිරි වී ඇති කොටස ආරක්ෂා කිරීම සහ රෝගයට වකුගඩුව තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමයි. එමෙන්ම වකුගඩු අකර්මණ්‍යතාව නිසා ඇතිවී තිබෙන සංකූ®ලතා පාලනය කිරීමයි. එලෙස ප්‍රතිකාර කර සුවකර ගත නොහැකි තරමට වකුගඩු අකර්මණ්‍ය වී ඇත්නම් කළ යුත්තේ යන්ත්‍රයකින් කෘත්‍රිමව රුධිරය පිරිසිදු කිරීම හෝ වකුගඩු බද්ධ කිරීමයි.



    ත්‍රේඩ් එකට කෑමති නම් ඒ බව ඔප්පු කරන්න..
     
    • Like
    Reactions: kasuwa1235

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වකුගඩු රෝගවල රෝග ලක්ෂණ මොනවාද?

    වකුගඩු රෝගවල රෝග ලක්ෂණ මොනවාද?

    මුලින්ම දැකගත හැකි රෝග ලක්ෂණයක් වන්නේ මුහුණේ සහ ඇස්වටා ඇතිවන ඉදිමුමයි. එමෙන්ම පාදවල විළුඹ (ඇස්වටය) අසල ඇතිවන ඉදිමුම, මුත්‍රා පහකරන විට මුත්‍රා කිරීම අඩුවීම ශරීරයේ ලේ හිඟවීම (නීරක්තිය) ශරීරයේ රුධිර පීඩනය වැඩිවීම, කෑම අරුචිය, ඔක්කාරයට ඒම, වමනය, ශරීරය කැසීම, නින්ද නොයාම, මානසික ඒකාග්‍රතාවය අඩුවීම, හුස්ම ගැනීමට ඇති අපහසුව, අමතක වීම, වැනි ලක්ෂණ වකුගඩු ආබාධයක් ඇති විට රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරනවා.



    ත්‍රේඩ් එකට කෑමති නම් ඒ බව ඔප්පු කරන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වකුගඩු රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

    වකුගඩු රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?


    වකුගඩු ආශ්‍රිතව ඇතිවන රෝග ගණනාවක් අතරින් බොහොමයකට රෝගය මුල් අවස්ථාවේ හඳුනා ගතහොත් ප්‍රතිකාර කළ හැකියි. දියවැඩියාව සහ කොලොස්ටරෝල් මේදය නිසා ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාවයන්ට මුල් අවස්ථාවේ හඳුනාගැනීමෙන් ඉතා පහසුවෙන් සුවකළ හැකියි. එහිදී දියවැඩියාව සහ කොලොස්ටරෝල් මේදය පාලනයට ඖෂධ ලබාදෙනවා. වකුගඩු රෝගයේ විශේෂ ලක්ෂණයක් වන්නේ මුත්‍රා මඟින් ප්‍රෝටීන පිටවීමයි. මෙය වකුගඩු රෝගයේ රෝග ලක්ෂණයක් මෙන්ම රෝගය වර්ධනය වීමට ද ප්‍රධාන හේතුවක්.
    මුත්‍රාවල තිබී වකුගඩුවෙන් පෙරෙන ප්‍රෝටීන, වකුගඩුවලට ඉතා විෂ සහිතයි. එම විෂ මඟින් වකුගඩුවල තිබෙන නාල, එම ශෛල විනාශ වෙනවා. එම නිසා මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවීම වහා වැළැක්විය යුතුයි. ඒ සඳහා ද ඖෂධ ලබාදෙනවා. වකුගඩු රෝගීන්ගේ ශරීරයේ දියරමය ස්වභාවය වැඩිවන නිසා ශරීරය ඉදිමීමට පටන් ගන්නවා. ඒ සඳහා වැඩියෙන් මුත්‍රා පිට කරන ඖෂධ ලබාදෙනවා. එමෙන්ම වකුගඩු රෝගීන්ගේ ශරීරයෙන් කැල්සියම් ශීඝ්‍රයෙන් ඉවත් වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ ශරීරයේ අස්ථි දුර්වල වීමයි; තුනීවීමයි. ඒ නිසා පහසුවෙන් අස්ථි බිඳී යා හැකියි. ඒ නිසයි වකුගඩු රෝගීන්ට කැල්සියම් ගිලින ඖෂධ ලෙස ලබාදෙන්නේ.
    නිදන්ගත වකුගඩු අකරණියේ දරුණුම අවස්ථාව වන්නේ වකුගඩුවේ ගුච්චිකාවෙන් රුධිරය පෙරෙන වේගය සාමාන්‍ය වේගය මෙන් 12%ක් හෝ 10%ක් දක්වා අඩුවන අවස්ථාවයි. එවිට වකුගඩුවල කාර්ය කෘත්‍රිමව කළ යුතු වෙනවා. එහිදී Dialysis යන්ත්‍රයක් මඟින් රුධිරය පිරිසිදු කළ යුතු වාර ගණන වැඩිවූ විට වකුගඩු බද්ධ කිරීමක් කළ යුතුයි. එහෙත් යමෙකුට නිදන්ගත වකුගඩු රෝගය ඇතැයි හඳුනාගත් විට එම රෝගියාට වකුගඩුවක් ලබාගත හැකි සුදුසු අයෙක් සිටීනම්, මුලදීම වකුගඩු බද්ධයක් සිදු කළ හැකියි.




