වකුගඩු_රෝග_පාලනය_කළ_හැකියි
කල්තියා හඳුනාගත්තොත්
වකුගඩු රෝග පාලනය කළ හැකියි
වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධ පිළිබඳව
වකුගඩු රෝග පිළිබඳව කතා කරන විට ප්‍රධාන වශයෙන්ම වකුගඩු රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. ඉන් පළමුවැන්න තීව්ර වකුගඩු අකරණිය (Accute reanal failure)යි. අනෙක නිදන්ගත වකුගඩු ආකරණිය (Cronic Reanal failure)යි. සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන්නේ නිදන්ගත වකුගඩු අකරණිය නිසා ඇතිවූ වකුගඩු ආබාධ. තීව්ර වකුගඩු අකරණිය පිළිබඳව එතරම් අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති වුවද එම රෝග තත්ත්වයෙන් ද බොහෝ දෙනෙක් පෙළෙනවා.
තීව්ර වකුගඩු අකරණිය යටතට ගැනෙන්නේ මාස 3 ක් ඇතුළතදී වකුගඩු ප්‍රකෘති තත්ත්වයට පත්වන, තාවකාලිකව ඇතිවන වකුගඩු රෝගී තත්ත්වයන්. එය, වකුගඩු රෝගියාගේ රුධිරය කෘත්‍රිමව පිරිසිදු කිරීම (Dialysis)දක්වා වර්ධනය වන රෝගී තත්ත්වයක් නොවේ. නිදන්ගත වකුගඩු අකර්මණ්‍යතාවයට අයත් වකුගඩු රෝග ලෙස ගැනෙන්නේ වකුගඩු ආක්‍රිය වී මාස 3 කට වැඩියෙන් පවතින වකුගඩු අකර්මණ්යතාවයනුයි. මෙහිදී ”අක්‍රියවීම” ට අප යම් කිසි අගයක් දෙනවා.
වකුගඩුවල ක්‍රියාකාරිත්වයෙන් 30% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අකර්මණ්‍යව පවතී නම්, එම තත්ත්වය මාස 3 ක් හෝ ඊට වැඩි කලක් පවතී නම්, එය නිදන්ගත වකුගඩු අකරණිය ලෙස වඩාත් පැහැදිලිව සඳහන් වෙනවා. තීව්ර වකුගඩු අකරණියෙන් පෙළෙන රෝගීන් රෝහලේ ඇඳමත සිටියදීම සුව වී නිවසට යා හැකියි. වඩාත් බරපතළ වන්නේ නිදන්ගත වකුගඩු අකරණියයි. මෙම තත්ත්වය ඇති වීමට හේතු ගණනාවක්ම බලපා තිබෙනවා.
ලෝකයේ බොහෝ දියුණු රටවල මෙන්ම අප රටේ ද බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවී තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගයන්. එමෙන්ම ඍජුවම වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝග තත්ත්වයන් ද ඉතා බහුලයි. ඒ, වකුගඩු ප්‍රදාහය, වාහිනි ප්රදානය වැනි තත්ත්වයන්.
එමෙන්ම මුත්‍රා ගැලීමේ තිබෙන අපහසුතා, පුරුෂයින්ගේ පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන ඉදිමුම, නිතර නිතර ඇතිවන මුත්‍රා ආසාදන, වකුගඩු තුළ තරල පිරුණු ගෙඩි ඇතිවීම, වකුගඩු නාලවල කොලොස්ටරෝල් මේදය තැන්පත් වීම, යම් යම් විෂ ද්‍රව්‍ය (කෘෂි රසායන වැනි) ලිතියම්, බෝරෝන් රසදිය වැනි බැර ලෝහ නිසා ඇතිවන වකුගඩු ආබාධ නිදන්ගත වකුගඩු ආබාධ ලෙස හඳුනාගත හැකියි. උතුරුමැද පළාතේ ව්‍යාප්ත වී ඇති වකුගඩු අකර්මණ්‍යතාවයට හේතුව විෂ රසායන සහ බැර ලෝහ නිසා ඇතිවූ තත්ත්වයන් බවට අනුමාන කෙරෙනවා. ඒත් තවම එම රසායනික ද්‍රව්‍ය කුමක් ද යන්න හඳුනාගෙන නෑ.
ලංකාවේ බහුලව පවතින්නේ දියවැඩියාව නිසා ඇතිවූ වකුගඩු අකර්මණ්‍යතාවයයි. බොහෝවිට දියවැඩියාව වැළඳුණු පුද්ගලයා අධිරුධිර පීඩනයෙන් ද පීඩා විඳිනවා. දියවැඩියා රෝගයේ ඇති ප්‍රධාන ප්‍රභේද දෙක (Type I සහ Type II) නිසාම වකුගඩු අකර්මණ්‍යතාව ඇති වෙනවා. බොහෝවිට Type II දියවැඩියා රෝගය හඳුනාගෙන අවුරුදු 5 ක් 10 ක් ගතවන විට එම රෝගීන්ගෙන් 30% - 50% අතර සංඛ්‍යාවක් වකුගඩු ආබාධවලට ගොදුරු වෙනවා.
Type II දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගෙන් 20% - 30% අතර සංඛ්‍යාවක් දියවැඩියා රෝගය හඳුනාගන්නා විටම වකුගඩු ආබාධවල මූලික ලක්ෂණ පහළ වී තිබෙනවා. වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධවල සුවිශේෂම ලක්ෂණයක් වන්නේ මෙය නිශ්ශබ්ද රෝග තත්ත්වයක් වීමයි. රෝගයේ මූලික අවස්ථාවේදී රෝගය හඳුනාගැනීම ඉතා අපහසුයි. ශරීරය ඉදිමීම, හුස්ම ගැනීමේ ඇති අපහසුතාව (හතිය), පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීම වැනි රෝග ලක්ෂණ පහළ වූ විටයි බොහෝ දෙනෙක් තමාට කිසියම් අසනීප තත්ත්වයක් ඇති බව හඳුනා ගන්නේ.
ඉන් අනතුරුවයි වෛද්‍යවරයකු හමුවන්නේ. ලංකාව තුළ වකුගඩු ආබාධ බහුලවීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ අවශ්‍ය පමණට වඩා ඖෂධ ගැනීමට පෙළඹී සිටීම බවත් හෙළිවී තිබෙනවා. විශේෂයෙන්ම හන්දි ආබාධවලට ගනු ලබන ඖෂධ වෛද්‍ය උපදෙස්වලින් තොරව බහුලව ගැනීම වකුගඩු අකර්මණ්‍යතාවයට හේතුවී තිබෙනවා.