    ත්‍රේඩ් එකට කෑමති නම් ඒ බව ඔප්පු කරන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වකුගඩු ආබාධවලින් මිදී සිටිය හැකිද?

    වකුගඩු ආබාධවලින් මිදී සිටිය හැකිද?



    මෙහිදී අපගේ වැරදි ජීවන රටාවන් නිවැරැදි කරගත යුතුයි. මුලින් සඳහන් කළාක් මෙන්, බොහෝ වකුගඩු රෝගාබාධවලට හේතුවී තිබෙන්නේ දියවැඩියාව අධි රුධිර පිඩනය වැනි බෝ නොවන රෝග. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ වැරදි ආහාර රටාව, ව්‍යායාම මඳකම, අධික ස්ථුලභාවය, දුම්පානය, මානසික ආතතිය, විනෝදවීමේ අවස්ථා අඩුවීම වැනි හේතූ. ඒ නිසා තමා ගන්නා ආහාර පිළිබඳ සැලකිලිමත්වීම මෙන්ම ඉහත අනෙක් කරුණු පිළිබඳව ද සැලකිලිමත්වීම වැදගත්.
    ඔබේ වයස අවුරුදු 50ට වැඩිනම්, දුම්පානය කරන්නේ නම්, ඔබ ස්ථුල පුද්ගලයෙක් නම්, පවුලේ වෙනත් අයකුට වකුගඩු ආබාධයක් ඇත්නම්, ඔබ අධි රුධිර පීඩනයෙන් හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙයි නම්, වහා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම ඉතා වැදගත්. එහිදී ඉතා සරල මුත්‍රා පරීක්ෂණයකින් ඔබ දැනටමත් වකුගඩු රෝගයෙන් පෙළෙයිද? නැතිනම් වකුගඩු රෝගයකට ගොදුරුවීමේ අවදානමක් ඇත්ද? යන්න දැනගත හැකියි. එහිදී රෝගයට ගොදුරුවීමේ මූලික අවධානමක් ඇතැයි ඔප්පු වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් වකුගඩු රෝගයට ගොදුරුවීමෙන් වැළකී සිටීමේ හැකියාව ලබෙනවා.



    ත්‍රේඩ් එකට කෑමති නම් ඒ බව ඔප්පු කරන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වකුගඩු රෝග, රුධිර කාන්දු කරණය සහ වකුගඩු බද&#35

    වකුගඩු රෝග, රුධිර කාන්දු කරණය සහ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයෙන් කෙරෙන්නේ කුමන අන්දමේ සේවාවක්ද?


    වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ඇති ලංකාවේ ප්‍රධානතම ජාතික මධ්‍යස්ථානය මෙයයි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින අයකුට මෙම මධ්‍යස්ථානයට පැමිණ වකුගඩු ආබාධ හඳුනාගැනීමට, රෝගාබාධ සඳහා උපදෙස් ලබාගැනීමට, අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට, රුධිරය කාන්දුකරණය සිදුකර ගැනීමට, අවශ්‍ය ශල්‍යකර්ම සිදු කරගැනීමට ද හැකියාව තිබෙනවා. එසේම වකුගඩු ආශ්‍රිතව සියලුම පර්යේෂණ ද මෙහිදී නොමිලයේ සිදු කරගත හැකියි. වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානය 349, ජයන්ත වීරසේකර මාවත මාලිගාවත්ත.



    ත්‍රේඩ් එකට කෑමති නම් ඒ බව ඔප්පු කරන්න..
     
    • Like
    Reactions: akilar25

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එකෙන් යමක් දෑන ගත්තා යෑයි සිතනවා නම්
    මේ ත්‍රේඩ් එකට වචනයකින් හරි දායක වෙන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එකෙන් දෑනුමක් ලෑබුවානම්,
    මේ ත්‍රේඩ් එකට වචනයකින් හරි යමක් කියලා යන්න..
    අනිත් යහලුවන්ටත්, මේ ත්‍රේඩ් එක නොබලපු අයටත් අවස්ථාවක් ලෑබෙයි..